ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

    [FONT=&quot]ජීවිතය අකුරු කරමි. 01[/FONT]


    [FONT=&quot]ඔව් ඇත්තටම මං ජීවිතය අකුරු කරන්න හදන්නේ. අපි හැමෝටම අපේ ජිවිතේ ලස්සන, සමහර විට දුක්බර මතකයන් තියනව. ඒවා බොහොමයක් කාත් එක්කවත් බෙදාගෙන නෑ. මාත් එහෙව් මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වෑයම.[/FONT]
    [FONT=&quot]මේ සිද්ධිය නම් වෙන්නේ මීට දශකයකට විතර කලින්. [/FONT]

    [FONT=&quot]ආදරයට ඇයි මෙහෙම වෙන්නේ ?[/FONT]

    ඔයත් කාටහරි කවදාහරි හදවතින්ම ආදරේ කරලා තියනවනම් මේක එක හුස්මට කියවන්න.

    lovewallpaperlove418760.jpg


    [FONT=&quot]ට්රී ඊ න්................ ට්රී ඊ න්................ ට්රී ඊ න්................[/FONT]
    [FONT=&quot]හලෝ...[/FONT]
    [FONT=&quot]හලෝ.... මට මිස් ..... දිනුෂි නිසංසලා ට කතා කරන්න පුලුවන්ද ?( ටිකක් බර අමුතු කටහඩකින්)

    [/FONT]
    [FONT=&quot]ආ... චුට්ටක් ඉන්න..... [/FONT]
    [FONT=&quot]ඔකේ...[/FONT]

    [FONT=&quot](දිනුෂි..... ඔයාට කෝල් එකක්.................... කවුද........අදුනන්න බෑ. බලන්න ලයින් එකේ ඉන්නවා.)[/FONT]

    [FONT=&quot]හලෝ.....[/FONT]
    [FONT=&quot]අ.......... මේ මිස් දිනුෂි නිසංසලා ද ?[/FONT]
    [FONT=&quot]අආ....ඔව්.[/FONT]

    [FONT=&quot]මිස් මම මේ කතා කරන්නේ කැන්ඩි ජෙනරල් හොස්පිටල් එකෙන්. මම ඩොක්ට කමල් ජයසිංහ. මිස්ට...... ඇත්තටම හදිසි ...... පණිවිඩයක් කියන්න.[/FONT]

    [FONT=&quot]ඇයි .. ඩොක්ට..............[/FONT]
    [FONT=&quot]මිස් ඔයා අදුනනවද ..... ( කුසුම් මට ඔය අයි ඩි එක දෙන්න) ම්ම්ම්ම් ...පැ..තු..ම් නිශාන්..ත කියල කෙනෙක්....[/FONT]

    [FONT=&quot]ඔ ..ඔව් .. ඩොක්ට....අනේ ඇයි ඩොක්ට....[/FONT]

    [FONT=&quot]මිස් දිනුෂි කලබල වෙන්න එපා. මීට ටික වෙලාවක කලින් පැතුම් නිශාන්ත කියල කෙනෙක් හොස්පිටල් ඒකට ගෙනාව.....ඇක්සිඩන්ට් එකක් වෙලා.[/FONT]

    [FONT=&quot]අනේ ඩොක්ට ... ඔය ඇත්තමද ඩොක්ට......එයාට මොකද ඩොක්ට.....[/FONT]

    [FONT=&quot]මං කීවනේ කලබල වෙන්න එපා කියලා. මිස්ට පුලුවන්ද ඉක්මනින් කැන්ඩි ජෙනරල් හොස්පිටල් එකට එන්න. වෝර්ඩ් නම්බ(ර්) 27. කමල් ජයසිංහ සර් ගේ වෝර්ඩ් එක කියල අහන්න. එයාට ටිකක් අමාරුයි. මං හිතන්නේ ඔය එයා ලග ඉන්න ඕන වෙලාවක් මේක. ඉක්මන් කලොත් ....[/FONT]

    [FONT=&quot]ඩො...... ඩොක්ට....අනේ...[/FONT]

    [FONT=&quot]පොඩි පොඩි වැටෙන පෙරලෙන සද්ද ටිකක් එක්ක ෆෝන් එක කට් උනා.[/FONT]
    [FONT=&quot]මං ඒත් එක්කම ආයිත් කෝල් එකක් ගත්ත.[/FONT]

    [FONT=&quot]හලෝ .....[/FONT]

    [FONT=&quot]හලෝ ඩොක්ට... මං දිනු ගේ ඔෆිස් එකේ එයාගේ යාලුවෙක් කතාකරන්නේ මොකක්ද ප්‍රශ්නේ....මොකද වෙලා තියෙන්නේ .... අපි කොහාටද එන්න ඕනා....[/FONT]

    [FONT=&quot]යකෝ ප්‍රියන්ත .....උබට මාව අදුර ගන්න බැයිද බං ................. මං මේ .... සුජී......( මගේ සුපුරුදු කටහඩින්)[/FONT]

    [FONT=&quot]සුජී .........උබ කොහෙද ඔහේ. මොකක්ද බං සීන් එක.... මොකද පැතුමට වෙලා තියෙන්නේ.[/FONT]

    [FONT=&quot]යකෝ මං ඉස්සල්ල කතා කලේ. ඌට මුකුත් වෙලා නෑ. මං පොඩි ජෝක් එකක් කරන්න හැදුවේ. එකී සීරියස් අරන්ද බං.[/FONT]

    [FONT=&quot]උඹ මගුලක් කතා කරනවා. මේකි මෙතන වැටිලා බං. ෂිට්...... උඹට පිස්සුද බං.....( කව්ද ප්‍රියන්ත කතා කරන්නේ ......... නෑ මේ සුජියා ජෝක් එකක්ලු කරලා තියෙන්නේ.) [/FONT]

    [FONT=&quot]ඒ මචං පොඩ්ඩක් දිනු ට දීපං මං ශේප් කරන්නම්.[/FONT]

    [FONT=&quot]කරපං උබේ ඔලුගෙඩිය...........( අල්ලන්නකෝ ..... හරි .. ඔහොම නැගිට්ටවන්න...... ෂිට් අරුටනම් පිස්සුද කොහෙද.....ඔයා බය වෙන්න එපා දිනුෂා........ ඒ සුජිවය කතාකරල තියෙන්නේ. ඔයාට බොරුවක් කියල තියෙන්නේ. ඔය ලයින් එකේ ඉන්නවා ඔයාම කතා කරන්නකෝ.....)[/FONT]

    [FONT=&quot]හ ... හලෝ....[/FONT]

    [FONT=&quot]අයියෝ දිනූ සොරි කෙල්ලේ මං පොඩි ජෝක් එකක්නේ කලේ. ඔය ඒක සීරියස් ගත්තද ?..... පැතුම්ට අවුලක් නෑ. මං නිකක් ටවුන් ආපු ගමන් කතාකරන්න හිතුනා. ඒ ගමන් පොඩි ලණුවක් දෙන්....බීප්... බීප්...... බීප්... බීප්......[/FONT]

    [FONT=&quot]හහ් ..... [/FONT]

    [FONT=&quot]මං හිතුව තරමට වැඩිය වැඩේ දුර දිග ගිය කියල මට තේරුණා. ඒත් එතකොට වැඩේ වෙලා ඉවරයි. මට ආයි ඕක ශේප් කරන්න ඔෆිස් යන්නත් බෑ. මදෑ නිවාඩු දවසේ ජෝක් කරන්න ගිහින් කරපු හරිය.[/FONT]

    [FONT=&quot]මං එහෙම්මම ෆෝන් බිල ගෙවල ගෙදර ආව. ඒ කාලේ මොබයිල් ෆෝන් කියල එකක් තිබුනයැ.[/FONT]

    [FONT=&quot]මට ගෙදර ආවට පස්සෙත් මාරම අවුල්. පව් අහිංසක කෙල්ල. දිනුෂි මං එක්ක ට්‍රේනින් වෙන මගේ හොඳම යාළුවා. පැතුම් කියන්නේ ඒකිගේ පණ කිවොත් මං වැරදි නෑ. එදා මගේ කෝල් එකෙන් පස්සේ දිනූ කලන්තේ දාල වැටිලා. රිසෙප්ෂන් එක ලග. කට්ටියම ඉස්සරහ.[/FONT]

    [FONT=&quot]පස්සේ පහුවද මං උදේම ඔෆිස් ගියා. මට හැම එකගෙන්ම බලු බැනුම්. දිනුත් කතා කලේ නෑ. [/FONT]

    [FONT=&quot]මං ෆ්‍රී වෙලාවක් බලල ලැබ් එකේදී දිනුෂි එක්ක කථා කළා. ලැබ් එකේ බනින්නත් බෑනේ.[/FONT]

    [FONT=&quot]දිනූ...... මාත් එක්ක තරහද ?[/FONT]

    [FONT=&quot](නෝ කතා. මට මාරම අවුල්)[/FONT]

    [FONT=&quot]ඒයි දිනූ...... මං එච්චර හිතුවේ නෑ කෙල්ලේ......... මාත් එක්ක තරහද ? .........මට ගෙදර ගිහිල්ලත් මාර අවුල්. සර් ලත් බැන්න. [/FONT]

    [FONT=&quot]ම්ම්ම්....[/FONT]

    [FONT=&quot]මං ඔයා එච්චර සීරියස් ගනී කියලා හිතුවේ නෑ.[/FONT]

    [FONT=&quot]ම්ම්ම්.....(කෙල්ල ඔලුව උස්සනෙවත් නෑ)[/FONT]

    [FONT=&quot]ම්ම් .. ම්ම් .. ගණන් එපා. මං ඔච්චර දෙයක් වෙයි කියල හිතල නෙමේ ......[/FONT]

    [FONT=&quot]අවුලක් නෑ..... මට දුක ඔයා එහෙම කියපු එකට...[/FONT]

    [FONT=&quot]ඒකිගේ ඇස් වල කඳුළු ගුලි දෙකක් හිරවෙලා...... මං දිහා බලාගෙන හිටියා........මට පොළව පලාගෙන යන්න හිතුණා. [/FONT]

    [FONT=&quot]මට සමාවෙන්න දිනුෂි ...... මං නරක දෙයක් හිතල කියපු දෙයක් නෙමේ... ඇත්තටම මට සමාවෙන්න.[/FONT]

    [FONT=&quot]දිනූ කට කොණකින් අමුතු බයාදු විදිහකට හිනා උනා. මට තේරෙන්නේ නෑ මොකක්ද කියන්න ඕන කියලා.[/FONT]

    [FONT=&quot]සුජී අර මැෂින් එක පොඩ්ඩක් බලන්න....... ඒ දිනුෂි.[/FONT]

    [FONT=&quot]මං ටක් ගාල ඒක බලල ආයිත් දිනූ ගාවටම ආවා. ටිකකින් කෙල්ල ශේප්. අම්මෝ මගේ ඔලුවේ තිබුන ලොකු බරක් නිදහස් උනා වගේ..... මං ආයි මලත් ඔය වගේ ගොන් වැඩනම් කරන්නේ නෑ කියල හිත ගත්තා.[/FONT]

    [FONT=&quot]ඔය සිද්දියෙන් පස්සේ අපි තවත් ලං උනා කීවත් වැරදි නෑ. මට අද උනත් දිනූ මගේ හොඳම යාලුවෙක් කියල බය නැතුව කියන්න පුළුවන් උනේ ඊට පස්සේ. දිනුශිත් පැතුම් එක්ක වෙනදටත් වඩා ආදරෙන් හිටිය කියලා මට තේරුණා. උන් දෙන්නගේ ගොඩක් දේවල් වලට මං පැත්තකින් හිටියා. ඒක ඒ දෙන්නට ලොකු හයියක් කියලත් මං දැනගෙන හිටියා. [/FONT]

    [FONT=&quot]ආදරේ කොච්චර ලස්සනද කියලා ඒ දෙන්න දිහා බලපු ඕන කෙනෙකුට පේනවා. දිනූ කොහොමත් ලස්සන කෙල්ල. මාර අහිංසක හිනාවක් තියෙන්නේ. මට තාමත් ඒක මැවිලා පේනවා. ඒ හිනාව වගේම එකී අහිංසකයි. පැතුම් උනත් මං දන්න තරමින් නරක එකෙක් නෙමේ. මං වැඩි විස්තර දන්නේ නෑ. ජොබ් එකක් කලේ නෑ. පොඩි පොඩි කන්ට්‍රක්ට් වැඩ කලේ. [/FONT]

    [FONT=&quot]කාලය ඔහොමම ගෙවිල ගියා......[/FONT]



    [FONT=&quot]එකපාරම දිනුෂි වැඩට එන්නේ නැතුව ගියා. ඇත්තටම වැඩ කීවට අපි එතන ට්‍රේනින්. දවස් දෙකතුනක්ම ආවේ නෑ. කෝල් කරන්න මොබයිල් එකක් අපි කා ගාවවත් තිබුනේ නෑ. මං කිවේ දිනුයි මායි ළඟ. මට මතක විදියට දවස් 4 කට විතර පස්සේ උදේක දිනූ ඇවිත් හිටියා. [/FONT]

    [FONT=&quot]මුණ ඉදිමිලා.... ඇස් රතුවෙලා... කෙල්ල ඇදිල ගිහිල්ලා මොකක්හරි ලොකු අවුලක්. අපි කාටවත් එක එල්ලේ මුණ බලල කථා කළේ නෑ. අපි කාටවත් කතාකරන්න හයියක් තිබ්බෙත් නෑ. අපි දැනගත්ත මොකක්හරි ලොකු අවුලක් කියලා. ගෙදර කරදරයක් නම් අපිට කලින්ම කියනවා. එහෙම එකක් නෙමේ කියලා අපි ඒ වෙනකොටත් තිරණය කරලා තිබුනේ. ඕන දේකට ඒකිට වැඩියෙන්ම ලග මං. ඒක කව්රුත් දන්නවා. අපි සහෝදර සහෝදරියෝ නොවුනට ඊටත් වඩා ලඟින් හිටිය.[/FONT]
    [FONT=&quot]දිනූ වොෂ් රුම් ගිය වෙලාවක මාත් ඇතුල්ට ගියා. මං යනකොටත් කෙල්ල ග්ලාස් ඒක ඉස්සරහට වෙලා අඩනවා. මං දැක්ක විතරයි කෑ ගගහ අඩන්න ගත්ත. මට කරගන්න දෙයක් නෑ. අනික හැමෝටම ඇහෙනවත් එක්ක. එතකොටම මිස් කෙනෙකුත් වොෂ් රුම් ආවා. හැමෝම දිනූ ගැන උදේ ඉදන් ඇහැ ගහගෙන හිටියේ. අපි දෙන්නම දිනුව අරං අපේ ස්ටාෆ් රුම් එකට එක්කං ආව. [/FONT]

    [FONT=&quot]කව්රුවත් නෝ කථා. .......කෙල්ල අඩනවා. ..................පස්සේ කට්ටියම එලියට ගියා. ඕනතරම් අඩන්න දීල මං මුකුත් නොකිය ලගට වෙලා හිටියා. ගොඩ වෙලාවකට පස්සේ මං දිනුට කතාකලා.[/FONT]

    [FONT=&quot]දිනූ ඇයි ඔයා.... [/FONT]

    [FONT=&quot]මං මැරෙනවා සුජී.... හ්හ්..ක්... මට පැතුම් නැතුව ජිවත් වෙලා වැඩක් නෑ..... මෙහෙම ගියොත් මට හ්හ්..ක්.. පිස්සු හැදෙයි.....................හ්හ්..ක්........................... හ්හ්..ක්..[/FONT]

    [FONT=&quot]මට මොකක්ද මේ කියන්නේ කියලා හිතාගන්න බැරි උනා. මං මුකුත් කියන්න ගියේ නෑ. ලගට වෙලා අහගෙන හිටිය. කෙල්ල පැයක් විතර කියෙව්වා. අඬ අඬ ඔහේ කියෙව්වා. මාත් අහගෙන හිටියා.[/FONT]

    [FONT=&quot]සිද්දිය කෙටියෙන්ම කිවොත් පැතුම් වෙන කෙල්ලක් බදින්න යනවලු.[/FONT]
    [FONT=&quot]මට හිත ගන්න බැරි උනේ ඒ කොහොමද කියලා. උන් දෙන්න හිටිය විදියට ඒක කොහෙත්ම වෙන්න බෑ. උන් දෙන්නත් වෙන් වෙනවනම් මේ ලෝකේ ආදරේ කියලා එකක් නෑ.[/FONT]

    [FONT=&quot]පස්සේ මං එක්ක සේරම විස්තරේ කිවා. ඒක පාර නෙමේ. සැරින් සැරේ. [/FONT]
    [FONT=&quot]උන් දෙන්නා ගොඩක් ආදරෙන් හිටිය. ඒක ඇත්ත. අපි කවුරුත් ඒක දන්නවා, ඒත් පැතුම්ගේ ගෙදරින් එච්චර කැමැත්තක් තිබිල නෑ. ඔය කුළ මල මොකක්ද මගුලකට. මට නම් ඕව පෙන්න බෑ. ඒ අස්සේ පොර කන්ට්‍රක්ට් කරන්න ගත්ත ගෙදරක කෙල්ලක් එක්ක සෙට් වෙලා. මං මුලින් ඕක විස්වාස කලේ නෑ. ඒත් ඒක එහෙම වෙලා. ඒ ගෙවල් වලින් කැමතිලු බන්දන්න. මං හිතන්නේ කොල්ලගේ ගෙදරින් තමයි හදිසි කරවන්නේ. අර කෙල්ල රට ඉන්න කතාවක් කීවේ. ඉතාලිද කොහෙද. ගේ වැඩ ඉවර කරලා මැරී කරලා දෙන්නම රට යන්නලු හදන්නේ.[/FONT]

    [FONT=&quot]මට ඇත්තටම අරූව මරාගෙන කන්ඩ හිතුණා. පිස්සෙක්. කාලකන්නියෙක්. මේ වගේ අහිංසක කෙල්ලක් ලැබෙන එකත් කොල්ලෙකුට පිනක් මං දන්න තරමින්. [/FONT]

    [FONT=&quot]මට කරනන් දෙයක් තිබුණේ නෑ. දිනූ කියපු විදියට ඒක කාටවත් බලපෑමක් කරන්න බැරි තරම් දුර දිග ගිහින්. මං හිතන්නේ ............. ඔව් එහෙම එකක් තමයි. ඌට ඒ කෙල්ල අතාරින්න බැරි තත්වෙක ඉන්නවා ඇත්තේ. [/FONT]

    [FONT=&quot]මං මගේ පැත්තෙන් දිනුශිගෙ හිත හදන්න පුළුවන් උපරිම විදියට හිත හැදුවා.... මට ඒ ගැන අදටත් සතුටුයි. මං නොහිටින්න සමහර විට දිනූ මොකක් හරි ගොන් වැඩක් කරගෙන මැරෙන්නත් ඉඩ තිබුණා.[/FONT]

    [FONT=&quot]ඊට පස්සේ ට්‍රේනින් එකට එන එකත් එච්චර කැමැත්තෙන් නෙමේ කලේ. මාස 6 ඉවර උනාම මං පර්මනන්ට් උනා. මං විතරයි. පස්සේ ටික කාලයක් යනකන් දිනූ ඔෆිස් එකට ඇවිත් මාත් එක්ක කතා කර කර ඉදල යනවා. පස්සේ ඒකත් නැවතුනා.



    [/FONT]
    [FONT=&quot]මේ සේරම වෙලා දැන් අවුරුදු 12 ක් විතර. මං මගේ ගමන ඇවිත් මෙහෙම ඉන්නවා. ඇත්තටම මං දන්නේ නෑ දැන් දිනූ මොනවා කරනවද කියලා. මට හොයල බලන්න ක්‍රමේකුත් නෑ. සමහර විට දැන් බැඳලා ළමයි එහෙමත් ඇති. අරූවනම් වෙන්න බෑ. සමහර විට මැරිලද දන්නෙත් නෑ. මං දන්නේ නෑ. [/FONT]

    [FONT=&quot]පව් අහිංසක කෙල්ල. මට තාමත් වෙලාවකට මතක් වෙනවා.[/FONT]

    [FONT=&quot]ඇත්තටම එච්චරටම ආදරෙන් ඉන්න අයත් ඔහොම වෙන් වෙනවද ?......අරූ අරහෙම කලේ කොහොමද?[/FONT]

    [FONT=&quot]ආදරයට ඇයි මෙහෙම වෙන්නේ ?[/FONT]

    [FONT=&quot]( ඔයාලට ලස්සන කතාවක් කියන්නවත්, මගෙ රේප් වැඩි කරගන්නවත් ලියපු එකක් නෙමේ. මට කවදාවත් අමතක කරන්න බැරි මගේ ජිවිතේ සත්‍ය සිද්ධියක්. නම් ගම විතරක් වෙනස් කළා.)[/FONT]
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලස්සනට ලියලා තියනවා කොල්ලා.පව් මොනවා උනත් ඒ කෙල්ල නම් :sorry: rep+
     
    • Like
    Reactions: sujeewahms

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    You must spread some Reputation around before giving it to sujeewahms again. :sorry: sorry machan.puluwan unu gaman rep dennam
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ලස්සනට ලියලා තියනවා කොල්ලා.පව් මොනවා උනත් ඒ කෙල්ල නම් :sorry: rep+

    ඔව් ඇත්තටම පව් ... මේක ගොතපු කතාවක් නෙමේ. ඇත්තටම උනා එකක්. මට ලස්සන කපල් එකක් ඉන්නකොට ඕක මතක් වෙනවා. මං ප්‍රර්ථනා කරන්නේ කාටවත් එහෙම වෙන්න එපා කියලා...

    මගෙන් රේප් 4+
     

    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    Mata godak dukai ea girl gena... ea wage awanka aya thamai godak welawata adaren peradenne... ea eyalage honda wedi kama nisamai, eyalage watinama nodennene...

    Man nam kiyanne ea wage kenek labala sathutin inna pin nethi kama thamai. Ara miniha sathutin athi kiyala man nam keeyatawath wishwasa karanne. Kenekge hithata dukak dunnoth eka pawak, ea pawen kawadawath midenna behe. Widawanna wenawamai...
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Mata godak dukai ea girl gena... ea wage awanka aya thamai godak welawata adaren peradenne... ea eyalage honda wedi kama nisamai, eyalage watinama nodennene...

    Man nam kiyanne ea wage kenek labala sathutin inna pin nethi kama thamai. Ara miniha sathutin athi kiyala man nam keeyatawath wishwasa karanne. Kenekge hithata dukak dunnoth eka pawak, ea pawen kawadawath midenna behe. Widawanna wenawamai...

    ඔව් ඔයා හරි. මට ඌ ගැනනම් වැඩක් නෑ. කෙල්ල පව්. මං ලගින් හිටිය හින්ද දන්නවා එකී පණ උනත් දෙනවා ඌ වෙනුවෙන්.

    තැන්ක්ස් කමෙන්ට් එකට
     

    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    Man ea girlwa dannethi wunata... Man hadawathinma eyata suba pathanawa yaluwa !!! eyage duk karadara nethi wela eyata sebema Adarayak Lebewa kiyala !!!