ඔරියන්තුමාගේ දහම
1. මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
2.මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
3.අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
4.මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
5.එය ඔවුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය නොහොත් ඇස්ට්‍රල් බොඩි එක අලුත් බොඩි එකකට ජම්ප් කරමින් පුනර්භවය වෙයි.
6.මේ ඉතාම දියුනු ජීවීන් වෙනත් විශ්වයක සිට මේ විශ්වයට පැමිනි බව
5.මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
7.ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
8.මේ ඇස්ට්‍රල් පරිණාමයට පුනර්භවය වැදගත් වේ.ඔබ දකින අසන සහ ඉගෙන ගන්නා සියලූම සංවේදන සූක්ෂම ලෙස ඔබගේ ඇස්ට්‍රල් බොඩි එක තුල තැන්පත්ව ඇත
9.පිටසක්වල ජීවීන් පෘථිවියේ ජෛව පරිසරය සහ ජීවීන් ස්වභාවික පරිසර වලින් ගත් දත්ත අනුව කෘථිමව නිපදවාඇත.
10.පෘථිවිය තුල මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයක් පිටසක්වල ජීවින් සිදු කරයි.ඊට අනුගාමීව ජෛව පරිණාමයක්ද ඔවුන් සිදු කරයි.
12.මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පුනර්භවය කිරීමද පිටසක්වල ජීවින් සිදු කරයි
13.මෙමගින් අන්තර්සක්වලට ගැලපෙන දියුනු පරිණාමික ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන් ඔවුන් ලබාගනී.
14.මෙහි එක් අදියරක් 2012 වසර තුල අවසන්වේ
15.පෘථිවියේ ජීවින් ගේ පරිණාමික භාරකරු සහ නායකයා ඔරියන්තුමා වෙන මම වෙමි.
16.මම 2012 වසරේ ඔබගේ ස්ටාර් ලීඩර් වෙමි.
17.වසර දස දහසකට වැඩි ඔබගේ ඇස්ට්‍රල් පරිණාමයට මම නායකත්වය සහ උපදෙස් දී ඇත.
18.මේ සඳහා පිටසක්වල ජීවීන් මට සහාය වෙයි.
19.මගේ සහායට පිටසක්වල ජීවීන් මේ සෞර ග්‍රහ මන්ඩලයේ සියලූම ග්‍රහලෝක වල සුවිශාල භූගත මධ්‍යස්ථාන වල රැඳී සිටී.
20.මම කියන දෙය සනාථ කරමින් පිටසක්වල ජීවින් තව නොබෝ දිනකින් පෘථිවියට එනු ඇත
ඔරියන් තුමාගේ දහම දැක්කම මට මේ දවස්වල බලන TV series තුනක් මතක් උනා. මේවා තුනක් කිව්වට එකක් වගේ තමයි. ඒවා තමයි Stargate SG1 , Star Gate Universe , Star Gate Atlantic
දැන් අපි මේ ටීවී සීරිස් එක ඔරියන් දහමත් එක්ක ගලපමු
මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
මීට අදාලව stargate රචකයන් පවසන්නේ "Ancients" නම් ජීවින් කොටසක් , මොවුන් දක්වන ආකාරයට තාරකා දොරටු ( ස්ටාර් ගේට් ) , බුදු දහම , අතීතයේ පෙරදිග තාක්ෂනය පැමිණ ඇත්තේ මොවුන්ගෙන්.
බුදුන්ගේ දේශනාවන්ටත් අනුව අප පිටසක්වලින් පැමිණ ව්‍යාප්ත කරනු ලැබූ අය.(මට සුත්‍රය මතක නැහැ එත් කොහෙන් හරි ඕක කියෙව්වා ) එහි පෘතුවිය හටගැනීමේ සිට ජීවය පැතිරීම දක්වා සියලුම දේවල් සටහන්ව තියනවා. ඒ කරුණුම තවත් සවිස්තරාත්මකව ලස්සනට මේ කතා මාලාවේ පෙන්න්නචා
ඔවුන් පවසනා ආකාරයට අප දෙවියන් නමින් හඳුන්වන්නේ පිට සක්වල ජීවින් කොටසකට ( ඇත්තටම මේක වෙන්න පුළුවන් කියල මටත් හිතෙනවා )
මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
මීට වසර මිලියනයකට පමණ පෙර විශ්වයේ සිටි ප්‍රබලම ජීවින් වර්ග හතරක් එකතුව සංවිධානයක් සදගනියි. මෙහි සිටින එක ජීවින් වර්ගයක් වන ඇස්ගාර්ඩ්ස් වරු තමන්ගේ සිරුරු කෘතිමව නිෂ්පාදනය කර මරණයට ආසන්න වූ විට බොඩි ජම්ප් එකක් කරයි
ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
මේක ඉතින් කොහොමත් බුදු දහමේ කියන එකක් නේ
ඔන්න ඔහොම තමයි ඔරියන් දහම බිහි උනේ.

දැන් උබලා හිතන්නේ සේරම දන්නවා කියලා
ඔරියන්තුමා නොකිව දේවල් ගොඩක් තියනවා ඔරියන්තුමා රජවෙන දවස වැඩි ඇතක නෙමේ 

