◄►◄►ජපන් සෙන්පතියා◄►◄►

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ◄►◄►ජපන් සෙන්පතියා◄►◄►

    හිතන්න දෙයක්.
    scaled.php
    උත්සාහය සහ විශ්වාසය මත ජයග්‍රහණය රඳා පවතින බව නොරහසකි. යමෙකුට උත්සාහය, විශ්වාසය, කැපවීම ඇත්නම් ඔහුගේ ජයග්‍රහණය කවරකුටවත්, කිසිවෙකුටවත් නතර කල නොහැක්කකි. මේ බව සනාථ කරන අපූරු, රසවත්, කුඩා කතාවක් ජපානයේ බිහි වී ඇත. ඒ කතාන්දරය මෙසේයි.

    මීට වසර ගණනාවකට ඉහතදී ජපානයේ එක්තරා සෙන්පතියකු වාසය කලේය. දිනක් ඔහුට තම සේනාව මෙන් හත් අට ගුණයක් විශාල සේනාවක් සමඟ යුධ වැදීමට සිදු විය. මෙය සිදුකිරීමට ඉතා අපහසු ක්‍රියාවක් බව වැටහීමට සෙන්පතියාට වැඩි වේලාවක් ගත නොවීය. යුද්ධය ගැන දැනගත් විගස තම හමුදාවේ සේවය කරන සෙබලුන් පවා කිසිසේත් මෙම යුද්ධය ජයග්‍රහණය අරමුණු කර නොගෙන සිදු කරන බවද හෙතෙම දැන සිටියේ ය. ඔහු සිතු දේ සැබෑවක්ම විය. තම ප්‍රතිවාදීන් පිළිබඳ දැනගත් හමුදවේ සෙබලුන් මානසික වශයෙන් විශාල ලෙස ඇද වැටිනි. ඔවුන්ට හැඟුනේ, තමන් තම සෙන්පතියාගේ නායකත්වය යටතේ සිදු කල නොහැකි යමක් සිදු කිරීමට උත්සාහ දරණ මෝඩයින් පිරිසක් ලෙසයි. සෙන්පතියාට මේ බව අවබෝධ විය. නමුත් කල හැකි අන් කිසිවක්ද නොමැත. කෙසේ හෝ මේ යුද්ධය ජයග්‍රහණය කොට තම භූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔහු සතුය.

    යුද්ධයට පෙර දින රාත්‍රිය උදා විය. සියලු දෙනම මානසිකව පහත් තත්වයට ඇද වැටී සිටි අතර ඔවුන් දැනටමත් පරාජය බාරගත් අය බවට පත්වී සිටියහ. කෙසේ වෙතත් ඔවුන්ට යුද්ධය අතරදී පරාජය වුවහොත් පලායාටම හැකි පාලමක් ඔවුන්ගේ රාජ්‍ය අසල පිහිටා තිබිනි. පලායාමට තිබූ එකම මාර්ගය මෙය විය. මේ බව දැනගත් බුද්ධිමත් සෙන්පතියා කලේ මේ පාලමට විශේෂ ආරක්ෂාවක් යොදා එය රැක ගැනීමට කටයුතු කිරීමයි. කෙසේ නමුත් රාත්‍රිය එළඹී මුළු පළාතම ඝණ අන්ධකාරයෙන් වැසී ගිය විට එක්වරම පාලම දෙසින් මහා ශබ්දයක් ඇසිණි. සියල්ලෝම ඒ පිළිබඳව විමසිලිමත් වූහ. අවාසනාවකි, පාළම සතුරන් විසින් විනාශකර දමා තිබිණි. සිදු කිරීමට අන් කිසිවක් නැත. දැන් ඔවුන්ට සිදුව ඇත්තේ තම ජීවිතය උදෙසා සටන් කිරීමටයි. අන් විකල්පයක් නොමැති හෙයින් සියලු දෙනා තම උපරිමයෙන් සතුරන් සමඟ සටන් කරන ලදී. යුද්ධය අවසාන විය. දැඩි අධිශ්ඨානයකින් සටන් කර ඔවුන් තම සේනාව මෙන් හත් අට ගුණයක් විශාල වූ එම සේනාව පැරදවීටම සමත් විය. සමහර සතුරෝ පලා ගියහ.

    ටික කලක් ගත වූ පසු ජයග්‍රාහී හමුදාවට නායකත්වය දුන් සෙන්පතියා සත්‍ය හෙලි කර සිටියේය. ඔහු පවසා සිටියේ එදා යුද්ධයට පෙර දින රාත්‍රියේදී පාලම විනාශ කර දමා තමන්ට පලා යාමට තිබූ එකම මාර්ගය විනාශ කර දැමුවේ තමා විසින්ම බවයි. අප හිතින් පරාජිතව, මානසිකව ඇද වැටී, මන්දෝත්සාහීව සිටින තාක්කල් ජයග්‍රහණය අපට නොපෙනෙන මානය තෙක්ම දුරට ඇදී යයි. නමුත් අපි කෙසේ හෝ බාධක කම්කටොලු මැදින් ජයග්‍රහණය පතාගෙන, එයම අරමුණු කරගෙනම කටයුතු කරයිනම් ජයග්‍රහණය අප වෙත ළඟා වීම කිසිවිටෙකත් නැවැත්විය නොහැක්කකි.

    අපිත් සමහර වෙලාවට මානසිකව ගොඩක් පහලට වැටෙනවා. අනිත් අය උදවු කරනකන් බලන් ඉන්නවා. නමුත් නැවත නැගිටින්න ශක්තිය තියෙන්නේ අප තුලමයි.:yes::yes::yes:

    කොමෙන්ට් දැම්ම හෝ නොදැම්මා අවුලක් නෑ. උඹල දෙයක් ඉගෙන ගත්ත නම් එච්චරයි. ජය වේවා!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳ පෝස්ට් එකක්. ඔය වගේ දෙයක් දකුණු ඇමරිකාව ආක්‍රමණය කරන්න ආපු ස්පාඥ්ඥ ජෙනරාල් 'කෝර්ටේස්' යොදාගත්තා. ඔහු කලේ තමන්ට සතුරන් පහර දෙන්න ලෑස්ති වෙනකොට පලායන්න තිබ්බ නැව් ටික මුහුදුබත් කරන එක. එතකොට තමන්ට වෙන මාර්ගයක් තිබ්බේ නැති බව දන්න සෙබලු හොඳින් සටන් කලා
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Watina deyak
    +1

    tanks machang. good repost

    good post mcn....


    හොඳ පෝස්ට් එකක්. ඔය වගේ දෙයක් දකුණු ඇමරිකාව ආක්‍රමණය කරන්න ආපු ස්පාඥ්ඥ ජෙනරාල් 'කෝර්ටේස්' යොදාගත්තා. ඔහු කලේ තමන්ට සතුරන් පහර දෙන්න ලෑස්ති වෙනකොට පලායන්න තිබ්බ නැව් ටික මුහුදුබත් කරන එක. එතකොට තමන්ට වෙන මාර්ගයක් තිබ්බේ නැති බව දන්න සෙබලු හොඳින් සටන් කලා

    nice post


    maxxa thread එක මචන්.
    th_98b65b37.gif

    elamakiri......

    thnx mcn share kalata

    rep added! :) good post machan!

    sira kathaawa elaaaz

    බොහොම ස්තුතියි මචන්ලා. :D:D:D