උදේට හැමදාම බුදුන් වදින්න. වැඩට එන්න කලින් හැමදාම මල් කඩල පහන් පත්තුකරල බුදුන් වදින්න. හිතේ කරදර නෑ. සතුටින් හැමදේකටම මුහුන දෙන්න පුලුවන්. මම හැමදාම කරනවා. මට ප්රතිපල තියෙන නිසයි කියන්නෙ. නිදාගන්න කලින් පැයක් ගලිගමුවෙ හාමුදුරුවන්ගේ බණ අහනවා. මගේ ගාව සීඩී එකක් තියෙනවා. කැමති අය කියන්න මම දෙන්නම්. නැතිනම් නෙත් එෆ් එම් ඒක් 9 ඉදන් යන බන අහන්න පුරුදුවෙන්න. හැමදාම බැරිවුනත් සතියකට දවස් දෙක්ක තුනක් වත්. පංසලට ගිහින් බෝ මලුව අතුගාන්න. මල් පහන් පුජා කරල බුදුන් වදින්න. හිතිට සැනසීමක් ඉබේටම දැනෙයි. ප්රශ්න වලට පිලිතුරු හොදයන්න හොද මානසිකත්වයක් ලැබෙයි.
තෙරුවන් සරණයි!
ඔව් මචෝ මේ දේවල් වලින් හිතට පුදුම සැනසීමක් එනවා,
