බාල-අපරාදය

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේක උනේ අපේ යාලුවෙක්ට…. ඌ ඔන්න හා හා පුරා කියල කුලුදුල් 8 වෙනි කෑල්ලට ට්‍රයි කරන්න ගත්තා…. සීන් එක කියන්නේ මු ඒකිව දැකල තියෙන්නේ බස් එකේදී…. දැන් ඉතින් අපිට ඇවිත් කියනවා අඩෝ සුකිරි බෝලයක් වගේ කෙල්ලෙක් බන්… ඒකිව දැක්කම මගේ හදවත ලබ්බක් ලබ්බක් ගාල හයියෙන් ගැහෙන්න ගත්තා… මට රෑ තිස්සෙම නින්ද ගියෙත් නැ ලව් එක ඉස්මොල්ලේ ගහලවැඩි වෙලා… ඇස් 2 ක පියා ගත්තමත් එකිවමයි බන් පෙන්නේ…. අනේ මොනවා හරි කරහල්ලකෝ කියල මුගෙන් කන් කෙඳිරිය ඉවරයක් නැ…..

    මොනවා උනත් අපේ බොක්කක් නේ… ඔන්න අපි සෙට් එක මුගේ හිත හැදුවා සප් එක දෙන්නම් කියල…. දැන් ඉතින් කට්ටිය කෙල්ලගේ විස්තර හොයනවා…. ( වෙලාවට මු එකී බහින තැන බලාගෙන ඇවිල්ලා) දැන් අපි 365 ස් දවසෙම බෙට්ටට කැරකෙන නිල මැස්සෝ වගේ කෙල්ලගේ ගේ වටේ කැරකෙනවා…. ආරංචි කරලා බැලුවම මෙකි ඉස්කෝලේ යන්නේ වැන් එකකින්… ගේ ගාවින් නගිනවා ගේ ගාවින් බහිනවා….. අපහු එලියට එන්නේ නැ මේ සම්මජ්ජතියකට…. ඔහොම හොයාගෙන හොයාගෙන යනකොට අපේ එකෙක්ගේ මීටර් එකට අහු වෙලා මෙකි දහම්පාසල් යන්නේ තනියම කියල…. (තනියම කිව්වට තව යාලුවෙක් එක්ක)

    ඔන්න දැන් සෙට් එක ගේ වටේ කැරකෙන එක නවත්තල දහම්පාසල ගාවට යන්න හිතා ගත්තා…. ඒ දහම්පාසලේ නීති ටිකක් තදයි…. පිට කාටවත් අවේලාවේ ඇතුලට යන්න තහනම්…. දැන් ඉතින් කාල වරෙන්කො…. ඔන්න ඉතින් කට්ටිය දහම්පාසල ඉවර වෙනකම් හිටිය…. මෙන්න කෙල්ලත් එනවා යාළුවා එක්ක…. අනේ ෂෝයි හුරතල් කෙලි පැටික්කියෙක්….. කොට මොඩෙල් එකක් වගේ පොඩිම පොඩි…. දැන් ඔන්න අපි කෙල්ල පස්සෙන් යනවා…. අරු කෙල්ලට වැඩ බයේ ගැහෙනවා දියෙන් ගොඩ දාපු මාළුවා වගේ….. මුල් දවසේ ඉතින් එච්චරයි…. එකී එහෙමම ගෙදර ගියා අපිත් අපේ පාඩුවේ යන්න ගියා… දැන් අරුට තවත් නලියනවා…. මුට සතියක් ඉන්න බැලු අපහු කෙල්ලව බලනකම්…… මොනවා කරන්නද…. අපේ අති ජාතක මිත්තරය නේ…. සතියේ දවස් වල එකී වැන් එකෙන් බහිනකම් ගේ ගව අපේ උන් මුර…. අරුට ඉතින් ඒ පොඩ්ඩ දැක්කත් සැපයි…. ( ප්‍රේම පීඩා කියන්නේ ඕවට තමයි )

    දැන් ඉතින් ඔහොම දවස් 2 ක 3 නක් දහම්පාසල ගාව කැරකුනා…. කෙල්ලට දැන් මීටර්…. අපිත් පස්සෙන් යනවා එකිත් එහෙමම ගෙදර යනවා…. හැමදාම ඕක කරන්න පුළුවන් දෙයක්ද….මේක හරියන්නේ නැති නිසා අපි දහම්පාසලේ එකෙක්ව සෙට් කර ගත්තා මේකිගේ විස්තර හොයන්න….. අඩෝ ඒ බන් ******** නේ….. ඌ ඉතින් දන්නේ නම විතරයි…..දැන් අරුව තව නලියනවා….
    ෂා ලස්සනන නමක් නේද…. කෙල්ල වගේම නමත් ලස්සනයි… (ඔය කාලේදී කෙල්ලගේ නම දෙනවක හාමිනේ කිව්වත් ඉතින් කොල්ලට ලස්සන තමයි ) මු නලිය නලිය ඉදල ඇහුව අඩෝ ඒකිව කව්රුත් බුක් කරලා එහෙම නැ නේද කියල…… මුගේ වෙලාවට තාම කව්රුත් බුක් කරලා නැ….. දැන් කොල්ලට තවත් ෆුල් ෆිට්…. අර දහම්පාසලේ එකට අපි කිව්වා පොඩ්ඩක් එකී ගැන හොයල නිව්ස් එකක් දීපන් අපි ඊගාව සතියේ විවේක කාලය වෙලාවේදී එන්නම් කියල….. ඌත් එල මචන් කියල මාරු උනා…. එදා දවසටත් එච්චරයි….. හොඳම සීන් එක උනේ ඊගාව සතියේ…..
    අපිත් ගියා සුපුරුදු පරිදි…. අරු කිව්ව වගේම අවා අපි ගාවට….. අපේ එකාව දැන් කසනවා නේ…. මූ ඇහුව කෝ බන් කෙල්ල කියල….. අරු මහා කින්ඩි හිනාවක් දාල කියපි

    අන්න යාලුවෝ එක්ක බෝ මළුවේ බට්ටා පනිනවා බන්……

    අපේ එකට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ….. අපිට බඩ පැලෙන්න හිනා…… පස්සෙයි දන්නේ සීන් එක…. අපි කාටවත් ඒකිගේ වයස හොයල බලන්න බැරි උනා නේ…..(සමහර කොට මොඩල් ඉන්නවනේ පෙනුමෙන් පොඩි වයසින් වැඩි කෙල්ලෝ… අපි හිතුවෙත් එහෙමයි….) බැලින්නම් එකී තාම 7 වසරේ….. (ඉතින් බන් ඇත්තනේ… ඒ වයස බට්ටා පැනල සූර පප්පා බලන කාලේ නේ…) අපේ එකා පුත්තලම් බුරුවො එක්ගෙ වයස….. දැන් ඉතින් ඒකිව දරු කමට හද ගන්න යාලු වෙන්නද…. අරුට එත් ගානක් නැ…. අපි උට බැන බැන අවා තෝ නිසා කෑව කට්ටත් අපරාදේ යකෝ….. මීට පස්සේ කෙල්ලෝ ගැන කියනවනම් වයස හොයන වර කියල ඌට දෙහි කප කප අපිත් එන්න අවා…….


    Source මගෝඩිස් පෙරේරාගේ විශේෂ අවසරය යටතේ උපුටා ගන්න ලදී
     
    Last edited:

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    w83uq1.gif