රැල්ලට රට යෑම සහ කෙලවිම

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    181
    300
    63
    බ්‍රවොස්
    මචන් රැල්ලට ෆැමිලි එකම රට යන්න එවුන් පොඩ්ඩක් මේක අහපල්ලා..

    මමයි වයිෆුයි දෙන්නම හොඳ රස්සා දෙකක් කරේ ලංකාවේ දී.

    අපි රැල්ලට රට යන කාලේ ඒ අපිත් යුරුප් ස්ටුඩන්ට් විසා දාල ගියා බන්... දැන් ෆුල් අනාතයි බන්...පොඩි ලමෙක්' ඉන්නවා ඉස්කෝලේ යන්න ඉන්න.

    කොල්ලගේ අනාගතේ ගැන බයයි බන්. මෙහෙ ජොබ් නැ භාෂාව ඉගෙන ගන්න ලේසි නැ පට්ටම ස්ට්‍රෙස් බන්... ඉන්න තැන ල;ලංකාවේ තියෙනවා එව්වා විකුණගෙන සල්ලි හොයා ගත්තනම් අම්මටසිරි වෙනවා.

    හොඳට හිතලා යුනි බලලා අවට වැඩක් නෑ බන් ජොබ් දෙන්නේ නෑ...ඒ ෆින්ලන්ඩ් ස්වීඩන් 2017 වගේ අව එවුන් නම් දැන් සේප එකේ ඉන්නවා..

    2021න් පස්සේ අපු එවුන්ට යන එනමන් නැ ළමයි අරන් රටවල් වල යන්න ඉන්නවනම් ලක්ෂ වාරයක් හිතපල්ලා ෆොටෝ ගහන අතල් මෙහෙ නෑ


    මට කියන්න තියෙන්නේ දැන් ආපුහු හැරෙන්න බැ ලංකාවට ඇවිල්ල ජිවත් වෙන්න ජොබ් හොයාගන්න බැ අපේ වයස අවුරුදු 38 වැඩි නිසා... කරපු තැන් වලත් අයෙ ගනීද ෂුවර් කරන්න බැ මේක කියනවන කෙනෙක්ට නිකන් ස්ටෝරි එකක් උනාට අපිට මාරම ස්ට්‍රෙස් බන්... කරන්න දෙයක් හිතා ගන්න බැ...

    කොච්චර සල්ලි අරන් ආවත් එව්වා මදි වෙනවා දරුවෙක් ගේ අසනිපෙකට මොනවා උනත් ලංකාවේ අපිට ඕනෙම ගේමක් ගහ ගන්න පුළුවන් අම්ම තාත්ත සහෝදරයෝ ඉන්නවා අසනීපයක් වගේ දෙයකදී පවා..

    විශේෂයෙන් ඉංග්‍රීසි කතා නොකරන රටක් නම් ජොබ් හෙවිලි දැන් සුම්ම... මම මම ලංකාවට ආවත් වැටිලා ඉන්න ගේ තියෙනවා නේද කියල දැන් සතුටු වෙනවා එච්චරයි බන්... පිස්සු හැදිලා තියෙන්නේ

    රට ෆින්ලන්ඩ්. හිකිල ඉන්නේ...
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,585
    113
    නිධානයක් උඩ
    ලංකාවට වරෙන් බං ගේමක් ගහ ගන්න පුලුවන්. විෂේශයෙන් ලමයට ඉගෙන ගන්න පුලුවන්නම්. ඕවගෙ ඉන්න ඉන්න තවත් වලටම යන්නේ, ණය වෙවී. UK වලත් සීන් එක ඔය වගේ ණය වෙවී වර්ක් වීසා ගන්නවා.
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    181
    300
    63
    බ්‍රවොස්
    ලංකාවට වරෙන් බං ගේමක් ගහ ගන්න පුලුවන්. විෂේශයෙන් ලමයට ඉගෙන ගන්න පුලුවන්නම්. ඕවගෙ ඉන්න ඉන්න තවත් වලටම යන්නේ, ණය වෙවී. UK වලත් සීන් එක ඔය වගේ ණය වෙවී වර්ක් වීසා ගන්නවා.
    මමත් හිතන්නේ එහෙම තමයි බන්. මෙව්වා මහා ස්ට්‍රෙස් වැඩ මිනිස්සු කියනවා කම්ෆෝර්ට් සෝන් එකෙන් මිදිලා රිසක් ගන්න කියල. හෝම බිම අනුනම කියන එකෙක් නෑ බන් බේරගන්න අපිම විතරයි... වෙන එකෙක්ට වැදගත් වෙයි කියල මෙහෙම දැනුවත් කරේ
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    181
    300
    63
    බ්‍රවොස්
    Apeth kollek Finland gihin awa apahu, masa dekk wat hitiye nedda koheda. Uui wifeui giye, language case ekai seethalai iwasaganna behe kiwwa.
    දැන් ඉතාලියට පැනලත් සර්වයි වෙන්න බැ නීති වෙනස් කරලා.. ඉස්සර නම් ප්රුතුගාල් හරි ගිය...

    පිස්සු බන් අපිටත්... ලංකාවේ කරනගෙන හිටපු ජොබ් එක කරගෙන හිටියනම් ඉවරයි
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,005
    6,687
    113
    ගග අද්දර
    දැන් ඉතාලියට පැනලත් සර්වයි වෙන්න බැ නීති වෙනස් කරලා.. ඉස්සර නම් ප්රුතුගාල් හරි ගිය...

    පිස්සු බන් අපිටත්... ලංකාවේ කරනගෙන හිටපු ජොබ් එක කරගෙන හිටියනම් ඉවරයි
    Kohoma hari hita haiya krn gemak Gahanna balapan dn.
    Wechcha de wela iwaraine. Ubata waradina ekk ne. ❤️
     
    • Like
    Reactions: Valar Morghulis

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,856
    2,767
    113
    I live in Europe, and I don't have this issue. But I totally agree with you. I have seen many student families struggling, but they don't show it to the world. They post hundreds of photos on social media to make it look like they are happy. Good luck, brother. These countries aren't for everyone.
     
    • Like
    Reactions: wpril5

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    207
    216
    43
    Gemak gahapan machan, naththam aparade. Anika puluwan tharam extra qualification hadaganna. Volunteer work karanna. Oya okkoma katu avurudu kipayayi.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,701
    21,393
    113
    Hope your situation gets better!!!

    Oya inne bn low skilled un finland wala sape... 2022 kaale giya un... Ochchara kiyana taram awulak nam penna na hena aathal eke innawa ... studiesth iwara welada koheda dan...
    umba oni job ekak karanawa kiyana scn eke nadda?
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    ජොබ් එකක් හම්බුනොත් ෂේප් වෙයි බන්. මම දන්න කෙනෙකුත් අවුරුදු දෙකක් විතර දඟලල ජොබ් එකක් හොයාගත්ත. දැන් ෂේප්.
     
    • Like
    Reactions: wpril5

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    316
    1,161
    93
    අක්කයි මස්සිනයි මාසෙට ලක්ෂ 10-15කට වඩා හෙව්වා මෙහෙ, දෙන්නම ඉහළම රස්සා කරා, ඉඩම් තිබුනා, බිස්නස් තිබුනා.... වටේ ඉන්න යාළුවො අයියගේ නෑදෑයෝ සෙට් එකක් එහෙ ඉඳන් මෙයාලව පොඩ්ඩක් චූන් කරා, දෙන්නම UK ගියා ළමයින්ට උගන්නන්න ඕනේ කියලා. මුල් කාලේ හෙන ටෝක් දුන්නා මටත්, අවුරුද්දකින් විතර ඔන්න බලද්දි අක්කා රස්සාව කරලා ඇවිත් part time කරනවා, මුල් කාලේ ෆොටෝස් එහෙම එවනවා. පස්සේ පස්සේ ෆොටෝස් නෑ, ඊටත් පස්සේ අක්කයි ළමයිනුයි විතරයි එවන ෆොටෝවල අයියා දවසම වැඩ, පස්සේ යුනි යන ළමයෙක් ගෙදර නවත්තගත්තා ඇහුවම ගෙදර ලොකු වැඩියිලු, අපරාදෙලු...

    ඕක මචං මට හිතෙන්නේ හැමදේම perfect උනාමත් අපිට හිතෙනවා මීටත් වඩා තව මොනවහරි එළියේ ඇති කියලා, දැන් මට උනත් එහෙම හිතෙනවා... සමහර යාළුවො කියන දේවල්, දාන ෆොටෝස්, පෙන්නන ජීවිත දැක්කම අඩේ මෙහෙ ගියානම් මරුනේ කියල හිතෙනවා... හැබැයි බලද්දි උන් ජීවිතේ එක පැත්තක් සම්පුර්ණයෙන්ම හංගනවා. උන් පැය 12-13ක් අදින shift එක, සීතලේ වැඩට යන එක, හිම අදින එක, ලෙඩ උනාම බෙහෙත් පෙත්තක්වත් නොගෙන වැඩ කරන්න වෙන එක, ඉන්න single bedroom ගිණිපෙට්ටි වගේ apartments මේවා එළියට හංගනවා. උන් පෙන්නන්නේ බොන බෝතලේ, පදින වාහනේ, ඒ රටේ ලස්සන තැන්, යන park එක එහෙම....ඔය කියන තරමින් සැපක් විඳින උනුත් ඇති අනිවාර්යෙන්ම. හැබැයි ඒ ගොඩක් කලින් ගිය උන් සහ එහෙම උන් ඉන්නේ අතලොස්සයි. බහුතරේකගේ කතාව මේ දූපතේ උන්ගේ කතාවටත් අන්තයි.
     
    • Like
    Reactions: wpril5

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,544
    113
    මේකයි සීන් එක...
    මං දන්න යාලුවෙක් ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා තියෙන්නෙ 2021 ස්වීඩන් වල Umeya කියලා පැත්තක කිව්වා.. පට්ටම සීතල.

    වයිෆ් ඉගෙන ගන්න ගිහිල්ලා තියෙන්නෙ පොඩි ළමෙක් ඉන්නවා ගැහැණු ලමෙක් අවුරුදු 7යි.

    දෙවනි අවුරුද්ද ට සල්ලි හොයන්න කියලා දෙන්නම ජොබ් කරලා ඉගෙනීම පැත්තක තියෙලා...

    ක්‍රෙඩිට්ස් ගානක් තියෙන්න ඕනෑලු අනිවාර්යයෙන්ම ඊලඟ අවුරුද්දකට පාර්මිට් ගන්න නම්..

    වැඩේ කරගන්න බැරි වෙලා කොහොම හරි කැම්පස් එකෙන් වැඩේ දැනගෙන උන්ගේ පාර්මිට් revoke කරනවා කියලා හේතු පහන්න කාලේ දීලා...
    මුන් ඉතාලි පැනලා ෂෙනගන් නිසා

    දැන් විසාත් නෑ නන්තත්තාරයි ලු ඉන්න තැන් ගන්න විදිහක් නැහැ ලු ඉන්නේ පොඩි කාමරේක ලු...

    මූ ලංකාවට එන්න දත කනවා. යාළුවන් ගෙන් කෝල් කරලා අහලා දුක කියලා විකාර ගොඩයි..


    අපිනේ දන්නේ ලංකාවේ තත්වේ අද පලෙව්නි ද ඉඳලා තවත් හිර වෙන විදිහ...

    රට යන්නන් වාලෙ යන්න එපා මචංලා පොඩි එවුන් අපා දුක්ක විඳිනවා බෙහෙතක් ගන්න විදිහක් නැහැ..

    ඉඩකඩක් නෑ හිර වෙලා වගේ දවසේම ...

    යනවා නම් ඉගෙන ගන්න හොඳ මානසික මට්ටමක් එන්නේ සල්ලි තිබ්බොත් තමයි එක නිසා සල්ලි අරන් පලයල්ලා මෙහෙ ඉඩමක් හරි විකුණලා...

    මෙහෙ වගේ බොරු කියලා ශෙප් කරගන්න බැහැ ලු... කරනවා කිව්වොත් කරනවා උන්ගේ නීතිය හැටියට....

    ඒක නිසා * දිනුමට හැර විපාකයට යන්න එපා රට.... රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලා වට..*

    හැමෝටම ශුභ අලුත් අවුරුද්දක් වේවා...!
    යාලුවෙක්ගෙ කතාවක් කියල මෙහෙම කියල උඹත් රට ගියාද