ඇපල්_iPhone_5_එයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඇපල් iPhone 5 එයි



    iphone5_410px_12_09_13.jpg




    ඇපල් සමාගම විසින් සිය නවතම උපාංගය වන ඇපල් iPhone 5 san francisco හිදී එළිදක්වා ඇත.

    iPhone 5 උපාංගය මීට කලින් වෙළඳපොලට නිකුත් කරන ලද iPhone 4S උපාංගයට වඩා 18%ක් පැතලි බවත් 120%ක් බරින් අඩු බවත් ඇපල් සමාගම කියා සිටියි.

    මෙහි බාහිර සැකස්ම වීදුරු හා ඇලූමිනියම් වලින් සාදා ඇති අතර, සුදු හා කළු යන වර්ණ වලින් මෙම උපාංගය නිෂ්පාදනය කර ඇත.

    මී.මී. 123.8 ක උසින්, මී.මී. 58.6 ක පළලින් හා මි.මී. 7.6ක ගැඹුරකින් යුත් මෙම උපාංගයේ පික්සල් 1136x640 තිරයක් ද මෙගාපික්සල් 8ක කැමරාවක් ද අඩංගු වේ.

    මෙහි ඇපල් A6 නම් නව ප්‍රොසෙසරයක් යොදාගෙන ඇති අතර, එය කලින් ඇපල් උපාංගය වලට යොදා ඇති ප්‍රොසෙසර වලට වඩා මෙය 22%ක් කුඩා වන නමුත් ඊට වඩා දෙගුණයක් වේගවත් බව විදෙස් වාර්තා වල දැක්වේ.

    මීට අමතරව, මේ දක්වා ඇපල් උපාංග වල ඇතුළත් වූ ගූගල් මැප්ස් පහසුකම වෙනුවට ඇපල් සමාගම විසින් ම නිපදවූ මෘදුකාංගයක් යොදාගෙන ඇතැයි පැවසේ.
    මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 199 සිට ඇමෙරිකානු ඩොලර් 399 බව විදෙස් වාර්තා වල දැක්වේ.



    apple-iphone-5-review-0585_610x407.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩොලර් 199 සිට ඇමෙරිකානු ඩොලර් 399 බව විදෙස් වාර්තා වල දැක්වේ:nerd::nerd::nerd::nerd::nerd::oo::oo::oo::oo::oo:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    199 to 399

    patta labai ne
    ඔය මචන් telecommunication provider එක්කම එකතු කරලා දෙන එකක්. අවුරුදු 2 ක contract එකක් තියෙනවා. ඒ කාලය ඇතුලට වෙන provider කෙනෙක්ගේ sim එකක් දාන්න බෑ. මාසෙට බිල් එක ටිකක් වැඩියි.
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    wrong information. as i knw $199 - $399 is with the 2 year contract with the data package.
    check the site. if u want to buy it with out the data package u have to pay around 600 $ - 700$
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,117
    4,956
    113
    -In Darkness-
    199 to 399

    patta labai ne

    නෑ මචං.... ඔය Price එක USA වලින් ගන්නවා නම් විතරයි...... මෙහාට එද්දී ඕක LKR 90,000k විතර වෙනවා...... 4S එකත් $199-$399 වෙනකන් තිබ්බේ....ඒත් දැක්කනේ මෙහෙ ගනන් :rolleyes::rolleyes:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    නෑ මචං.... ඔය Price එක USA වලින් ගන්නවා නම් විතරයි...... මෙහාට එද්දී ඕක LKR 90,000k විතර වෙනවා...... 4S එකත් $199-$399 වෙනකන් තිබ්බේ....ඒත් දැක්කනේ මෙහෙ ගනන් :rolleyes::rolleyes:

    man danna widiyata contract free iphone 5 eka 110000 wage wenawa without tax USA walin gannawanam... mehe 125000 wage patan gani