ඇපල් iPhone 5 එයි

ඇපල් සමාගම විසින් සිය නවතම උපාංගය වන ඇපල් iPhone 5 san francisco හිදී එළිදක්වා ඇත.
iPhone 5 උපාංගය මීට කලින් වෙළඳපොලට නිකුත් කරන ලද iPhone 4S උපාංගයට වඩා 18%ක් පැතලි බවත් 120%ක් බරින් අඩු බවත් ඇපල් සමාගම කියා සිටියි.
මෙහි බාහිර සැකස්ම වීදුරු හා ඇලූමිනියම් වලින් සාදා ඇති අතර, සුදු හා කළු යන වර්ණ වලින් මෙම උපාංගය නිෂ්පාදනය කර ඇත.
මී.මී. 123.8 ක උසින්, මී.මී. 58.6 ක පළලින් හා මි.මී. 7.6ක ගැඹුරකින් යුත් මෙම උපාංගයේ පික්සල් 1136x640 තිරයක් ද මෙගාපික්සල් 8ක කැමරාවක් ද අඩංගු වේ.
මෙහි ඇපල් A6 නම් නව ප්‍රොසෙසරයක් යොදාගෙන ඇති අතර, එය කලින් ඇපල් උපාංගය වලට යොදා ඇති ප්‍රොසෙසර වලට වඩා මෙය 22%ක් කුඩා වන නමුත් ඊට වඩා දෙගුණයක් වේගවත් බව විදෙස් වාර්තා වල දැක්වේ.
මීට අමතරව, මේ දක්වා ඇපල් උපාංග වල ඇතුළත් වූ ගූගල් මැප්ස් පහසුකම වෙනුවට ඇපල් සමාගම විසින් ම නිපදවූ මෘදුකාංගයක් යොදාගෙන ඇතැයි පැවසේ.
මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 199 සිට ඇමෙරිකානු ඩොලර් 399 බව විදෙස් වාර්තා වල දැක්වේ.