මේ නුවරඑළියෙ අර්තාපල් අස්වනු නෙලන කාලයයි. මෙවර ඉතා ඉහල අස්වැන්නක් (මෙ.ටො. දසලක්ෂයක් මගේ මතකෙ හැටියට) ලැබී තිබෙන බව වාර්තා වෙනවා. හෙට අනිද්දා විශාල වශයෙන් ලංකා අල (රට අල වගේ නොව රසින් වැඩියි. ඉල්ලුමද වැඩියි) වෙළද පොලට එයි.
ඒ නිසා අනිවාර්යයෙන්ම අල ලූනු වැනි දේවල් වල දේශීය අස්වනු නෙලන කාලයට ආනයන සීමා කිරීමට ආනයන බදු ඉහල දැමීමක් සිදුවෙනවා. එය දේශීය ගොවියාට හොද මිලක් ලබාදී ඔවුන් රැක ගැනීම සදහායි.
ටින් මාලු මිළ ඉහල ගියේ ඇයිදැයි තවම දැනගන්නට නොලැබුනි. මගෙ හිතේ මාලු පරිභොජනය පහල ගිහින්ද දන්නෙ නෑ. එක්කො විනිමය අනුපාත හෝ විදෙස් වෙළදපොලේ මිළ ඉහල ගිහින් ඇති.




