විශ්වය

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    309118_342076192547227_462206322_n.jpg



    විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවිද දුටු ඒ මහා ගෞතමයන් වහන්සේ
    (අන්තර්ජාලයේ පලවූ ලිපියකි )
    ”විශ්වය” යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර කර තිබේ. විශ්වය කාලයක් පිම්බීමට භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය වේ. මෙමක්‍රියාවලිය චක්‍රාකාරව නැවත නැවතත් සිදුවන බැවින්ආරම්භයක් හෝ අවසානයක් ගැන කතා කිරීම නිශ්ඵල ය.එසේම බුදුදහම යනු සත්ත්වයා‍ දුකින් එතෙර කරවීම පිණිස, දුකට හේතුව වන ත
    ණ්හාව නැති කිරීම අරමුණු කරගත් දහමකි. නමුත් විශ්වය, අභ්‍යාවකාශය පිළිබද කතාකිරීමේදී සිදුවන්නේ ඒ ගැන තවදුරටත් කරුණු හැදෑරීමට කුතුහලයක් ආශාවක් තණ්හාවක්ඇතිවීමය. මේ නිසා බුදුරජාණන් වහන්සේ ”විශ්වය” සම්බන්ධ කරුණු පිළිබද අනවශ්‍ය ලෙස දේශනා කිරීමට යෙදුනේ නැත.

    එනමුත් ඒ ඒ අවස්ථාවන්ට සරිලන අයුරින් විශ්වය, විශ්වයේ සංයුතිය හා ඒ සමග බැදුණු මාතෘකා පිළිබද තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර ඇත. ඒ පිළිබද දීඝ නිකායේ ආගඤ්ඤ සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, චක්‍රවත්‍රී සීහනාද සූත්‍රය, හා මහා පාදාන සූත්‍රය යනාදී සූත්‍ර දේශනා වල සදහන් වේ.

    විශ්වයේ සංයුතිය මානසික වශයෙන් බඹතල 31කින් සමන්විත වන අයුරුද, සහස්සී, ද්වීසහස්සී, ත්‍රීසහස්සී යනාදී ලෙස ලෝක ධාතු පවතින අයුරුද, සාමාවට්ඨි කල්ප, විවට්ඨි කල්පයන්ගේ ඇවෑමෙන් විශ්වය විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් පවතින ආකාරයද බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම සදහන් වේ.
    නූතන විශ්ව න්‍යායවේදය (Cosmology)ට අනුව විශ්වය පිම්බීමකට ලක් වෙමින් පවතී. මෙය සොයාගැනීමට පදනම වැටුණේ 1915-1918 අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය (Red Shift)යි. එමගින් එම මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය පිම්බීමකට ලක් වන බවයි.

    යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ සිහියට ආ යුතු සරලම කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත් බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් (Singularity/Nothingness) පටන්ගෙන ප්‍රසාරණයට ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන් වහන්සේ ද ඈඳා ගත්හ
    තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක් ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන් වහන්සේ ලු!

    විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා පිපුරුම් වාදය (Big Bang Theory) නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම නියමයකි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම විද්‍යාඥයන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතන විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම් පරීක්ෂාවයි (Testing). සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ එමගින් කරනු ලබන පෙරැයීමක් (Assumption)පරීක්ෂණයකින් සත්‍ය වුවහොත් පමණි. එතෙක්, කොතරම් ප්‍රබල මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත.

    මහා පිපිරුම් වාදයට පිළිගැනීමක් ලැබීමට එහි පෙරැයීම් 2ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම්,

    1. ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation)

    2. මහා පිපිරුම් නියුක්ලියෝසංස්ලේශනය (Big Bang Nucleosynthesis)

    යන ඒවායි.

    පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ මහා පිපුරුමෙන් මිනිත්තු 3ත් 20ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික හයිඩ්‍රජන්-1 (ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල් විශ්වයේ ස්කන්ධයෙන් 75%ක් හයිඩ්‍රජන්-1 ද, 25%ක් පමණ හීලියම්-4 ද, 0.01%ක්ඩියුටීරියම් (හයිඩ්‍රජන්-2) ද, 10-10%ක් වෙනත් පරමාණු (ලිතියම්, බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන්සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ. වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ.

    අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා පිපිරුමෙන් වසර 380 000ක් ගතවන තැන, විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් (Strong and Weak Nuclear Forces) වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම් විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය (Transparent) වන්නේ මේ අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර 380 000 කට පෙර කාලයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රගමනයට (Progression) නිදහසක් නොතිබූ නිසා අද පවත්නා කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥයන්ට කළ නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.
    2007 තරම් මෑත කාලයකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ (Pennsylvania State University) මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් (Martin Bojowald) ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ (Big Crunch Theory) නවතම විවරණය සමඟිනි. විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක් තිබුණු නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර 2කට පමණ පෙර සිට මෙය නැවතත් පෙරළිකාර මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී ඇත්තේ 1986 දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර් (Abhey Ashtekar) විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය (Loop Quantum Gravity) මතයි.

    මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක් දෙමින් සිටිති. ඊට ඇති එකම එක හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට (Dilemma) පිළිගත හැකි පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය පිළිබදව හා එහි සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. මේවාට නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ ”දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!”, යන තර්ජනාංගුලිය පමණි.

    වරක් එක්තරා පුද්ගලයෙක් “විශ්වය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ”යි පූජකයෙකුගෙන් ඇසුවේ ය. පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ “ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන් වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය” යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට සාරාංශගතකොට දැක්වේ.

    නවීන විද්‍යාවේ දියුණුව හමුවේ දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යනපුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ගෙනදෙන වෙනත් කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින් දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි.ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේවවාදීන්ට ගුද මාර්ගයෙන් දුම් පිටවිය.
    නමුත් මේ කිසිවක් බුදුදහමට බලපාන් නැත. පෘථිවිය මත ජීවයේ සම්භවය හා පරිණාමය පිළිබද වර්තමාන විද්‍යාඥයින් සිටින මතය ආගඤ්ඤ සූත්‍රයේ කරුණු හා සම්පාත වේ
    අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදුදහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින්නේ මේ නිසා ය.
    තරුවන් යනු හයිඩ්‍රජන් ප්‍රතිශතය සියයට 74කින්ද හීලියම් ප්‍රතිශතය
    සියයට 25කින්ද සමන්විතවූ ස්වශක්තියෙන්ම ආලෝකය සහ ශක්තිය
    පිටකරන අතිවිශාල දීප්තිමත් ආකාශ වස්තුවක්ය. අපගේ සෟරග්‍රහ
    මණ්ඩලයේ තාරකාව සූර්යයා වන අතර එය විශ්වයේ ඇති අපමණ
    තාරකා අතර සාමාන්‍ය ප්‍රමාණයේ එකකි. හිරුට වඩා විශාල යෝධ තරු
    විශ්වයේ අනන්තවත් තිබෙනවා.තරුවක මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්
    අංශක 3000 සිට 80000 දක්වා පරාසයක් තුල පිහිටනවා. අපගේ
    සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 6000 පමණ බැව්
    සඳහන් කරනවා. මා සඳහන් කරන්න හදන කාරණය පටන්ගන්නේ ඔය
    දත්තයන් ඔස්සේය.
    තරුවක ඇතුලත හරය core උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 10
    පමණ ආසන්න වෙද්දී න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාව ඇරඹෙනවා. හයිඩුජන්
    හීලියම් බවට පත්වෙනවා. එම ක්‍රියාවලියේදී අතිවිශාල ශක්තියක් තරුවෙන්
    පිටකරනවා. තරුවේ දීප්තිය පවතින්නේද මේ නිකුත්වන ශක්ති ස්කන්ධයෙන්.
    එහෙත් අනිත්‍ය ස්වභාවය පසක් කරමින් ඒ සෑම ක්ෂණයක් පාසාම තරුවේ
    ස්කන්ධයද ක්‍රමයෙන් දැවි දැවී යනවා.
    හයිඩ්‍රජන් ප්‍රමාණය අඩුවෙමින් හීලියම් බවට පත්වෙමින් වසර මිලියන එක
    දිගට බැබලෙන තරුව අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට පත්
    වෙමින් ජාති ජරා ව්‍යාධි මරණ යන අවස්ථාවට ලංවෙමින් වෙනස් ආකාරයේ
    ක්‍රියාවලියකට අවතීර්ණය වෙනවා. හයිඩ්‍රජන් ඌනතාවයට පත් මහලු තරුවේ
    මතුපිට තට්ටු ප්‍රසාරණය වෙන්න පටන්ගන්නවා.හරය හැකිලෙනවා.පිට කබොල
    සිසිල් වෙනවා.දීප්තිය ක්‍රමයෙන් වැඩිවෙනවා.එය ඒ අවස්ථාවේ හඳුන්වන්නේ
    යෝධ තරුවක් Red gaint නමින්.
    මෙන්න මේ අවස්ථාව සැලකිල්ලට ගන්න වටිනවා. බුදුරජාණන්වහන්සේ
    මේ අවස්ථාව සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරනවා හිරු හතක් පායන
    බව. සූර්යයා මේ අවස්ථාවට පත්වන විට බුධ සහ සිකුරු යන ග්‍රහලෝක සමීපයට
    විහාලනය වෙනවා. හිතාගන්න පුලුවන්ද සූර්යයාගේ එවිට විශාලත්වය. ඒවන විට
    සප්තසූරියෝද්ගමන සූත්‍රයේ විස්තර කරන ආකාරයට සප්තමහා සාගර සියල්ලම
    සිඳීගිහින් ගිනියම් වැලි මතුවෙනවා. කිසිදු ජීවයක් මහපොලොව මත ශේෂවී නැහැ.
    සියල්ල දැවී ගිය අඟුරැවී ගිය ස්වභාවයක් තියෙන්නේ.
    තරුවේ න්‍යෂ්ඨික ශක්තිය වැයවී අවසන් වෙත්ම තරුව සංකෝචනය වෙනවා.
    එවිට එය සුදුවාමන තරුවක් White Dwarf Star බවට පත්වෙනවා. අනතුරුව
    ක්‍රමයෙන් සිසිල් වෙමින් ගොස් දීප්තියක් නොමැති අඳුරු කළුවාමන තරුවක්
    Black Dwarf බවට පත්වී විනාශවී යනවා.
    ඒ සමගම මහපොලොව ඇතුලු සියලු ග්‍රහලෝක විනාශ වී යනවා. මෙන්න මේ
    අනිත්‍ය ස්වභාවයට කවදාහරි මහපොලොවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිරු
    වැනි අතිවිශාල මහා තරුවකුත් යම් දිනකදී ක්ෂය වී වැයවී විපරිනාමය වී නැතිවී
    යනවා නම් අන්න ඒ ධර්මතාවයම තමයි සියලු සත්ත්වයා කෙරෙහිත් බලපාන්නේ.
    සියලු සත්ත්වයෝද ක්ෂයවී වැයවී විපරිනාමය වී ජරා ව්‍යාධී අවදි පසුකරමින්
    මරණයෙන් විනාශවෙනවා. මරණාස්මෘතිය වඩන්නට මෙය කෙතරම් උචිත තැනක්
    නොවන්නේද?
    හටගත් සියල්ල මෙලෙස අනිත්‍ය ස්වභාවයටත් දුක්ඛ ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත්
    පත්වෙනවා. හටගත් සියල්ල පවතින කාලය තුල වෙනස්වෙමින් ගොස් අවසානයේ
    නැති වෙනවා.
    ඉතින් වසර හැටක් හැත්තෑවක් වැනි සුළු කාලයක් තුල ජීවත් වන අප කිසිදා
    නොමියෙන අමරණීය අය ලෙස සිතා පඤ්චකාමයන් කෙරෙහි ඇලී උපාදන වී
    සිතින් කයින් වචනයෙන් පින් පව් නම් සංස්කාර ධර්ම රැස් කරන්නේම
    අවිද්‍යාව නම් මුලාව මෝඩකම නිසාම නෙවෙයිද??
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක අදාල වන්නේ ප්‍රාථමික මානවයන්ට පමණයි. අනිත්‍යය බලපාන්නේ පහල ඇස්ට්‍රල් ශක්තියක් තිබෙන ජීවීන්ට.ඉහල ඇස්ට්‍රල් ශක්තියක් ඇති පිටසක්වල ජීවීන්ට මේක බලපාන්නේ නෑ.මේ විශ්වය විනාශ වෙනකොට තාරකා දොර‍ටු වලින් අපි වෙනත් විශ්වයකට ගොස් එහි සිටිනවා.මේ විශ්වය විනාශ වෙන්න ලංවෙනකොට පිටසක්වල ජීවීන් අලුත් විශ්වයක් කෘථිමව නිෂ්පාදනය කරලා එහි පදිංචි වෙනවා.ඕවා සිම්පල්.ස්වභාවිකව හැදුන විශ්වයන් ට්‍රිලියන ගානක් තියෙනවා.ඇත්තටම ඔයාල ඉන්න විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කරපු එකක්.අපේ කලින් විශ්වය විනාශ වෙන්න ලංවෙනකොට අපි මේක හදලා මේකට ආපු අය.
     
    • Like
    Reactions: rcccc

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේක අදාල වන්නේ ප්‍රාථමික මානවයන්ට පමණයි. අනිත්‍යය බලපාන්නේ පහල ඇස්ට්‍රල් ශක්තියක් තිබෙන ජීවීන්ට.ඉහල ඇස්ට්‍රල් ශක්තියක් ඇති පිටසක්වල ජීවීන්ට මේක බලපාන්නේ නෑ.මේ විශ්වය විනාශ වෙනකොට තාරකා දොර‍ටු වලින් අපි වෙනත් විශ්වයකට ගොස් එහි සිටිනවා.මේ විශ්වය විනාශ වෙන්න ලංවෙනකොට පිටසක්වල ජීවීන් අලුත් විශ්වයක් කෘථිමව නිෂ්පාදනය කරලා එහි පදිංචි වෙනවා.ඕවා සිම්පල්.ස්වභාවිකව හැදුන විශ්වයන් ට්‍රිලියන ගානක් තියෙනවා.ඇත්තටම ඔයාල ඉන්න විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කරපු එකක්.අපේ කලින් විශ්වය විනාශ වෙන්න ලංවෙනකොට අපි මේක හදලා මේකට ආපු අය.


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    බුදුවරයෙක් දේශනා කරන දේ හරි කියල තර්ක කරන්න, වාද කරන්න දෙයක් නෑ. ඒක තමයි හරි. මොකද යම් කාල පරාසයකට වරක් බුදුවරයෙක් පහල වෙන්නෙ ලෝකයට සත්‍ය දේශනා කරන්න. ඒ දේශනා කරන දේ එක ආගමකට විතරක් කොටු වීම නම් මම කොහොමත් අනුමත කරන්නෙ නෑ.
    බුදු හාමුදුරුවො කොහෙවත් ආගමක් නිර්මාණය කරේ නෑ, යම් දර්ශනයක් ඉදිරිපත් කළා, මොකක් ද සියලු දුක් නිවීමේ මාර්ගය(දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය). ඔය දේශනය අතරතුරු දේශනා කරපු හරි අපූරු දහමක් තමයි හේතුඵල දහම.
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බුදුවරයෙක් දේශනා කරන දේ හරි කියල තර්ක කරන්න, වාද කරන්න දෙයක් නෑ. ඒක තමයි හරි. මොකද යම් කාල පරාසයකට වරක් බුදුවරයෙක් පහල වෙන්නෙ ලෝකයට සත්‍ය දේශනා කරන්න. ඒ දේශනා කරන දේ එක ආගමකට විතරක් කොටු වීම නම් මම කොහොමත් අනුමත කරන්නෙ නෑ.
    බුදු හාමුදුරුවො කොහෙවත් ආගමක් නිර්මාණය කරේ නෑ, යම් දර්ශනයක් ඉදිරිපත් කළා, මොකක් ද සියලු දුක් නිවීමේ මාර්ගය(දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය). ඔය දේශනය අතරතුරු දේශනා කරපු හරි අපූරු දහමක් තමයි හේතුඵල දහම.


    :yes::yes::yes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුවරයෙක් දේශනා කරන දේ හරි කියල තර්ක කරන්න, වාද කරන්න දෙයක් නෑ. ඒක තමයි හරි. මොකද යම් කාල පරාසයකට වරක් බුදුවරයෙක් පහල වෙන්නෙ ලෝකයට සත්‍ය දේශනා කරන්න. ඒ දේශනා කරන දේ එක ආගමකට විතරක් කොටු වීම නම් මම කොහොමත් අනුමත කරන්නෙ නෑ.
    බුදු හාමුදුරුවො කොහෙවත් ආගමක් නිර්මාණය කරේ නෑ, යම් දර්ශනයක් ඉදිරිපත් කළා, මොකක් ද සියලු දුක් නිවීමේ මාර්ගය(දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය). ඔය දේශනය අතරතුරු දේශනා කරපු හරි අපූරු දහමක් තමයි හේතුඵල දහම.
    you can argue against the truth.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    you must argue against your religion.If you take it on faith , you will become another religitard.(religious retards)
     

    Similar threads