අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

    ආදරය කියන්නෙත් මහ පුදුම දෙයක් තමයි. කොයි වෙලාවේ, කවුරු වෙනුවෙන් ඇතිවෙනවද කියලා හිතාගන්න බෑ. මම ඔයාව දැකපු පලවෙනි දවසේ, මම කොහොමවත් ම හිතුවේ නෑ, මේ කෙල්ල මගේ හිත මෙච්චර දුර අරන් යාවි කියලා:). එදා මම දැක්කේ, තමන්ගේම ලෝකයක තනිවුනු, එක අරමුණක් හිතේ හිරකරගෙන, එතනට යන්න මහන්සිවෙන ධෛර්‍යවන්ත කෙල්ලෙක් විතරයි. ඒත් එදා මම ඒ දැක්ක දේ, මීට කලින් මම කවදාවත්ම දැකලා නැති, අමුතු බවක් තිබුනු බව නොකියා ඉන්න බෑ. ඒක නිසාම වෙන්න ඇති, ඔයාට හුරු පුරුදු, මට නුපුරුදු ඒ තැනට ආපු පලවෙනු දවසේ මතකයන් වල, ඔයාගේ රුපයත් ඇදිලා තිවුනේ:yes:.

    අනිත් හැම කෙනෙක්ම එකම විදිහේ ජීවිතයක් අත්විදිනකොට, ඔයා විතරක් ඒ හැම කෙනාටම වෙනස්ව, ඔයාටම අවේණික විදිහකට ජීවත් වෙන්න හදන එක ගැන මට මුලින්ම තිබුනේ කුතුහලයක්. මුල් දවස් වල, ඔයාගේ මුන දිහා කෙලින් බලන්නවත් මම බය උනේ සමහරවිට ඒ නිසාම වෙන්න ඇති.මොකද, ඔයා වගේ කෙනෙක් මම මීට කලින් දැකලා තිබුනේ නෑ. අනිත් අය තමන් ගැන හිතන්නේ කොහොමද, ඒ අයගේ ආකල්ප මොනවගේ ඇතිද, මේ කිසිම දෙයක් ගැන ඔයාගේ තැකිමක් තිබුනේ නෑ. හුදකලා මාර්ගයක ඔයා තෘප්තිමත් නිදහස් ගමනක් ගියා. මට ඒ දවස් වල නොතේරුනාට ඔයාගේ මම දැකපු ඒ දේවල්, මගේ හිත මටත් හොරෙන් ඔයා ලගට යන්න හේතු වෙන්නත් ඇති:).

    සැරයක් දෙසරයක් හිනා වෙලා තිබුනට, මට ඔයත් එක්ක ඉස්සෙල්ලම කතා කරන්න මාස 6ක් විතර ගතවෙන්න ඇති මට මතක විදිහට. ඒ දවස වෙනකොට මගේ හිතේ, මට තේරුම් ගන්න බැරි ඔයා ගැන කියවෙන හැගීම හුගක් තිබුනත්, ඒ මොනවද දන්නේ නැති නිසා, මම ඒවාට ඉස්මතු වෙන්න දුන්නේ නෑ. හැබැයි වැඩි කාලයක් යන්න කලින්ම මට ඒ හැගීම් වලට අරුතක් දෙන්න පුලුවන් උනා:yes::yes:. ඔයා දවස ගත කරන හැටි බලාගෙන ඉන්න, ඔයා කතාකරනකොට එක අහගෙන ඉන්න, තියෙන උවමනාව වැඩිවෙනකොට, ඔයාගේ මතකයන් මුලු දවස තිස්සෙම මගේ හිතට කරදර කරනකොට, ඒ හැගීම් වලට නමක් දෙන්න මට අපහසු උනේ නෑ:love::love::love:.
    කොහොම කොහොම හරි මගේ හිත ඒ තැනට යනකොට, මට මම කවුද, ඔයා කවුද කියන එකත් ඇත්තට ම අමතක වෙලා තිබුනේ. ඔයා ජීවිතයේ පරිණතව ඉස්සරහට ගිහින් යථාර්තයේ ජීවත් උනා. මම කිසිම අරමුණක් නැතුව ලැබෙන දේ විතරක් අරගෙන, කිසිම දෙයකට මහන්සි නොවී හුගක් සැහැල්ලුවෙන් ජීවත් උනා. හැබැයි මේ ආදරය අසම්මත එකක් වෙන්නේ ඒක නිසා නෙවෙයි. ඔයා වෙනුවෙන් මට මම ජීවත් වෙන විදිහ වෙනස් කරන්න, මගේ ජීවිතයට අරමුණක් දීලා, ඔයා වෙනුවෙන්ම විතරක් ජීවත් වෙන්න පුලුවන් කම තිබුනත්, අපි දෙන්නගේම පාලනයෙන් තොර, වෙනස් කරන්න බැරි දෙයක් තිබුනා. ඒක අපේ දෛවයෙන්ම අපිට ලැබුනු දෙයක් නිසා, ඒක වෙනස් කරන්න ඔයාටවත් මටවත් හැකියාවක් තිබුනේ නෑ. ඒ අසම්මතත්වය නොතිබුනා නම්, ඔයාගේ ඉස්සරහට ඇවිදන් ගිහින් මගේ ආදරය ගැන ඔයාට කියන්න ඕන සම්පුර්න ශක්තිය මගේ ලග තිබුනු බව මට විශ්වාසයි:yes::sorry:.

    මේක අසම්මත ප්‍රේමයක් උනත්,මගේ මෘදු හිතට ඒක තේරුම් ගන්න බෑ.මගේ හිත දැනගෙන හිටියේ, ඒකට දැනුනු ඒ හැගීමේ අපුර්‍රත්වයත්, ඒ හැගීම ජීවිතයේ ඉතුරු කාලයටත් සමීප කරගන්න පුලුවන්ම් ඒකෙන් දැනෙන සුවයත් ගැන විතරයි. ඒක නිසා තමයි, මගේ හිත මට දිගින් දිගටම ඔයාට ලං වෙන්න බල කලේ. ඔයාගේ ඇස් දෙකට හසු නොවෙන චරිතක් උනු මම, ඔයාගේ අවදානයට ලක්වෙන්න හුගක් පෙරුම් පිරුවා. පැය ගනන් එක තැන වාඩි වෙලා, ඇස් දෙක එක තැනක, ඒත් හිත ඔයාගේ දෙසට යොමාගෙන කල් ගෙව්වා. මට ඒ එක මොහොතක්වත් එපා නොවුනේ ඇයි කියලා දන්නවා ද ? ඒ ඔයත් මගේ අහල පහලම හිටපු නිසයි. ඔයා, කරන වැඩෙන් පිට අවදානයක් යොමු නොකලත් මම අහල පහල ඉන්නවා කියලා වගක්වත් නොතිබුනත්, මට ඒ හැම මොහොතක් ම අගය කරන්නට, ඒ හැම මොහොතකට ම වටිනාකමක් දෙන්නට මට පුලුවන් උනා:yes:. ඔයා ජීවිතයේ ඉස්සරහට ගිහින් තිබුනු විදිහට, මම වගේ කෙනෙක්ව ගනන් ගන්න ඔයාට කිසිම අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඔයාගෙන් විහිදුනු ඒ අලෝකය ඉස්සරහ, මට හැරෙන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ. මුල් දවස් වල, මම ගැන අවධානයක් දෙනවා තියා, මම කියලා කෙනෙක් ඉන්නවද කියලාවත්, ඔයා දැනගෙන නොසිටපු බව මට විශ්වාසයි. ඔයාගේ ඒ සාර්ථකත්වය,තමන් ගැන තිබුනු විශ්වාසය, ඒ ආකර්ශනය ඉදිරියේ, මට දුවිලි අංශුවක තරම්වත් වටිනාකමක් නොතිබුන බව මම පිලිගන්නවා. ඒක නිසා තමයි, මගේ පැවැත්ම ගැන දැනගන්නත් ඔයාට හුගාක් කල් ගත උනේ. එහෙම වෙලත්, මම දිගින් දිගටම ඔයාගේ අවධානයට ලක්වෙන්න උත්සහ කලේ, ඔයාගේ දැකපු ඒ වෙනස් බවට ආදරය කරන්නේ නැතුව ඉන්න බැරි උනු නිසා වෙන්න ඇති. මම මීට කලින් දැකලා නොතිබුනු ඒ පරිපුර්න බව, විශ්වාසනීය බව, පරිනත බව, මම බෙහෙවින්ම මගේ ජීවිතයට ලං කරගන්න ආස කලා. ඒ වගේම මම දැනගෙන හිටියා, ඒ පරිනත බවම, මගේ ආදරය ප්‍රතික්ෂේප කරන්න හේතු වෙන බව. මගේ නිහඩ බවට ඒකත් එක හේතුවක්. හැම දවසකම ඔයා මගේ ඇස් දෙක ඉස්සරහින් ඇවිදන් යනකොට මම ඔයාගේ හැම ඉරියව්වක් දිහාම බලන් හිටියා. කිසිම කෙනෙක්ට මම එහෙම කරන බව නොදැනෙන්න මම වග බලා ගත්ත.ඔයා ඉස්සරහට ඇවිත් මට දැනෙන දේ ගැන කියන්න මට උවමනාව තිබුනත්, දෙදෙනාගේම යහපත ගැන හිතලා, මගේ හිත මම පාලනය කරගත්ත වාර ගාන අනන්තයි. ඔයා ඔයාගේ ම ලෝකයක, එක අරමුනක ඒ සිහිනය පසුපස හඹායද්දි, මගේ ආදරයට කිසිම වටිනාකමක් දෙන්න පුලුවන් කමක් ඔයාට නොතිබුනු බව මම දැනගෙන හිටියා.ඒත් මගේ හිතේ ඔයාට තිබුනු ආදරය නම් කිසිම මොහොතක අඩු උනේ නෑ:no:.

    ඔයාගේ ජීවිතය ගැන තීරනයක් ගන්න අයිතිය තියෙන්නේ ඔයාට විතරයි. ඒකට බලාපෑමක් කරන්න කිසිම කෙනෙක්ට බෑ. 'මට ආදරය නොකලොත් මම මැරෙනවා' කියලා පැනඩෝල් බොන්න තරම් මගේ ආදරය සිල්ලර එකක් නෙවෙයි:no::no:. මොකද මම දන්නවා ආදරය කියන්නේ බලෙන් ලබාගන්න පුලුවන් එකක් නෙවෙයි කියලා.ඒක නිසා ඔයා ගන්න ඕනම තීරනයකට මම එකග වෙනවා. ඒ ඕනම තීරනයක්, හැමදාම දකින මගේ සුපුරුදු හිනාවත් එක්ක බාරගන්නවා. මට විශ්වාසයි, මට ඒ ශක්තිය තියෙන බව...:yes::yes: ඒත් ඔයා මගේ අතින් අල්ලගෙන, මේ අසම්මත ප්‍රේමය ඉස්සරහට ගෙනියන්න සුදානම් නම්, සමාජයෙන් පනවලා තියෙන නීති බිද දාලා අපේම ලෝකයක් හොයාගෙන මුලු ලෝකයත් එක්කම සටන් කරන්න සුදානම් නම්, ඔයත් එක්ක ඒ කටුක ගමන යන්න, මට ඕනම දෙයක් කරන්න පුලුවන්. ඔයාගේ ආදරය මට ශක්තියක් වෙනවා නම්, ලෝකයට නොනැවැත්විය හැකි බලවේගයක් ගොඩනැගීමේ හැකියාව මා සතුව තියෙන බව ඔයා හොදටම දන්නවා. ඒ බලවේගය නවත්වන්න ලෝකයට කිසිම ශක්තියක් නැතිවේවි. ඒ අයට අපේ ආදරය පිලිගන්නම වේවි:yes::yes::love::love::love:

    හැමදාටම ඔයාව මගේ ම කරගන්න පුලුවන්නම්, ඔයාට කොච්චර ආදරය කරන්න පුලුවන්ද කියලා මම සිහින මැව්වේ, අපි දෙන්නාට කවදාවත් ම එකතු වෙන්න බැරි බව දැනගෙන තමයි:sorry:. ඒත් මගේ හිතේ ඔයා වෙනුවෙන් පැලපදියන් උනු ඒ සිතුවිලි, මරලා දාන්න විදිහක් මම දන්නේ නෑ:no:. ඒක නිසාම තමයි කවදාවත් සැබෑ නොවෙන බව දැනගෙනත්, අපි දෙන්න එකතු උනහම ජීවත් වෙන හැටි හීන මවන්න තරම් මගේ හදවත අසරන උනේ:sorry:.ඔයාට කියන්න දේවල් මම කොච්චරක් නම් එකතු කරගත්ත ද ? ඔයාව මගේ පපුවට තුරුලු කරගෙන:love:, ඔය ඇස් දෙක දිහා බලාගෙන:love:, පැය ගානක් කතාකරන්න දේවල් මම කොච්චර නම් එකතු කරගත්ත ද ? මම ආදරය කියන්නේ මොකක්ද කියලා දැනගත්ත දවසේ ඉදලා එකතු කරගත්ත දේවල් ඔයාට කියන්න, ඔයා කැමති ඕනම දෙයක් ගැන පැය ගානක් කතා කරන්න, ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක දිහා බලලා හිතේ තියෙන හැම දුකක්ම අමතක කරන්න පුලුවන් ඒ කෙනා,, මම මුලු ජීවිත කාලයම හොයපු කෙනා ඔයා බව දැනගෙනත්, ඔයා ලගට ඇවිත් ඒ ගැන ඔයාට කියන්න බැරි කම කොහොම වේදවනාක්ද කියලා විස්තර කරන්න මගේ වචන මදි:sorry::sorry:.
    ඒත් මම දන්නවා. මම ඔයාට ආදරය කරපු එකට ඔයාගේ කිසිම වැරැද්දක් නෑ කියලා. ඒක නිසාම තමයි, මගේ හිතේ තියෙන මේ හැගීම ගැන වචනයක් වත් ඔයාට නොකිය ඉන්න මම තීරනය කලේ. ඔයාගේ ඒ වෙනස් බවට මම ආදරය කලාට, ඒකට ඔයා වගකියන්න ඕන නෑ. මේ අසම්මත ආදරය නිසා ඔයාගේ හිතට පුංචිම රිදීමක් වත් ඇතිවෙන්න ඕන නෑ. මගේ ගැන විතරක් හිතලා මගේ ආදරය ගැන කියලා ඔයාගේ හිතට ප්‍රශ්නයක් දෙන්න මට බෑ:no:.ඔයා ඔය ගෙවන ජීවිතේ වෙනස් කරලා, ඒක ප්‍රශ්න ගොඩක් බවට පත්කරන්න තරම් මට හයියක් නෑ:no:. මම දන්නවා කවදා හරි දවසක, ඔයා වෙන කෙනෙක්ගේ උනහම මට හුගාක් දුක හිතේවි:sorry:. වෙන කෙනෙක් ඔයා ලගට ඇවිත් ඔයාගේ ජීවිතය බෙදා ගන්නකොට, සමහර විට මට ඒක දරාගන්න බැරි වේවි:sorry:. මගේ ඇස් දෙකට එන කදුලු නවත්තන්න තරම් හයියක් මට නැතිවේවි:sorry:.ඒත් ඒ කිසිම දෙයක් ගැන ඔයා දැනගන්නේ නෑනේ, අන්න ඒක විතරයි මට වැදගත්. ඔයා ඔයාගේ ලෝකය සතුටින් පුරවගන්නවා නම්, මගේ කදුලු පුංචි සිනාහවක් පසුපස සගවගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඔයා මම ගැන පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ. මම පැරදුනු පෙම්වතා විදිහට මුලු ජීවිතය ම විනාස කරගන්නේ නෑ. මම එහෙම කරලා කවදහරි දවසක ඔයාව හමු උනොත්, මට ඔයාට දෙන්න උත්තරයක් නැති වෙන නිසා. මම මේ ජීවත් වෙන විදිහ එක දශමෙකින්වත් වෙනස් කරන්නේ නෑ. මට ඔයාව මගේ ජීවිතය විනාස කරගන්න හේතුවක් කරගන්න ඕන නෑ. මගේ ආදරය එච්චර දුර්වල නෑ.මම මේ ජීවත් වෙන විදිහටම ජීවත් වෙනවා, මගේ සිනහව ගැන විශ්වාස කරලා. මට ඔයාව නොලැබුනත්, මම ඔයා ගැන හිතන්න ඒ ගතකරපු වෙලාව ගැන මට පුංචිම දුකක්වත් නෑ. ඒ හැම මොහොතකම ජීවිතය මම හුගක් වින්දා. සිහිනෙන් හරි, මම ආදරය කරන කෙනත් එක්ක, ජීවිතේ හුගාක් දුර ගමන් කලා. මට ඒ හැම මතකයක්ම හුගක් වටිනවා. ඒ හැම දේකටම ඔයාට හුගක් ස්තුතියි. මිරිගුවක් වගේ මගේ ජීවිතයට ඇවිත්, අසම්මත උනත් සුන්දරත්වයෙන් පරිපුර්න ආදරයක්, දුර ඉදගෙන හරි මට දැනෙන්න දුන්නට, ඔයාට හුගක් ස්තුතියි.

    පසුව ලියමි:
    මම කවදාවත්ම කියන්නේ නෑ, මම දැකපු ලස්සනම කෙල්ල ඔයා කියලා. එහෙමත් නැත්නම් මම දැකපු Hotම or Poshම කෙල්ල ඔයා කියනවානම් ඒක අමුලික බොරුවක්. මම ඔයාට වඩා ලස්සන,Hot,Posh කෙල්ලෝ ඕන තරම් දැකලා තියෙනවා. ඒ කෙල්ලන්ගේ චරිතය කියවන්න මට අවශ්‍ය උනේ ඒ අයගේ ප්‍රතිචාර දෙක තුනක් විතරයි. හැබැයි ඔයාගේ එහෙම කරන්න මට බැරි උනා.ඇයි කියලානම් මම දන්නේ නෑ.ඇත්තටම කියනවානම් මම මීට කලින් කිසිම කෙල්ලෙක්ගේ දැකලා නැති වෙනස් බවක්, ඒත් හුගක් සමීප බවක් ඔයාගේ දැක්කා. ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න වචන නම් මම දන්නේ නැහැ. හැබැයි ඒ වෙනස් බවට මම සැබැවින්ම ආදරය කලා.​


    90st37.jpg

    මම ඉස්සෙල්ලම ලිව්වේ ඔය Image එකේ තියෙන English Poem එක. ඊට පස්සේ තමයි, මට ඒ දැනිච්ච හැගීම ගැන මේ විදිහට ටිකක් විස්තර ඇතුව සිංහලෙන් ලියන්න හිතුවේ.විස්තර හුගක්ම අඩුවෙන් ලියලත්:baffled: අදාල කෙනා දැකලා අදුරගනී කියලා බයට FB එහෙම Share කලේ නෑ:no:. හුගක් සමීප තැනක් උනු Elakiriයේ Share කලේ ඒකයි. කියවලා බලලා, Comment එකක් දාලා යාවී කියලා හිතනවා :):):)
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    මට හීනයක්‌ වෙලා ඔබේ ඔය ආදරේ,
    සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම් කරේ,
    සද රාජිනි නුමයි මගේ හද මන්දිරේ,
    සදා වෙනස් නොවේ... මගේ ආදරේ.
    ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

    good post bro 10++
     

    Nohim Ys

    Well-known member

  • :):):)

    photo eke inna ekkenata money problem ekak venna athi

    ඇයි එහෙම කිව්වේ බං ?
    මහ පාරේ ඉන්න නිසාද ? :P

    මට හීනයක්‌ වෙලා ඔබේ ඔය ආදරේ,
    සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම් කරේ,
    සද රාජිනි නුමයි මගේ හද මන්දිරේ,
    සදා වෙනස් නොවේ... මගේ ආදරේ.
    ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

    good post bro 10++

    Thx machan :):):)

    wow nice....

    ;););):):)

    :sorry::sorry::sorry::sorry:

    adaraya maha pudumaakra deyak mata nam den epa wela oya adre kiyan eka :(

    ඇයි බං ? උඹට තියෙද මොකක් හරි අමිහිරි මතකයක් ? :sorry::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරේ හරි අමුතු දෙයක් බන්
    ආදරයක් නැතිව ලොව කිසි දේක පැවැත්මක් නෑ
    ආදරේ ගැන නිර්වචනයක් දෙන්න යනව කියන්නේ ඒක හරිම අමාරු කාර්යක්
    ආදරේ ගැන දැන ගන්න ආදරේ කරලම බලන්න ඕනේ
    අපිට ආදරේ ලබන්න නම් අපි ආදරේ කරන්න ඕනෙ
    අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපිට ආදරේ නොකරන කෙනෙකුට නෙවෙයි
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • ආදරේ හරි අමුතු දෙයක් බන්
    ආදරයක් නැතිව ලොව කිසි දේක පැවැත්මක් නෑ
    ආදරේ ගැන නිර්වචනයක් දෙන්න යනව කියන්නේ ඒක හරිම අමාරු කාර්යක්
    ආදරේ ගැන දැන ගන්න ආදරේ කරලම බලන්න ඕනේ
    අපිට ආදරේ ලබන්න නම් අපි ආදරේ කරන්න ඕනෙ
    අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපිට ආදරේ නොකරන කෙනෙකුට නෙවෙයි

    උඹ කියන දේවල් එක්ක මම එකග වෙනවා එක දේකට ඇරෙන්න.
    "අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපිට ආදරේ නොකරන කෙනෙකුට නෙවෙයි"
    මේ කතාව ඇත්ත උනත් බං. සමහර වෙලාවට අපිට නොදැනීම කෙනෙක්ට ආදරයක් ඇතිවෙන්න පුලුවන්නේ. ඒ වෙලාවට අපිට හිත පාලනය කරගන්න වෙනවා:):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කියන දේවල් එක්ක මම එකග වෙනවා එක දේකට ඇරෙන්න.
    "අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන කෙනෙකුට මිසක් අපිට ආදරේ නොකරන කෙනෙකුට නෙවෙයි"
    මේ කතාව ඇත්ත උනත් බං. සමහර වෙලාවට අපිට නොදැනීම කෙනෙක්ට ආදරයක් ඇතිවෙන්න පුලුවන්නේ. ඒ වෙලාවට අපිට හිත පාලනය කරගන්න වෙනවා:):)
    වෙන්න පුළුවන් හැබැයි ආදරේ බලෙන් ලබා ගන්න බෑ කියන එකත් මතක තියාගන්න ඕනෙ.නොලැබෙන ආදරේකට අන්ද වෙනවට වඩා ලැබෙන ආදරේ සතුටින් බාර ගන්න එකයි උතුම්
     

    Nohim Ys

    Well-known member
  • වෙන්න පුළුවන් හැබැයි ආදරේ බලෙන් ලබා ගන්න බෑ කියන එකත් මතක තියාගන්න ඕනෙ.නොලැබෙන ආදරේකට අන්ද වෙනවට වඩා ලැබෙන ආදරේ සතුටින් බාර ගන්න එකයි උතුම්

    කවුද බං බලෙන් ලබා ගන්න යන්නේ:P. හිත හදාගෙන පැත්තකට වෙනවනේ:yes::yes::yes:
     
    Status
    Not open for further replies.