රිටිගල අධි රක්ෂිතය ( Part 1)

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    [FONT=&quot]
    18823970.jpg
    [/FONT]
    [FONT=&quot]

    මගේ රෙප් පවර් එක 5 ක් උනා. මට මාර සතුටුයි. ඉතිං ඒ සතුට ඔයාලත් එක්ක බෙදාගන්න ටිකක් ලොකු ත්‍රෙඩ් එකක් දාන්න හිතුව. මං මේක ගොඩක් මහන්සි වෙලා කරන එකක්. හැමෝම අනිවාර්යෙන් බලලම යන්න. මොකද රිටිගල කියන්නේ ලංකාවේ වැඩිය කව්රුවත් ට්‍රිප් යන්නේ නැති ඒත් ගොඩක් ලස්සන වගේම පාරිසරික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියන තැනක්.
    [/FONT]

    [FONT=&quot]මං ලග විස්තරනම් ගොඩක් තියනවා. ඔයාල වෙනුවෙන්ම එකතුකරගත්ත. ෆොටෝ ගොඩකුත් එක්ක. මං ඕනෑම දේවල් විතරක් දාන්නම්.[/FONT]


    [FONT=&quot]එහෙනම්[/FONT] [FONT=&quot] Story එකට බහිමු.[/FONT]

    [FONT=&quot]අපි ඒ කියන්නේ[/FONT] [FONT=&quot] Open University එකේ 2009/10 Batch එක ගිය මැයි මාසේ 20 Trip එකක් ගියා. අපි ගියේ රිටිගල.[/FONT]

    [FONT=&quot]Ritigala Strict National Resort.( රිටිගල අධි රක්‍ෂිතය.)[/FONT]

    [FONT=&quot]1942 දී[/FONT] [FONT=&quot]තමයි රිටිගල[/FONT][FONT=&quot] දැඩි[/FONT][FONT=&quot] රක්ෂිතයක් විදියට නම් කළේ[/FONT][FONT=&quot]. ඒකට ප්‍රධානම හේතුව උනේ මේ කඳු පන්තියේ තියන [/FONT][FONT=&quot]ඓතිහාසික හා[/FONT][FONT=&quot] උද්හිද[/FONT][FONT=&quot] විද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාත්මක වැදගත්කම[/FONT][FONT=&quot]. තෙත්[/FONT][FONT=&quot] කලාපීය[/FONT][FONT=&quot] දේශගුණික [/FONT][FONT=&quot]රටාවකට හිමිකම් කියන රිටිගල අවුරුද්ද [/FONT][FONT=&quot]පුරාම [/FONT][FONT=&quot]නොසිඳී[/FONT][FONT=&quot] ගලා [/FONT][FONT=&quot]එන [/FONT][FONT=&quot]සියුම්[/FONT][FONT=&quot] ජල [/FONT][FONT=&quot]උල්පත්[/FONT][FONT=&quot] වලින් පිරුණු මනස්කාන්ත කඳු ගැටයක් කියල කීවට වැරැද්දක්[/FONT][FONT=&quot] නෑ.[/FONT]

    [FONT=&quot]ශාක[/FONT] [FONT=&quot]විශේෂ[/FONT][FONT=&quot]විදිහට පළු[/FONT][FONT=&quot],වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම්[/FONT][FONT=&quot]වාගේ පළතුරු වර්ගත් ඉතාම[/FONT][FONT=&quot] දුර්ලභ වර්ගයේ[/FONT][FONT=&quot] අශෝක[/FONT][FONT=&quot] වගේ මල්[/FONT][FONT=&quot] වර්ගත් රිටිගලින් බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්[/FONT][FONT=&quot]. ඒ විතරක් නෙමේ ලංකාවේ වියලි කලාපිය හා තෙත් කලාපිය වනාන්තර වල දකින්න ලැබෙන බොහොමයක් දැවමය ශාඛ වර්ගත් තිත්[/FONT][FONT=&quot]කොහා[/FONT][FONT=&quot], කහ[/FONT][FONT=&quot]කුරුල්ලා[/FONT][FONT=&quot], වලි[/FONT][FONT=&quot]කුකුළා[/FONT][FONT=&quot], ගිරවා, මයිනා, නීල[/FONT][FONT=&quot]බෙයියා[/FONT][FONT=&quot], බට[/FONT][FONT=&quot]ගොයා[/FONT][FONT=&quot], දෙමලිච්චා[/FONT][FONT=&quot] වාගේ පක්ෂීන් වර්ගත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විවිධ[/FONT][FONT=&quot] සමනල්[/FONT][FONT=&quot] වර්ග[/FONT][FONT=&quot] වගේම අලි[/FONT][FONT=&quot], කොටි, වලස්සු , මුවෝ , ගෝන්නු [/FONT][FONT=&quot]වාගේ [/FONT][FONT=&quot]සිවුපාවෝත් [/FONT][FONT=&quot]නයා[/FONT][FONT=&quot], පොළඟා,[/FONT][FONT=&quot] පිඹුරා[/FONT][FONT=&quot]වාගේ උරඟ [/FONT][FONT=&quot]සත්ව [/FONT][FONT=&quot]විශේෂත් රිටිගලින් නිතරම හමුවෙනවා කියල තමයි අපිට දැනගන්න ලැබුනේ[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]රිටිගල කියන්නේ එක තනි කන්දක් නෙමේ[/FONT] [FONT=&quot]. ඒක කඳු පන්තියක්.[/FONT][FONT=&quot]ආසියා[/FONT][FONT=&quot]කන්ද[/FONT][FONT=&quot], බට[/FONT][FONT=&quot]කන්ද[/FONT][FONT=&quot], කොඩිගල, උණ[/FONT][FONT=&quot]කන්ද[/FONT][FONT=&quot], අඹරාපති[/FONT][FONT=&quot]කන්ද[/FONT][FONT=&quot], පටලීය[/FONT][FONT=&quot]හින්න[/FONT][FONT=&quot], කිරිවැල්[/FONT][FONT=&quot]හින්න කියන කඳු හතෙන් තමයි රිටිගල හැදිලා තියෙන්නේ[/FONT][FONT=&quot]. රිටිගල 600mක්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]අඩි [/FONT][FONT=&quot]2000ක්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]විතර උස වියළි[/FONT][FONT=&quot] කලාපයේ [/FONT][FONT=&quot]ඉහළම [/FONT][FONT=&quot]ස්ථානය වෙනවා[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]පුරාවිද්[/FONT] [FONT=&quot]‍යාත්මක සාක්ෂි ඒ කියන්නේ සෙල්[/FONT][FONT=&quot]ලිපි වලට [/FONT][FONT=&quot]අනුව නම් [/FONT][FONT=&quot]ක්‍රි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]පූ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]119-109 සද්ධාතිස්ස[/FONT][FONT=&quot] රජුගේ[/FONT][FONT=&quot] දෙටු[/FONT][FONT=&quot]පුත්[/FONT][FONT=&quot] ලජ්ජිතිස්ස[/FONT][FONT=&quot] රිටිගල[/FONT][FONT=&quot] විහාරයක්[/FONT][FONT=&quot] කරවූ බවකුත් තවත් සෙල්[/FONT][FONT=&quot]ලිපියකින් වළගම්බා [/FONT][FONT=&quot]රජු [/FONT][FONT=&quot]රිටිගල [/FONT][FONT=&quot]අසල[/FONT][FONT=&quot] කුඹුරු යායක්[/FONT][FONT=&quot] කරවා[/FONT][FONT=&quot] භික්ෂු[/FONT][FONT=&quot] ශාසනයට පූජා [/FONT][FONT=&quot]කළ [/FONT][FONT=&quot]බවකුත් සඳහන් වෙනවලු[/FONT][FONT=&quot]. අනෙක් අතට මහා[/FONT][FONT=&quot]වංශයේ[/FONT][FONT=&quot] විදියට නම් ක්‍රි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]පූ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]833-835[/FONT][FONT=&quot]විතර කාළේ පළමු[/FONT][FONT=&quot]වන [/FONT][FONT=&quot]සේන[/FONT][FONT=&quot] රජු[/FONT][FONT=&quot] පාංශුකූලික [/FONT][FONT=&quot]භික්ෂූන්ට [/FONT][FONT=&quot]රිටිගල ආරමයක්[/FONT][FONT=&quot] කරවා දුන් බවක් සඳහන්[/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot]. කොහොම උනත් ඓතිහාසික [/FONT][FONT=&quot]සහ ජනප්‍ රවාද[/FONT][FONT=&quot] වල[/FONT][FONT=&quot] එන [/FONT][FONT=&quot]තොරතුරුත්[/FONT][FONT=&quot] එක්ක ගත්තාම රිටිගල කියන්නේ සමාධි [/FONT][FONT=&quot]සුවයෙන් [/FONT][FONT=&quot]කාලය[/FONT][FONT=&quot] ගත [/FONT][FONT=&quot]කරපු භික්ෂුන්[/FONT][FONT=&quot]වෙනුවෙන් කරපු ආරාමයක් කියල තමා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නෙ. [/FONT]

    [FONT=&quot]අනෙක් අතට රාම[/FONT] [FONT=&quot]-[/FONT][FONT=&quot]රාවණ[/FONT][FONT=&quot] යුද්ධයේදී[/FONT][FONT=&quot] තුවාල[/FONT][FONT=&quot] වුණු රාමට[/FONT][FONT=&quot] ප්‍රතිකාර[/FONT][FONT=&quot] කරන්න හනුමාන්[/FONT][FONT=&quot] භාරත [/FONT][FONT=&quot]දේශයේ [/FONT][FONT=&quot]ඉදන් ඔසවාගෙන [/FONT][FONT=&quot]ආපු බෙහෙත් [/FONT][FONT=&quot]පර්වතයෙන්[/FONT][FONT=&quot] කොටසක්[/FONT][FONT=&quot] රිටිගල [/FONT][FONT=&quot]මතට[/FONT][FONT=&quot] කඩා [/FONT][FONT=&quot]වැටුන කියල ජන[/FONT][FONT=&quot]ප්‍රවාදයේ[/FONT][FONT=&quot] එනවා[/FONT][FONT=&quot]. ඔය කන්දේ ඉතුරු කෑල්ලලු රූමස්සල තියෙන්නේ. රිටිගල[/FONT][FONT=&quot]පුරාම විසිරීලා තියන ඉරරාජ[/FONT][FONT=&quot], සඳරාජ, බිං කොහොඹ, වාගේ දුර්ලභ[/FONT][FONT=&quot] ගනයේ [/FONT][FONT=&quot]බෙහෙත්[/FONT][FONT=&quot] පැළෑටි[/FONT][FONT=&quot] අදත් මේ වනයේ[/FONT][FONT=&quot] තියනවා කියල අපිත් එක්ක ගිය [/FONT][FONT=&quot]පුරාවිද්‍යා හා වන අඩවි නිලධාරීන් තහවරු කළා[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]පොඩි හැදින්වීමක් කරලම අපේ ගමන ගැන කියන්න ගත්තහම ඔයාලත් යන වෙලාවක වැදගත් වේවි කියල හිතුව[/FONT] [FONT=&quot].[/FONT]

    [FONT=&quot]අපි ගමන පටන් ගත්තේ නුවරින්[/FONT] [FONT=&quot]. උදේ 6 ත් පහුඋනා සේරමලා එක්කගෙන පිටත් වෙනකොට. මේ තියෙන්නේ අපි ගිය පාර.

    [/FONT]
    ritigala.jpg



    [FONT=&quot]කවුරු උනත් ඕන ලෝකෙක ඉදන් දඹුල්ලට එන්න දන්නවනේ[/FONT]
    [FONT=&quot]. ඊට පස්සේ එක්කෝ කැකිරාව පැත්තෙන් ගේනවල්පොල හරහා හරි නැත්තන් හබරණ පැත්තෙන් පලුගස්වැව හරහා හරි යන්න පුළුවන්. අපි කැකිරාව පැත්තෙන් ගිහින් හබරණින් අවා.[/FONT]


    ritigalaclose.jpg



    [FONT=&quot]ඔය හැම පාරක්ම දැන් හොඳට කාපට් කරලා හදල තියන හින්ද කරදරයක් නැතුව යන්න පුළුවන්[/FONT]
    [FONT=&quot]. රිටිගලට හැරෙන තැන රිටිගල කියල නමපුවරුවක් එහෙම ගහල තියනවා. ගේනවල්පොල හරහා ආවනම් අතේ වමටත්, පලුගස්වැව හරහා ආවනම් අතේ දකුණටත් හරවල ඇතුලට යන්න තියනවා. මේ තියෙන්නේ ඒ යන ගමන් ගත්ත ෆොටෝ එකක්. ඔව් ඔය පෙන්නේ රිටිගල කඳු වැටිය තමා.[/FONT]




    dsc00985jj.jpg




    [FONT=&quot]ඔය පාරේ කි[/FONT][FONT=&quot].මී. 3-4 ක් විතර යද්දී දකුණු පැත්තට “රිටිගල අරණ්‍ය සේනාසනය” කියල පුවරුවක් හම්බෙනවා. මෙතනින් ඇතුලට ගියොත් රිටිගල අරණ්‍ය සේනාසනයට යන්න පුළුවන්. මෙතන මේ කලෙත් අරණ්‍යගතව ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒත් අපිට එයාලගේ කුටි වලට ගිහින් බලන්නනම් හම්බෙන්නේ නෑ. එහෙම ගිහින් කරදර කරන්නත් එපා. මේ තියෙන්නේ අරණ්‍යයට යන පිවිසුමේ ගහල තියන පුවරුවක්.[/FONT]


    dsc00986cv.jpg


    [FONT=&quot]මේ තියෙන්නේ ඒ අරණ්‍ය පාමුල තියන දාන ශාලාව[/FONT][FONT=&quot]. අපිටත් එදා උදේ දානය හම්බුනා. අපි උදේට කාල නෙමේ ගමන පිටත් උනේ. කිරිබත්, කැවුම්, කෙසෙල් බඩ පිරෙන්න කාල දානේ ගෙනාපු අයටත් පින් දීල අපි අපහු ආව.[/FONT]


    rambutan.jpg



    [FONT=&quot]අර මං මුලින් දකුණට හැරෙව්වා කියපු තැන ඉදන් තවත් කි[/FONT] [FONT=&quot].මී. 2-3ක් විතර ඉස්සරහට අවාම රිටිගල අධි රක්ෂිතයට ඇතුල්වෙන තැන අතේ දකුණට වෙන්න තියනවා. එතන ගොඩනැගිලි කීපයක්ම තියනවා. මේ පුවරුව තියෙන්නෙත් එතන. රිටිගල තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය


    edit_preview.php


    [/FONT]
    [FONT=&quot][FONT=&quot] [FONT=&quot]මෙන්න මෙතනින් ඔයාල වන අඩවි නිලධාරී වරයෙක් ගේ සහයෝගය ගන්න ඕන[/FONT][FONT=&quot]. නැත්තන් අපිට අධි රක්ෂිත ප්‍රදේශයට යන්න හම්බෙන්නේ නෑ. එයාලට කලින් දැනුම් දීල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. කොහොමත් මේ රක්ෂිතයට අපිට ඇතුල් වෙන්න තහනම්. ඒත් අපිනම් ගියා. එකක් අපේ සෙට් එකේ ගිය පොරකගේ මාමෙක් පුරාවිද්‍යා එකේ වඩා කරන්නේ. අනික යුනිවර්සිටි එකකින් ගියාම කොහොමත් හොදට සලකනවා. මේ පුවරුව ලගින් ඇතුලට තවත් කි.මී. 2 ක් විතර ඝන කැළේ මැදින් ගියාම (ඒ යන අතරමග අලි හිටිය බවට සාක්ෂි නම් තිබුණා) වාහන නවත්තන්න පුළුවන් ඉඩකඩක් තියන, පොඩි තාවකාලික ගොඩනැගිලි කීපයක් තියන තැනකින් අපිට වාහනේ නවත්තන්න වෙනවා. එතන ඉඳන් ගමන් පයින්. [/FONT]

    [FONT=&quot]මේ තියෙන්නේ රිටිගල ඇතුල් වීමේ දොරටු ගල[/FONT][FONT=&quot].[/FONT]

    dsc00993vh.jpg


    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot] [FONT=&quot]මෙතනින් පුරාවිද්‍යා නිලධාරියෙක්ගේ සහයත් අපිට ගන්න වෙනවා[/FONT][FONT=&quot]. ඒ කියන්නේ සම්පුර්ණ ගමන එක්ක ඒ නිලධාරීන් දෙන්නත් අපි එක්ක ඉන්නවා.[/FONT]

    [FONT=&quot]දැන් තමයි හොදම හරිය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]අපි මුලින්ම යන්නේ[/FONT][FONT=&quot] “බන්දා[/FONT][FONT=&quot]පොකුණ[/FONT][FONT=&quot]” බලන්න. පොකුණක් කීවට මේක තනිකරම කැළයක්. දැන් ටික ටික පුරාවිද්‍යා එකෙන් සංරක්ෂණය කරගෙන යනවා. ඔය තියෙන්නෙ දැනට කරලා තියන ටික. මේ ටික කරන්නත් අවුරුදු 3ක් විතර ගියා කියල එයාල කීවා. ඒ කියන්නේ අපේ පොඩි උන්ටනම් මේක සම්පුර්ණයෙන් හදපුවම බලන්න පුළුවන් වෙයි. ඇත්තටම එක කොච්චර අමාරු වැඩක්ද කියල තේරෙනවා ලගට ගිහින් බලපුවම.[/FONT]

    dsc00994an.jpg

    [FONT=&quot]
    මේ පොකුණ පාවිච්චි කරලා තියෙන්නේ “අරිට්ඨ” මහරහතන් වහන්සේ ඇතුළු පන්සීය නමක් ස්වාමීන් වහන්සේලා කියල තමයි අපිත් එක්ක ගිය පුරාවිද්‍යා එකේ නිලධාරී මහත්තයා කීවේ. මේ රිටිගල කන්ද පුරාම උන්වහන්සේලා වෙනුවෙන් හදපු නොයෙකුත් ගොඩනැගිලි රාශියක නටබුන් ඉතිරි වෙලා තියනවා. මෙහි තියන විශේෂම දේ නම් මේ සියලුම නිර්මාණ කළු ගලින් විතරක් නිර්මාණය කරලා තියන ඒක. මම නම් එක ගඩොලයක්වත් දැක්කේ නෑ මේ පුරාවිද්‍යා භූමිය ඇතුලේ[/FONT]

    dsc00995yw.jpg


    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot] [FONT=&quot]ඔය ප්‍රතිසංස්කරණය කරපු හරිය පොකුණක එක ඉවුරක් වගේ පෙනුනට ඇත්තටම ඒක පෙන්නේ මේ වගේ. [/FONT]

    dsc00997sf.jpg

    [/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]බලන්න ඔය ෆොටෝ එකේ වම් කෙලවරේ පොකුණේ ඉවුර හදන්න ගත්ත කළු ගල් පුවරු එහෙ මෙහෙ විසිරිලා තියනවා. ඒවා ඔය පොකුණ තිබුන කියල විස්වාස කරන අක්කර 2-3 ක භූමි භාගය පුරාම දකින්න පුළුවන්.[/FONT]

    [FONT=&quot]මේ තියෙන්නෙත් ඒ ගල් කුට්ටි තමයි.[/FONT]



    dsc00998n.jpg


    [FONT=&quot]අපි බන්දා[/FONT] [FONT=&quot]පොකුණ පහුකරගෙන තව ඉස්සරහට ගියා. මේ තියෙන්නේ ගොඩනැගිලි වලට නගින්න හදපු පියගෙට පෙළක්. සේරම කළුගල් නිර්මාණ.
    [/FONT]


    dsc01002nj.jpg



    edit_preview.php



    dsc01006ja.jpg



    [FONT=&quot]මේ ගමන යනකොටම මගේ ඔලුවේ තිබුණ දෙයක් හොද පික්ස් ටිකක් ගන්නවා කියලා. එලකිරියට දාන්න හිතකුත් ඒ කාළෙම තිබුණා. මගේ කාර්ය බහුල කම හින්දම කරගන්න බැරි උනා. මේ ෆොටෝ ගනිද්දී මට මාර කට්ටක් කන්න උනා. හිතාගන්න පුලුවන්ද?. අපි කට්ටිය 30 ක් විතර ගියා. එක තැනකට ගියාම එතන මුන් සේරම කැරකි කැරකි ඉන්නවා. ඉතින් හොඳ ෆොටෝ එකක් ගන්න මාර කට්ටක් කන්න ඕන. සේරම උන් යනකන් හිටියම අනිත් තැනට කැලේ මැදින් තනියම යන්න ඕන. මං මාර ගේමක් දුන්න මේ පික්ස් ටික ගන්න.[/FONT]

    [FONT=&quot]සම්පුර්ණ පුරාවිද්‍යා භූමිය පුරාම අපි පයින් යන්නේ කළුගල් පාරවල් වල. ඇත්තටම මේක මහා විශ්ව නිර්මාණයක්. ඔයාලත් පුළුවන් වෙලාවක අනිවාර්යෙන් ගිහින් බලන්න[/FONT]

    edit_preview.php
    edit_preview.php



    [FONT=&quot]මේකත් මාරම ලස්සන නිර්මාණයක්.මේක පොඩියට තිබුනට මේ තියෙන්නේ වතුර පාරක් උඩින් හදපු ගල් පාලමක්. ගල් කුට්ටි දෙකක් ඉතාම සුරුවමට කපා ඔපමට්ටම් කරලා හදපු විශිෂ්ඨ නිර්මාණයක්. මේ පාලම ආදී 15 ක් විතර දිගයි. ටොන් ගානක් බර ගල් කුට්ටි වලට කොහොම පණ දුන්නද කියලා කාටවත් හිතාගන්න බෑ.[/FONT]


    scaled.php


    [FONT=&quot]ඔය වගේ ගොඩක් ශෛලමය නිර්මාණ පහුකරගෙන අපි එනවා තවත් විශේෂ තැනකට. මේ තියෙන්නේ රෝහලක නටබුන්. ඔය මැද තියෙන්නේ පොකුණක් වගේ එකක්.

    dsc01011bs.jpg


    රිටිගල කඳු පන්තියේ උසම කන්ද ඖෂධ වලින් පිරිලා තිබුණාලු. ඒ ඖෂධ උයනේ ඉදන් මේ රෝහලේ බෙහෙත් පොකුණට ජලය එන්න උමන් මාර්ගයක් ඉස්සර තිබිල තියනවා. එහෙම එකක් නොතිබුනා කියල හිතන්නවත් බෑ මේවා හැබැහින් දැක්කාම. මේ කරලා තියන නිර්මාණත් එක්ක එහෙම දෙයක් තියෙන්නෙම ඇති.[/FONT]

    dsc01010iu.jpg



    [FONT=&quot]මේ රෝහල් භූමියේ ඒක පැත්තක තියනවා රෝගී භික්ෂූන් වහන්සේලාගේ පාවිච්චියට උණුවතුර පුරවපු ටැංකියක්. බලන්න ඒ කාලේ නිර්මාණ අදත් යහතින් වැජබෙන ලස්සන. මේ ටැංකියට පුරවන්න වතුර උණු කරපු විශාල මැටි කල දැන් මෙතන නෑ. ඒවා කාලයත් එක්ක විනාශ වෙලා.මේ තියෙන්නේ ඒ උණුවතුර ටැංකිය.[/FONT]


    dsc01018g.jpg


    [FONT=&quot]ඒ වගේම බෙහෙත් අඹරපු ගල්, බෙහෙත් කලවම් කරපු බෙහෙත් ගල් මේ රෝහල් භූමිය පුරාම දකින්න පුළුවන්. මේ සේරම ශෛලමය නිර්මාණ. [/FONT]



    dsc01020k.jpg



    dsc01021p.jpg



    [FONT=&quot]බලන්න බෙහෙත් කලවම් කරන ගල් වල වතුර බේරිලා යන්නත්, ඒ වතුර ඉවත් වෙන්නත් කුඩා සිදුරක් පවා හදල තිබිල තියනවා. මං මේ ෆොටෝ වල මගේ නම දාන්න යන්නේ නෑ. මට අයිතිවාසිකම් ඕන නෑ. ඊතල ගහල නෑ. ඔයාල පරිස්සමට බලන්න. කැමති කෙනක් ඉන්නවනම් ඔයාලගේ බ්ලොග් එකක දාගත්තට කමක් නෑ. හැබැයි එලකිරියෙන් ගත්තේ කියලවත් දාන්න.[/FONT]


    dsc01022k.jpg





    [FONT=&quot]මේ තියෙන්නෙත් බෙහෙත් වර්ග කලවම් කරන්න හරි, උනුකරන්න රත් කරන්න හරි, සමහර විට ගබඩා කරන්න හරි පාවිච්චි කරපු ගල් වළඳක් වගේ එකක්. [/FONT]


    dsc01017xy.jpg



    [FONT=&quot]මේ තියෙන්නෙත් රෝහලේ දර්ශනයක් තමයි.[/FONT]

    dsc01023kt.jpg



    [FONT=&quot]අපි එතන ටිකක් නැවතිලා ඉදල ආයිත් කළුගල් මාවත් දිගේ ඇවිදගෙන ගියා. මේ එහෙම යන අතරමග දකින්න ලැබුණු නිර්මාණ ටිකක්. [/FONT]

    dsc01024y.jpg


    dsc01025x.jpg



    [FONT=&quot]මේ ස්වාමීන්වහන්සේලාගේ වැඩවාසය සඳහා ඉදිකෙරුණු ගොඩනැගිලි වල නටබුන් වගයක්. අපිත් එක්ක ගියා පුරාවිද්‍යා නිලධාරිතුමා නම් කිවේ මේවා ලංකාවේ එක එක කාල වල සිද්ද උන ආක්‍රමණ වලින් විනාශ උනා කියලයි.

    [/FONT]
    dsc01027n.jpg



    dsc01028n.jpg


    [FONT=&quot]ඔතනින් පස්සේ අපි ඝන කැලෑව මැදින් සැහෙන්න දුර යන්න ඕන. මේක මාර ෆන් ගමනක්. පුලුවන්නම් ඔයාලත් අනිවාර්යෙන් ගිහින් එන්න. [/FONT]

    edit_preview.php
    edit_preview.php
    edit_preview.php



    [FONT=&quot]බලන්න කළුගල් පාරවල්. මුළු කැලෑව පුරාම මේ වගේ පාරවල් තියනවා. ඕවගේ ඇවිදගෙන අපි ඊළඟට එන්නේ පුස්තකාලය ලගට. එකත් මාරම ලස්සන නිර්මාණයක්.[/FONT]

    dsc01037hb.jpg



    [FONT=&quot]මං මේ ගැන විස්තරයි ගමනේ ඉතුරු ටිකයි වෙන ත්‍රෙඩ් එකක දාන්නම්. මොකද දැන් මටත් මහන්සියි. ඔයාලටත් එපා වෙයි මේක දිග වැඩි උනාම. එහෙනම් රිටිගල අධි රක්ෂිතය (Part 2) එකෙන් හම්බෙමු.[/FONT]

    [FONT=&quot]වෙච්ච මහන්සියටයි, ඔයාල දෙයක් ගත්තනම් ඒකටයි, මට දිරියක් වෙන්නයි කමෙන්ට් එකක් බම්ප් එකක් දාල රේප් එකකින් සලකලා යන්න. [/FONT]

    [FONT=&quot]මාත් දැන් 5 ඒවගෙන් සලකන්නේ.[/FONT]

    [FONT=&quot]තවත් ලස්සන වැදගත් හරවත් තේර්ඩ් වලින් හම්බෙමු.[/FONT]

    [FONT=&quot]එතෙක් ඔබ සැමට ජය[/FONT]

    ( මේ සේරම Pictures මම ගත්තේ SONY DSC-TX1 Camera එකෙන්. ෆොටෝ පට්ට quality. 3648 x 2056 Pixels.
    මං මේකට
    quality අඩු කරලා දැම්මේ.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වටින ත්රෙඩ් එකක්!
    ඕතනට යන්න කලින් අවසර ගන්න ඕන තැන, ඒක කරන පිලිවල ගැනත් විස්තර කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala