එළැඹෙන හජ් උත්සවය සඳහා හිංසාකාරී අයුරින් අතුරු මගකප්රවාහනය කළ ගවයන් දා හතර දෙනෙකු, ලොරි රථයක් හා පුද්ගලයින් සිව් දෙනෙකු ඊයේ දහවල අත්තඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලීසිය සමත් විය. බොරලැස්ගමුව රථවාහන අංශයේ නිලධාරීන් මුර සංචාරයේ යෙදී සිටින අතරතුර ප්‍රධාන පාරේ ප්‍රවාහනය නොකොට අතුරු මගකට දමා අවහිර කිරීම නිසා අදාළ ලොරි රථය හා සැකකරැවන් හඳුනා ගෙන අත්තඩංගුවට ගෙන තිබේ. මොල්ලිමොලර් නමින් හඳුන්වන හජ් උත්සවයකට යොදා ගැනීම සඳහා ආනමඬුවේ සිට බේරුවල දක්වා මෙම ගවයන් ප්‍රවාහනය කොට තිබේ. නො.70, පරණ පාර, බේරුවල පදිංචි සෙයිඩ් අහමඩ් මොහොමඩ් ඉයුසාන් නමැත්තා මෙම සිද්ධියේ ප්රමධාන සැකකරු වේ. ඔහු වෙනුවෙන් ඔහුගේ සොහොයුරු ලෙබ්බේ සෙයික් උස්මයිල් නලීෆ්, ලොරියේ රියැදුරු අම්බලන්තොට මොහොමඩ් නජීම්, මොහොමඩ් ෆාරිස් ඇතුළුව තවත් සහායක පුද්ගලයෙකු මෙසේ අත්තඩංගුවට ගෙන තිබේ. වහාම අදාළ ස්ථානයට වැඩම කළ පැපිළියාන සුනේත්රාදේවී මහ පිරිවෙණ් විද්‍යායතනාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යායලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නය මරණයට කැප වූ ගවයින්ගේ දිවි බේරා ගැනීම පිණිස ඉදිරිපත් විය. එහිදී අදහස් දක්වමින් ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ අවධාරණය කළහ.
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව කවුරුත් පිළිගත යුතුයි. ඒ වගේම බෞද්ධ අපි කිසිම දවසක හිංසාවට ඉඩක් දෙන්නේ නෑ. හොඳ සිංහල බෞද්ධ පිටකොන්දක් තියෙන අපේ රජවරු"මා ඝාතයේ" යනුවෙන් සියලු සත්ත්ව හිංසන හා ඝාතන තහනම් කොට තිබෙනවා. අනුරාධපුර යුගයේදී සඳකඩ පහනට යොදා තිබූ ගව රුව පොළොන්නරු යුගය වනවිට ඉවත් කළේ හින්දු ආගමට ගරු කිරීමක් වශයෙන්. ඒක තමයි බෞද්ධ අපගේ ආගමික සහජීවනය. එයයි අපගේ ශ්‍රේෂ්ඨත්වය. එය අතකොළුවක් කරගෙන යම් කිසිවෙකු විසින් බෞද්ධකමට පිටුපානවා නම් එය ඉතාමත් නින්දිත ක්‍රියාවක් වශයෙන් තමයි අපි දකින්නේ. මීට අමතරව, බෞද්ධයන්ට ගවයා යනු, සමීපතම, ප්‍රයෝජනවත් හා ගෞරවනීය සත්ත්වයෙක්. එසේ නම්, මෙවන් සතෙකු තමන්ගේ ආගම උදෙසා යැයි, දෙවියන් උදෙසා යැයි කියමින් ඝාතනය කරනවා නම් එවැනි ආගම් මොන වගේ ආගම්ද කියලා අපට හිතා ගන්න පුළුවන්. ඒවායේ දෙවිවරුන්ගේ යථාර්ථය කුමක්දැයි යන්න අපිට හිතාගන්න පුළුවන්. බෞද්ධ දර්ශනයට අනුව නම් කිසිම විදිහකින් දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු විය හැකි පිං මිසක් රුධිර පූජාවන් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා මේ රටේ බෞද්ධයන්ගේ සිත් රිදවලා අහිංසක සතුන්ගේ ලෙයින් මේ පිං බිම අපවිත්‍ර කරලා තමන්ගේ විකෘති ආහාර තෘෂ්ණාව සපුරා ගන්න යම්කිසි පුද්ගලයෙක් කටයුතු කරනවා නම් ඒ තැනැත්තන් නිහීන තුච්ඡ ජාතියක් වශයෙන් සලක්ක අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේවා වෙනුවෙන් කිසිම ඉඩක් ලබා දිය යුතු නෑ.. මෙවැනි සදාචාරමය අර්බුද නීතිය මඟින් විසඳගන්න බෑ... නීතිය ඉටු වෙනකොට බොහෝ විට පෙරහැර ගොස් හමාරයි. එහෙයින් රටේ සමස්ත මහා සංඝරත්නයම ගිහි දායකකාරකාදීන් සමග මැදිහත් වෙලා මෙම සත්ත්ව ඝාතන වැළැක්වීම සඳහා මැදිහත් විය යුතුයි. කිසිම හේතුවක් නිසා ගවයින් ප්‍රවාහනය කිරීමට එකඳු පාරක හෝ ඉඩ නොදිය යුතුයි. බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අවසාන වශයෙන් අප මේ ගවයින් ඇති කරන්නන්ටත් යමක් දැඩිව අවධාරණය කළ යුතුයි. යම් කිසිවෙක් විසින් තමන්ව පෝෂණය කරන ගවයින් මස් පිණිස විකුණයි නම් හෙතෙම තමන් වැදූ පෝෂණය කළ මෑණියන්ව, පියාණන්ව මස් කඩයකට දක්වන වසලයෙකුට සමානයි.
