ෆොන්සේකා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ෆොන්සේකා එජාපයට කෘතගුණ දක්‌වන්නේ මෙහෙමද?

    - එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක




    18 දා හයිඩ් පිටියේ රැලිය නංගි පෙන්වා අක්‌කා දීමේ ක්‍රියාවක්‌

    අකිත පෙරේරා

    එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයක්‌ පිහිටුවාගෙන තිබෙද්දීත් තවත් නව විපක්‍ෂ සන්ධානයක්‌ පිහිටුවීමට සරත් ෆොන්සේකා මහතා කටයුතු කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී එජාපය සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් කරන ලද විශාල කැපකිරීමට කෘතවේදිත්වය දැක්‌වීම පිණිසදැයි එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රශ්න කළේය.

    විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මහලේකම්වරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ තිස්‌ස අත්තනායක මහතා මෙසේ ද කීය.

    හයිඩ් පිටියේදී පවත්වන්නට යන රැලිය සම්බන්ධව පසුගිය 12 වැනිදා රැස්‌වුණු එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී තීරණයක්‌ ගත්තා ඊට කිසිදු එජාප සාමාජිකයෙක්‌ සහභාගි වෙන්නේ නැහැ කියලා.

    දැන් මේ රැලිය පිළිබඳව විවිධ මතවාද පළවෙලා තිබෙනවා. අපි මහින්ද රාජපක්‍ෂ රජයට විරුද්ධව දැනටමත් ඒකාබද්ධ විපක්‍ෂයක්‌ ගොඩ නගා තිබෙද්දීත් ඊට සහභාගි වන ලෙස ආරාධනා කර තිබියදීත් වෙනත් ඒකාබද්ධ විපක්‍ෂයක්‌ ගොඩ නැගෙනවා නම් එක්‌සත් ජාතික පක්‍ෂයට මේ නව විපක්‍ෂ සන්ධානයට එකඟවෙන්න බැහැ.

    මේ පිළිබඳව කෘත්‍යාධිකාරි මණ්‌ඩලය දැඩි ලෙස කතාවුණා. එහිදී ඒකමතිකව තීරණය කළා එජාපය මීට සහභාගි වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ පක්‍ෂ ප්‍රතිපත්තියට සාමාජිකයන් එකඟව කටයුතු කළ යුතුයි. එබැවින් 18 දා රැලියට එජාපයේ කිසිදු අයෙක්‌ සහභාගි නොවිය යුතුයි කියලා තීරණය කර අවසන්.

    අපි මේ වනවිට පක්‍ෂ ගණනාවක්‌ එක්‌ක එකතුවෙලා ඒකාබද්ධ විපක්‍ෂයක්‌ ගොඩනඟා තිබෙනවා. ඊට දේශපාලන පක්‍ෂ නවයක්‌ සහ සංවිධාන එකතුවෙලා තියෙනවා. ඒ අය එජාපය සමඟ ඒකාබද්ධව කටයුතු කරනවා. දැන් ඊට තවත් පක්‍ෂ දෙකක්‌ එකතු වුණා. ඒ හේමකුමාර නානායක්‌කාර මහතාගේ මව්බිම ලංකා පෙරමුණ සහ සිරිමසිරි හපුආරච්චි මහතාගේ එක්‌සත් ජනතා පෙරමුණ.

    ඒ අනුව අපි පෙරේදා දින රැස්‌වෙලා තීරණය කළා මේ ආණ්‌ඩුවට එරෙහිව විපක්‍ෂයේ විරෝධය ඉදිරියට ගෙනියන්නේ කියලා. දැන් ආණ්‌ඩුව ඉදිරිපත් කරන්න යන 2013 අයවැයෙන් ජනතා බලාපොරොත්තු බිඳ වැටෙනවා කියලා අපිට දැනගන්නට තිබෙනවා. ඒ නිසා ඊට විරුද්ධව ජනතා සභාවක්‌ කොළඹදී පවත්වන්නත් අපි තීරණය කළා.

    එබැවින් දැන් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කීම විහිළුවක්‌. අපි කියන්නේ තනි පුද්ගලයකුට අසිමිතව බලය ලැබෙන ක්‍රමයකට නොයා යුතුයි කියලයි. ඒ සඳහා ව්‍යවස්‌ථාවේ වෙනස්‌ කිරීම් කළ යුතු වෙනවා. නව ව්‍යවස්‌ථාවකට යන්න අවස්‌ථාව දැන් ඇවිත් කියලා එජාපය දකිනවා.

    දැන් සරත් ෆොන්සේකා ගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂ ඒකාබද්ධ සන්ධානයක්‌ පිහිටුවන්න යනවා. මෙහෙම කරන්නේ විපක්‍ෂය භේදභින්න කරන්න, විපක්‍ෂය දෙකට කඩන්න අවශ්‍ය නිසයි. ආණ්‌ඩුවට අවශ්‍ය වන්නේත් විපක්‍ෂය භේද කරන්නයි.

    එක්‌සත් ජාතික පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙන ඒකාබද්ධ විපක්‍ෂයට සහභාගිවෙන්න කියලා අපි සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළා. ඒත් ඔහු තවම කිසිම ප්‍රතිචාරයක්‌ දක්‌වා නෑ. ඒ වගේම 18 වැනිදා රැලියට කිසියම් එජාප සාමාජිකයෙක්‌ සහභාගි වුණොත් ඊට විරුද්ධව අපි පියවර ගන්නවා කියා දැඩිව කියනවා.

    එජාපයේ මහ ලේකම්වරයා විදියට මට µeක්‌ස්‌ පණිවුඩයක්‌ ලැබුණා එක්‌සත් භික්‌ෂු පෙරමුණෙන්. ඔවුන් සඳහන් කර තිබෙන දෙය වැරදියි. මා ඒ ගැන ඉතාමත්ම කනගාටු වෙනවා. එහි කියා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව තීන්දු ගැනීමට, සාධාරණ සමාජයක්‌ වෙනුවෙන් තමයි හයිඩ් පිටියේ පවත්වන රැලියෙන් සිදු කෙරෙන්නේ කියා.

    එහෙත් සරත් ෆොන්සේකා මහතා කුරුණෑගලදී කියනවා (පුවත්පතක්‌ පෙන්වමින්) ලබන 18 වැනිදා හොඳ විපක්‍ෂයක්‌ බිහිකරනවා, එහි රැලිය හයිඩ් පිටියේදී පවත්වනවා, අනාගත මැතිවරණවලට එම සංවිධානය සහභාගි කරවනවා කියලා. එතකොට භික්‌ෂු පෙරමුණේ මතය පරස්‌පර විරෝධීයි නේද?

    දැන් අපි අසාධාරණද? මේ රැලියට සහභාගි වෙන්න එපා කියන එක. මේක හරියට නංගි පෙන්නලා අක්‌කා දෙනවා වගේ වැඩක්‌.

    සරත් ෆොන්සේකා මහතාට මීට වඩා නරකද එක්‌සත් ජාතික පක්‍ෂය ගාවා ගන්නේ නැතව තමන් පිහිටුවා තිබෙන ඩී. එන්. ඒ. පක්‍ෂය මීට සහභාගි කරගත්ත නම් ඩී. එන්. ඒ. පක්‍ෂයේ සාමාජික පක්‍ෂයක්‌ තමයි ජනතා විමුක්‌ති පෙරමුණ. ඉතිං ඡේ. වී. පී. එකවත් ගෙන්න ගන්න ෆොන්සේකා මහතාට පුළුවන්ද?

    දැන් මේ සමුළුවට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි වෙනවා කියලා ඔවුන්ගේ නම් දාලා පෝස්‌ටරයක්‌ ගහලා තිබෙනවා. එජාපය පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට දැක්‌වූ සහයෝගයට දක්‌වන කෘතවේදිත්වයද මේ. ඇයි ෆොන්සේකා එජාපයට ඇඟිලි ගහන්නේ.

    ඒ වගේම අපි අවධානය යොමුකර තිබෙනවා මුදල් අමාත්‍යංශ ලේකම් පී. බී. ජයසුන්දර මහතා කර තිබෙන ප්‍රකාශය ගැන. ඔහු කියනවා මෙවර අයවැයෙනුත් ජනතාවට සහන දෙන්න බැහැ කියලා.

    එහෙත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්‌ඩුව කිව්වේ යුද්ධයෙන් පස්‌සේ ජනතාවගේ ආර්ථිකය වර්ධනය වෙනවා, බඩු මිල අඩුවෙනවා රැකියා ලැබනෙවා කියලා. මේ වගේ ගොඩක්‌ දේවල් ආණ්‌ඩුව කිව්වා. ඒත් දැන් යුද්ධය අවසන් වී වසර 3 ක්‌ ඉක්‌ම ගියත් ජනතාවට සහන නම් ලැබෙන්නේ නැහැ. බඩුමිල දවසින් දවස වැඩිවෙනවා. යුද්ධය අවසන් වී තුන්වැනි, හතරවැනි අයවැයෙනුත් ජනතාවට සහන දෙන්න බැරිනම් ආණ්‌ඩුව මේ කරන්නේ ජනතාවට කොකා පෙන්වීමක්‌.

    ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ වියදම් සඳහා කොතරම් මුදලක්‌ දැන් වැය වෙනවාද? දැන් කැබිනට්‌ මණ්‌ඩලය වගේ තුන් ගුණයක්‌ උපදේශකයෝ ඉන්නවා. මෙච්චර උපදේශකයෝ ඉඳලාත් ජනතාවට සහන දෙන්නේ කොහොමද කියලා උපදෙස්‌ දෙන උපදේශකයෝ ජනාධිපතිවරයා ළඟ නැහැ.

    ඉදිරියේදී පෙට්‍රල්, ඩීසල් රුපියල් 20 කින් පමණ ඉහළයයි කියලා ආරංචියක්‌ තියෙනවා. බඩු මිල පහතදමා සහනදායී ක්‍රමයක්‌ ඇතිකිරීම ආණ්‌ඩුවක වගකීමක්‌.
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    UNP thamai yako Fonsekata krutha guna dakwanna ona... me dawas wala wena dewal walin hndatama penawane yako Ponna Ranil Mahindata Support kiala
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    Anna MAchan Umbata waraduna.... 2005 fonseka chande illuwe na... ethakota illuwe RAnil.... uuta wada Fonseka Chanda gaththa eelanga ekedi, umba poddak balapanko reviews !!!!!!!!!
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ahh sorry ban.mama kiwwe 2010 ye.mona unath fonsekata watinne naha UNP eke ayawa minihage pakseta adala ganna.

    ane me nikam hitapn ban, moko un podi ewunda balen adala ganna, un Gen. Fonseka ekka join wenne, unta UNP eke anagathayak nethi nisa.. kalpana karala balapan UNP eke den thiyana anagathaya mokakda kiyala? UNP ekema ewun thamay 2010 chandedi Gen. fonsekage kakulen eddde? Ranil and the clan monawada chande wenuwen kale? Ranil hitiye kanna beri atha imbinna wage. mokada beri wela hari Gen. Fonseka dinuwa nam Ranil ge deshapalanaya ethaninma iwara wenawa.. Sajith monada kale? uuth kisima deyak kale ne.Hambanthota ta wela SF ta chande danna epa kiya kiya hitiya misak.. wena karapu deyak nam ne.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ෆොන්සේකා යි සහ සිරස යි එකතුවෙලා ගන්න අතල්,කලින් හිරුනිකත් හිටියේ මේ ගොඩේ.එකී ෆොන්සේකාට බූට් එකතියල මහරජාගේ කරේ එල්ලුන නේද අර්ජුන ක්‍රීඩා ඇමතිකම ගන්න බලන් ඉන්නවා ෆොනියත් එක්ක සෙට් වෙන ඔක්කොම ආණ්ඩුවට පනිනවා අන්තිමට ගෑනිත් පනිනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ෆොනිය වෙනුවෙන් කැගහපු unp කුක්කෝ ටික.දැන් උබල මොකද කියන්නේ මෙන්න අත්තනායක කියනවා ෆොනිය කියන්නෙ ගුනමකුවෙක් කියල, අපි නම් ඕක කියුවේ කලින්මයි. :lol::lol::lol:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    කෝ ෆොනිය වෙනුවෙන් කැගහපු unp කුක්කෝ ටික.දැන් උබල මොකද කියන්නේ මෙන්න අත්තනායක කියනවා ෆොනිය කියන්නෙ ගුනමකුවෙක් කියල, අපි නම් ඕක කියුවේ කලින්මයි. :lol::lol::lol:

    අයියෝ සෑලරි!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොනියට ඔහොම වෙලා මදි, ගියා කොටින්ගෙ ලොවන්ඩ,දැන් හම්බෙලා තියෙන්නෙ බිබික්කන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා යි සහ සිරස යි එකතුවෙලා ගන්න අතල්,කලින් හිරුනිකත් හිටියේ මේ ගොඩේ.එකී ෆොන්සේකාට බූට් එකතියල මහරජාගේ කරේ එල්ලුන නේද අර්ජුන ක්‍රීඩා ඇමතිකම ගන්න බලන් ඉන්නවා ෆොනියත් එක්ක සෙට් වෙන ඔක්කොම ආණ්ඩුවට පනිනවා අන්තිමට ගෑනිත් පනිනවා
    අපිටනම් ආරංචි විදිහට ගෑනි නම් ලගදීම රට පනී,දැන් ෆොනී ගෙදර හින්ද වටේ යන්ඩ බැරිලු, :lol::lol::lol: ඒකට තරහ වෙලා දෙන්න.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කෝ දැන් ෆොනියට සිංහයෝ දාගෙන අපි sfට කියාගෙන මෙතන ඇර ගත්ත ජේවීපී කාරයො ටිකයි යූඑන්පී කාරයො ටිකයි. SF කියලා ඇවටර් හදාගෙන හිටිය උන් කෝ?:lol::lol:
    අපි මුලින්ම කිව්වා ඔය ඔන්ලයින් ෆේස්බුක් ජනාධිපතිට අන්තිමට වෙන දේ.
    :(:(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඉන් ෆොනියට සිංහයෝ දාගෙන අපි sfට කියාගෙන මෙතන ඇර ගත්ත ජේවීපී කාරයො ටිකයි යූඑන්පී කාරයො ටිකයි. SF කියලා ඇවටර් හදාගෙන හිටිය උන් කෝ?:lol::lol:
    අපි මුලින්ම කිව්වා ඔය ඔන්ලයින් ෆේස්බුක් ජනාධිපතිට අන්තිමට වෙන දේ.
    :(:(
    :yes::yes::yes: අනේද කියන්නේ බන් UNP JVP ලොල්ලො කරේ අර ගොනාව මස් කඩේට දක්කපු එක.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් හිටු කියල UNP බල්ලො ටික කකුලක් උස්සල ෆොනියට යුතුකම් ඉටුකරන්පටන් ගනි. :lol::lol:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    දැන් හිටු කියල UNP බල්ලො ටික කකුලක් උස්සල ෆොනියට යුතුකම් ඉටුකරන්පටන් ගනි. :lol::lol:

    අපි කිව්වා මුන්ට කට කැඩෙනකං ඕකා ගුණමකුවා කියලා.... ඇහුවද??
    කුම්බලා කටු කෑවානම් විඳවාපන් රනිලෝ කිව්වලු....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන්ට ෆොන්සේකා ජෙප්පෙක් කියන එක මුල ඉඳලම අමතකවුනා. ඊටපස්සෙ උගෙ පස්සෙන් ගියා, උ ගැහුවා යූඇන්පීය ඇල්ලුවා, යූඇන්පී බඩවුනා, ෆොනියා පැන්නා. ඕකයි කතාව, ජෙප්පොන්ට නොසෑහෙන වෛරයක් තියෙන්නෙ. මුන් එක්ක:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපි කිව්වා මුන්ට කට කැඩෙනකං ඕකා ගුණමකුවා කියලා.... ඇහුවද??
    කුම්බලා කටු කෑවානම් විඳවාපන් රනිලෝ කිව්වලු....
    :yes::lol: