දිරිය_මවක්_Please_Read

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දරුවකු කරපින්නාගෙන සරසවියට යන දිරිය මවක්

    2.jpg

    මවක් තම දරුවා වඩාගෙන පෙරපාසලකට රැගෙන යාම සාමාන්‍ය දෙයක් වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන වැඩිවියට පත් දරුවෙකු වඩාගෙන විශ්ව විද්‍යාලයට රැගෙන යන මවක් දැකීමට ලැබීම අසාමාන්‍ය සිදුවීමකි.

    එහෙත් එවැනි පුවතක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙයි. කසුන් චාමර නමැති මෙම විශ්ව විද්‍යාල සිසුවා මාංශ පේශී දුර්වලතා හේතුවෙන් උපතින්ම ආබාධිතය. නමුත් මාතර රාහුල විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය සඳහා තේරී පත්වුයේ අනෙකුත් සාමාන්‍ය දරුවන් අභිබවා යමින්ය.

    කසුන් චාමර අද සිටින තත්ත්වයට පැමිණීමට ඔහුට ශක්තිය හා ධෛර්ය දෙමින් ඔහු ළඟ සිටින යෝධ සෙවනැල්ල ඔහුගේ මවත් පියාත්ය. කසුන් ගා හැම කෙනෙකුටත් වඩා දන්නේ ඔවුන්ය. කසුන්ගේ මව කසුන් පිළිබඳව පවසන්නේ මෙසේය.

    පුතා ඉපදුනේ 1990 අවුරුද්දේ. අපිට ඉස් ඉස්සෙල්ලාම ලැබුන දරුවා. ඉපදුනාට පස්සේ ඔලුවවත් හොලවගන්න බැරුව හිටියේ. පොඩි කාලේ කොළඹ රිජ්වේ ආර්යා රෝහලෙන් බෙහෙත් කළා. මාතර ඉඳල කොළඹ යන්න එන්න වියදම් වැඩි නිසා මාතර රෝහලට මාරු කරලා දුන්නා.මාංශ පේශි දුර්වලතාවයකින් පෙලෙන නිසා ව්‍යායාම වලට යොමු කළා.

    රෝහලෙන් උපදෙස් දෙන විදියටම ගෙදර ගෙනත් දරුවට සාත්තු කෙරුවා. ඊට පස්සේ තමයි ඔලුව ඔස්සලා ටික ටික වැඩ කරන්න පටන් ගත්තේ. එක වසරේ ඉඳල 7 වසර දක්වා දම්පැල්ල කනිෂ්ඨ විද්‍යාලයේත් ඊට පසුව උසස් පෙළ දක්වා මාතර රාහුල විද්‍යාලයේත් ඉගෙනුම ලැබුවා. වාණිජ අංශයෙන් ඉගෙනුම ලබලා විශ්ව විද්‍යාලයට තේරුණාම දරාගන්න බැරි තරම් සතුටක් දැනුනා.

    තව පුතාල දෙන්නෙක් ඉන්නා. එක්කෙනෙක් මාතර රාහුල විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස්පෙළ හදාරනවා. පුතා ඉන්නේ අම්මලා ළඟ. අනික් පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් මාතර දිස්ත්‍රික්කයේ 12 වෙනියට තේරිලා දැන් කොළඹ රාජකීය 9 වසරේ ඉගෙනුම ලබනවා. ඒ පුතා නැවතිලා ඉන්නේ පාසල් නෙවාසිකාගාරයේයි.

    ළමයි තුන්දෙනාම ඉගෙනගන්න දක්ෂයි. මහත්තය රුහුණු විශ්ව විද්‍යාලයේ රියදුරෙක් වශයෙන් සේවය කරමින් සිටිද්දී දරුවාගේ වැඩ වල පහසුවටත් එක්කම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට මාරුවක් ගත්තා.

    පුතාට තියෙන්නේ ඇවිදින්න බැරි එක විතරයි. කැම්පස් එක ලගින් කුලියට කාමරයක් අරන් මම පුතත් එක්ක නැවතිලා ඉන්නවා. මහත්තයා කැම්පස් එකේ ඉන්නවා. දරුවෝ තුන්දෙනා තුන් තැනක. එක තැනක ඉන්න ලැබෙනවා නම් හොඳයි. එත් කොළඹ ගෙයක් කුලියට අරන් නවතින්න තරම් වත්කමක් නැහැ.

    කැම්පස් එකේ ළමයි උදව් කරනවා. පුතාව වඩාගෙන යනවා නම් ළමයි ඉදිරිපත්වෙලා ඕනේ තැනකට ගෙනියනවා. පුතත් එක්ක කැම්පස් එකට එන්න යන්න මටත් අවසර දීල තියනවා. කැම්පස් එකේ ගුරුවරුන් උදව් කරනවා. නොදන්නා දෙයක් ඕනේ වෙලාවක අම්ම එක්ක ඇවිත් අහගන්න කියලත් කියනවා.

    ඉස්සර පුතාට ඕනේ වුනේ පලවෙනි පන්තියේ සාමාර්ථයක් අරන් බැංකුවක රස්සාවක් කරන්න. දැන් කියනවා කැම්පස් එකේම මහාචාර්යවරයෙක් වෙනවලු.

    ඇය සැබවින්ම ආදර්ශමත් මවකි. උණහපුළුවට උගේ පැටියා මැණිකක් කියන කියමනත් වැලේ ගෙඩි වැලට බර නැහැ කියන කියමනත් ඇය සනාථ කර තිබේ. නිකරුනේ කාලය මුදල් නාස්ති කර දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කර මියැදෙන දරුවන් සිටින රටක දිරියෙන් නැගී සිටින මේ දරුවා තව තවත් ධෛර්යමත් කල යුතු අතර දෙමාපියන්ට ආශිර්වාද කල යුතුය.

    තම කුස තුලින් උපදින දරුවා කහල ගොඩක විසි කරන මවුවරු සිටින රටක ආබාධිත දරුවා කරපින්නාගෙන ඉහලට ගෙන එන්නට වෑයම් දරන මෙවැනි මවුවරුන් පියවරුන් රටට වාසනාවකි.

    විද්‍යෝදය විද්‍යාර්ථින්ගේ සංගමය මෙම සිසුවාට අධ්‍යනය කටයුතු වෙනුවෙන් ලක්ෂයක මුදලක් ලබා දිකිමට ඉදිරිපත්ව සිටී.

    මවක් දරුවකු වඩාගෙන යාම සාමාන්‍ය දෙයකි. එහෙත් මේ අම්මා වඩාගෙන යන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිය දරුවායි. උපතින්ම ආබාධිත තත්තවයේ පසුවන මේ දරුවා වඩාගෙන යන මව සරසවිය අවට අයට නිතර ඇස ගැටෙන සාමාන්‍ය සිදුවීමකි.

    ඔහු මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන කසුන් චාමර සිසුවායි.

    1.jpg

    Source
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    නිකරුනේ කාලය මුදල් නාස්ති කර දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කර මියැදෙන දරුවන් සිටින රටක දිරියෙන් නැගී සිටින මේ දරුවා තව තවත් ධෛර්යමත් කල යුතු අතර දෙමාපියන්ට ආශිර්වාද කල යුතුය.
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    නිකරුනේ කාලය මුදල් නාස්ති කර දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කර මියැදෙන දරුවන් සිටින රටක දිරියෙන් නැගී සිටින මේ දරුවා තව තවත් ධෛර්යමත් කල යුතු අතර දෙමාපියන්ට ආශිර්වාද කල යුතුය.

    අනිවා :yes:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    නිකරුනේ කාලය මුදල් නාස්ති කර දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කර මියැදෙන දරුවන් සිටින රටක දිරියෙන් නැගී සිටින මේ දරුවා තව තවත් ධෛර්යමත් කල යුතු අතර දෙමාපියන්ට ආශිර්වාද කල යුතුය.
    :yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නිකරුනේ කාලය මුදල් නාස්ති කර දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කර මියැදෙන දරුවන් සිටින රටක දිරියෙන් නැගී සිටින මේ දරුවා තව තවත් ධෛර්යමත් කල යුතු අතර දෙමාපියන්ට ආශිර්වාද කල යුතුය.

    සහතික ඇත්ත
     
    Maskex

    Junior member
  • Dec 18, 2011
    195
    9
    18
    නිකරුනේ කාලය මුදල් නාස්ති කර දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කර මියැදෙන දරුවන් සිටින රටක දිරියෙන් නැගී සිටින මේ දරුවා තව තවත් ධෛර්යමත් කල යුතු අතර දෙමාපියන්ට ආශිර්වාද කල යුතුය.

    :yes::yes::yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නිකරුනේ කාලය මුදල් නාස්ති කර දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කර මියැදෙන දරුවන් සිටින රටක දිරියෙන් නැගී සිටින මේ දරුවා තව තවත් ධෛර්යමත් කල යුතු අතර දෙමාපියන්ට ආශිර්වාද කල යුතුය.
    :yes::yes:
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ

    :):) aniwa mcn