උමා_ge aththa kathawa

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ashampoosnap2012102911h.png



    නාවලපිටිය මල්ලන්ද ගම්මානයම කම්පා කළ ම්ලේච්ඡ ඝාතනයක්‌ පමණක්‌ නොව ශ්‍රී ලංකා මාතාවගේ කීර්තිනාමය ජාත්‍යන්තර වශයෙන්ද විනාශ කළ ආන්දොaලනාත්මක සිද්ධියක්‌ ලෙස උමාදේවි ඝාතනය හැඳින්විය හැකිය. ඒ මෙයට වසර දොලහකට පමණ පෙරය.

    සිංහල දෙමළ වෛරයේ ගින්දර අවුලුවන්නට දත කෑ අමනයෝ මේ සිද්ධිය ජිනීවා මානව හිමිකම් කොමිසම දක්‌වාම රැගෙන ගියහ. එහෙත් මේ අපරාධය පසු පස සිටි සැබෑ සාහසිකයෝ සහ එයට තුඩු දුන් කරුණුද දැන් හෙළිදරව් වී ඇත. මෙම අපරාධය වෙනත් වාර්ගික ගින්නක්‌ ලෙස අර්ථ කථනය කළ අයත් ඇත. රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීනුත් දුර්මුඛ කරවමින් හෙළි වූ ඒ සත්‍ය කතාව අපි ඔබ ඉදිරියේ තබන්නෙමු.

    නාවලපිටිය, මල්ලන්ද පාලම අසලින් මැදගහවතුර ගම්මානයට දිවෙන අඩිපාර දෙපස නිවාස දෙක තුනකට වඩා නැත. මෙම නිවසක පදිංචි කාන්තාවකට 2001-09-11 දින සවස 4.00 ට පමණ යටිගිරියෙන් කෑගසන ගැහැනු කටහඬක්‌ ඇසුණෙන් ඇය එලියට විත් විපරම් කර බැලුවාය. එය තම නිවසට නුදුරින් ඇති පාළු නිවස දෙසින් ඇසුණු බව ඇයට අනුමාන විය.

    මුස්‌ලිම් ජාතිකයෙකු විසින් මස්‌ පිණිස කුකුළන් රැස්‌ කරන ස්‌ථානයක්‌ වූ නිසාම ඒ කෑගැහිල්ල පිළිබඳව සොයා බැලීමට ඇය නොගියාය. නමුත් කනට ඇසුණු මහා ඝෝෂාවෙන් ඇය කලබල වී යළිත් විපරම් කර බැලීමේදී ඇයට පෙනුණේ ඈත කැලෑව දෙසට ඇදෙන විශාල පිරිසකි.කෙල්ලෙක්‌ මරලා කැලයට දාලා යන ආරංචියෙන් ඇයගේ ළය පත්තු වී ගියේය.

    නාවලපිටිය පොලිසියද මේ වන විට මල්ලන්ද කැලෑව තුළ සඟවා තිබූ තරුණියගේ මළ සිරුර පිළිබඳව පරීක්‍ෂණ අරඹා තිබිණි.

    පෙර දින තම පොලිසිය වෙත ලැබී තිබූ අතුරුදන් වීමක්‌ පිළිබඳව සොයා බැලීම සඳහා නාවලපිටිය, ඉඹුල්පිටිය වත්තේ ගලබොඩ කොටසේ කම්කරු නිවසක පදිංචි සෝලමලේ නමැත්තා ද එතැනට කැඳවා තිබුණේ නිරුවත්ව තිබූ මෙම මළ සිරුර අතුරුදන් වූ තම දියණිය වන 23 හැවිරිදි උමා දේවිගේ බව මෙම පියා එකවරම හඳුනා ගත්තේය.

    නාවලපිටිය මූලික රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි එම්. එච්. එම්. නසීම් මහතා සිදුකළ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්‍ෂණයේදී කීප දෙනකු විසින් තරුණිය දූෂණය කර ඇති බවත් අස්‌වාභාවික ලෙස හා ඉතා අමානුෂික ලෙස ඇයට ලිංගික වධහිංසා පමුණුවා ඇති බවත් ඇය මරා දමා ඇත්තේ හුස්‌ම හිරවන තුරු ගෙල සිර කිරීමෙන් බවටද තීරණය කොට තිබුණි. ඇයගේ ගෙල පුරා හා පපුවේ දත් පහරවල් රැසක්‌ ඇති බවත් ශරීරය පුරා නියපොතු පහරවල්වලින් සීරී ගිය අයුරුත් වාර්තා වී තිබිණි.

    මෙම වෛද්‍ය මතයන් එක්‌ සුවිශේෂී දෙයක්‌ ද හෙළි වී තිබිණි. එනම් තරුණිය ඝාතනයට ගෙල සිරකර ඇත්තේ වම් අත හුරු අයෙකු අතින් බවය.

    කෙටි කලක්‌ තුළ නාවලපිටිය පොලිස්‌ වසමේ සිදු වූ අබිරහස්‌ මරණ ගණනාවක්‌ අතරට මෙම සිද්ධියද එක්‌ වී දින, සති, මාස ගෙවී ගියද උමා දේවියගේ මරණය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු නොවීය. මේ නිසා විවිධ කටකතා පැතිරෙද්දී එයින් ප්‍රයෝජන ගැනීමට එවකට පැවැති සමාජ වාතාවරණය අනුව ද්‍රවිඩ නායකයෝ කටයුතු කළහ.

    මෙහි පළමු පියවර ලෙස වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති මානව හිමිකම් සංවිධාන කිහිපයක්‌ සමඟ එක්‌ වී ක්‍රියාත්මක විය.

    දැවැන්ත උද්ඝෝෂණයක්‌ සංවිධානය කළ මේ පිරිස්‌ නාවලපිටිය නගරයේදී පොලිසියට එරෙහිව වීදි බැස්‌සේය.

    එමෙන්ම ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කළ මේ වෘත්තීය සමිති නායකයන් හා දේශපාලනඥයන් සිංහල ජාතියට චෝදනා එල්ල කළේ සුළු ජාතීන්ට මහ ජාතිය හිරිහැර කරන බව පවසමිනි.

    මේ අතර උමාදේවි ගේ මුද්‍රිත පින්තූර තැපැල්පත් ලන්ඩන් නුවර සිට ලෝකයේ විවිධ රටවලට හා ලංකාවේ විවිධ ස්‌ථානවලට එවීමට යම් පිරිසක්‌ ක්‍රියා කළහ. මේ තුළින් පොලිසියට දැඩි බලපෑමක්‌ එල්ල වී එහි ගෞරවය රැක ගැනීමේ අභියෝගයක්‌ ද මතු විය.

    එවකට මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති නිමල් මැදිවක (අද විශ්‍රාම) මහතා එවකට ගම්පොල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌පති ජයන්ත ගම්මන්පිල (අද විශ්‍රාමික) හා සහකාර පොලිස්‌ අධිකාරි කීර්ති රාජපක්‍ෂ යන මහත්වරුන්ට මෙම අභියෝගය භාර දුන්හ. ඒ අනුව ගම්පොල පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක රෙජිනෝල් මහතා පරීක්‍ෂණ ආරම්භ කොට පසුව ස්‌ථාන මාරු ලැබ පැමිණි උප පොලිස්‌ පරීක්‍ෂක එම්. එම්. අබේරත්න බණ්‌ඩා මහතා වෙත මෙම පරීක්‍ෂණවල වගකීම් පැවරුණි. කලින් නිලධාරින් කළ විමර්ශන වාර්තා ඇතුළු නාවලපිටිය පොලිසියේ පරීක්‍ෂණවල දුර්වලතා ද අවධානයට ලක්‌ කළ අබේරත්න මහතා මේ පිළිබඳ හොඳින් අධ්‍යයනය කොට අවශ්‍ය සැලසුම් සකස්‌ කළේය.

    ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ගේද උපදෙස්‌ හා අනුදැනුම මත මෙම පරීක්‍ෂණ සඳහා මහනුවර විශේෂ විමර්ශන ඒකකයේ පොලිස්‌ සැරයන් 5243 සමරකෝන් ඇතුළු පොලිස්‌ සැරයන් 928 චන්ද්‍රවංශ, පො.සැ. 176 සුමනවීර, පො.කො. 37669 සිරිල්, පො.සැ. 20720 ධර්මසේන යන නිලධාරීහුද මේ සඳහා එක්‌වූහ.

    මේ අතර පරීක්‍ෂණ මෙහෙයවූ අබේරත්න මහතා දුටු ප්‍රධාන කරුණක්‌ පිළිබඳ ඔහු දැඩි අවධානය යොමු කළේය. උමා දේවි මරා දැමූ බවට සැක කළ ස්‌ථානයෙන් සොයා ගත් කෙස්‌, රෝම හා ලේ පැල්ලම් සැසඳීම සඳහා ඇගේ සිරුරෙන් එවැනි කොටස්‌ ලබා ගෙන නොතිබිණි. මේ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කළ අබේරත්න මහතා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. ඒ අතර වතුකම්කරුවන් උද්ඝෝෂණය කළ වකවානුව පිළිබඳව පරීක්‍ෂණ සිදු කළ මෙම කණ්‌ඩායම එහිදීද වැදගත් සාක්‍ෂි කීපයක්‌ එක්‌ රැස්‌කර ගත්තේය. ඒ අනුව එම වතු කම්කරුවන්ගේ උද්ඝෝෂණයට සහය ඉල්ලා නාවලපිටිය මුස්‌ලිම් දේවස්‌ථානවලට ඒ. රාමනාදන් නමින් ලිපි යවා තිබිණි. හෙතෙම පළාත් සභාවේද, ප්‍රාදේශීය සභාවේද මන්ත්‍රීවරයකු ලෙස සිටි අයෙකි.

    ප්‍රදේශයේ ප්‍රකට පුද්ගලයෙක්‌ හෙයින් ලිපිය පිළිබඳ පල්ලියේ පූජකවරුන් ඔහු සමඟ සාකච්ඡාවක්‌ පැවැත්විය. නමුත් එහිදී දැනගන්නට ලැබුණේ රාමනාදන් එවැනි ලිපියක්‌ යෑවීම හෝ ඉල්ලීමක්‌ හෝ පල්ලියෙන් නොකළ බවය. මෙවැනි කුමන්ත්‍රණද මේ ලෙස සිදුවෙද්දී පල්ලියෙන් කළ ඉල්ලීම පිළිබඳව දැනගත් මුස්‌ලිම් ජාතිකයෙකු කලබල විය. හෙතෙම මෙම අපරාධයේ ප්‍රධානියා සොයා ගොස්‌ සිද්ධිය දැන්වීය. ඔහුගේ වෙළෙඳසලේදී මේ දෙදෙනා කළ කතා බහ තුන් වැන්නෙකුටද සවන් වැකිණ. ඔහු මේ මොහොතේ මේ දෙදෙනා සොයා ආ අයෙකි. ඔහු එම කරුණ සිතේ තබා ගත්තත් කිසිවෙකුටත් කීමට ඉක්‌මන් නොවීය.

    මේ අතර නාවලපිටිය පුරා මහත් ආන්දොaලනයක්‌ ඇති කරමින් 2002-10-17 දින උමා දේවියගේ මළ සිරුර නැවතත් ගොඩගනු ලැබීය. අපරාධය වූ ස්‌ථානය සොයා ගත් දැ සැසඳීම සඳහා සිදු කළ මෙම ගොඩගැනීම සඳහා නාවලපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබී තිබිණි. මේ සිද්ධිය පිළිබඳ මතකය අලුත් වූ අතර උද්ඝෝෂණය පිළිබඳ දෙබස ඇසූ පුද්ගලයා මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ මෙහෙයවූ අබේරත්න මහතාට එම තොරතුරු ලබා දීමට එය හේතු විය. ලැබුණු තොරතුරු අනුව නාවලපිටිය නගරයේ මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකු වෙත පොලිස්‌ ඇස යොමු විය. ඒ අනුව ඔහු පිළිබඳව තොරතුරු රැසක්‌ පොලිසිය අනාවරණය කර ගත්තේය. හෙතෙම සල්ලාලකමේ අගතැන්පත් වූවෙකි.

    60 හැවිරිදි වියට ආසන්න මොහු ඇසුරු කළ කාන්තාවන් ගණන අපමණය. දරු මුණුපුරන් සිටියද මොහුගේ වෙළෙඳසැල ස්‌ත්‍රී ඇසුරට යොදා ගත් ස්‌ථානයක්‌ ද විය. අසැබි දසුන් සහිත් පොත්පත් සඟරා ඔහු සතු වූ බවද හෙළි විය. මොහු මෙන්ම මොහුගේ මිතරාද අංක එකේ කාමුකයෙකි. ඔහු හා ලිංගික ඇසුර පැවැත්වූ කාන්තාවන් මෙන්ම පිරිමි ළමුන් සිටින බවද අනාවරණය විය. උමාදේවිය ඝාතනය කළ අපරාධකරුවා පිළිබඳව මේ ලෙස තොරතුරු රැස්‌ කරද්දී උමා දේවියගේ ද තොරතුරු පොලිස්‌ කණ්‌ඩායම් රැස්‌ කරන්නට වූහ. උමාදේවිය ගේ පියාගේ සහෝදරයා සිද්ධියේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයාගේ ගනුදෙනුකරුවෙකි. මේ නිසාම ව්‍යාපාරිකයා උමාදේවියද හොඳින් දැන හැඳින සිටියේය. අ.පො.ස. සා/පෙළ විභාගයද හොඳින් සමත් වී ඇති ඇයට වත්තේ රැකියාවක්‌ ලැබීමට නම් යතුරු ලියනයද අවශ්‍ය විය. මේ නිසා නාවලපිටිය නගරයේ ආයතනයකින් ඇය යතුරු ලියනය උගත්තේය.


    මෙදින ඇයගේ යතුරු ලියන පන්තියේ අවසන් පරීක්‍ෂණයක්‌ පැවැතියේය. එයට මුහුණදුන් උමාදේවිය ඇගේ සිංහල යෙහෙළිය වූ අනූෂා සමඟ බස්‌ නැවතුමට වී ඇයගේ නිවසට යැමට බස්‌ රථයක නංවා ගම්පොල පාර ඔස්‌සේ මල්ලන්ද දෙසට උමාදේවි ගියේ තම නිවසට යැමටය. නමුත් ඇය පසුපසින් ගිය මෙම ව්‍යාපාරිකයා හා ඔහුගේ සගයා උමාදේවිය මුළා කොට මල්ලන්දේ ඇති කුකුළු ගබඩාව සහිත පාළු නිවසට ඇය රැගෙන ගියේය. එහිදී මෙම ව්‍යාපාරිකයාත් ඔහුගේ සගයා හා නිවස අයිති අයත් එක්‌ව උමාදේවිය දූෂණය කළේ ඇයගේ බලවත් විරුද්ධත්වය මධ්‍යයේය. නමුත් උමාදේවියගේ අවාසනාව එතැනින් පළා ගියේ නැත. අය මෙම පාලු නිවසට රැගෙන ගිය බව ආරංචි වූ නගරයේ ගණන්කාරයෙකු යෑයි කියාගත් අයෙක්‌ හා තවත් දෙදෙනකුද පැමිණ ඇයගෙන් තම පාපකාරි මනදොළ සපුරාගත්හ. කීපදෙනාම එක්‌ව ඇය දූෂණය කරද්දී සිහිවිසඥව ගිය ඇයට වතුර ගසා ඔවුන් යළිත් ඇගේ සිහිය ගත්හ.

    මෙසේ සිහිය ආ ඇය මෙම සිද්ධිය හෙළිකරතැයි සිතූ මොවුන් අවසන් තීරණයකට එළඹුණි. ඒ අනුව ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයාගේ වමත ඇගේ බෙල්ලට ගොස්‌ තදවුණේ පළාතටම ඇසෙන මරලතෝනි හඬිනි. එම කෑගැසීමයි ඒ අසල සිටි කාන්තාවට එදා ඇසී අත්තේ. ඒත් දෙවන වර කෑගැසීමට මත්තෙන් ඇය මෙලොව හැරගොස්‌ තිබුණි. එම නිසා මෙම අපරාධය හෙළිවීමටද වසර ගණනක්‌ ගියේ පළමු කෑගැසීම අර කාන්තාව තේරුම් බේරුම් කර නොගැනීම නිසාවෙනි. සවස මරා දැමූ උමාදේවියගේ සිරුර පිළිබඳ කථිකා කරගත් අපරාධකරුවෝ ඒ අනුව රාත්‍රී 8.00 ට පමණ එම නිසල දේහය මහවැලි ගං ඉවුරේ ලඳු කැලෑවක සඟවා තැබූහ. ඒ වන විටත් ඇය පැළඳ සිටි රන් මාලය හා කරාබු දෙකද ගලවා ගත් සැකකරුවෝ එයද රැගෙන පලා ගියහ. අබේරත්න මහතා ඇතුළු පරික්‍ෂණ කණ්‌ඩායම මේ ලෙස තොරතුරු තහවුරු කරගත් පසු මේ සියලු අපරාධකරුවෝ අත්අඩංගුවට ගත්හ. මෙසේ අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් එක්‌ අයකු හැරෙන්නට අනෙක්‌ පස්‌ දෙනාම මැදිවිය පසුකළ අය වෙති. එමෙන්ම පස්‌ දෙනකුම මුස්‌ලිම් ජාතිකයෝය. නගරයේ ගණන්කාරයකු ලෙස සිටි අය සිංහල ජාතිකයෙකි. ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයෙක්‌ ලෙසද පොලිස්‌ පොතේ සටහන්ව තිබුණි. අපරාධකරුවන් උකස්‌ කොට තිබූ උමා දේවියගේ රන්මාලය හා කරාබු දෙක ද සොයා ගත් අතර ඒවා පවුලේ අය හඳුනාගත්හ.

    ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වන ජුනයිඩීන් මොහොමඩ් ෆාරුක්‌ සියාම්, අබ්දුල් රසාක්‌ මොහොමඩ් සලාම්, කදිරප්පුලි හේවගේ ශ්‍රියානන්ද, පකිර් මොහොමඩ් ෆාහිම් යන අය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණ.


    සැකකරුවන් පිළිබඳ මූලික විභාගය නාවලපිටිය අධිකරණය තුළ සිදු වූ අතර පසුව එය මහනුවර මහාධිකරණය වෙත යොමුවිය. එහිදී වසර ගණනාවක්‌ පුරා නඩුව විභාග වෙද්දී මෙහි දෙවන විත්තිකරු වන මොහොමඩ් සලාම් හා ශ්‍රියානන්ද හෘදයාබාධවලින් මිය ගියහ.

    ඒ අනුව මෙහි පළමු විත්තිකරු වන ජුනයිඩීන් මොහොමඩ් ෆාරුක්‌ සියාම් හා නිවස අයිතිකරු වන කමල්ඩීන්ට ස්‌ත්‍රී දූෂණ චෝදනාවලට වසර 20 ක සිර දඬුවමක්‌ද මිනීමැරීම වෙනුවෙන් මරණීය දණ්‌ඩනයද නියම කළ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අනෙක්‌ සැකකරුවන් දෙදෙනා නිදහස්‌ කළේය.

    අප රට නැවත වරක්‌ ජාත්‍යන්තර තලයේ අපකීර්තිමත් කොට හුදකලා කිරීමට ගත් උත්සාහය මේ ලෙස පොලිස්‌ නිලධාරීන්ගේ විමර්ශනශීලි බුද්ධිය හා කැපවීම නිසා වැළකී ගියේ සත්‍යය හෙළිකර ගැනීම නිසාය.



    සුරංග දිල්ෂාන් - ගම්පොල





    :angry::angry::angry:


    කොහොමද මුන්ගේ වැඩ කිඩ.නාකි වලත්තයෝ:growl:
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mcn lankawe death penalty eka denawada ?

    ඔව් හැබැයි ක්‍රියාත්මක කරන්නේ නැහැ.දැන් අලුගෝසුවෝ බදවාගෙන මොකක්ද සීන් එකක් දානවා
     
    Oct 28, 2012
    15
    4
    0
    ඕකුන්ගේ *** කපන්න තියෙන්නේ.මරණ දඬුවම දුන්නට මරන්නේ නැහැනේ. ඒ වගේද *** නැතුව විඳවද්දී තියෙන සැප...........?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද මේ වගේ දේවල් කොච්චර වෙනවා ඇතිද?කොච්චර කේස් හැංගිලා ඇද්ද? අතවර උනොත් ගිහින් පොලීසි වල කියන්නත් බෑ..ප්‍රචාරය ගියාම තවුත්තුවත් ගෑනු ළමයටමයි...මේ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නම වෙනවා..නැති බැරි මිනිස්සු අතින් වෙනවට වඩා මේ දේවල් වෙන්නේ බලය,මුදල තියෙන මිනිහා අතින්....