ෂා F .M යනු අලුත් එකක්ද ? ( shaaaaaaaaaaaa F.M )

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ෂා F .M යනු අලුත් එකක්ද ? ( shaaaaaaaaaaaa F.M )

ෂා එෆ්. එම්. කළමනාකරු ප්‍රගීත් විජේසූරිය සමඟ පිළිසඳරක්

20121101-SHA-FM-04.jpg

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා

අද සිට යළිත් ෂා එෆ්. එම්. ඔබට හුරු පුරුදු වූ ගුවන් විදුලි නාලිකාවක්. කාලයක් නිහඬව සිටියත් මෙරට ශ්‍රාවක ප්‍රසාදය දිනාගත් ෂා ගුවන් විදුලි නාලිකාව යළිත් ඔබ සවනට ළං වෙලා. අපි ඒ ගැන කතා කළේ ෂා ගුවන් විදුලි නාලිකාවේ කළමනාකරු ප්‍රගීත් විජේසූරිය සමඟයි. ප්‍රගීත් කියන්නේ මීට වසර කිහිපයකට ඉහත දී ඉමහත් ජනාදරයට පාත්‍ර වූ ‘ෂා බංකරයෙන්’ ඔබ හමුවට පැමිණි ප්‍රකාශ්. ෂා එෆ්. එම්. හි නව ආගමනය ගැන අපි ප්‍රගීත් ගෙන් අහමු.

ෂා ගුවන් විදුලි නාලිකාවේ නව ආරම්භය ගැන මුලින්ම කියමු නේද?

‘ෂා නම් සිංදු විතරමයි’. පෙර පරිදිම නොවෙනස්ව එදා ඒ රසයම ජනතාවට දෙන්න ෂා සූදානම් කියලා මුලින්ම කියන්න කැමතියි. වයස් භේදයකින් තොරව හදවතින් තරුණ ඕනෑම අයකුට වඩාත් සමීප ෂා එෆ්. එම්. දැන් 90.9 සහ 91.1 යන තරංගමාලා ඔස්සේ පැය විසිහතර පුරාම දිවයිනේ ඕනෑම තැනක සිට රසවිඳින්නට පුළුවන්. සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි සහ තවත් විවිධ භාෂා වලින් යුතු මියුරු සංගීත රසය මේ තුළින් විඳගන්නට හැකි බව සඳහන් කරන්න කැමතියි. ෂා කියන්නේ පටු අරමුණුවලින් තොරව ජනතාවට සංගීත රසාස්වාදය ලබා දීම පමණයි.

ගුවන් විදුලි නාලිකාවන් රැසක් බිහිවන යුගයේ ෂා කියන්නෙත් රැල්ලට බිහිවුන නාලිකාවක් ද?

අපි තවත් නාලිකාවක කොපියක් නෙමෙයි. අපිව අනුකරණය කරන්න කාටවත් බැරි වේවි. ඒ වගේම ෂා නාලිකාවට අනුකාරකයෙක් නැහැ. නමුත් ෂා වගේ වෙන්න ගොඩක් අය උත්සාහ ගන්නා බවක් නම් පේනවා.

අලුත් වුන ෂා තුළින් ඇති වූ අලුත් වෙනස්කම් ගැනත් කියමු නේද?

සංගීතයෙන් තමයි වෙනස ඇති වෙන්නේ. ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් වටා ගෙතුන කතා, විහිළු, ආදරණීය වැඩසටහන්, සජීව ප්‍රසංග, ගීත දර්ශක, ගීත ඉල්ලීම් වැනි සංගීතය සමඟ බද්ධ වන දේ තමයි අපි ගෙන එන්නේ. මීට පෙර ෂා තුළින් ප්‍රචාරය වූ ඉතා ප්‍රසිද්ධ වූ වැඩසටහනක් තමයි බංකරය. එදා යුද ජයග්‍රහණය උදෙසා සෙබළ සිත් සවිබල ගන්වමින් නිවෙස සහ කඳවුරු යා කළ ‘ෂා බංකරය’ තවත් පුළුල් කර මෙවර රට තුළ හෝ රටින් පිට සිටින තම සමීපතමයන් එක් කෙරෙන ‘ෂා කොමියුනිකේෂන්’ නම් වැඩසටහන විශේෂයි.

frequency.gif

ඒ වගේම ලංකාවේ මෙතෙක් සංවිධානය කළ දැවැන්තම සංගීත ප්‍රසංග මාලාව වන ‘ෂා නොන්ස්ටොප් නයිට්’ වැනි දැවැන්ත සංගීත ප්‍රසංග මාලාව පෙරටත් වඩා විචිත්‍රවත් හා දැවැන්ත අයුරින් ඉදිරිපත් කරන්නට ෂා ප්‍රවර්ධන අංශය සූදානම්.

සංගීතයෙන් බැහැර වැඩසටහන් ෂා තුළ නැද්ද?

සංගීත රසාස්වාදය තමයි ෂා හි මූලික අරමුණ. සංගීත රසය නොඅඩුව ලබා දෙන අතරම තොරතුරු දැන ගැනීමේ ජනතා අයිතියට ගරු කරමින් උදෑසන 7.30, දහවල් 12.30, සවස 6.30 සහ රාත්‍රී 9.30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් සමඟින් උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා සෑම 30 වන මිනිත්තුවකදීම පැයේ පුවත් විකාශයක් ද සුදානම්. සෑම දෙනාටම වැදගත් තොරතුරු වගකීමෙන් ඉදිරිපත් කරන්නට අපි වගබලා ගන්නවා.

1351663903_7640383_shaafm_sunday_mixchat.jpg

මේ වන විට බොහෝ ගුවන් විදුලි නාලිකා ශ්‍රාවකයාට මුදල් පිරි නමන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ෂා ගුවන් විදුලිය තුළත් එවැනි දේ ඇතුළත් ද?

ජනාතාව ගුවන් විදුලියක් අහන්නේ රසවින්ඳනයට මිසක් මුදල් බලාගෙන නෙවෙයි. ෂා සමඟ සමාන්තරව තවත් නාලිකා බිහිවුනත් අපට සල්ලි දීල අසන්නන් රඳවා ගන්න උවමානාවක් නැහැ. ෂා වහලා තිබුණ කාලයේදි පවා අපේ අසන්නන් අප සමඟ රැඳී හිටියා. ෂා කියන්නේ සල්ලිවලට ආපු චැනල් එකක් නෙවෙයි.

1351663988_4119423_shaafm_shaa_nonstop.jpg

අද බොහෝ ගුවන් විදුලි නාලිකාවලට භාෂා විලාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. ඒ සමඟ ෂා එෆ්. එම්. හි භාෂා ශෛලිය ගැනත් සඳහන් කළොත්?

භාෂා විලාශය නම් තනිකරම සිංහල විතරක් නෙවෙයි.

කවුරු චෝදනා කළත් අද සමාජයේ කවුරුත් සිංහලෙන් විතරක් කතා කරන්නේ නැහැනේ. උදේට සුබ පතන්නේ ‘ගුඩ් මෝර්නිං’ කියලා. බස් හෝල්ට් එක, ස්ටේෂන් එක, ඉන්ටවිව් වැනි විවිධ දේ සඳහා එදිනෙදා ජීවිතයේ දී අපි භාවිත කරන්නේ මිශ්‍ර භාෂාවක්. ඉතිං මේක ගුවන් විදුලි නාලිකාවකට පමණක් විශේෂ වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ අද සමාජයේ ඉන්න අයට. ඒ නිසා එහි වරදක් මම දකින්නේ නැහැ.

1351664052_332374_shaafm_fan_club.jpg

ෂා පිරිවර ගැනත් කියමු නේද?

කාලයක් තිස්සේ ෂා සමඟ සිටි අය වගේම අලුත් අයත් අපි එක්ක මේ මෙහෙවරේදි එක්ව සිටිනවා. මැෂි, කෙවින්, පූජා, ටීනා, අකිල්, රයන්, නිෂූ, ආක්ෂේ, ෂෙවාන්, මිෂෙල්, ඩිලන්, ඩී. ජේ. මෑෂ් ඇතුළු ඔබේ පි‍්‍රයතම නිවේදක නිවේදිකාවන් යළිත් ඔබ හමුවට එනවා.

20121101-SHA-FM-03.jpg

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා සමඟ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම යටතේ වැඩසටහන්, ප්‍රවෘත්ති, ප්‍රවර්ධන, අලෙවි ආදී සෑම අංශයකින්ම අත්දැකීම් පිරි කාර්යශූර දක්‍ෂයින් පිරිසක් ෂා එෆ්. එම්, හි සන්නද්ධ වෙලා ඉන්නවා.

කාලයක් නිහඬව සිට නැවත පැමිණීමෙන් යළිත් පෙර පරිදිම ජනතාව පිළිගනියි කියලා හිතනවද?

හොඳ පිළිගැනීමක් තියෙනවා. ෂා වැහිලා තිබුණු කාලයේදි පවා අප වටා රොක්ව සිටි ශ්‍රාවක පිරිසක් හිටියා. ඔවුන්ගේ මනාපය තමයි මෙහි සාර්ථකත්වය වුණෙත්. ඔවුන් ෂා එෆ්. එම්. නැවත එනතුරු මඟ බලාගෙන හිටියා. මේ නිසා ඒ ගැන කිසිම අභියෝගයක් නැහැ.

ෂා එෆ්. එම්. යළි පිබිදෙන වෙලාවේ ඔබ අසන්නන්ට කියන්නේ?

ගුණාත්මක බවින් පරිපූර්ණව යුග යුග ජනපි‍්‍රය වූ ගීත වැඩිම ප්‍රමාණයක් ප්‍රචාරය කරන එකම ශ්‍රී ලාංකේය ගුවන් විදුලි නාලිකාව හැටියට ෂා දැන් ඔබට සමීපයි. 0112 – 346722 දුරකථන අංකය ඇමතීමෙන්,Shaa(හිස්තැනක්) පණිවුඩය සමඟ 7766 ට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් හෝ ෂා එෆ්. එම්., තැ. පෙ. 1833, කොළඹ යන ලිපිනයට ලිවීමෙන් අප සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

ඒ වගේමwww.shaafm.lkවෙබ් අඩවිය මඟින් එතෙර මෙතෙර ඕනෑම අයකුට අප සමඟ සම්බන්ධ වෙන්නට අවස්ථාව තියෙනවා. සංගීතයට ලැදි ශ්‍රී ලාංකික ඔබට ගැලපෙන රිද්මයේ ගීත මඟින් විනෝදාස්වාදය ලබා දීමට තරංගමාලා 90.9 සහ 91.1 ඔස්සේ ෂා එෆ්. එම්. වගකීමෙන් බැඳී සිටින බව කියන්න කැමතියි.

20121101-SHA-FM-02.jpg

මන් මෙටික සරසවිය පත්තරෙන් ගත්තේ .
ෂා කියන්නේ තහනම් කරපු F .M එකක්ද ?
එකත් අයිති දුමින්ද සිල්වාගේ අයියටද ? ( රෙනෝ සිල්වා ) ( හිරු F .M වගේ ? )
මොකක්ද මේ ෂා ?
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෂා මුලින්ම පටන් ග්ත්තෙ තරුfm ෆ්ම් කියලා. තරුfm අසාර්තකවුනා. තරුfm හිරු fm2ම එකපාර පටන් ගත්තෙ.(sun, suriyan මේවත් එක්ක )ඒට පස්සෙ පටන් ගත්තෙ ෂාfm. හිරු තහනම් කරන්කොට ෂාත් තහනම් උනා. ඒට පස්සේ හිරු පටන් ගන්නකොට ෂා පටන් ගත්තේ රිදම් fmකියලා. එකත් අසාර්තක වුනා. ඒට පස්සෙ දැන් ආයිත් ෂා fmකියල්ස පටන් අරගෙන. මෙක abc ලාගේම තමයි.
     
    • Like
    Reactions: Anuja methsara

    ම්ම් .. එහෙමද වෙලා තියෙන්නේ ?
    එකනේ මම බැලුවේ .. Rhythem Fm මොකද නැත්තේ ... මේ මොකක්ද මේ ෂා කියල ..
    මොකද බන් හිරු එක පාරක් තහනම් උනේ .?
    :cool:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ම්ම් .. එහෙමද වෙලා තියෙන්නේ ?
    එකනේ මම බැලුවේ .. Rhythem Fm මොකද නැත්තේ ... මේ මොකක්ද මේ ෂා කියල ..
    මොකද බන් හිරු එක පාරක් තහනම් උනේ .?
    :cool:

    උන් මචං මොකද්ද බොරු නීව්ස් වගයක් බ්‍රොඩ්කාස්ට් කරලා එකයි සිද්දිය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ම්ම් .. එහෙමද වෙලා තියෙන්නේ ?
    එකනේ මම බැලුවේ .. Rhythem Fm මොකද නැත්තේ ... මේ මොකක්ද මේ ෂා කියල ..
    මොකද බන් හිරු එක පාරක් තහනම් උනේ .?
    :cool:
    yudde kale koti gamakata gahuwa kiyala news ekakk giya. eth rajaye yuda puwath prakashkayagen throva katavath news kiyanna baha essra( war news)
    eka nisai abc thahanam une. duminda silva sandaneta set une e thahanama nathi kara ganna
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ෂා මුලින්ම පටන් ග්ත්තෙ තරුfm ෆ්ම් කියලා. තරුfm අසාර්තකවුනා. තරුfm හිරු fm2ම එකපාර පටන් ගත්තෙ.(sun, suriyan මේවත් එක්ක )ඒට පස්සෙ පටන් ගත්තෙ ෂාfm. හිරු තහනම් කරන්කොට ෂාත් තහනම් උනා. ඒට පස්සේ හිරු පටන් ගන්නකොට ෂා පටන් ගත්තේ රිදම් fmකියලා. එකත් අසාර්තක වුනා. ඒට පස්සෙ දැන් ආයිත් ෂා fmකියල්ස පටන් අරගෙන. මෙක abc ලාගේම තමයි.

    rhythem FM kiyanne TNL network eke ekak. Rhythem eka sha eke copy ekak vitharay
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෂා මුලින්ම පටන් ග්ත්තෙ තරුfm ෆ්ම් කියලා. තරුfm අසාර්තකවුනා. තරුfm හිරු fm2ම එකපාර පටන් ගත්තෙ.(sun, suriyan මේවත් එක්ක )ඒට පස්සෙ පටන් ගත්තෙ ෂාfm. හිරු තහනම් කරන්කොට ෂාත් තහනම් උනා. ඒට පස්සේ හිරු පටන් ගන්නකොට ෂා පටන් ගත්තේ රිදම් fmකියලා. එකත් අසාර්තක වුනා. ඒට පස්සෙ දැන් ආයිත් ෂා fmකියල්ස පටන් අරගෙන. මෙක abc ලාගේම තමයි.

    ෂා කියන්නෙ බෝල රිදම් එකේ මගුලක් නෙවෙයි
    ෂා කරන්නේ ආසියානු මාධ්‍ය ජාලය විසින් ,හිරු,සන් සූරියන්,ගෝල්ඩ් වගේ ලයින් උන්ගේ
    http://www.asiabroadcasting.lk/

    රිදම් කියන්නෙ Telshan Network (pvt) Ltd එකේ එකක්
    TNL Rocks,TNLTv උන්ගේ ලයින්ස් :)
     
    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    ෂා මුලින්ම පටන් ග්ත්තෙ තරුfm ෆ්ම් කියලා. තරුfm අසාර්තකවුනා. තරුfm හිරු fm2ම එකපාර පටන් ගත්තෙ.(sun, suriyan මේවත් එක්ක )ඒට පස්සෙ පටන් ගත්තෙ ෂාfm. හිරු තහනම් කරන්කොට ෂාත් තහනම් උනා. ඒට පස්සේ හිරු පටන් ගන්නකොට ෂා පටන් ගත්තේ රිදම් fmකියලා. එකත් අසාර්තක වුනා. ඒට පස්සෙ දැන් ආයිත් ෂා fmකියල්ස පටන් අරගෙන. මෙක abc ලාගේම තමයි.

    ubata pissu da yako Rhythem Fm thama ahenawa eka aithi ABC ekata nemai, Rhythem Fm aithi TNL Radio network ekata un thamai (TNL Rock, Lite fm, Rhythem Fm, TNL isara channel karanne.............
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    SHA eka issella tibbe EAP ekata neda... ara sex talk seen ekak nisa thahanam kale matakada balata.... EAP la ita passene RAN Fm patan gatte... may be SHA eka ABC network ganna athi, EAP un den padu nisa vikunala athi...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ම්ම් .. එහෙමද වෙලා තියෙන්නේ ?
    එකනේ මම බැලුවේ .. Rhythem Fm මොකද නැත්තේ ... මේ මොකක්ද මේ ෂා කියල ..
    මොකද බන් හිරු එක පාරක් තහනම් උනේ .?
    :cool:

    මේකත් රෙනෝල්ගෙම තමයි... ඔක්කොම ABC එකට අයිති නේ ..
    රිදම් නම් ABC එකේ නෙවෙයි..පරණ ෂා ආයෙත් පටන් ගන්න පරක්කු උනේ හිරු හොදට හිට් උන නිසා..:oo:
    හිරු තහනම් උනේ යුද්දේ දවස් වල බොරු ප්‍රවුර්ති වාර්තා කරලා ..දුන්න පාර ඔක්කොම FM ටිකට ABC එකේ.:dull:
    දැන් ඉතින් දුමින්ද ආණ්ඩුවෙනේ ..ලස්සනට තහනම් වෙච්ච චැනල් ටික ආයෙත් එලියට ආව..ඔන්න ඕකයි උනේ ..
    :)
     
    Last edited: