කම්පියුටර් ඩිග්‍රි එකක්ද කරන්න ඉන්නෙ...?
ලංකාවෙ ගොඩක් අය, විශ්වවිද්‍යාල මහාචාර්යවරු පවා හිතාගෙන ඉන්නෙ තොරතුරු තාක්ෂණයයි (IT), පරිගණක විද්‍යාවයි (Computer Science) දෙකම එකයි කියල. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. සරලවම කිව්වොත් පරිගණක විද්‍යාව කියන්නෙ තොරතුරු තාක්ෂණයට වඩා බොහොම පුළුල් විෂය පථයක්. මේ වගේ පාඨමාලාවක් හදාරන්න බොහොම හොඳ විශ්ලේශන හැකියාවන් අවශ්‍ය වෙනව. මේ නිසා උසස් පෙළට ගණිත අංශයෙන්, අඩුම වශයෙන් භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරපු අය තමයි මේ පාඨමාලාවලට තෝර ගන්නෙ. තොරතුරු තාක්ෂණය හැදෑරීම ඕනෑම කෙනෙකුට විවෘතයි.
මෙහෙම මේ දෙක වෙන් කරන්නේ මම නොවෙයි, එහෙම කරන්නෙ තාක්ෂණික විෂයන් (ඉලෙක්ට්‍රොනික් විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව හා පරිගණක විද්‍යාව) පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති නිර්මාණය කරන IEEE ආයතනයෙ ACM කොමිටුව. ඒ වර්ගීකරණය සහ ඒ ඒ උපාධි පාඨමාලා වල අන්තර්ගතය ගැන විස්තර මෙතනින් බාගත කරන්න පුළුවන්.
මේ අර්ථ දැක්වීමට අනුව, පරිගණක ආශ්‍රිත උපාධි පාඨමාලා ප්‍රධාන වශයෙන් 5ක් තියෙනෙව.
(ඔය EE කියන්නෙ Electrical Engineering නේ.)
මේකට අළුතින්ම එකතු වුනු එක තමයි කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence), හැබැයි ඒ වගේ උපාධි පාඨමාලා දැනට ලංකාවෙ නෑ. අමරිකාවෙ ස්ටැන්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාලවලනම් තියෙනෙව, ඒත් මේ ළගඳි ඉඳන් තමයි. ඒ පිළිබඳව පශ්චාත් උපාධියක්නම් තියෙනවා, මොරටුවෙ. ආසනම් මෙයින් එකක් කරල එන්නකෝ.
මේවා එකිනෙකට වෙනස් අරමුණු ඔස්සේ දිවෙන, වෙනස් අන්තර්ගතයන් අඩංගු පාඨමාලා බව මේ වාර්තා අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිව වටහා ගන්න පුළුවන්. ලංකාවෙදි මේ ඔක්කොම අනාගෙන නිසා මම කතාකරන්න යන්නෙ පොදුවේ පරිගණක (Computing) උපාධි පාඨමාලා ගැන.
මෙවැනි උපාධි මට්ටමේ පාඨමාලාවක් ප්‍රධාන වශයෙන් 3 ආකාරයකට වර්ගීකරණය කළ හැකියි.
පළමු වර්ගයේ උපාධි පාඨමාලා වල ශීර්ෂය ලෙස ලැබෙන්නේ මෙවැන්නක්.
ගණිතය, භෞතික විද්‍යාව, සංඛ්‍යානය හෝ ජීව විද්‍යාව වැනි විෂයක් සමග විද්‍යාවෙදී (B.Sc.) සාමාන්‍ය හෝ විශේෂ උපාධියේ එක් ප්‍රධාන විෂය පථයක් ලෙස හැදෑරිය හැක. පරිගණක දැනුමට අමතරව වෙනත් විෂය දැනුමකින්ද උපාධිධාරියා සමන්විත නිසා මොවුන්ටද හොඳ ඉල්ලුමක් පවතිනව. විශේෂයෙන් කොළඹ (හෝ පේරාදෙණිය) විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය හා පරිගණක විද්‍යාව (Statistics & Computer Sc.) හෝ ගණිත (Mathematics) පසුබිමක් සහිතනම් එයාලට වෙනත් පරිගණක උපාධිධාරියෙක්ට ලැබෙන සැලකිල්ලම බොහෝවිට ලැබෙනව.
ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, සබරගමුව, රජරට හා වයඹ විශ්වවිද්‍යාලවලත් විද්‍යා හා ව්‍යවහාරික විද්‍යා (Applied Sciences) පීඨවල මේ පාඨමාලා පැවැත්වෙනව.
තුන්වන වර්ගයේ උපාධි (Combined Degrees)
(තුන්වන වර්ගයේ කියන්නෙ සම්මත හැඳින්වීමක් හෝ එහි තත්ත්වය නිරූපණය කරන යෙදුමක් නොවෙයි, හුදෙක් වෙන්කර හඳුනාගැනීමට පමණයි.)
ඉංජිනේරු උපාධියක් ලෙස පිරිනැමෙන පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිවු අවුරුදු උපාධි පාඨමාලා සහ කලමණාකරන විෂයන් සමග ඒකාබද්ධව පිරිනැමෙන මේවාත් සෘජුවම වෘත්තිය පාඨමාලා (Industry Oriented). මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් පිරිනැමෙන්නේ විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා උපාධියක් වුවත් එම දෙපාර්තමේන්තුව 'පරිගණක හා ඉංජිනේරු විද්‍යාව' (CSE - Computer Science & Engineering) යනුවෙන් නම් කොට තිබෙන්නේ පාඨමාලාවේ ඉංජිනේරු උපාධියක වගේම පරිගණක විද්‍යා උපාධියක යන ද්විත්වයෙම ගති ලක්ෂණ තිබෙන නිසා. මේක තමයි ඇත්තටම ලෝකයේ පිළිගත් ප්‍රවණතාව (Trend). පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහාත් පරිගණක විද්‍යා විෂයයන් තෝර ගන්න පුළුවන්. උපාධියේ ශීර්ෂය B.Sc.(Engineering).
කැළණිය විශ්වවිද්‍යාලයේ Industrial Management දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (MIT - B.Sc. in Management and Information Technology) පාඨමාලාවත් මේ තුන්වන කැටගරියේ තියෙන්නෙ. මේකත් ඉතා ඉහළ ඉල්ලුමක් තියෙන පාඨමාලාවක්. හේතුව තමයි Industry එකේදි ගොඩක් වෙලාවට පද්ධති හදන්න ඕනෑ ව්‍යාපාරික ප්‍රජාවට. බොහොමයක්ම මෙහෙම පද්ධති ERP Solutions (Enterprise Resource Planning) කියන වර්ගයේ ඒවා. ඒවායෙ මූලික අභිලාෂය ආයතන මට්ටමෙන් මානව, භෞතික හා මූල්‍ය සම්පත් කලමනාකරණය. එතනදි වානිජ්‍ය, ගිණුම්කරණය හා කළමනාකරණ දැනුම විශාල වශයෙන් වුවමනා වෙනවා. මේ වෙනුවෙන් වෙනම දැනුමැති අය බඳවා ගන්නවට වඩා පරිගණක දැනුමත් එක්කම ගන්න තමයි Industry කැමති. ඇයි ලාබයිනේ. වැඩ දෙකයි - පඩි එකයි. අනිත් එක දෙක්කෙනෙක් කියන දේ අනිත් කෙනාට තේරෙන්නෙ නෑ. ඕක මටත් වෙලා තියෙනවා ඔය ජාතියෙ ව්‍යපෘතිවල වැඩ කරද්දි. හොඳම විසඳුම තමයි IT අය වානිජ්‍යය ඉගෙන ගන්න එක. ඒක අනිත් පාඨමාලා හදාරන අයත් දැනගන්න එක හොඳා.
මේවගෙ උගන්නන ඒව ගැන වෙන වෙනම කතාකරන්න වෙලාවක් නෑ.
පරිගණක විද්‍යාව හා පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙන අයටනම් කියන්න තියෙන්නෙ පරිගණක විෂයයන් වලට අමතරව
ගණිතය, සංඛ්‍යානය හා ඉලෙක්ට්‍රොනික් විද්‍යාව යම් යම් මට්ටම්වලින් ඉගෙන ගැනීමට සිදුවන බවයි.
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ පරිගණක විද්‍යාව කිව්වම තනිකරම පරිගණකය ගැන ඉගෙන ගන්නෙ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. බලන්න ඕනිනම් පරිගණක විද්‍යා විශේෂ උපාධියට හදාරන්න පුළුවන් ක්ෂේත්‍ර.
මේ නිසා තමන්ට අවශ්‍යනම් අනාගතයේදි පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයම තෝරා නොගෙන, විකල්ප ක්ෂේත්‍රයකට පියමං කළ හැකියි. (පශ්චාත් උපාධිය සඳහා පරිගණක උපාධියක්ම තෝරාගැනීම අනිවාර්ය නැහැ.)
මේ අනුව ඔබට පහත දැක්වෙන වෘත්තීන් තෝරා ගන්න පුළුවන්.(ප්‍රථම උපාධියෙන් ලබා ගන්න පදනම හා වැඩි දුර (පශ්චාත් උපාධි) අධ්‍යාපනය තුළින්)
කළමනාකරු (Management Positions including IT Manager, GM- General Manager of IT Company) හා වෙනත් පරිපාලන තනතුරු
පර්යේෂණ විද්‍යාඥ (Research Scientist)
විද්‍යුත් ඉංජිනේරු (Electrical / Electronics Engineer)
රොබෝ තාක්ෂණික හෝ යාන්ත්‍රික ඉංජිනේරු (Robotics/Automation/Mechanical Engineer)
ගණිතඥ (Mathematician)
සංඛ්‍යාන විශේෂඥ (Statistics Specialist)
ජෛව තාක්ෂණවේදී (Bio technologist)
ජාන ඉංජිනේරු (Genetic Engineer)
හෝ මෙ ඕනෑම විෂයක් පිළිබඳ කථිකාචාර්ය (University Lecturer / Teacher) හෝ
විශේෂඥ උපදේශක (Consultant).....තවත් ඕනෑ තරම් අවස්ථා
හරි...කම්පියුටර් උපාධිය සම්පූර්ණ කලා කියමුකෝ...ඊට පස්සෙ....?
ඊට පස්සෙ නේද...? මෙන්න මේවගෙන් එකක් තමයි කරන්න වෙන්නෙ.
විශේෂයෙන්ම කියන්න ඕනෙ ඔය කියන ක්ෂේත්‍ර 6 ම සාර්ථකව නියෝජනය කරපු / කරන කෙනෙක් ලෙසයි ප්‍රොෆා ඒ කාරුණික අවවාදය දෙන්නෙ. නැතුව ඔබේ අධ්‍යාපන සුදුසුකම් හෑල්ලු කරන්න නෙමෙයි. 1 වෙනි ක්ෂේත්‍රයේ කලක් ඉඳල, යන්න පුළුවන් ඉහලම තාක්ෂණික වගකීමට ගිහින් තියෙනවා. 2 සහ 3 තමයි දැනට ප්‍රධාන වශයෙන්ම නියුතු වෙලා ඉන්නෙ. 4,5,6 ට සම්බන්ධ වෙන්න වුනේ අහම්බෙන්, මට කළින් එතැනට ගියපු සමීප මිතුරන්ගෙ මාර්ගයෙන්. කයිවාරුව ඇති. වැඩේට බහිමු. ඒ කියන්නෙ එක එකක් වෙන් වෙන් වශයෙන් විස්තර කිරීම.
හොඳයි. මෘදුකාංග සමාගමක කෙරුවාම මෙහෙමයි. ප්‍රධාන වශයෙන් පරිගණක උපාධිධාරියෙකුට තම දැනුම සහ උනන්දුව (interest) මත තෝර ගන්න පුළුවන් ස්වභාවය අනුව වෙනස් අනු-ක්ෂේත්‍ර මේවායි.
ඉහළ ගණිතමය විශ්ලේශන හැකියාවන් (Analytical Skills) සහිත, වේගයෙන් මොළය වෙහෙසා වැඩ කරන්නට හැකි සහ පරිගණක භාෂාවක් (Computer Language) (එම ආයතනයේ භාවිත කරන) චතුර ලෙස හැසිරවිය හැකි (කතා කරන්න නෙවෙයි, ක්‍රමලේඛනය Programming - ඒ කියන්නෙ පරිගණක වැඩසටහන් ලියන්න - Code කරන්න - පරිගණකයට අදාල භාෂාවෙන් උපදෙස් - instructions දෙන්න.) අය බොහෝවිට තෝරා ගැනෙන්නේ 1 වන කාණ්ඩයටයි. භාවිත වන භාෂා ගැන සැකෙවින් (සැකයෙන් නොවේ, ෂුවර් පිටම.) කිව්වොත් java වගේ විවෘත (Open-Source) ,C#,NET/ C++.NET වගේ මයික්‍රොසොෆ්ට් සමාගමේ විද්‍යාගාරවල නිර්මිත භාෂා තමයි Industry භාවිත වෙන්නෙ. එතනිනුත් ජනප්‍රියම Java, C#.NET තමයි.
Visual Basic වගේ ඒව ඉහළ මට්ටමේ සමාගම් වල භාවිත වෙන්නෙ නෑ. C වගේ ඒවත් ගන්නව, ටිකක් ඇඩ්වාන්ස්, හාඩ්වෙයාර් (ඇණ විකුණන කඩවල නෙමෙයි, ඒ කියන්නෙ පරිගණක වැඩසටහන්ගතකරණය කළ හැකි (Programmable) අධි තාක්ෂණික විද්‍යුත් උපකරණ වලට - Embedded Systems, Programmable Devices අදාල උපදෙස් අඩංගු වැඩසටගන් කවන්න. OR Device Drivers Compilation) ඒ වගේ ඒවනම් ලංකාවෙ කෙරෙනව අඩුයි, ඔය interblocks, Excel Technology (Cambridge Technologies), Zone 24x7 වගේ සමාගම් අතළොස්සක විතරයි කෙරෙන්නෙ.
ERP (Enterprise Resource Planning) Solutions (ව්‍යාපාර ප්‍රජාවට අවශ්‍ය සම්පත් කළමණාකරණය කරන්න උදවු වෙන මෘදුකාංග පද්ධති) වගේම PDA, Mobile Apps. වගෙ ජංගම උපාංග වලටත් දැන් දැන් මෘදුකාංග ලියැවෙනව. Android වගේ තාක්ෂණ වලටත් යනව.
දැන් අපි බලමු ආයතනයක් ඇතුලෙ පුද්ගලානුබද්ධ වගකීම් අනුව මේ කාණ්ඩයේ තනතුරුවල ව්‍යුහාත්මක සැකසීම. කෙනෙකුට උසස්වීම් ලැබෙන්නෙත් මේ පිළිවලට තමයි.
සාමාන්‍යයෙන් මෙවනි ආයතනයක සමාන්තරව ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙනව. ආයතනයෙ තාක්ෂණික සේවාදායකයො (Technical Staff) කණ්ඩායම් වලට කඩල ඒ එක එක ව්‍යාපෘති එයාලට භාර දෙනව.
මේ කණ්ඩායමේ ප්‍රධානියා තමයි ව්‍යාපෘති කළමනාකරු හෙවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ (Project Manager). එයා තමයි ඉහළ කළමනාකරණ (Top Management) තනතුරු වලට තමන්ගෙ කණ්ඩායම වෙනුවෙන් සහ සේවාදායකයා (Client - වැඩේ භාර දෙන කෙනා) ගෙ අවශ්‍යතා (Requirements) හරියටම සන්තර්පනය (Satisfaction) කිරීම වෙනුවෙන් වගකියන්නෙ.
මෙයාට සහයට ඒ වගෙම ඉහළ දැනුමක්, බුද්ධියක් සහ අත්දැකීම් තියෙන තව කෙනෙක් ඉන්නව Software Architect කියල. එයා ඕනි වෙන්නෙ මෘදුකාංග ව්‍යාපෘතියෙ ආකෘතිය හරියට සැලසුම් කරගන්න.
ඊළඟට ඉන්නෙ තාක්ෂණික ප්‍රධානී (Team/Tech Lead). එයා තමයි මෘදුකාංග හදන ඉංජිනේරු කණ්ඩායමේ නායකයා. එයා වගකියන්නෙ ව්‍යාපෘති අධ්‍යක්ෂකට. එයා යටතෙ තමයි ඉංජො සෙට් එක බහින්නෙ. මෙතන ඉන්නව අත්දැකීම් වැඩි ජෙය්‍ය්ෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරු (SSE-Senior Software Engineer), මෘදුකාංග ඉංජිනේරුවරු (SE-Software Engineer) සහ ආධුනික නැත්නම් සහකාර (සමහර සමාගම්වල විතරක් තියෙන තනතුරක්) මෘදුකාංග ඉංජිනේරුවරු(ASE-Associate Software Engineer). සමහර සමාගම්වල ක්‍රමලේඛක (Analyst Programmer) කියල තනතුරකුත් තියෙනවා.
පරිගණක උපාධිධාරියෙක් විදියට ඔයාල බැඳෙන්නෙ ඔය කියපු මෘදුකාංග ඉංජිනේරුවරු හෝ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරු කියන තනතුරට.
2 වන කාණ්ඩය හෙවත් මෘදුකාංග තත්වය පරීක්ෂාව සහ සහතික කිරීම යටතේ එන තනතුරු (QA Engineer) ගැන නම් වැඩි විස්තරයක් කියන්න නෑ. එයාල මෘදුකාංග විවිධ ක්‍රම වලට පරීක්ෂාකරල වැරදි තියෙනවද කියල බලනව. මේ සඳහා විවිධ පරිගණක වැඩසටහන් (Software Testing Tools) භාවිත වෙනව. මෘදුකාංග සංවර්ධක තරම් මොළය වෙහෙසන්නෙ නැති වුනත් මේකත් සෑහෙන වගකීමක් තියෙන රස්සාවක්. බැරිවෙලාවත් තත්වය හොඳයි කියල වැරදි සහතිකක් දීල පස්සෙ වැරදි මාට්ටු වුනොත් ගස්. මෙයාලගෙ වැටුපනම් බොහෝවිට Dev.(Developer = ලංකාවෙදි Software Engineer) කෙනෙකුට සාපේක්ෂව චුට්ටක් විතර අඩුයි.
ඔය IFS(Industrial & Financial Systems - ස්වීඩන් මෘදුකාංග සමාගමක්) වගෙ සමහර ඉහළ පෙළේ සමාගම්වලනම් BA(Business Analyst) (NOT either Bachelor of Arts OR Bala Aparadakaaraya) කියල වෙනම තනතුරක් තියෙනව, හැබැයි මේක නම් සෑහෙන විශ්ලේෂණ හැකියාවක් ඕනෙවෙන, වාර්තා සැකසීම ගැන හොඳ දැනීමක් තියෙන උසස් රැකියාවක් කියල කියනව. ඒ නිසාම වැටුපත් ඉතා ඉහළයි.
මේ මොන තනතුරට බැඳුනත්, මාස ගණනක පරිවාස (Probation) කාලයක් වැඩ බලලා එහෙම තමයි සේවයේ ස්ථිර කරන්නෙ. වැඩ හොඳ නැත්නම් කැපෙන්නත් පුළුවන්.
තව දෙයක් කියන්න ඕනෙ මේ ක්ෂේත්‍රය ගැන.
මේකෙ රඳා පැවත්ම සහ විශේෂයෙන්ම උසස්වීම රඳාපවතින්නෙ තනිකරම දක්ෂතාවය හා කැපවීම මත. උපාධිය 3 අවුරුදු සාමාන්‍ය (General) එකක්ද, සිවු අවුරුදු විශේෂ (Special) එකක්ද, පන්ති සාමාර්ථයක් (Class) තියෙනවද කියන එක එච්චරම අදාල වෙන්නෙ නෑ. අවශ්‍ය වෙන්නෙ
යනාදී ගුණලක්ෂණයි.
මේවා ඔබ තුල ඇත්නම් උපාධියේ ලකුණු මට්ටම ටිකක් අඩු වුවත් ඔබේ පැවැත්ම ස්ථිරයි.
ලංකාවෙ පිළිගත් මෘදුකාංග සමාගම් 400 ගණනක් තියෙනව. මෙයින් ජාත්‍යන්තර සමාගම් 100කට නොඅඩු ගණනක් තිබෙනව්. 600 ගණනක් මෘදුකාංග සේවා ලබාදෙන්නන් කියල ලියාපදිංචි කරල තියෙනව. ඒ නිසා නම් වශයෙන් සඳහන් කරන්නෙ නෑ. එකක් හරි මිස් වුනොත් අනිත් සමාගම්වල අය තරහ වෙයිනෙ.
මීළඟට අධ්‍යයන ක්ෂේත්‍රය දෙසට හැරෙමු.
(මේක ගැන තමයි ප්‍රොෆාට වැඩිම කැක්කුමක් තියෙන්නෙ.
මෙතනදි ප්‍රොෆා මේ ගැන සඳහන් කරන්නෙ ශිෂ්‍යයෙක්, පශ්චාත් උපාධි ශිෂ්‍යයෙක්, උපදේශකයෙක්, ආධුනික කථිකාචාර්යවරයෙක් හා කථිකාචාර්යවරයෙක් විදියට ජාතික විශ්වවිද්‍යාල 4කම අත්දැකීම් එක්කයි.)
විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න නම් ඔබට පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය ඉතා ඉහළින් සමත් වන්නට සිදුවනවා. කවදාහරි කථිකාචාර්යවරයෙක් (Lecturer) වන්නට ඕනෑනම් සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක්, පළමු හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථයක් (1st Class or 2nd Upper Honours) හා අවසන් වසර පර්යේෂණයක් සමග අවශ්‍ය වෙනවා.
කොහොම වුනත් ඔබට උපාධිය ගත් ගමන් බැඳෙන්න වෙන්නේ සහය ආචාර්ය මණ්ඩලයට, ප්‍රදර්ශක (Demonstrator) හෝ උපදේශක (Instructor) ලෙස. මීට පසු සහය කථිකාචාර්ය (Assistant Lecturer) තනතුර සඳහා සලකා බැලෙනවා. පුරප්පාඩු ඇත්නම් පමණක්, වසරක පලපුද්දක් සහිත ඔබට පරිවාස කථිකාචාර්ය (Probation Lecturer) තනතුරට පත්වෙන්න හැකියි, හැබැයි මේක බොහේ විට කණ්ඩායමේ වැඩිම ලකුණු ගත්තා කෙනා (Batch-Top) ට විතරක් උදා වෙන දුර්ලභ අවස්ථාවක්. ඒත් ඔබට විශ්වාසයක් තියෙනෙව නම් මේ අරමුණ උදෙසා කැප වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන්.
සියලුම පරිවාස කථිකාචාර්යවරු වසර 8ක් තුළ සිය පූර්ණ කාලීන පර්යේෂණයක් මත පදනම් වූ පශ්චාත් උපාධිය (M.Phill.) සම්පූර්ණ කළ යුතුයි. (ඉස්සර නම් M.Sc.-Master of Science භාර ගත්තා. දැන්නම් M.Sc.එච්චර ගණන් ගන්නෙ නෑ.) එවිට ඔහු හෝ ඇය ජෙය්‍යෂ්ඨ කථිකාචාර්ය II ශ්‍රේණියට උසස් කෙරෙනවා. (අවම වශයෙන් වසර 6ක පළපුරුද්දත් සමග.)
මින් පසු ආචාර්ය උපාධිය (Ph.D.) සම්පූර්ණ කළ යුතුයි. ආචාර්යවරයෙක් (Doctor) වන්නේ ඉන් පසුවයි.(ඔය නම ඉස්සරහට Dr. කියල දාන්නෙ කට්ටිය.)
හැකිනම් ප්‍රථම උපාධියට පස්සෙ සෘජුවම ආචාර්ය උපාධිය කළ හැකියි. (M.Phill. කරන්නෙ නැතුව). හැකිනම් කිව්වෙ ඔය කළින් කියපු පරිවාස කථිකාචාර්ය වෙන්න දක්වපු සුදුසුකම් (සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක්, පළමු හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථයක් (1st Class Honours OR 2nd Upper Honours) හා අවසන් වසර පර්යේෂණයක් - Research Component සමග) සියල්ලම සපුරා තිබේනම්.
අවම වශයෙන් වසර 12 ක දිගුකාලීන අත්දැකීම් හා පශ්චාත් - ආචාර්ය උපාධි පර්යේෂණ මත පදනම් කරගෙන තමයි මහාචාර්ය (Professor) පදවියක් ලැබෙන්නෙ. මේක ඉතාම දුලබ අවස්ථාවක්.
මේ ක්ෂේත්‍රයේ යන්න පුළුවන් ඉහළම තනතුර තමයි (අධ්‍යයන අංශ ප්‍රධානී, පීඨාධිපති, උපකුලපති වගේ පරිපාලනමය තනතුරු හැරුණු කොටගෙන.) ජෙය්‍යෂ්ඨ මහාචාර්ය (Senior Professor). හැබැයි මෙහෙම තනතුරක් තියෙන්නෙ ලංකාවෙ විතරයි. ඉන්නෙත් 50ට අඩු ගණනක්. ඔය කියන ලක්ෂෙ පැනපු පඩි තියෙන්නෙ මෙතුමන්ලාට විතරයි. මෙච්චර වැඩි වැටුපක් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට තියෙනව කියල සාමාන්‍ය මිනිස්සුන්ට කියන්න හදාගත්ත තනතුරක් කියල සමහරු කියනව.
මීළඟට පූර්ණ කාලීන පර්යේෂක (Full-Time Researcher) ගැන බලමු.
මෙහෙම කෙනෙක් වෙන්නත් ඉතින් විශ්වවිද්‍යලයක ආධුනික කථිකාචාර්යකෙනෙක්ගෙ සුදුසුකම් ඕනෙ වෙනව.නමුත් ලංකාවෙ මේ අවස්ථා ගොඩක්ම අඩුයි. හේතුව පර්යේෂණ කරන විද්‍යායතන අල්ප වීම. ලංකාවෙ (කෘෂිකර්ම පර්යේෂණ ආයතන නොවේ, අපි කතාකරන්නෙ පරිගණක හෝ ඉංජිනේරු උපාධිධාරීන් ගැනනෙ.) ප්‍රධාන පෙළේ ආයතන තියෙන්නෙ දෙකම දෙකයි.
එකක් තමයි හන්තානෙ මූලික අධ්‍යයන ආයතනය (IFS - Institute of Fundamental Studies). අනික ප්‍රොෆාත් කාලයක් හිටපු කටුබැද්දෙ ආතර්. සී. ක්ලාක් ආයතනය.
ලංකාවෙ විද්‍යාඥයො (Scientist) කියල පත්වීම් ලිපියකින් පිළිගත්ත අය ඉන්නෙ මේවගෙ තමයි.
ඒත් ඇත්ත කතාවනම් පශ්චාත් උපාධිය සඳහා ඉගෙන ගන්න, පර්යේෂණ කරන විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි ශිෂ්‍යයො, ආචාර්ය උපාධි ශිෂ්‍යයොත් මේ කැටගරියට දාන්න පුළුවන් කියන එක.
Source

1. පරිගණක විද්‍යාව (CS - Computer Science)
2. පරිගණක ඉංජිනේරු විද්‍යාව (CE - Computer Engineering)
3. මෘදුකාංග ඉංජිනේරුකරණය (SE- Software Engineering)
4. තොරතුරු තාක්ෂණය (IT - Information Technology)
5. තොරතුරු පද්ධති (IS - Information Systems)

1. සෘජුවම පරිගණක වෘත්තියවේදීන් බිහිකරන උපාධි පාඨමාලා
2. පරිගණක විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස අවශ්‍යනම් තෝරා ගත හැකි උපාධි පාඨමාලා (Join - Major Degrees)
3. සංයුක්ත, එනම් වෙනත් ප්‍රධාන විෂයයක් සමග සමගාමීව පරිගණකකරණය හැදෑරීමට සලස්වන උපාධි පාඨමාලා (Combined Degrees)
2. පරිගණක විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස අවශ්‍යනම් තෝරා ගත හැකි උපාධි පාඨමාලා (Join - Major Degrees)
3. සංයුක්ත, එනම් වෙනත් ප්‍රධාන විෂයයක් සමග සමගාමීව පරිගණකකරණය හැදෑරීමට සලස්වන උපාධි පාඨමාලා (Combined Degrees)
පළමු වර්ගයේ උපාධි පාඨමාලා වල ශීර්ෂය ලෙස ලැබෙන්නේ මෙවැන්නක්.
1. පරිගණක විද්‍යාවේදී Bachelor of Computer Science - B.C.Sc. හෝ B.C.S. - උදා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල (UCSC-University of Colombo School of Computing), රුහුණ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව (DCS) විසින් පිරිනමන උපාධිය.
2. විද්‍යාවේදී (පරිගණක විද්‍යා) B.Sc.(Computer Science) හෝ විද්‍යාවේදී (පරිගණක විද්‍යා හා තාක්ෂණ) B.Sc.(Computer Sc. & Technology) උදා. ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
3. විද්‍යාවේදී (තොරතුරු තාක්ෂණය) B.Sc. in IT උදා. තොරතුරු තාක්ෂණ පීඨය,මොරටුව වි.වි.
4. තොරතුරු තාක්ෂණවේදී B.I.T.- කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල (UCSC) හා මොරටුව වි.වි. මගින් පිරිනමණු ලබන බාහිර උපාධිය
5. විද්‍යාවේදී (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) - ව්‍යවහාරික විද්‍යා පීඨය, රජරට විශ්වවිද්‍යාලය
6. කාර්මික තොරතුරු තාක්ෂණවේදී B.I.I.T - ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
දෙවන වර්ගයේ උපාධි පාඨමාලා (Join - Major Degree)2. විද්‍යාවේදී (පරිගණක විද්‍යා) B.Sc.(Computer Science) හෝ විද්‍යාවේදී (පරිගණක විද්‍යා හා තාක්ෂණ) B.Sc.(Computer Sc. & Technology) උදා. ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
3. විද්‍යාවේදී (තොරතුරු තාක්ෂණය) B.Sc. in IT උදා. තොරතුරු තාක්ෂණ පීඨය,මොරටුව වි.වි.
4. තොරතුරු තාක්ෂණවේදී B.I.T.- කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල (UCSC) හා මොරටුව වි.වි. මගින් පිරිනමණු ලබන බාහිර උපාධිය
5. විද්‍යාවේදී (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) - ව්‍යවහාරික විද්‍යා පීඨය, රජරට විශ්වවිද්‍යාලය
6. කාර්මික තොරතුරු තාක්ෂණවේදී B.I.I.T - ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
ගණිතය, භෞතික විද්‍යාව, සංඛ්‍යානය හෝ ජීව විද්‍යාව වැනි විෂයක් සමග විද්‍යාවෙදී (B.Sc.) සාමාන්‍ය හෝ විශේෂ උපාධියේ එක් ප්‍රධාන විෂය පථයක් ලෙස හැදෑරිය හැක. පරිගණක දැනුමට අමතරව වෙනත් විෂය දැනුමකින්ද උපාධිධාරියා සමන්විත නිසා මොවුන්ටද හොඳ ඉල්ලුමක් පවතිනව. විශේෂයෙන් කොළඹ (හෝ පේරාදෙණිය) විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය හා පරිගණක විද්‍යාව (Statistics & Computer Sc.) හෝ ගණිත (Mathematics) පසුබිමක් සහිතනම් එයාලට වෙනත් පරිගණක උපාධිධාරියෙක්ට ලැබෙන සැලකිල්ලම බොහෝවිට ලැබෙනව.
ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, සබරගමුව, රජරට හා වයඹ විශ්වවිද්‍යාලවලත් විද්‍යා හා ව්‍යවහාරික විද්‍යා (Applied Sciences) පීඨවල මේ පාඨමාලා පැවැත්වෙනව.
තුන්වන වර්ගයේ උපාධි (Combined Degrees)
(තුන්වන වර්ගයේ කියන්නෙ සම්මත හැඳින්වීමක් හෝ එහි තත්ත්වය නිරූපණය කරන යෙදුමක් නොවෙයි, හුදෙක් වෙන්කර හඳුනාගැනීමට පමණයි.)
ඉංජිනේරු උපාධියක් ලෙස පිරිනැමෙන පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිවු අවුරුදු උපාධි පාඨමාලා සහ කලමණාකරන විෂයන් සමග ඒකාබද්ධව පිරිනැමෙන මේවාත් සෘජුවම වෘත්තිය පාඨමාලා (Industry Oriented). මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් පිරිනැමෙන්නේ විද්‍යාවේදී ඉංජිනේරු විද්‍යා උපාධියක් වුවත් එම දෙපාර්තමේන්තුව 'පරිගණක හා ඉංජිනේරු විද්‍යාව' (CSE - Computer Science & Engineering) යනුවෙන් නම් කොට තිබෙන්නේ පාඨමාලාවේ ඉංජිනේරු උපාධියක වගේම පරිගණක විද්‍යා උපාධියක යන ද්විත්වයෙම ගති ලක්ෂණ තිබෙන නිසා. මේක තමයි ඇත්තටම ලෝකයේ පිළිගත් ප්‍රවණතාව (Trend). පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහාත් පරිගණක විද්‍යා විෂයයන් තෝර ගන්න පුළුවන්. උපාධියේ ශීර්ෂය B.Sc.(Engineering).
කැළණිය විශ්වවිද්‍යාලයේ Industrial Management දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (MIT - B.Sc. in Management and Information Technology) පාඨමාලාවත් මේ තුන්වන කැටගරියේ තියෙන්නෙ. මේකත් ඉතා ඉහළ ඉල්ලුමක් තියෙන පාඨමාලාවක්. හේතුව තමයි Industry එකේදි ගොඩක් වෙලාවට පද්ධති හදන්න ඕනෑ ව්‍යාපාරික ප්‍රජාවට. බොහොමයක්ම මෙහෙම පද්ධති ERP Solutions (Enterprise Resource Planning) කියන වර්ගයේ ඒවා. ඒවායෙ මූලික අභිලාෂය ආයතන මට්ටමෙන් මානව, භෞතික හා මූල්‍ය සම්පත් කලමනාකරණය. එතනදි වානිජ්‍ය, ගිණුම්කරණය හා කළමනාකරණ දැනුම විශාල වශයෙන් වුවමනා වෙනවා. මේ වෙනුවෙන් වෙනම දැනුමැති අය බඳවා ගන්නවට වඩා පරිගණක දැනුමත් එක්කම ගන්න තමයි Industry කැමති. ඇයි ලාබයිනේ. වැඩ දෙකයි - පඩි එකයි. අනිත් එක දෙක්කෙනෙක් කියන දේ අනිත් කෙනාට තේරෙන්නෙ නෑ. ඕක මටත් වෙලා තියෙනවා ඔය ජාතියෙ ව්‍යපෘතිවල වැඩ කරද්දි. හොඳම විසඳුම තමයි IT අය වානිජ්‍යය ඉගෙන ගන්න එක. ඒක අනිත් පාඨමාලා හදාරන අයත් දැනගන්න එක හොඳා.
මේවගෙ උගන්නන ඒව ගැන වෙන වෙනම කතාකරන්න වෙලාවක් නෑ.
පරිගණක විද්‍යාව හා පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙන අයටනම් කියන්න තියෙන්නෙ පරිගණක විෂයයන් වලට අමතරව
ගණිතය, සංඛ්‍යානය හා ඉලෙක්ට්‍රොනික් විද්‍යාව යම් යම් මට්ටම්වලින් ඉගෙන ගැනීමට සිදුවන බවයි.
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ පරිගණක විද්‍යාව කිව්වම තනිකරම පරිගණකය ගැන ඉගෙන ගන්නෙ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. බලන්න ඕනිනම් පරිගණක විද්‍යා විශේෂ උපාධියට හදාරන්න පුළුවන් ක්ෂේත්‍ර.
1. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering)
2. පරිගණක ජාලගතකරණය (Computer Networking)
මේ දෙක ගොඩක් පරිගණක වලට සම්බන්ධ ඒවා වුනත්
3. Data Mining and WareHousing
4. ක්ෂුදු ඉලෙක්ට්‍රොනික් විද්‍යාව (Microelectronics)
5. Embedded Systems - සංයුක්ත පද්ධති (පරිවර්තනය ෂුවර් නෑ) මේක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාවට සම්බන්ධ එකක්. ක්ෂුද්‍රපාලක(Micro-controllers) හා ඒව භාවිත වෙන පද්ධති සැලසුම්කරනය ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නෙ.
6. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence - AI)
7. රොබෝ තාක්ෂණය (Robotics) (අවශ්‍යනම් කාර්මික ස්වයංක්‍රීයකරණය Industrial Automation)
8. ජෛව තොරතුරු තාක්ෂණය (Bioinformatics) (අවශ්‍යනම් ජෛව තාක්ෂණය - Biotechnology හා ජාන ඉංජිනේරු විද්‍යාව - Genetics)
කියන ඒව වෙනම පැත්තකට නැඹුරු වුනු ඒවා.2. පරිගණක ජාලගතකරණය (Computer Networking)
මේ දෙක ගොඩක් පරිගණක වලට සම්බන්ධ ඒවා වුනත්
3. Data Mining and WareHousing
4. ක්ෂුදු ඉලෙක්ට්‍රොනික් විද්‍යාව (Microelectronics)
5. Embedded Systems - සංයුක්ත පද්ධති (පරිවර්තනය ෂුවර් නෑ) මේක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාවට සම්බන්ධ එකක්. ක්ෂුද්‍රපාලක(Micro-controllers) හා ඒව භාවිත වෙන පද්ධති සැලසුම්කරනය ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නෙ.
6. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence - AI)
7. රොබෝ තාක්ෂණය (Robotics) (අවශ්‍යනම් කාර්මික ස්වයංක්‍රීයකරණය Industrial Automation)
8. ජෛව තොරතුරු තාක්ෂණය (Bioinformatics) (අවශ්‍යනම් ජෛව තාක්ෂණය - Biotechnology හා ජාන ඉංජිනේරු විද්‍යාව - Genetics)
මේ නිසා තමන්ට අවශ්‍යනම් අනාගතයේදි පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයම තෝරා නොගෙන, විකල්ප ක්ෂේත්‍රයකට පියමං කළ හැකියි. (පශ්චාත් උපාධිය සඳහා පරිගණක උපාධියක්ම තෝරාගැනීම අනිවාර්ය නැහැ.)
මේ අනුව ඔබට පහත දැක්වෙන වෘත්තීන් තෝරා ගන්න පුළුවන්.(ප්‍රථම උපාධියෙන් ලබා ගන්න පදනම හා වැඩි දුර (පශ්චාත් උපාධි) අධ්‍යාපනය තුළින්)
කළමනාකරු (Management Positions including IT Manager, GM- General Manager of IT Company) හා වෙනත් පරිපාලන තනතුරු
පර්යේෂණ විද්‍යාඥ (Research Scientist)
විද්‍යුත් ඉංජිනේරු (Electrical / Electronics Engineer)
රොබෝ තාක්ෂණික හෝ යාන්ත්‍රික ඉංජිනේරු (Robotics/Automation/Mechanical Engineer)
ගණිතඥ (Mathematician)
සංඛ්‍යාන විශේෂඥ (Statistics Specialist)
ජෛව තාක්ෂණවේදී (Bio technologist)
ජාන ඉංජිනේරු (Genetic Engineer)
හෝ මෙ ඕනෑම විෂයක් පිළිබඳ කථිකාචාර්ය (University Lecturer / Teacher) හෝ
විශේෂඥ උපදේශක (Consultant).....තවත් ඕනෑ තරම් අවස්ථා
හරි...කම්පියුටර් උපාධිය සම්පූර්ණ කලා කියමුකෝ...ඊට පස්සෙ....?
ඊට පස්සෙ නේද...? මෙන්න මේවගෙන් එකක් තමයි කරන්න වෙන්නෙ.
1. මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් (Software Industry)
2. අධ්‍යයන ක්ෂේත්‍රයේ රැකියාවක් / වැඩිදුර අධ්‍යයන කටයුතු (Academia / Post Graduate Studies / Research)
3. පර්යේෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් / වැඩිදුර අධ්‍යයන කටයුතු (පූර්ණ කාලීන) (Full Time Research)
4. කළමනාකරණ ශ්‍රේණියේ හෝ පරිපාලන සේවයේ රැකියාවක් (Management Positions)
5. විශේෂඥ උපදේශන සේවා (Consultancy)
6. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් අටවගෙන ව්‍යවසායකයෙක් (Entrepreneur) වෙන එක
මෙයින් 4, 5 සහ 6 යන ත්‍රිත්වයටම එකපාරට එන්න බැහැ. සෑහෙන කලක් තිස්සේ ඊට උඩින් තියෙන (1, 2 හෝ 3) ක්ෂේත්‍රයක අත්දැකීම් අරගෙන, අර අපි කියන්නෙ 'කට්ට කාලා' නැත්නම් 'තෙම්පරාදු වෙලා' වෙලා තමයි එතනට ක්‍රමාණුකූලව එන්න ඕනෑ. බොරුනම් කරල බලන්න, අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා (නා ගන්නවා). ප්‍රථම පන්තියේ සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක් තිබුනත් ඒකෙ වැඩි වෙනසක් වෙන්නෙ නැහැ. මම අත්දැකීමෙන් කියන්නෙ.2. අධ්‍යයන ක්ෂේත්‍රයේ රැකියාවක් / වැඩිදුර අධ්‍යයන කටයුතු (Academia / Post Graduate Studies / Research)
3. පර්යේෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් / වැඩිදුර අධ්‍යයන කටයුතු (පූර්ණ කාලීන) (Full Time Research)
4. කළමනාකරණ ශ්‍රේණියේ හෝ පරිපාලන සේවයේ රැකියාවක් (Management Positions)
5. විශේෂඥ උපදේශන සේවා (Consultancy)
6. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් අටවගෙන ව්‍යවසායකයෙක් (Entrepreneur) වෙන එක
විශේෂයෙන්ම කියන්න ඕනෙ ඔය කියන ක්ෂේත්‍ර 6 ම සාර්ථකව නියෝජනය කරපු / කරන කෙනෙක් ලෙසයි ප්‍රොෆා ඒ කාරුණික අවවාදය දෙන්නෙ. නැතුව ඔබේ අධ්‍යාපන සුදුසුකම් හෑල්ලු කරන්න නෙමෙයි. 1 වෙනි ක්ෂේත්‍රයේ කලක් ඉඳල, යන්න පුළුවන් ඉහලම තාක්ෂණික වගකීමට ගිහින් තියෙනවා. 2 සහ 3 තමයි දැනට ප්‍රධාන වශයෙන්ම නියුතු වෙලා ඉන්නෙ. 4,5,6 ට සම්බන්ධ වෙන්න වුනේ අහම්බෙන්, මට කළින් එතැනට ගියපු සමීප මිතුරන්ගෙ මාර්ගයෙන්. කයිවාරුව ඇති. වැඩේට බහිමු. ඒ කියන්නෙ එක එකක් වෙන් වෙන් වශයෙන් විස්තර කිරීම.
හොඳයි. මෘදුකාංග සමාගමක කෙරුවාම මෙහෙමයි. ප්‍රධාන වශයෙන් පරිගණක උපාධිධාරියෙකුට තම දැනුම සහ උනන්දුව (interest) මත තෝර ගන්න පුළුවන් ස්වභාවය අනුව වෙනස් අනු-ක්ෂේත්‍ර මේවායි.
1. මෘදුකාංග විශ්ලේෂණය, සැලසුම්කරණය, සැකසීම හා සංවර්ධනය (Software Analysis + Design + Implementation + Development = Software Engineering)
2. මෘදුකාංග තත්ව පරීක්ෂාව සහ සහතික කිරීම (Quality Assurance)
3. ගණුදෙනුකරුවන් (හෝ තාක්ෂණික කණ්ඩායම්) සම්බන්ධීකරනය සහ සහය දැක්වීම (Customer / Technical Support Engineers)
4. පරිගණක ජාල සම්බන්ධ රැකියා (නව ජාල සැලසුම් කිරීම, අධීක්ෂණ කටයුතු හා නඩත්තුව.) (Networking - Implementation, Monitoring & Maintenance) (බලාගෙන, Networking අන්තිමට Not-working වෙයිද දන්නෙ නෑ..!)
2. මෘදුකාංග තත්ව පරීක්ෂාව සහ සහතික කිරීම (Quality Assurance)
3. ගණුදෙනුකරුවන් (හෝ තාක්ෂණික කණ්ඩායම්) සම්බන්ධීකරනය සහ සහය දැක්වීම (Customer / Technical Support Engineers)
4. පරිගණක ජාල සම්බන්ධ රැකියා (නව ජාල සැලසුම් කිරීම, අධීක්ෂණ කටයුතු හා නඩත්තුව.) (Networking - Implementation, Monitoring & Maintenance) (බලාගෙන, Networking අන්තිමට Not-working වෙයිද දන්නෙ නෑ..!)
ඉහළ ගණිතමය විශ්ලේශන හැකියාවන් (Analytical Skills) සහිත, වේගයෙන් මොළය වෙහෙසා වැඩ කරන්නට හැකි සහ පරිගණක භාෂාවක් (Computer Language) (එම ආයතනයේ භාවිත කරන) චතුර ලෙස හැසිරවිය හැකි (කතා කරන්න නෙවෙයි, ක්‍රමලේඛනය Programming - ඒ කියන්නෙ පරිගණක වැඩසටහන් ලියන්න - Code කරන්න - පරිගණකයට අදාල භාෂාවෙන් උපදෙස් - instructions දෙන්න.) අය බොහෝවිට තෝරා ගැනෙන්නේ 1 වන කාණ්ඩයටයි. භාවිත වන භාෂා ගැන සැකෙවින් (සැකයෙන් නොවේ, ෂුවර් පිටම.) කිව්වොත් java වගේ විවෘත (Open-Source) ,C#,NET/ C++.NET වගේ මයික්‍රොසොෆ්ට් සමාගමේ විද්‍යාගාරවල නිර්මිත භාෂා තමයි Industry භාවිත වෙන්නෙ. එතනිනුත් ජනප්‍රියම Java, C#.NET තමයි.
Visual Basic වගේ ඒව ඉහළ මට්ටමේ සමාගම් වල භාවිත වෙන්නෙ නෑ. C වගේ ඒවත් ගන්නව, ටිකක් ඇඩ්වාන්ස්, හාඩ්වෙයාර් (ඇණ විකුණන කඩවල නෙමෙයි, ඒ කියන්නෙ පරිගණක වැඩසටහන්ගතකරණය කළ හැකි (Programmable) අධි තාක්ෂණික විද්‍යුත් උපකරණ වලට - Embedded Systems, Programmable Devices අදාල උපදෙස් අඩංගු වැඩසටගන් කවන්න. OR Device Drivers Compilation) ඒ වගේ ඒවනම් ලංකාවෙ කෙරෙනව අඩුයි, ඔය interblocks, Excel Technology (Cambridge Technologies), Zone 24x7 වගේ සමාගම් අතළොස්සක විතරයි කෙරෙන්නෙ.
ERP (Enterprise Resource Planning) Solutions (ව්‍යාපාර ප්‍රජාවට අවශ්‍ය සම්පත් කළමණාකරණය කරන්න උදවු වෙන මෘදුකාංග පද්ධති) වගේම PDA, Mobile Apps. වගෙ ජංගම උපාංග වලටත් දැන් දැන් මෘදුකාංග ලියැවෙනව. Android වගේ තාක්ෂණ වලටත් යනව.
දැන් අපි බලමු ආයතනයක් ඇතුලෙ පුද්ගලානුබද්ධ වගකීම් අනුව මේ කාණ්ඩයේ තනතුරුවල ව්‍යුහාත්මක සැකසීම. කෙනෙකුට උසස්වීම් ලැබෙන්නෙත් මේ පිළිවලට තමයි.
සාමාන්‍යයෙන් මෙවනි ආයතනයක සමාන්තරව ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙනව. ආයතනයෙ තාක්ෂණික සේවාදායකයො (Technical Staff) කණ්ඩායම් වලට කඩල ඒ එක එක ව්‍යාපෘති එයාලට භාර දෙනව.
මේ කණ්ඩායමේ ප්‍රධානියා තමයි ව්‍යාපෘති කළමනාකරු හෙවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ (Project Manager). එයා තමයි ඉහළ කළමනාකරණ (Top Management) තනතුරු වලට තමන්ගෙ කණ්ඩායම වෙනුවෙන් සහ සේවාදායකයා (Client - වැඩේ භාර දෙන කෙනා) ගෙ අවශ්‍යතා (Requirements) හරියටම සන්තර්පනය (Satisfaction) කිරීම වෙනුවෙන් වගකියන්නෙ.
මෙයාට සහයට ඒ වගෙම ඉහළ දැනුමක්, බුද්ධියක් සහ අත්දැකීම් තියෙන තව කෙනෙක් ඉන්නව Software Architect කියල. එයා ඕනි වෙන්නෙ මෘදුකාංග ව්‍යාපෘතියෙ ආකෘතිය හරියට සැලසුම් කරගන්න.
ඊළඟට ඉන්නෙ තාක්ෂණික ප්‍රධානී (Team/Tech Lead). එයා තමයි මෘදුකාංග හදන ඉංජිනේරු කණ්ඩායමේ නායකයා. එයා වගකියන්නෙ ව්‍යාපෘති අධ්‍යක්ෂකට. එයා යටතෙ තමයි ඉංජො සෙට් එක බහින්නෙ. මෙතන ඉන්නව අත්දැකීම් වැඩි ජෙය්‍ය්ෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරු (SSE-Senior Software Engineer), මෘදුකාංග ඉංජිනේරුවරු (SE-Software Engineer) සහ ආධුනික නැත්නම් සහකාර (සමහර සමාගම්වල විතරක් තියෙන තනතුරක්) මෘදුකාංග ඉංජිනේරුවරු(ASE-Associate Software Engineer). සමහර සමාගම්වල ක්‍රමලේඛක (Analyst Programmer) කියල තනතුරකුත් තියෙනවා.
පරිගණක උපාධිධාරියෙක් විදියට ඔයාල බැඳෙන්නෙ ඔය කියපු මෘදුකාංග ඉංජිනේරුවරු හෝ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරු කියන තනතුරට.
2 වන කාණ්ඩය හෙවත් මෘදුකාංග තත්වය පරීක්ෂාව සහ සහතික කිරීම යටතේ එන තනතුරු (QA Engineer) ගැන නම් වැඩි විස්තරයක් කියන්න නෑ. එයාල මෘදුකාංග විවිධ ක්‍රම වලට පරීක්ෂාකරල වැරදි තියෙනවද කියල බලනව. මේ සඳහා විවිධ පරිගණක වැඩසටහන් (Software Testing Tools) භාවිත වෙනව. මෘදුකාංග සංවර්ධක තරම් මොළය වෙහෙසන්නෙ නැති වුනත් මේකත් සෑහෙන වගකීමක් තියෙන රස්සාවක්. බැරිවෙලාවත් තත්වය හොඳයි කියල වැරදි සහතිකක් දීල පස්සෙ වැරදි මාට්ටු වුනොත් ගස්. මෙයාලගෙ වැටුපනම් බොහෝවිට Dev.(Developer = ලංකාවෙදි Software Engineer) කෙනෙකුට සාපේක්ෂව චුට්ටක් විතර අඩුයි.
ඔය IFS(Industrial & Financial Systems - ස්වීඩන් මෘදුකාංග සමාගමක්) වගෙ සමහර ඉහළ පෙළේ සමාගම්වලනම් BA(Business Analyst) (NOT either Bachelor of Arts OR Bala Aparadakaaraya) කියල වෙනම තනතුරක් තියෙනව, හැබැයි මේක නම් සෑහෙන විශ්ලේෂණ හැකියාවක් ඕනෙවෙන, වාර්තා සැකසීම ගැන හොඳ දැනීමක් තියෙන උසස් රැකියාවක් කියල කියනව. ඒ නිසාම වැටුපත් ඉතා ඉහළයි.
මේ මොන තනතුරට බැඳුනත්, මාස ගණනක පරිවාස (Probation) කාලයක් වැඩ බලලා එහෙම තමයි සේවයේ ස්ථිර කරන්නෙ. වැඩ හොඳ නැත්නම් කැපෙන්නත් පුළුවන්.
තව දෙයක් කියන්න ඕනෙ මේ ක්ෂේත්‍රය ගැන.
මේකෙ රඳා පැවත්ම සහ විශේෂයෙන්ම උසස්වීම රඳාපවතින්නෙ තනිකරම දක්ෂතාවය හා කැපවීම මත. උපාධිය 3 අවුරුදු සාමාන්‍ය (General) එකක්ද, සිවු අවුරුදු විශේෂ (Special) එකක්ද, පන්ති සාමාර්ථයක් (Class) තියෙනවද කියන එක එච්චරම අදාල වෙන්නෙ නෑ. අවශ්‍ය වෙන්නෙ
දැඩි කැපවීම (ගොඩක් වෙලාවට නියමිත කාලයට වැඩිපුර වැඩ කරන්න වෙනවා අතිකාල නැතුවම.),
අධික පීඩනයක් යටතෙ වුවත් සාර්ථකව වැඩ කරගෙන යාම,
නියමිත වෙලාවට වැඩ අවසන් කිරීම,
කණ්ඩායම සමග සහයෝගයෙන් වැඩකිරීම (සන්නිවේදන කුසලතා),
නායකත්වයට අනුකූල වීම,
පිළිවෙලට වැඩ කිරීම,
නව තාක්ෂණික ප්‍රවණතා පිළිබඳව උනන්දුවක් දැක්වීම සහ නොදන්නා දේ ඉතා ඉක්මනින් ග්‍රහණය කර ගැනීම,
ඉවසීම,
නොදන්නා අයට දන්නා දේ කියා දීම,
අවංක භාවය (බොරු පොරොන්දු හා අසත්‍ය තොරතුරු - විශේෂයෙන් වත්මන් ප්‍රගතිය පිළිබඳ - සැපයීමෙන් වැලකීම.)