Hadawathak athi ayata pamanayi දුවේ නුඹ කවදාක එගොඩ යයිද මේ ගඟේ

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
Hadawathak athi ayata pamanayi දුවේ නුඹ කවදාක එගොඩ යයිද මේ ගඟේ

කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන රටක,ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන පාසැල් සිසුන්.


දුවේ නුඹ කවදාක එගොඩ යයිද මේ ගඟේ !

river1.jpg


"මිරිවැඩි සඟළක්‌ ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා"



හදිසියේම වාගේ නන්දා මාලනියගේ සුගායනීය වූත් හෘදයාංගමය වූත් මධුර ස්‌වරයකින් ලියුම්කරුගේ හදවත කම්පනය වූයේ පසුගිය රාත්‍රියේ දුටු සිහිනයකින් නම් නොවේය. ඒ පසුගිය 01 වැනිදා "දිවයින" පුවත්පතේ මුල්පිටුව මගින් ජනතාව හමුවේ තැබූ ජනතාවාදී රූප ප්‍රවෘත්තියකින් කියෑවුන කඳුළු කතාවක්‌ නිසාය. එම පුවතම පසුගිය දින එක්‌තරා රූපවාහිනී නාලිකාවකද දර්ශන සහිතව විකාශය විය. ඒ හද රිදවන පුවත මේසය.

වැල්ලවාය පතානයාය ගම්මානයේ ජීවත් වන පවුල් එකසියපනහකට අධික පිරිසකට ගම්මානය හරහා ගලා බසින කිරිදිඔය දායාදයකි. එහෙත් එම ගඟෙන් එගොඩ මෙගොඩ වීමට ඔවුන්ට පාළමක්‌ නැත. අවුරුදු හතළිහක්‌ පමණ තිස්‌සේ ඔවුන් ගඟෙන් එගොඩ මෙගොඩ වන්නේ හුළං පිර වූ ටියුබ්වලිනි. මේ දිනවල ඇදහැලෙන ධාරානිපතා වර්ෂාවෙන් කිරිදිඔය දෙගොඩ තලා යන්නේය. එහෙයින් පතානයාය ගම්වැසියන්ට ඔයෙන් මෙගොඩඩ ඒමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. එහෙත් ඒ ගම්මානයේ දරුවෝ ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන්නෝය.



neela4.jpg
river.jpg


කාල වර්ණ රුවක්‌ ඇති, කොන්ඩය කරල් දෙකකට ගොතා පොත් මිටිය ළැමට තුරුළු කොටගෙන පාසල් නිල ඇඳුමින් සැරසී හිමිදිරි උදැසනක පාසල් යන මේ දැරිය ඒ සුන්දර චමත්කාර ජනක පාසල් ගමන යන්නේ, සිය මිතුරු මිතුරියන් හා කෙලිකවට සිනහවෙන් හෝ ඔමරි කතාවෙන් යුතුව නම් නොවේ. ඉහළට ගත් හුස්‌ම පොද පහළට දැමීමට පවා බියෙන් බිහිසුණු දිය දහරා මැදින් හුළං පිරවූ ටියුබයකට මැදිවී මරබියේ ගැහෙමින් වයස අවුරුදු දොළහක්‌ පමණ වූ මේ දැරිවියගේ දැසින් රූරා ගලන්නේ අපේ රටට දැන් ඇති එකම ප්‍රශ්නය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් 13 ඉවත්කිරීම පමණකැයි කෑ මොරදෙන දේශපාලන ගෙම්බන්ගේ දැස නොදකින කඳුළුය. දැසට නොපෙනෙන කඳුළුය. මේ අවිහිංසක දියණිය හැඬුවේ ඇයට දින ගණනාවකින් කුසට අහරක්‌ නොවැටුනේ කියා හෝ, පාසල් යැමට අවැසි ඇඳුම් පැළඳුම් පොත පත නොලැබුනේය කියා හෝ, එසේත් නැතිනම් පොඩ්ඩන්ට පුළුවං කියා පෙන්නූ වැඩ කිඩ වලින් තරුවක්‌ වීමට අවශ්‍ය SMS නොලැබීම නිසා හෝ නොවේ. තමන් ජීවත්වන මුළු ගමේම මිනිසුන්ට මේ ප්‍රචණ්‌ඩ ජල ධාරාවෙන් එගොඩ මෙගොඩ වීමට අඩුතරමේ වැල් පාලමක්‌ හෝ ලබා දෙන්නැයි රට කරවන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි. ගමේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉකිබිඳ හඬා වැටුන මේ දියණියගේ කඳුළු අපව රාත්‍රියේදී ලැඡ්ජාවට පත් කළේය. කම්පාවට පත් කළේය.

නාගරික හා අර්ධ නාගරික පාසල්වල අකුරු කරනා අපේ දූ දරුවෝ බොහොමයක්‌ එදින රාත්‍රි ප්‍රවෘත්ති විකාශය දුටුවේ නම් (බොහෝ පාසල් දරුවෝ ප්‍රවෘත්ති බලන්නේ නැත.) ඔවුන් විශ්මයෙන් ගල් ගැසීයනු ඇත. මන්ද එක්‌කෝ ගේ දොරකඩටම එන පාසල් වෑන් රථයෙන් හෝ පාසල් බසයෙන් හෝ කිසිම අපහසුවක්‌ නැතිව පාසලේ ප්‍රධාන ගේට්‌ටුව අසලට යැමේ වාසනාව ඇති මේ දරුවෝ කිසිදාක මේ දුක දන්නේ නැත. ඒ දුක දන්නවා නම් සිය ගණනින් ගොස්‌ අල්ලපු වැටේ පාසලේ සිටින තම සගයන්ට ගල්මුල් වලින් පහර දෙන්නේ නැත. විදුහලට අලුතින් පත්ව ආ විදුහල්පතිවරයාගේ මෝටර් රථය පොඩිකර විදුහල්පතිවරයාටද පහර දී මැරයින් සේ හැසිරෙන්නේද නැත.

රටේ අග නගරයට යන අපි 'කොලොම්පුරේ ශ්‍රියාවෙන්" මන් මත්වී මහා සම්භාෂණ මන්දිරයක්‌ අසලින් දිවෙන අලංකාර ඇවිදීමේ, ශරීර සුවතා මංතීරු ඔස්‌සේ ඇවිද යන කල රෙදි ගැළවෙන තරම් ලඡ්ජාවක්‌ දැනුනානම් ඒ දැනුනේ සැබැවින්ම රත්තරං දුවේ, ඒ නුඹ එදා හෙලූ ඒ කඳුළු නිසාය. නොකඩවා නුඹේ දැසින් ගැලූ කඳුළු වැල් නිසාය.

හුළං පිරවූ වාහන ටියුබයකට ගොඩවී නුඹට ඔරවමින් ගොරවමින් වේගයෙන් ගලා බසිනා දිය දහරාවට බියේ පණ ගැහි ගැහී සුදු ඇඳුම තෙමාගෙන, නුඹ ගිය ඒ පාසල් ගමන මුළු රටේම හිස්‌බව අපට ප්‍රත්‍යක්‍ෂ කළේය. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ඉගිල යාහැකි සුපිරි මාවත් අපට තිබේ. දින 65 න් ඉදිකළ ගුවන් පාලම්ද අපට තියේ. එහෙත් දුවේ නුඹ හඬන්නේ ගමට වැල් පාලමක්‌වත් දෙන්න කියාය.

අනාගත ආසියාවේ ආශ්චර්යය වීමට සිහින මවන රටක, වාර්ෂිකව රුපියල් බිලියන සිය ගණනක මහජන මුදලින් නඩත්තු වන දැවැන්ත ඇමැති මණ්‌ඩලයක්‌ සිටින රටක නුඹ හෙලූ ඒ කඳුළ, බොල් කඳුළක්‌ වන්නේ කෙසේද?

කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන අපි, ළඟදීම ඒක පුද්ගල ආදායම ඇ.ඩො. හාරදහස ඉක්‌මවන මිනිසුන් සිටින රටක පුරවැසියන් වෙන සැටි සිහිනයෙන් දකිනා කල, රත්තරං දුවේ ඊයේ රාත්‍රියේදී මා දැස දුටු නුඹේ ඒ කඳුළු බිඳු මහ මෙරක්‌ සේම බර කළේ කිමද? මා දුබල හදවත.

නුඹ හැඬුවේ, නුඹ වෙනුවෙන්ම නොවේය. නුඹ වැනිම නංගිලා මල්ලිලා සේම අක්‌කලා සහ අයියලා ද වෙනුවෙනි. ඡන්ද කාලයට ගඟ හරහා පිහිනාගෙන සරම තෙමාගෙන, නුඹලාගේ අම්මාවරුන්, අප්පාවරුන් වෙතට පැමිණ උන්ගේ දුප්පත් ඡන්දය කොල්ලකාගෙන පලාගිය දේශපාලන ගෙම්බන්ගේ කෙලෙහි ගුණ නොදත්කම වෙනුවෙන් නුඹ හෙලූ කඳුළුය ඒ.

නුඹේ වෙව්ලන කටහඬ තවමත් මා දෙසවන දොaංකාර දේ. නුඹේ කාලවර්ණ කොපුල්තල දිගේ පහළට රූරා ගලා බසින රිදීවන් කඳුළු කැට මගේ ආත්මයට දියකර හරින්නා සේ මට දැනේ. ලෝකයම නොපෙනෙන්නට මම දැස වසාගත්තෙමි. ඈතින් ඇසෙන්නේ නන්දා මාලනියගේ මධුර ස්‌වරයයි. සමාජ හෘද සාක්‍ෂියේ ෙදනීය දොaංකාරයයි. මම ඇයට සවන් දෙමි.

"මිරිවැඩි සඟලක්‌ ඉල්ලා හැඬුවෙමි

පායුග නැති ඔබ දකින තුරා

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා..."



ජයන්ත විඡේසිංහ දිවයින පුවත් පතට ලිවූ ලිපියක් ඇසුරෙන්
 
  • Like
Reactions: NB Diamonds

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
මෙච්චර මිනිස්සු දුක් වෙනවා ඒත් කතාව නම් ආශ්චර්ය
@#$#%#%#% :(:(:(:(:(:(:(

nvidialogoi.jpg
 

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
:(ආසියාවේ ආශ්චර්ය.
පිස්සුද බන් දුක් වෙන්නෙ :shocked::shocked::shocked::shocked: ආඩම්බරකාර තාත්තා රේසිං කාර් වල මිල අඩු කළානෙ :no::no::no::no: මේ ළමයින්ට ඉස්සරහට නයිට් රයිඩර් කාර් වලින් ටර්බෝ බූස්ට් දාලා පාලමෙන් එගොඩ වෙන්න ඇහැකිවෙයි :):):):):):) දුක් වෙන්නෙ මක්කටෙයි :lol::lol::lol::lol::lol::lol:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ආන්ඩුවට කඩේ යන උන් මේකටත් බැනපල්ලා බොරුවක් කියලා. ඒනියා සන්වර්දනය කියන්නෙ ඕකයි
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පිස්සුද බන් දුක් වෙන්නෙ :shocked::shocked::shocked::shocked: ආඩම්බරකාර තාත්තා රේසිං කාර් වල මිල අඩු කළානෙ :no::no::no::no: මේ ළමයින්ට ඉස්සරහට නයිට් රයිඩර් කාර් වලින් ටර්බෝ බූස්ට් දාලා පාලමෙන් එගොඩ වෙන්න ඇහැකිවෙයි :):):):):):) දුක් වෙන්නෙ මක්කටෙයි :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    රේසින් ඩිලයිට්
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    sanwardanen wadak nathi un rata panapiyau.. kanna naththan anduwata bana bana noida wadak karala keeyak hari hoya ganiu! :lol::lol::lol:
    මගෙ බල්ලටවත් එපා මෙහෙම අහිංසක මිනිස්සුන්ට දුක දීලා රේසිං කාර් ගෙන්නන සංවර්ධනයක් !
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගෙ බල්ලටවත් එපා මෙහෙම අහිංසක මිනිස්සුන්ට දුක දීලා රේසිං කාර් ගෙන්නන සංවර්ධනයක් !

    ahinsaka minissu nathi ratakata panapan...! ethakota therei! :lol::lol::lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පිස්සු පුසා;13833791 said:
    me higanno kanna nathath me pahara anduwatamayi chande denne,
    okunta ohoma wela madi kalakanni:lol::lol::lol::lol:

    පුළුවන් වෙලාවක මේ COMMENT එකට රෙපක් දෙන්නම්
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    UNP otuwo! :growl:

    hapa ganiu dekata namila ! :lol::lol::lol:
    ඔව් ඔව් උබොලාගෙ කට අර අහිංසක ළමයින්ට unp ඔටුවෝ කියන්නත් නැමෙනවා නෙ . මහරජා දආන ඕනැ බෙට්ටක් ලෙවකන හිවල්ලු. හිරිකියි බො :dull::dull::dull::dull::dull::dull::dull:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් උබොලාගෙ කට අර අහිංසක ළමයින්ට unp ඔටුවෝ කියන්නත් නැමෙනවා නෙ . මහරජා දආන ඕනැ බෙට්ටක් ලෙවකන හිවල්ලු. හිරිකියි බො :dull::dull::dull::dull::dull::dull::dull:

    mamada umbada bola unta otuwo kiwwe....

    UNP ah thawa JVP, Peratugami otuwo thama unge duken godayanna balan innee....

    :lol::lol::lol::lol::lol: Otuwo kawadath Otuwo thama...... umbalata sanwardane daneddi bariya... wena ratakata panapiyau!