[FONT="]හත් මුහුදෙන් එපිට ගුගුරුවා- බතරොයි උගුරු දණ්ඩ [/FONT]
[FONT="]හත් දෙයියන් බලා ඉද්දි - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT][FONT="]
මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT]
[FONT="]
ඇත් දත් ගම්මිරිස් කුරුඳු - මැණික් අරන් එතෙර යන්ඩ[/FONT][FONT="]
ලක් මවුන්ගෙ දරු පැටවුන් - වාල් කමේ තියා ගන්ඩ[/FONT][FONT="]
වැව් බිඳ රන් කොත බිමලා - දාගැබ පිට කොඩි දමන්ඩ[/FONT]
[FONT="]මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT]
[FONT="]
යෝද කඳු වළලු වටලා - වන හිස මුඩු බිම් කරන්ඩ[/FONT]
[FONT="]කෝපි, තේ, රබර් වවලා එතෙර එ දේසෙට යවන්ඩ[/FONT][FONT="]
ඉර නොබහින පොළව වටේ - කතිර කොඩිය ලෙළ දෙවන්ඩ[/FONT][FONT="]
මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT]
[FONT="]
සත්තු වගේ මඩ කාගෙන - දිව කාගෙන බර අදින්ඩ[/FONT][FONT="]
උත්තම අදිරාජ්ජෙකට - ජීවිත පූජා කරන්ඩ[/FONT][FONT="]
අනේ අපොයි අපිත් ගියා - පය පාමුල වාල් වෙන්ඩ[/FONT][FONT="]
මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT]
[FONT="]මහත්වරුණි පේනවාද අදත් එනව රට කරන්ඩ.....[/FONT]