ඔබත්_මඤ්ඤොක්කා_වලට_ආසද_?
ඔබත් මඤ්ඤොක්කා වලට ආසද ?
මඤ්ඤොක්කා කියන්නේ ශ්‍රීලංකාවේ ඉතාමත් ප්‍රචලිත් ආහාරයට ගත් හැකි අල වර්ගයක් වගේම මඤ්ඤොක්කා විෂ වීම්ද අපට නිතරම අහන්නට දකින්නට ලැබෙනවා.
එහෙත් මෑත කාලයේ, වැඩිපුර මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබිණ. මෙයට එක් හේතුවක් වන්නේ එහි අඩංගු විටමින් "B17" නම් ප්‍රති-පිළිකාකාරක සංයෝගයක් ගැන ඇතිවූ කතාබහයි.
මේ ගැන ජිනීවා හි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවසන්නේ වෙනම අකාරයේ දෙයකි. (Food safety) අහාර රසකාරක/පරිරක්ෂක (JECFA-Joint FAO/WHO Committee On Food Additives) මෙන්ම රසායනික කෘමිනාශක වලින් ආහාර වලට අති බලපෑම (JMPR -Joint FAO/WHO Meetings on Pesticide Residues) පිලිබඳ ආයතනය පවසන්නේ මඤ්ඤොක්කා වල "විටමින් B17" නම් සංයෝගයක් නැති බවත් එය සමහර ශාඛ වල ස්වභාවිකවම හට ගන්න Amygdalin නම් සංයෝගයක් බවත්ය, මෙහි කිසිදු විද්‍යාත්මක ව ඔප්පු කළ ප්‍රති-පිළිකාකාරක ගුණයක් නොමැති බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
මඤ්ඤොක්කා නිසි ලෙස ආහාරයට නොගැනීමෙන් විෂ සහිත විය හැකි හේතුව වන්නේ එහි ඇති Amygdalin, Linamarin වැනි සංයෝග අහාර ජීර්ණ පද්ධතිය තුලදී සයනයිඩ් බවට පෙරලීමට හැකි වීමයි.එනිසා මේවා සයනයිඩ් කාරක සංයෝග (Cyanogenic Glycosides) ලෙස හඳුන්වනවා.
මඤ්ඤොක්කා වල අඩංගු මෙම විෂ සඳහා වැඩි වශයෙන්ම හේතු වන්නේ එහි ඇති Linamarin සංයෝගයයි. Linamarin ජලය සමඟ විච්චේදනය වී මිනිසාට ඉතාමත් විෂ සහිත HCN නැමති සංයෝගය නිපදවනු ලැබේ.
මඤ්ඤොක්කා සෙල්සියස් අංශක 60කට අඩු උෂ්ණතවයකට රත් කිරීමේදී මෙම HCN Linamarin වලින් පිටවී යයි, එහෙත් සෙල්සියස් අංශක 60ට වැඩි උෂ්ණතව වලදී මෙය අක්‍රීය වී HCN මඤ්ඤොක්කා අල වලම ඉතිරිවේ, එබැවින් කෙතරම් කට ලොකු මුට්ටියක පියන ඇර තැම්බුවද යම්කිසි HCN ප්‍රමාණයක් මෙම අලවල ඉතිරි වෙයි.
එබැවින් මඤ්ඤොක්කා වල විෂ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නම් කට ලොකු මුට්ටියක පියන හැර සෙල්සියස් අංශක60 කට අඩු උෂ්ණතවයකින් තම්බාගෙන එම වතුර පෙරා ඉවත කර නැවතත් පෙර අකාරයෙන්ම තුන් වතාවක්වත් මඤ්ඤොක්කා තම්බා ගැනීම සිදුකල යුතුය. මෙම ක්‍රමය මගින් මඤ්ඤොක්කා වල පවතින විෂ සහිත සංයෝගය 98 % පමණ ඉවත් කර ගැනීමට හැකි වනු ඇත.
මඤ්ඤොක්කා යනු ඉතාම ඉහල ග්ලයිසීමික් අගයයක් (Glyceamic Index) සහිත ආහාරයක්. ග්ලයිසීමික් අගය යනු අප සීනි සහිත ආහාරයක් ගත් විට රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල යන වේගයයි. මෙය පාන් වලට සාපේක්ෂව මනින අතර පාන් වල අගය 100ක් වන විට එය මඤ්ඤොක්කා වල 94ක් වනවා (එය දෙල් වල 60ක් ද, රොටී වල 65ක්ද පමණ වීමෙන් මෙය කෙතරම් ඉහල අගයක්දැයි ඔබට පෙනෙනවා ඇති). මේනිසා දියවැඩියාව වැනි රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු විශාල ප්‍රමාණවලින් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් වැලකීම වැදගත්ය.
මඤ්ඤොක්කා යනු ප්‍රොටීන් අවම ආහාරයක්, එම නිසා මඤ්ඤොක්කා පමණක් ආහාරයට ගැනීමෙන් ඔබේ කැලරි අවශ්‍යතාවය සපිරුනත්, ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපිරීම සිදු නොවීම නිසා "ප්‍රෝටීන් කැලරි දුශ්පෝෂණය" එනම් මන්දපෝෂණයට ලක් විය හැකියි.
කොහොම වෙතත් මඤ්ඤොක්කා හරි ආකාරව සකස් කර ව්‍යංජනයක් හෝ ප්‍රධාන ආහාරවේල සඳහා අල වර්ගයක් ලෙස ගැනීමේ එතරම්ම වරදක් නැත.