ලංකාවේ කටුස්සෝ ......

gayathra28

Member
Jun 10, 2007
495
63
0
ලංකාවේ කටුස්සෝ ......

මට හිතුන අද ලංකාවේ ඉන්න කටුස්සෝ ගැන ටිකක් කතා කරොත් හොඳය් කියල.අපි හිතුවේ නැති වුනාට කටුස්සොත් ලංකාවට අභිමානයක් ගෙනාපු සෙට් එකක්. ඒ මොකද කියනවනම් ලංකාවේ ඉන්න කටුසු වර්ග 18න් 12 ක්ම ලන්කාවට විතරක් අවේනික වෙන නිසා.ලංකාවේ කටුස්සෝ වර්ග 18 උප කුලක 6 කට අයත් වෙනවා.ඒ තමය්

1. Calotes
2. Otocryptis
3. Cophotis
4. Sitana
5. Ceratophora
6. Lyriocephalus


මේ අතරින් Cophotis හා Ceratophora කියන උප විශේශයන් 2 ලංකාවට අවෙනිකය් . මේ Cophotis කියන විශේෂයේ කටුසු වර්ග 2ක් ඉන්නව. ඒ 2න්නම් ලංකාවේ විතරය් ඉන්නේ. එතකොට Cophotis කියන වර්ගේ කටුසු මල්ලිලා ඉන්නේ ලංකාවේ විතරය් .තේරුනාද?ඒ වගේම තමය් Ceratophora එකේ සෙට් එකත් .


1. Calotes
Calotes calotes පලා කටුස්සා
ccalotesb.jpg


Calotes ceylonensis තොල විසිතුරු කටුස්සා (ආවේනික)
calotesceylonensis1big.jpg


Calotes desilvai Bahir & Maduwage ඩි සිල්වා ගේ කටුස්සා (ආවේනික)
calotesdesilvai.jpg



Calotes liocephalus Günther කොඳු දැති රහිත කටුස්සා (ආවේනික)
calotesliocephalusb1.jpg


Calotes lioleps Boulenger සිවුරුහන්ලන කටුස්සා (ආවේනික)
calotesliolepis3big.jpg


Calotes nigrilabris Peters කළු කොපුල් කටුස්සා (ආවේනික)
calotesnigrilabrisfbig.jpg


Calotes versicolor versicolor ගරා කටුස්සා
cversicolorb.jpg




2. Otocryptis


Otocryptis wiegmanni පිනුම් කටුස්සා
otocryptisweigmanni3big.jpg


Otocryptis nigristigma පහතරට පිනුම් කටුස්සා (ආවේනික)
otocryptisnigristigma2b.jpg


3. Cophotis


Cophotis ceylanica කඳුකර කුරු කටුස්සා (ආවේනික)
cophotisceylanica1b.jpg


Cophotis dumbara දුම්බර කුරු කටුස්සා (ආවේනික)
cophotisdumbara3.jpg



4. Sitana


Sitana ponticeriana පුලින තැලි කටුස්සා

sitamb.jpg



5. Ceratophora

Ceratophora aspera රැළුල් අං කටුස්සා (ආවේනික)
ceratophoraasperabig.jpg


Ceratophora stoddarti කගමුව අං කටුස්ස (ආවේනික)
cerastoddb.jpg


Ceratophora tennentii පෙති අං කටුස්ස (ආවේනික)
tenenti.jpg



Ceratophora erdeleni එර්දෙලේන්ගේ අං කටුස්ස

ceratophoraerdeleni.jpg


Ceratophora karu කරුණාරත්නගේ අං කටුස්ස (ආවේනික)
ceratophorakaru03000029.jpg


6. Lyriocephalus
Lyriocephalus scutatus කරමල් බෝදිලිමා (ආවේනික)
lyriocephalusb.jpg




දැන් තේරෙනවනේද අපි හැමදාම දකින කවුරුත් ගණන් ගන්නේ නැති කටුස්සන්ගේ අගේ. මෙච්චර අවේනික ප්‍රතිශතයක් තියෙන කටුසු ප්‍රභේද ගාණක් ඉන්නේ ලංකාවේ විතරය් .


තව ඉන්නව එක dial එකක් .හැබය් මෙය නම් කටුස්සෙක් නෙමෙය් හැබය් කටුස්සන්ගේ ලංගම නෑයෙක් . මේ ජාතියේ එක්කෙනෙකුත් ලංකාවේ ඉන්නවා. මෙය තමය් බෝදිලිමා
බලන්ඩකෝ එයාගේ හැටි


Chameleo zeylanicus බෝදිලිමා
chameleoncbig.jpg


ඉතින් ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනේ මේ සම්පත් ටික ආරක්ෂා කරන්ඩ ඕනේ කියලා. එළකිරි වගේ කට්ටියට දැන් තෙරුනනේ ද ?
අද ඉඳන් කටුස්සෙක් දැක්කොත් හොඳට බලන්ඩ එකා මොන ජාතියේ කටුස්සෙක්ද කියල.


sourse-srilankanreptiles.com
 
Last edited: