අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    අපි අනෙක් අයගේ ආගම් ගැන එක එක කතා කිව්වට අපි දන්නවද ඒ ආගම් ගැන ඇත්තටම..බෞද්ධ,කතෝලික,ඉස්ලාම් අගම් ගැන සහසුද්ධයෙන් අපි දන්නවද..? මම දන්න විදියට බෞද්ධ ආගම ගැන ගොඩක් වැරදි මත තියෙනවා අනෙක් අය තුල..

    ඉතිං ඒ වගේම මගෙත් පොඩි පොඩි හිස්තැන් තියෙනවා කතෝලික,ඉස්ලාම් ආගම් ගැන.කුරාණයේ බයිබලයේ තියෙන කරුණු ගැන ඇරුණහම ඒ ආගම් ගැන වෙන වෙන දේවල් මම හරියටම දන්නේ නැහැ ..ඒ ඒ අයගේ පැහැදිලි කිරීම මොන වගේද කියලා මම දන්නෙත් නැහැ.ඉතිං ඒ දේවල් ගැන වැරදි වැටහීම් ඇති කර ගන්නේ නැතිව ඒ අය‍ගෙන්ම අහලා දැන ගන්න එක හොඳයි කියලා හිතුණා. ඒකයි මම මෙහෙම නූලක් පටන් ගන්න හිතුවේ.​
    :eek::eek::eek:

    මම හිතුවා ගොඩක් කතෝලික,ඉස්ලාම් අයගේ බෞද්ධ දර්ශනය ගැන තියෙන ප්‍රධානම වැරදි වටහීම නැති කරන්න..අනිත් බෞද්ධ සහෝදරයෝ මට උදව් කරයි කියලා හිතනවා මේ ගැන අනිත් ආගම් වල සහෝදරයන්ට වටහා ගන්න...මේක කියන්න හදන්නේ ඉතාමත් සරළ ලෙසින්...

    ***බුදුන් වහන්සේ කියන්නේ මේ ලොකේ හදපු කෙනාවත් බිහි කරපු කෙනා නෙවෙයි. එතුමා මේ ලෝකේ පාලනය කරන කෙනාත් නෙවෙයි.බුදු කෙනෙක් කියන්නේ එක් අයෙකුට (මෙතනට එන්න ඔනි හොඳම වචනය මොකක්ද කියලා ආපේ අනෙක් සහෝදරයන්ගෙන් ඌණ පුරණයක් අවශ්‍යයි ) නෙවෙයි මනුෂ්‍යා කියන්නේ එතුමන්ගේ නිර්මාණයකුත් නෙවෙයි. ගෞතම කියන්නේ අන්තිමට මෙලොව පහල වෙච්ච බුදුවරයාණන්ගේ නම විතරයි..ඉතිං බුදු කෙනෙක් කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් වත්,‍දෙවි කෙනෙක්වත්,යක්ෂයෙක්වත් නෙවෙයි.එහෙනම් බුදු කෙනෙක් කියන්නේ කවුද... මේ ලෝකෙම ඉපදිලා මේ‍ ලෝකෙම හැදිල වැඩුනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා සත්‍යය අවබෝධ කරගෙන මේ ලෝකේ අන් අයවත් දුකින් මුදවන්න බිහි වෙච්ච කෙනෙක්.ඒ වගේමයි ඉස්සරහට තවත් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නටත් නියමිතයි.
    (උදාහරණයක් ලෙස ගුරුත්වාකර්ෂණය යනු අයිසෙක්‍ නිවුටන් නිපදවු දෙයක් නොව ලොව ඇති ඒ සංකල්පය තේරුම් ගෙන එය අන් අයටත් තේරුම් ගත හැකිවන පරිදි විස්තර කල තැනැත්තා වේ.අන්න ඒ වගේමයි බුදුන් වහන්සේ )

    ඒ වගේමයි බුද්ධ ධර්මය ප්‍රධාන කොටස් දෙකකට මම බෙදන්නම්.

    1.ලෝකොත්තර සුභසිද්ධිය සඳහා වදාල ධර්මය
    2.ලෞකික සුභසිද්ධිය සඳහා වදාල ධර්මය

    මේ ගැන විස්තර අපි අනිත් සහෝදරයින්ගෙන් එන් එන විදියට විස්තර කරමු.

    ---------------------------------

    මටත් තියෙනවා ඉස්ලාම් ආගම ගැන පොඩි ගැටලු කිහිපයක්...ඒකටත් උත්තර මම මුස්ලිම් ‍සහෝදරයන්ගෙන් බලාපොරොත්තු වෙනවා...

    1. ඔබලා විස්වාස කරන විදියට අල්ලාහ් දෙවියන් මේ ලෝකේ මැව්වා නේද....ඒ කියන්නේ මේ පෘථිවිය ගැනද නැත්තං මේ විශ්වය ගැනමද...?
    2.අල්ලාහි දෙවියන් ඉන්නේ කොහෝද....වෙනම විමානයක් තියෙනවද.. එහෙම නැත්තං ඉන්නේ කොහේද එතුමා...
    3.අල්ලාහ් දෙවියන් මේ ලෝකේ/විශ්වය මැව්වා නම් වර්තමාන විද්‍යාව ඔබලා ප්‍රතික්ෂේප කරනවාද..?
    ඒ කියන්නේ බිග් බෑන්ග් තියරිය ‍ වගේ දේවල්.....විශ්වයේ නිර්මාණය පිළිබඳ විද්‍යාත්මක මතය වගේ දේවල්....

    4.පරිණාම වාදය ඔබලා විශ්වාස කරනවාද....
    5.ඒ වගේමයි නුතන තාරකා විද්‍යාව ඔබලා ප්‍රතික්ෂේප කරනවාද..? විශ්වය ගවේෂණය අල්ලහ් දෙවියන්ව සැක කිරීමක් නේද..?
    6.එසේනම් මුස්ලිම් ජාතිකයන් උසස්පෙළට විද්‍යා විශය හදාරණ ‍එක අල්ලාහ් දෙවියන්ට විරුද්ධ නැත්තේ ඇයි..? මන්ද යත් ඒ තුල ඉහත කී කරුණු සත්‍ය යැයි ඉිගෙන් ගන්නා නිසා....
    7.ඔබලා පුනර්භවය විශ්වාස කරනවාද...? මරණින් පසු සිදු වන්නේ කුමක්ද...?

    මෙම කරුණු සඳහා ඔබලාගෙන් නිසි පැහැදිලි කිරීම්ද මම බලාපොරොත්තු වෙමි...බුදුදහම ලැන් තියෙන ඔනෙම ගැටලුවක් මෙතනින් අහන්න....මමත් අනිත් ස‍හෝදරවරුනුත් උදව් කරන්න ලැහැස්තියි...


    විශේෂයි...
    මොනයම් හෝ ආගමකට අපහාස කිරීම එසේ කිරීමට තැත් කිරීම එසේ අපහාස වන අයරින් ඡායාරූප හෝ මෙනයම් දෙයක් මෙහි පෝස්ට් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ...එවැනි පෝස්ට් මොඩරේටර් වරුන් ලවා ඉවත් කරවීමට මා විසින් කටයුතු කරනු ලැබේ....එසේම එසේ කරනු ලැබු විට බෑන් කරනු ලැබුවහොත් ඒ ගැන මාගේ කිසිදු වගකීමක් නොමති බව අවධාරණය කරමි.

     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පට්ට තෙඩ් එක
    බුදුහාමුරුවෝ ගැන ඔබේ නිර්වචනයට මම එකග වෙනවා
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    13945756.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ සාදු...!!
    එවැනි ශාස්තෲ වරයෙකු ගිය මග යන්න මන් පින් කරලා තියෙනවා....!!

    ඔව් ‍සහෝ බුදුසහමේ තියෙන් සිතීමේ විමසීමේ නිදහස ඉතාමත් වැදගත්....ඔනේ දෙයක් බය නැතුව ඔනේ වෙලාවක අහලා සැකය සිඳවන්න නිදහස තියෙනවා... අනිත දේව සංකල්ය මත පිහිටපු ආගම්ක් නොවන නිසා ඔනේ දේකට උත්තර තියෙනවා.....:yes:
     
    • Like
    Reactions: MihiCherub

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔව් ‍සහෝ බුදුසහමේ තියෙන් සිතීමේ විමසීමේ නිදහස ඉතාමත් වැදගත්....ඔනේ දෙයක් බය නැතුව ඔනේ වෙලාවක අහලා සැකය සිඳවන්න නිදහස තියෙනවා... අනිත දේව සංකල්ය මත පිහිටපු ආගම්ක් නොවන නිසා ඔනේ දේකට උත්තර තියෙනවා.....:yes:

    අන්න ඒ දේ තමයි වැදගත්ම දේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පට්ට තෙඩ් එක
    බුදුහාමුරුවෝ ගැන ඔබේ නිර්වචනයට මම එකග වෙනවා

    බුදු හාමුදුරුවෝ ගැන් හරියටම කියන්න මගේ දැනුම ප්‍රමාණවත් නැහැ කියලයි මට හිතෙන්නේ සහෝ..:no:..එතුමගේ ධර්මය ගැන තවම මම හදාරලා තියෙන ප්‍රමාණය ඉතාමත් අල්පයි.:sorry:.84000ක් ධර්මස්කන්ධය හොඳට අධ්‍යනය කරන්න ඔනි බුදුන් වහන්සේ ගැන හරියටම දැන ගන්න...:sorry:
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    මට තියනවා පොඩි ප්‍රශ්නයක්
    දැනට පේන විදියට මුස්ලිම් සහෝදරයින්ට (පුද්ගලිකව මම මුස්ලිම් සහෝදරයින් කියන්න කැමති නැ එත් මේ නුල දාපු තුමාගේ වචනෙට ගරු කිරීමක් වශයෙන් ඔය රතු වචනේ යොදනව )
    බුද්දාගම ගැන ප්‍රශ්න මොනවත් නැද්ද ?
    එහම නැත්තම් මෙතුමා අහල තියන ප්‍රශ්නවලට උත්තර මොනවත් නැද්ද ?
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මා බෞද්ධයෙක් වූයේ පෙර කල පින නිසාමය​, ධර්මානුකූලව ජීවත් වී, කුසල් දහම් කොට, සසර කෙටි කිරීමට​ තවත් පින් රැස් කල හැකි භවයකට යාම මගේ මේ භවයේ අරමුනයි, ඔබේ ? :yes: :yes: :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මා බෞද්ධයෙක් වූයේ පෙර කල පින නිසාමය​, ධර්මානුකූලව ජීවත් වී, කුසල් දහම් කොට, සසර කෙටි කිරීමට​ තවත් පින් රැස් කල හැකි භවයකට යාම මගේ මේ භවයේ අරමුනයි, ඔබේ ? :yes: :yes: :yes:

    මේ ආත්මයේදීම නිවන් අවබෝධ කර ගැනීම :D:yes: