chinasat 12 (Supreme1)

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    ගුවන් ගතකල chinasat 12 (Supreme 1) චන්ද්‍රිකවෙ මොකක් හරි වැරදක් නිසා ද තාම නිවැරදි ව කක්ෂ ගත වී නැත්තෙ....කලින් නම් කිව්වෙ විනඩි 7කින් 87.5E බූස්තවර කක්ෂයට (Geosynchronous orbit )ලගා වෙනවා කිව්වෙ.....:confused::confused::confused::confused::confused::confused:



    දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න පුලුවන්ද? :sorry::sorry::sorry::sorry:
    attachment.php


    මෙන්න ලින්ක් එකක් REAL TIME SATELLITE TRACKING වලට :nerd::nerd:
    http://www.n2yo.com/satellite/?s=39017

    zhongxing121.JPG


    zhongxing122.JPG


    zhongxing123.JPG


    zhongxing124.JPG


    :(දන්නෙ නැති දෙයක් ඇහැව්ව කියල රෙප් කපන්න නම් එපා
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    owa ehema awata giyata 5 wasare unge maths walin karala arinawa newei neda ? mala keliyak wenne oya kiyana reddawal wela nam. salli hena ganak ne machan :sorry:
     
    • Like
    Reactions: gkcnalaka

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ChinaSat-12 හෙවත් SupremeSAT-1 චන්ද්‍රිකාව පසුගිය 27වනදා සාර්ථකව උඩුගුවනට යැවූවද තවමත් එය එය නියමිත ස්ථානයට කක්ෂගතවී නැහැ.

    දැනට අන්තර් කක්ෂයක දැනට රඳවා ඇති ChinaSat-12 චන්ද්‍රිකාව පොලවේ සිට කිලෝ මීටර් 800 සිට 48,000 දක්වා දෝලනය වෙමින් ලංකාව හා අප්‍රිකාව අතර අහසේ සැරිසරයි.

    ගුවන්ගත කිරීමෙන් පසු මෙම චන්ද්‍රිකාව ඔස්ට්‍රේලියාව දෙසට ගොස් නැවත හැරී ලංකාව ආසන්නයෙන් ගමන් කර අප්‍රිකාව දෙසට ගොස් නැවත හැරී ගමන් කරනු දැකිය හැකිය හැකිය.

    අද සවස 4 පමණ වන විට කිලෝමීටර් 47,695 ක් ඉහල අහසේ අප්‍රිකාවට උඩින් ගමන් කළ එය රාත්‍රී 8 ට පමණ තිබුනේ පොළවට කිලෝමීටර් 20,514කට පමණ උඩිනි.

    නවතම චන්ද්‍රිකා ගුවන් ගත කරන ක්‍රම අනුව රොකට් බලයෙන් ඉහලට ඔසවන චන්ද්‍රිකාව මුලින් පහල ස්ථානයකට මුදා හැරේ.

    ඉන්පසු නියමිත කක්ෂයට ඉහලට යැවීම සඳහා පොලවේ ගුරුත්වය සමග දෝලනය උපයෝගී කර ගන්නා අතර කලින් ගණන් බලා ඇති සුදුසු තැනකට පැමිණි පසු චන්ද්‍රිකාවේ සවිකර ඇති කුඩා රොකට්ටු මගින් තල්ලු කර සමකයට ඉහල පෘතුවි ස්ථායි කක්ෂයේ රඳවයි. චන්ද්‍රිකාව තවමත් තිබෙනුයේ එම පහල කක්ෂයේය.

    Gossip9