සිත නිවන නිසදැස් මන්ඩපය...

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සිත නිවන නිසදැස් මන්ඩපය...

    එලකිරිය නැමැති මේ
    සොදුරු මල් මිටියාවතේ
    පොඩි සුලගටත් වැනෙන
    පුන්චි මල කැකුලු මෙන්
    එකට එක්වී ගෙවෙන
    මේ සොදුරු නිමේශය
    අගනේද කෙතරම්
    කිව හැකිද වචනයෙන්
    කිසිවෙකුට එක සිතින්.....

    ඉතින් සොයුරනි සොයුරියනි
    කරන්නෙමි ඇරයුම්
    ලියන්නට ඔබේ කවි පද
    මේ සොදුරු කොදෙව්වේ...

    මල්දමක් ලෙසට බැදි
    අපේ මුතුදම් සමග
    යමි පියාබා ඉදිරියට
    නැත් කිසිම චකිතයක්
    දනිමි මා පි‍ටුපස
    සිටින බව ඔබ හැම..........
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ පොලෝ තලය තුල,
    ඔබ නොවිදි දුක් නැති සේම.
    ඔබට මා දරන සෙනෙහස
    කිසිදාක නැති නොවන බව,
    ඔබ දන්නවාද යැයි
    මා නොදන්නා නැති නමුදු,

    වෙන්ව ගිය කල පියතුම
    තනිව වීරිය ගෙන සිතට
    ඔබ කලා වු ඒ හාස්කම
    කරන්නට හැකි වෙන කෙනෙක්
    මේ ලොවේ තවත් නැති බව
    ලොවටම රහසක් නොවන් බව
    දන්නවද ඔබ අම්මෙ?

    දිනෙක මා ජයගෙන
    මේ පොලෝ තලයම
    ඔබව සරසා මලින්
    පුදන්නෙමි එය ඔබට
    නමුදු එය පස් පිඩක්
    වනු නියැත ඔබ හට,
    මන්ද
    කල ඒ කැපකිරීම
    කරන්නට මා මිනිසෙකු
    සම කල නොහැක
    ලොවේ අන් කිසිවකට.......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සිතුවේ නෑ කෙදිනකවත්,
    පබදින්න කවියක්,
    කිසි ලෙසක කිසි වෙකුට,
    මේ ලෙසින් කොදුරන්න,

    එහෙත් ඔබ සිටින විට,
    වෙන් වෙලා මගෙන් දුර,
    ආදරය නැතුව නොව,
    ඉගෙනීම නිසාවෙන්,

    ලන්කර ගන්නට පෙර ලෙස,
    ඔබව අල්ලා හෙමිහිට,
    දැනෙන විට මේ සිතට,
    තනිකම කෙතරම් නපුරුද?

    වී මගේ එකම පන,
    සිටි ඒ වසර තුන,
    ඔබ දුන්නු ඒ සුවද,
    අද මෙන්ම හෙට දිනද,
    දෙනු ඇතැයි පෙර ලෙසම.
    පතමි මම දිවුරාම...

    අපේ ජීවිත පොතේ,
    ගෙවෙන තුන් වන වසර,
    ලග ලගම එන විටක,
    ඔබ ලග නැති මේ හෝරාව,
    තනියි සීතලයි මට......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම වැඩක්....
    11.gif
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    කොතරම් දැඩි
    හදක් වුවද
    යම් දවසක
    දයා දියෙන්
    ආර්ද්‍ර වී
    කදුලු සලන මොහොතක් ඇත.
    ඒ මොහොතේදි
    ඒ හදවත
    අත්ලට ගෙන
    බලනු මැනවි
    මෙ ලොව ඇති
    කිසිම දෙයක්
    එ තරමට ................
    සුන්දර නැත
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කොතරම් දැඩි
    හදක් වුවද
    යම් දවසක
    දයා දියෙන්
    ආර්ද්‍ර වී
    කදුලු සලන මොහොතක් ඇත.
    ඒ මොහොතේදි
    ඒ හදවත
    අත්ලට ගෙන
    බලනු මැනවි
    මෙ ලොව ඇති
    කිසිම දෙයක්
    එ තරමට ................
    සුන්දර නැත


    :):):yes::yes:

    අනිවා...
    ලස්සනයි.....