මේකයි සිද්ධිය 21 ගැන ලොවෙත් නැති කතා තියෙනවනෙ,
නෑ කිව්වට කවුරු කවුරුත් ඉතින් ටිකක් බය වෙලා ඉන්නෙ..
මොකක් වෙයිද කියලා, එහෙන් UFO එනවා,
මෙහෙන් භූමි කම්පා, ඉරපායන්නෙ පරක්කු වෙලා, රතු වැස්ස, කහ වැස්ස, කෙල්ලො කහනවලු
, සමහරු කලන්තෙ දැම්මලු එලියක් දැකලා, ආච්චිලා කියනවා Aliens ලා ආවලු උන්දැලව කැන්දගෙන යන්න, තව සමහරු උගුල් අටවනවා / බොරු වලවල් කපලා තියනවලු කැලේ ඉන්න Aliens ලා අල්ලන්න,
තව තව කිරි අප්පා කාලෙ වත් අහපු දැකපු නැති අමුතු කතා ගොඩයි,
කට්ටිය කියමුකො බලන්න News වල, EK එකෙ, ගොසිප් සයිට් වල, TV Series, Documentaries වල දැකපු අහපු දේවල් වලින් මේ වෙනකොට ඔලුවෙ තියෙන IDEA එක 12 21 හවස 3.30 ගැන ?
1. පෘතුවිය සම්පුර්නයෙන්ම විනාශ වනු ඇත.
ලෝකය සම්පූර්නයෙන්ම විනාශ වී, පෘතුවියේ ඇති සියලු ජීවය නැතිවී යනු ඇත. Dooms Day / කලියුගය මෙය වනූ ඇත.
2.සුලු ස්වාභාවික ව්‍යසනයක් පමනක් සිදුවේවි.
සුනාමි තත්වයක්/ ගිනිකදු පිපිරීම්/ භුචලන සිදුවි සුලු විනාශයක් සිදුවනුඇත. සාමාන්‍ය තත්වයට වඩා අනතුරක් සිදු වුනත් මනුෂ්‍ය ජන ජීවිතයට විශාල බල පැමක් සිදු නොවනු ඇත. සුනාමිය මෙන් ටික කලකින් අමතක වී යනු ඇත.
3. ධ්‍රව වල මාරුවීමක් සිදු වේවි.
ධ්‍රව වල වෙනස්කමක් සිදුවී විශාල ව්‍යසනයක් සිදුවනු ඇත. සමහර රටවල් Ice වලින් වැසීයනු ඇත. සමහර රටවල් කාන්තාර බවට පත්වෙනු ඇත.
4. සූරිය ගිනිදල්ලකට හෝවිශාල කළුකිහරයකට අපව අසුවේවි.
සූරිය ගිනිදල්ලකට අසුවීමෙන් ලෝකය විනාශ වීම හෝ, හදුනා නොගත් කලුකුහරයක්, Worm Hole එකක් මගින් පෘතුවිය ගිල ගැනීම සිදුවනු ඇත.
5. වෙනත් ග්‍රහලෝකයක හෝ, ග්රහකයක පෘතුවිය ගැටේවි.
Nibiru, Planet X හෝ වෙනත් දූම කේතුවක්, උල් කාශ්මයක් හෝ,, මොනයම් හො දෙයක් පෘතුවිය සමග ගැටී, සම්පූර්න වශයෙන්ම හෝ, අර්ධ වශයෙන් පෘතුවිය විනාශ වනු ඇත.
6. දින කිහිපයක් පෘතුවිය අදුරෙ පවතීවි.
ග්‍රහ ලෝක වල එක පෙලට පිහිටීම නිසා හෝ, යම් අයුර කින් හිරු එලිය දින කිහිපයක් යන තුරු පෘතුවියට නොලෙබෙනු ඇත, දින 3ක් හෝ කිහිපයක් පෘතුවිය අදුරේ, දැඩි සීතලකින් පවතිනු ඇත.
7. පිටසක්වල ජීවීන් අපව ආක්රමනය කරාවි/විනාශකර දමාවි.
පිටසක්වල ජීවින් අපත් සමග සටන් කර හෝ නොකර පෘතුවිය විනාශ කර දමාවි. ඉන් පසු ඔවන් මේ ලෝකය පාලනය කරාවි.
8. පිටසක්වල ජීවයත් සමග නව යූගයක් ඇරබේවි.
පිටසක්වල ජීවීන් මනූශ්යන් සමහ මිතුරු වනු ඇත. ඔවුන් සහ අප තාක්ශනය, දැනුම හුවමාරු කරගනු ඇත. අප නව ගැලෙක්සික යුගයකට යනු ඇත.
9. පොරොන්දු වු පරිදි එක් එක් ආගම් වල දෙවියන් නැවත පැමිනේවි
බොහෝ ආගම් වල සදහන් වන අයුරින් පෘතුවියට මනුශ්යන් ගෙනා "දෙවියන්" නැවත පැමිනීමට පොරොන්දු වූ පරිදි ඔවුන් නැවත පැමිනෙනු ඇත. සියලු ආගම් ගැන තිබෙන ආකල්පවෙනස් විය හැකි අතර, ජන ග්රහනයෙන් 2/3 ක් පමන විනාෂ විය හැක.
10. කිසිදු වෙනසක් නොවී සාමාන්‍ය දිනයක් පමනක්ම වනු ඇත.
මේක ගැනනම් අමුතුවෙන් කියන්න ඕන නැනේ. . 22 ත් වැඩට යන්න වෙනවා, .. .
කොටන්න සැහෙන්න මහන්සි උනා බම්ප් එකක් හරි පොඩි කොම්න්ට් එකක් දාලා ගියා කියලා elakiri ඩෙටා බේස් එකට බරක් වෙන්නෙ නැ. . රෙප් දුන්නට පව් පිරෙන්නෙත් නැ. . කෝකටත් රෙපක් දීලා පිනක් කරගන්න එක කෝකටත් හොදයි මොනා වෙයිද දන්නෙ නැනේ. .
----------------------------------------------------Update----------------------------------------------
ඔන්න 11 වෙනිදත් ඉවර උනා... හරියටම දවස් 10 යි, 75% ක් කියන්නෙ කිසිම දෙයක් වෙන එකක්නැ කියලා. . .. තව 25% ක් කියනවා සුලු සිද්ධියක් මොකක් හරි වෙයි කියලා .. . බලමු බලමු. . >>
Last edited:
lyk sandy 
