ජීවිතේ විදින්නට හෙටත් එනවද ඔයා..........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජීවිතේ විදින්නට හෙටත් එනවද ඔයා..........

    සසර මග විදින දුක් .........කම්කටොළු වේදනා......
    නිතර සැරිසරන සැඩ...........සුලගකින් පෑරුනා.....
    අතැර ලොව සුවහසක්...........ගායනා වාදනා....
    නතර කල නොහැකි මෙන්.......පාළුවේ සැගවුනා.....

    ගමන තව දුර යන්න.......... ධෛරයක් නෑ සිතේ
    පවස සිද බිදලන්න ........... දිය බිදක් හෝ කොහේ....
    කතර මැද අතරමග ..........ගෙවෙන සේ ජීවිතේ......
    නිසරු වැලි කැට වගේ...... වේදනා වෑහුනේ..........

    පැමිනි නෙක චෝදනා .......... බිද දමා නැගෙන්නෙමී........
    එතුනු තුරු වැල් පවා.............හරසරින් ගෙනෙන්නෙමි.....
    පවස සංසිදවනා ...................උල්පතක් මවන්නෙමි....
    සකලවිද උවදුරින් ................දිවා රෑ රකින්නෙමි......

    අතීතය ගීතයකි..................තාලයට එය ගයා............
    සැගව ගිය වසන්තය............ ජනිත වන්නට තියා..............
    පාළුවේ හිදින්නෙමි ....................පිළිතුරක නෙත් අයා......
    ජීවිතේ විදින්නට .............හෙටත් එනවද ඔයා..........



    Waiting-for-You.jpg

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනව කි‍යන්නද කි‍යලා තේරෙන්නේ නෑ.....කොහොම වුනත් ලස්සන නිර්මාණ‍යක්......