Latest Interview Trick

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    පෞද්ගලික ආයතනයක රැකියාවකට ඉල්ලූම් පත් කැඳවා තිබිණි. තරුණ තරුණියෝ විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්ව සිටියහ. පසුගියදා මේ අතරින් තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට ආයතනයේ පාලනාධිකාරිය පියවර ගත්තේය.
    ඒ අනුව පැවැති සම්මුඛ පරීක්ෂණයට කැඳවූ පිරිස කැඳවා සුදුසුකම් පරීක්ෂාවට ලක් කෙරුණේ ආයතන ප‍්‍රධානියා ඇතුලූ තිදෙනකුගෙන් යුත් මණ්ඩලයන් විසිනි.
    කඩවසම් තරුණයකු සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්විය. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට සාර්ථක පිළිතුරු ලැබිණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයද සෑහීමට පත්ව සිටියේය. අවසානයේ ඔහුගේ සහතික පත් ගොන්න පරීක්ෂා කෙරිණි.
    එය පිරික්සමින් සිටි ආයතන ප‍්‍රධානියාගේ ඇස් උඩ ගියේය. ”ඇයි මේ මරණ සහතිකයක් අරගන ආවේ” ඔහු විමසීය.
    ”සර්. මගේ ආච්චි මැරිලා ගොඩක් කල් ඒ හින්දා ආයේ මට ආච්චිගේ මරණෙට නිවාඩු ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසයි ආච්චිගේ මරණ සහතිකය අරගෙන ආවේ.” ආච්චි මලා කියමින් නිවාඩු ගන්න රටක් නේ මේක” තරුණයා පිළිතුරු දුන්නේය.
    සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට කථිකා කළහ. තරුණයාට පත්වීම් ලිපිය එවේලේම ලැබිණි. පසුදා සිට සේවයට වාර්තා කරන ලෙසට දැනුම් දුන්නේය.
    :yes::yes::lol:
     
    • Like
    Reactions: sarpaya

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    attachment.php

    Congratulations Machan


    Thumbs_21.gif

     

    Attachments

    • 1.JPG
      1.JPG
      21.3 KB · Views: 200
    Last edited:
    • Like
    Reactions: binoj