2013 ඔබට කොහොමද...?

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    :D 2013 ඔබට කොහොමද...? :D

    01. මේෂ ලග්නය
    02. වෘෂභ ලග්නය
    03. මිථුන ලග්නය
    04. කටක ලග්නය
    05. සිංහ ලග්නය
    06. කන්‍යා ලග්නය
    07. තුලා ලග්නය
    08. වෘශ්චික ලග්නය
    09. ධනු ලග්නය
    10. මකර ලග්නය
    11. කුම්භ ලග්නය
    12. මීන ලග්නය



    මේෂ ලග්නය

    මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්චව 10 වැන්නේද, ගුරු දෙවැන්නේ ද, සඳු 4 වැන්නේ ද, ශනි සහ රාහු 07 වැන්නේද, සිකුරු 8 වැන්නේද, රවි බුධ 9 වැන්නේද, කේතු ලග්නයේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවෙනු ඇත.

    ධනය

    මිල මුදල් ලාභ ලැබේ. ආදායම වැඩිවේ. පඩි වැඩි වේ. රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ මුදල් හානි වේ.
    අධික වියදම් ඇති වේ. රෝගාබාධ සඳහා මිල මුදල් වැය කිරීමට සිදු වේ. විවාහ වූ අයට නම් බිරිඳට හෝ ස්වාමියාට ධන ලාභ හෝ සැප ලැබෙන කාලයකි.

    රැකීරක්‍ෂා

    රැකීරක්‍ෂා වලින් උසස් වීම් ලැබේ. වෙළ හෙළදාම් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. භාරගෙන කරන වැඩ වලින් හෝ ආරම්භ කරන වැඩ වලින් ලාභ හා දියුණුව ඇති වේ. අලූතින් රැකී රක්‍ෂා ලැබේ. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට කරගෙන එන රැකී රක්‍ෂා වලට අවහිරතා හෝ සමහර විට රැකී රක්‍ෂා නැති වීමටද ඉඩ ඇත.
    තනතුරු දරන අයට ස්ථාන මාරුවක් හෝ වෙන පලාතකට යාමට සිදු වේ.

    ගෘහජිවිතය

    ගරු නම්බු ලැබේ. සැපවත් කාලයකි. රසවත් කෑම බීම සංග‍්‍රහ ආදිය ලැබෙන්නට පුලූවන. වාසනාව මතුවන කාලයකි. උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ඥාති මිත‍්‍රයෝ තමා සොයාගෙන එයි. ඔවුන්ගෙන් උපකාරද ලැබේ. ශුද්ධ භූමි වලට යාමට ඉඩ ලැබේ. සතුරන් ගෙන් ජය ලැබේ. පවුලේ පිරිස වැඩි වේ. සමහර විට දරු උපතක් හෝ ඇති වේ. සුදුසු වයස නම් විවාහය හෝ කම්සැප හෝ ස්ත‍්‍රී සැප ඇති වේ. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉතා යහපත් කාලයකි.
    සෙනසුරු මහදශා අන්තර් දශා ගත කරන අයට දරු ශිෂ්‍ය ආදීන්ගෙන් වෙන්වීමක් සිදු වේ. මහජනයා සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් දෝෂාරෝපනවලට හසුවේ. ප‍්‍රසිද්ධ සතුරන් ඇති වේ. රාජ දඩුවම් පවා ලැබිය හැකිය. ගොවිතැන් වැඩ කරන අයට ඒවා පාලූ වීමෙන් අලාභ හානි ඇති වේ. පවුලේ කරදර මතු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට ප‍්‍රයෝජන ලැබිය හැකි කාලයකි. නිතර ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩ වලට බාධා හා ප‍්‍රමාද වීම් ඇති වේ. තම ස්වාමිපුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් වෙන් වීමට සිදු වේ. බොරු චෝදනා වලට හසු වේ. තද ලෙස සිත් කම්පා ඇති වීමට කරුණු යෙදේ. තමාගේ තිබුණ සැප සම්පත් එක් අතකින් හීන වී යයි. මේ කාලයේ නඩු හබ වලට පැටලූන හොත් ඉන් තමාට අවාසි විය හැක. බොහෝ කැලබිලි සහිත චංචල සහගත කාලයක් වේ. නොයෙක් ආකාරයේ වැදගැම්මකට නැති හිංසා පීඩා ඇති වේ.

    අධ්‍යාපනය

    අමුතු දේ ඉගෙන ගැනීමට හා දැන ගැනීමට ඉඩ ලැබේ. ඥාණය වැඩි දියුණු වේ. විභාග වලින් ජය ලැබේ. වර්ෂය මුල කාලයේදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ රටවලට යාමට සිදු විය හැක.

    සෞඛ්‍යය

    තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීප වැලඳෙන්න පුලුවනි. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට ලිංගා බාධ, වාත ආබාධ, හිරිවාත, අජීර්ණ රෝග ආදිය අසනීප වලට ඉඩ තිබේ. ශරීර ශක්තිය හීන වේ. විශේෂයෙන් මුත‍්‍රා දෝශ, ධාතු දුර්වලත්වය, වකුගඩු වල ආබාධ ඇතිවිය හැකිය. ඇතැම් විට ශල්‍යකර්මයක් හෝ කිරීමට තරම් අසනීප ආබාධ වැලඳීමට ඉඩ ඇත.
    ශුභ දවස් :- ඉරිදා, අඟහරාවාදා, සෙනසුරාදා

    ශුභ අංකය :- 1, 2, 3, 4, 5, 7, 9

    ශුභ වර්ණ :- රතු සහ නිල්

    ශුභ මැණික් :- රතු කොරල්, රතු මැණික්

    ලැබෙන ප්‍රතිචාර අනුව පිලිවලට ලග්න 12 විස්තර දාන්නම් :yes: මේ පොස්ට් එකට අදාල පිටු පිලිවලට බලන්න.
     
    Last edited:

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    වෘෂභ ලග්නය

    වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 7 වැන්නේද, ගුරු ලග්නයේද, සඳු 3 වැන්නේද, ශනි සහ රාහු 6 වැන්නේද, රවි, බුධ 8 වන්නේද, කුජ 9 වැන්නේද, කේතු 12 වැන්නේද, ගෝචර කරමින් ආරම්භවන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයකි.

    ධනය

    ධන ලාභ ලැබේ. දේපළ දියුණු වේ. ණය තුරුස් වලින් නිදහස හෝ ණය ගණුදෙනුවකින් ලාභ ලැබේ. ආදායම වැඩි වේ. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. කරන කියන සෑම කටයුත්තකින්ම ලාභ සහ දියුණුව ඇති වේ. සමහර විට නැති වී ගිය වස්තුව පවා ලැබෙන්නට ඉඩ ඇත.


    රැකී රක්‍ෂා


    රැකී රක්ෂාවල දියුණුව ඇති වේ. රැකී රක්‍ෂා තනතුරු වලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එය ලැබෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්‍ෂාව පිළිබඳ ස්ථාන මාරුවක් ලැබීමට නියමයි. මේ කාල සීමාව තුළදී රැකී රක්‍ෂා උසස්වීම් පිළිබඳව වෑයම් නොකල යුතුය.

    ගෘහ ජීවිතය

    උත්සව වලට සහභාගි වීමට සිදුවේ. සොර සතුරන්ගෙන් කරදර ඇති නොවේ. සතුරන් පරාජය කළ හැකිය. තමා කැමති ආකාරයට කම්සැප විඳීමට ඉඩ තිබේ. සිතේ ප‍්‍රීතිය හේතුවන වස්තුව ලැබේ. තමාට සිතෙන ආකාරයට ගෙදර දොර පාලනය කිරීමට ඉඩ ලැබේ. බඩු රැස්කර ගැනීමට ඉඩ ලැබේ. තමාට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට ඉඩ ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. සැපවත් වේ. ආහාරපාන වර්ග ලැබේ. ස්ත‍්‍රීන්ට පුරුෂයන් සමගද පුරුෂයන්ට ස්ත‍්‍රීන් සමගද ආශ‍්‍රය ඇති වේ. තමාගේ නම හොඳ වේ. තමාට සිතෙන වේලාවට ගමන් බිමන් ආදිය යාමට ඉඩ ලැබෙන නිදහස් කාලයකි. තමා සමාජයෙහි ප‍්‍රසිද්ධ වන අතර සමාජයට ප‍්‍රිය වේ. ගුරු මහ දශා අන්තර් දශා ගතකරන අයට දුර බැහැර ගමන් යාමට සිදු වේ. වර්ෂය මැද භාගය දක්වා නින්දා අපවාද වලට මුහුණ දීමට සිදු වේ. නිතරම බියක් ඇතිව කටයුතු කිරීමට සිදු වේ. මෙම කාලය ඇතුලත බොහෝ සේ සතුරන්ගෙන් ඈත් වී කටයුතු කිරීම යහපත් වේ. තමා ආශ‍්‍රය කළ මිතුරෙකුගේ හෝ හිතවතෙකුගේ විපතක් දැන ගැනීමට හැකි වේ. නොයෙක් ක‍්‍රම වලින් එකපිට එක කරදර ඇති වේ. විශේෂයෙන් මේ කාලයේදී ඊර්ෂ්‍යාකාරයින් හෝ සතුරන් හෝ නීතියේ පිහිට පතා පොලීසියේ හෝ උසාවි වලට නීතිඥයන් සොයා යයි. නඩුවලට පැටලිය හැකි කාලයකි. මේ කාලයේදී ගෙදර දොර කරදර ඇති වේ. පවුලේ අයගෙන්ම තමාට සිත්තැවුල් ඇතිවන කාරනා ඇසීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. පිටතැන්වල නතර වීමට සිදු වේ. උසස් අයගෙන් උපකාර පිහිට සොයා ගිය නමුත් එයින් වඩා හොඳ ප‍්‍රතිඵල නොලැබේ. ලොකු ජයග‍්‍රහණයක් ලැබීමට නොපුලූවන. උසස් අය සමග ආරවුල් හා ඒ අය තමාගැන අප‍්‍රසන්න වීමට හේතු තිබෙන බැවින් ඉතා පරිස්සමෙන් නුවණින් යුක්තව ක‍්‍රියා කලයුතු කාලයකි.

    අධ්‍යාපනය

    විභාග වලින් ජය ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා ඉගෙනුම පහල බසී. විභාග වලින් අසමත් වේ. ධාරණ ශක්තිය අඩුවේ. තමාගේ තිබුණු නුවණ අඩු වී යයි. වර්ෂය මැද භාගයෙන් පසුව ඉගෙනීමේ වෙනසක් සිදු වේ. නැතහොත් අමුතු ඉගෙන ගැනීමකට බැදීමට සිදුවේ.

    සෞඛ්‍යය

    ශරීරය දුර්වල වේ. නැතහොත් අසනීපයක් හෝ වැලඳේ. එය ලේ අඩුකමක් හෝ වැඩි කමක් විය හැකි වේ. ශරීරය කෘශ වේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට ශරීර සනීපය ඇති වේ. යම් අසනීපයකින් පෙලෙමින් සිටියේ නම් එය සුව වේ.

    ශුභ දවස් :- බදාද, සිකුරාද, ඉරිදා

    ශුභ අංක :- 6

    ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්, අයිවරි

    ශුභ මැණික් :- දියමන්ති, සුදුමැණික්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113


    avatar382996_21.gif


    සිංහ ලග්නය
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මිථුන ලග්නය


    මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 7 වැන්නේ ද, සඳු දෙවැන්නේ ද, ශනි රාහු 5 වැන්නේ ද, සිකුරු 6 වැන්නේ ද, කුජ 8 වැන්නේ ද, කේතු 11 වැන්නේ ද, ගුරු 12 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් සුභදායක එකක් නොවනු ඇත.

    ධනය

    අධික වියදම් සහිතයි. මුදල් හානි වේ. ලැබීමද අඩු වේ. දරු ශිෂ්‍යය ආදීන්ගේ අසනීප වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදු වේ. රහසිගතව හෝ අප‍්‍රසිද්ධව යම්යම් දෙයට මුදල් වියදම් කිරීමට සිදු වේ. ඒවා සමහරවිට පුණ්‍ය කටයුතු වලට විය හැකිය. වියදම් අධිකවීම හා මුදල් හානිය නිතරම පාහේ සිදු වේ.

    රැකීරක්‍ෂා

    තමාගේ රැකී රක්‍ෂා වෙල හෙළඳ කටයුතු වල වටිනාකම තත්ත්වය අඩු වේ. හවුලේ කරන කටයුතු වලින් පාඩු සිදු වේ. රැකී රක්‍ෂා වල ස්ථානීය වෙනසක් හෝ රැකී රක්‍ෂා කටයුතු වල වෙනසක් දක්නට පුලූවන. වර්ෂය මැද භාගය දක්වා රැකී රක්‍ෂා කටයුතු සඳහා විදේශ ගතවීම් යෙදිය හැකිය.

    ගෘහජීවිතය

    සුලු වරදක් නිසා ලොකු දඩුවම් ලැබෙන කාලයකි. තමාගේ හෝ තම පවුලේ දරු ශිෂ්‍යාදීන්ට අසනීප හෝ කරදර ඇතැම් විට කෙනෙකුට මාරක හෝ ඇතිකල හැකිය. ඇවිදිලි වැඩිවේ. කරදර සහිත වේ. දරු ලාභයකට ඉඩ තිබේ. සමහර විට එම දරුවා අවාසනාවන්ත හෝ අනියම් කෙනෙක් විය හැකිය. පවුලෙන් අඹු දරුවන්ගෙන් වෙන්වීමට සිදුවේ. නඩු හබ වලට හසුවීමට හෝ නීතියට විරුද්ධව වැඩ කිරීමට සිදු වේ. සිතට බය ඇතිවන කාලයකි. දුක සේ වාසය කිරීමට සිදු වේ. දරු උප්පත්තියක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට නම් තදබල අමාරුකම් ඇතිවිය හැකිය. දරුවන් හිතුවක්කාරී වේ. පිටතැන්වල වාසය කිරීමට සිදු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට මහජන ප‍්‍රසාදය නොලැබීමෙන් ඉවතට තල්ලූ වී යාමට ඉඩ ලැබේ. බොරු චෝදනා අපවාද අසන්නට සිදු වේ. ඥාතීන්ගෙන් කරදර හිරිහැර ඇතිවිය හැකිය. බලාපොරොත්තු වන අදහස් ඉෂ්ඨකර ගැනීමට නොහැකි වේ. කෝලහලයකට මැදිහත් වීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය. පිට පලාත්වල ගමන් යෑමට සිදු වේ. තම තත්ත්වය පහලට වැටිය හැකිය. ගව, එලු ආදී තිරිසන් සතුන් වෙළඳාමෙන් පාඩු සිදුවිය හැකිය. තදලෙස රාගාධික කාලයකි. තමා බලාපොරොත්තු වූ ආකාරයට අදහස් ඉෂ්ඨ කරගත නොහැකි වේ. උගත් මහලු අයගෙන් තමාට රහසිගතව ආධාර ලැබෙනවා ඇත.

    අධ්‍යාපනය

    ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට ගුප්ත විද්‍යාවක් ඉගනීමට ද ඒවා අත්හදා බැලීමට හා ඒ පිළිබඳ සාකච්චා පැවැත්වීමටද සිදු වේ. භූත විද්‍යා ගුප්ත ශාස්ත‍්‍ර ජ්‍යොතිෂ කටයුතු කරන අය අධ්‍යාපනය තුළින් යම් යම් ලාභ ලබයි. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැකිය.

    සෞඛ්‍යය

    බඩේ අසනීපයක් සාදයි. ශරීරයෙහි තුවාල හෝ අර්ශස් ආදී රෝගයක් හෝ මතුවන කාලයකි. වසංගත රෝග සෑදීමට පවා ඉඩ ඇත. ශරීර සනීපයද දුර්වල කරයි. සෙම් රෝග නිසා පීඩා විදීමට සිදු වේ. ශල්‍යයකර්ම වලට භාජනය වීමට හැකියාව ඇති අතර ඒවා අසාර්ථකවීමටද ඉඩකඩ ඇත.

    ශුභ දවස් :- බදාද, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා

    ශුභ අංක :- 3, 5

    ශුභ වර්ණ :- කොළ, කහ

    ශුභ මැණික් :- පච්ච
     
    • Like
    Reactions: nj542

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    කටක ලග්නය

    කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සඳු ස්වක්ෂේත්‍රව ලග්නයේද, ශනි රාහු 4 වැන්නේ ද, සිකුරු 5 වැන්නේ ද, රවි බුධ 6 වැන්නේ ද, කුජ 7 වැන්නේ ද, කේතු 10 වැන්නේ ද, ගුරු 11 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයකි.

    ධනය

    දේපල වලින් ලැබෙන ආදයම පිළිබඳව කරදරයක් ඇති විය හැක. පාඩු අලාභ හානි සිදුවේ. මුදල් තත්ත්වය පහළ බසී. නැතහොත් විනාශ වී යයි. වෙළහෙළඳ, ව්‍යාපාර වලින් පාඩු හා අලාභ හානි සිදුවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට මේ කාලය සෑම දෙයින්ම ලාභ ප‍්‍රයෝජන ලැබෙන කාලයකි. මේ කාලයේදී සැලකිය යුතු ධනවතෙක් කරනවා ඇත. අරමුදල් හා බැංකු මුදල් සම්පූර්ණ කරගත හැකි වේ.

    රැකී රක්‍ෂා

    රැකියාවෙන් අස්වීමට හෝ විශ‍්‍රාම ගැනීමට සිදු වේ. රැකී රක්‍ෂා වල තිබුණ තත්ත්වය අඩුවේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්‍ෂා තනතුරු නැවත ලැබේ. උසස් වීම්ද ලැබේ. රක්‍ෂාවක් සොයා සිටින කෙනෙකුනම් මේ කාලයේදී එය ලැබීමට හේතු වේ. නිලතල බලාපොරොත්තු වන අයටද එය ඉෂ්ඨ වේ.

    ගෘහ ජීවිතය

    පවුලේ වැඩිහිටියෙකුගේ මාරකයක් නියමයි. දේපල පිළිබඳ කටයුතු ඇති වේ. දේපල බෙදීම්ද අන්‍ය උරුමක්කාරයින් ඉදිරිපත් වීමද මේ කාලයේ සිදු වේ. සමහර දේපල කොටස් නැති වී යන කාලයකි. සමාජයෙහි තිබුණ හොඳනාමයත් ප‍්‍රසිද්ධියත් පහත වැටේ. අප‍්‍රසිද්ධව වාසය කිරීමට සිදු වේ. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත්වීමට සිදු වේ. වෙහෙසකර දුරගමන් යාමට යෙදේ. තම කටයුතු පිරිහී යයි. තිබුණ දක්‍ෂකම් නැති වී යයි. කම්මැලි වෙයි. විරුද්ධ කරුවන් ඇතිවේ. මව්පිය වැඩිහිටියන් හා අමනාපකම් ඇති වේ. පහත් අයගේ ආශ‍්‍රය ඇති වීම නිසා නරක වැඩට ඇබ්බැහි වේ. නරකනාම ලැබේ. පදිංචිය පිළිබඳ දුෂ්කරකම් පැනනගී. දක්‍ෂ කර්මාන්ත කාරයන්ගෙන් ද උගත් අයගේද ආශ‍්‍රය හා ඔවුන් ලඟ වැඩ කිරීමට ඉඩ ලැබේ. යහපත් පොරොන්දු ගිවිසුම් වලට බැදීමෙන් සැනසිල්ල ඇතිවීමට පුලූවන. ජල ගැලීම් වලින් කුණාටු වලින් කඩා බිඳ වැටීම් වලින් පාඩු ද ඇතැම්විට දක්නට ලැබේ. මව් පාර්ශවයේ ඥාතියෙකුටද මාරක සිදු වේ. ජීවිතය අදුරු කාලයක් වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට හිතවත් මිතුරු, මිතුරියන් ලැබේ. ඒ මිත‍්‍රයන්ගෙන් කාලයක් යන තුරුම ප‍්‍රයෝජන ගැනීමට ඉඩ ලැබේ. සැනසිලි දායක ප‍්‍රීතමත් කාලයකි. ශරීර සැප පහසුවද ගෙදර දොර සැනසිලිදායක තත්ත්වයද ඇති වේ. පවුලේ වාසනාවන්ත ප‍්‍රීතිදායක කාලයකි. හොඳ ආහාරපානද ඇඳුම් පැලඳුම් ද යාන වාහනද ලැබෙනවා ඇත. දරු ශිෂ්‍යය ලාභ ලැබෙන කාලයකි. පිට පලාතක සිටි කෙනෙකුට නම් මේ කාලය තුළ ආපසු තම ගමට එන්නට පුලූවන.

    අධ්‍යාපනය

    ඉගෙනීම් වලින් පහල බසී. විභාග වලට ශුභ කාලයක් නොවේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට අමුතු දේ ඉගනීමටද ඉඩ ලැබේ.

    සෞඛ්‍යය

    ශරීර සනීපය අඩු වේ. වාතරෝග වැනි අසනීප වැළදේ. දෙමව්පිය වැඩිහිටියෙකුට විෂමිශ‍්‍ර රෝගයක් වැලදෙන්නට හේතුයි. විශේෂයෙන් මවට වාතරෝග සෑදේ. නමුත් ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ අසනීප වහා සුව වේ.

    ශුභ දවස් :- ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා

    ශුභ අංක :- 2, 7, 9

    ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්

    ශුභ මැණික් :- මුතු

    සිංහ ලග්නය

    සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි බුධ සමග 5 වැන්නේද, ශනි රාහු 3 වැන්නේද, සිකුරු 4 වැන්නේද, කුජ 6 වැන්නේද, කේතු 9 වැන්නේද, ගුරු 10 වැන්නේද, චන්‍ද්‍රයා 12 වැන්නේද, තැන්පත්වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් වර්ෂයක් වනු ඇත.

    ධනය

    ධන ලාභ ලැබේ. දේපල ලාභ ලැබේ. කරගෙන ආ ව්‍යාපාර කටයුතු හා අමුතුවෙන් ආරම්භ කරන වැඩ වලින් ලාභ සහ දියුණුව ලැබේ. ලොකු ලාභ පවා ලැබීමට ඉඩ ඇත. ආදායම වැඩි වේ. පතල් වැඩ වලින් ගෙවල් බදු දීම් වලින් ණය ගණුදෙණු වලින්ද ලාභ ලැබෙන කාලයකි.

    රැකී රක්‍ෂා

    රැකී රක්‍ෂා වලින් උසස් වීමට හෝ අමුතුවෙන් රැකියාවක් සොයා ගැනීමට උත්සහ කරන කාලයකි. රැකී රක්‍ෂා වල තත්ත්වය උසස් වේ. රැකී රක්‍ෂා වල ස්ථාන මාරුවීම්ද සිදු විය හැකි වේ. සමහර විට එම ස්ථාන මාරුවීම් දුර බැහැර පළාත් වලද විය හැකිය.

    ගෘහ ජීවිතය

    ගොවිතැන් කරන අයගේ නම් ගොවිතැන් පාලූ වේ. වැරදි මාර්ග වලට උත්සහ කරන කාලයකි. ඥාතීන් විසින් තමාට දොස් පවරනු ලැබේ. දියුණු වීමට ගන්නා වූ අධික උත්සාහයන්ගේ ප‍්‍රථිඵල නොලැබේ. ස්ථානයේ හා තත්ත්වයේ වෙනසක් විය හැකිය. ප‍්‍රයෝජන රහිත අධික ගමන් බිමන් ඇති වේ. උසස් අයගෙන් හෝ ස්වාමියාගෙන් අකරුණාවද අප‍්‍රසාදයද ලැබීමට පුලූවන. සමහර විට ආරවුල් වලට මැදි වන්නට ඉඩ ලැබේ. මේ කාලයේ බොහෝ විට තත්ත්වයට නොගැලපෙන ආකාරයට අයතා කම්සැප සෙවීමට යාම නිසා නින්දාවකට භාජනය වීමට ඉඩ තිබේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට සිතට ප‍්‍රීතිමත් කාලයකි. දියුණුව ඇති වේ. යහපත් වැඩකරුවන් ලැබේ. උත්සව වලට හෝ සමාගම් වලට ආරාධනා ලැබේ. නම්බුව ලැබේ. මිනිරන් වැනි භූමියෙන් ලැබෙන වස්තුව ලැබෙන කාලයක් බැවින් ඒ ගැන වැඩට බැසීමට යහපත් වේ. ස්ත‍්‍රීන් සමග ප‍්‍රීතිවීමට ලැබෙන කාලයකි. ස්ත‍්‍රී සැපද මංගල යෝගද ඇති වේ. සෑම උත්සාහයකම ප‍්‍රතිඵල ලැබෙන කාලයකි. වැදගත් ගමන් යාමට සිදුවේ. සමිති සමාගම් වැඩ වලට බැදීමට ඉඩ ඇත. මිත‍්‍ර සංගම් ඇති වේ. සතුරන්ගෙන් ඈත් වී වාසය කිරීමට සිදුවේ. ප‍්‍රසිද්ධ වේ. ද්‍රව්‍ය ලාභ හා ධන ලාභ ලැබෙන වාසනාවන්ත කාලයකි. එහෙත් මේ කාලයේ දී නින්දාවක් ලැබෙන්නටද පුලූවන. පූජ්‍ය ස්ථානවල වන්දනාගමන් යාමට ඉඩ ලැබේ. සමාජ සේවකයන්ද ගුරුවරුන් හා පූජකයන්ද තමාට සහයෝගය දක්වනවා ඇත. ගෞරවය වැඩිවන අයුරින් සමාජසේවයේ නිරත වනු ඇත. වරදෙන් නිදහස ලැබේ. නින්දාවෙන් බේරෙයි. කලින් හමුනොවූ හිතවත් ඥාතීන් සමග ආශ‍්‍රයට වැටේ.

    අධ්‍යාපනය

    ගුප්ත ශාස්ත‍්‍ර සහ අලූත් ශාස්ත‍්‍ර ඉගනීමට වාසනාව ඇත. ගණිත සහ ඉංජිනේරු විෂයන් වල නිරත වන අයට ඉන් ඉතා උසස් ප‍්‍රතිඵල ලබාගත හැකිය. විභාග වලින් ජය ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශ රටවලින් ශිෂ්‍යත්ව ආදිය ලැබිය හැකිය.

    සෞඛ්‍යය

    අසනීප වලින් සුවය ලැබේ. ශරීර සනීපය ඇති වේ. සමහර විට ශල්‍යකර්ම වලට භාජනය වීමට ඉඩ ඇත.

    ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

    ශුභ අංකය :- 1, 4

    ශුභ වර්ණ :- රතු

    ශුභ මැණික් :- පත්මරාග

    කන්‍යා ලග්නය

    කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 4 වැන්නේ ද, ශනි රාහු 2 වැන්නේ ද, සිකුරු 3 වැන්නේ ද, කුජ 5 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 9 වැන්නේ ද, සඳු 3 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන එකක් වනු ඇත.

    ධනය

    මුදල් ලාභද ලැබෙනවා ඇත. නොයෙක් ක‍්‍රම වලින් වාසි සහ ලාභ ලැබේ. ආදායම් වැඩි වීමටද ඉඩ තිබේ. පඩි වැඩි වීම ඇතිවන කාලයකි. වැඩිපුර දීමනාද හිමි වේ. වෙළඳ ව්‍යාපාර ආදිය කරන අයට ඒවායෙන් ලාභ ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට අධික වියදම් ඇතිවන අතර නිෂ්ඵල දේ සඳහා මුදල් හා ධනය වියදම් කිරීමට සිදු වේ.

    රැකී රක්‍ෂා

    උගත් ශාස්ත‍්‍ර අංශවලින් රැකී රක්‍ෂා බලාපොරොත්තු වන අයට ඒ අංශ වලින් උසස් රැකියා ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකියාවේ දියුණුවක් හා වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකිය.

    ගෘහජීවිතය

    ආගමික භක්තිය වැඩි වේ. දේව භක්තිය තරමකට ඇති වේ. සමහර විට තරුණ තරුණියන්ට ආදර බන්ධන දෙකක් එකවර පවත්වන්නට ඉඩ ලැබේ. අලූත් දරු ශිෂ්‍යය ලාභ හෝ දරු ශිෂ්‍යයින් සිටිනවා නම් ඔවුන්ගේ උසස් වීම්ද නියමයි. දක්‍ෂ අන්දමින් කටයුතු කරගෙන යා හැකි කාලයකි. සිත් සතුටට කරුණු නිතර ඇති වේ. සතුරන් පරාජයටපත් වේ. ප‍්‍රීතිමත් දුරබැහැර ගමන් වන්දනා ගමන් යෑමට සිදු වේ. සමහරවිට මුහුදෙන් තරනය කිරීමට පවා සිදු වේ. ගෙදරදී හෝ පිටදී ආගමික කටයුතු වලට මැදිහත්වන්න සිදු වේ. භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ පවුලේ අය සමග ආශ‍්‍රය වැඩිවන අතර ඔවුන්ගෙන් උපකාරද ලැබෙනවා ඇත. පූජකයන්ගෙන්ද, අන්‍ය ආගමිකයන්ගෙන්ද, අන්‍ය ජාතිකයන්ගෙන්ද, ආශ‍්‍රය ඇති වීමත් ඔවුන්ගෙන් උපකාර ලැබීමත් නියමයි. මෙය වාසනාවන්ත කාලයකි. මෙම වාසනාව උදාවන්නේ ගෙදරට වී සිටීමෙන් නොව පිටපලාත්වල ආශ‍්‍රයෙන්ය. එබැවින් මේ කාලය තුල ගෙදර අතහැර පිටපලාත් වල වාසයට හෝ ආශ‍්‍රයට යාමට හොඳම කාලයයි. පියාටත් ගුරුවරුන්ටත් මෙම කාලය ඉතා හොඳය. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට හදිසි අනතුරු ඇති වේ. අනුන්ගෙන් යැපෙන්නට සිදු වේ. ගව මහේෂාදීන්ගේ විනාශය සිදු වේ. තැන්තැන් වල නිකරුනේ ඇවීදීමට සිදු වේ. නරක සහ පහත් අයගේ ආශ‍්‍රය ඇති වේ. හීන ජාතිකයන් හා ආශ‍්‍රය ඇති වේ. ස්ත‍්‍රීන්ට පුරුෂයන් හා පුරුෂයන්ට ස්ත‍්‍රීන් සමග ආශ‍්‍රයට යාම නිසා කල කෝලහල ඇති වේ. පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇති වේ. හිතවත් ඥාතියකුගේ මරණය නියතයි. තම භාර්යාවට හෝ ස්වාමියාට අපලයි දුරදිග නොබලා ඉක්මන් කමින් කරන කතාවෙන් ආරවුල් මතුවන අතර පවුලේ අවුල් වියවුල් ඇතිවිය හැකිය. සැප පහසුකම් නැති කරදර සහිත කාලයකි. ස්ත‍්‍රී ආශ‍්‍රය ඇතිවන නමුත් එය ටි කලකින් නැති වී යයි. චෝදනා වලට හසුවේ. ණය ගණුදෙණු වලට බැදෙන්නට සිදු වේ.

    අධ්‍යාපනය

    ඉගෙනීමේ යෙදී දිටින ශිෂ්‍යයින්ට නම් මේ කාලයේ අලූත් උසස් ඉගෙනීම් වලට බැඳෙන්නට සිදු වේ. තරග විභාග වලින් ජය ලැබේ. උසස් ධර්ම ශාස්ත‍්‍ර ඉගෙන ගැනීමට හා ඒ පිළිබඳ දැනීමක් ලබා ගැනීමට ඉඩ ලැබේ. එසේම මේ කාලයේ ඉගනීමේ යෙදී සිටින අයට අන්‍ය භාෂාවන් පවා ඉගෙනීමට ඉඩ ලැබේ.

    සෞඛ්‍යය

    ශරීර සනීපද යහපත් වේ. තිබූ ලෙඩරෝග ක‍්‍රම ක‍්‍රමයෙන් සුවදායක අතට හැරේ. සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීරය දුර්වල වේ. අසනීප වලට හේතුයි දත්මුල් දිය වේ. දත් සෙලවීමට පටන් ගනී. ගබ්සා සිදුවන කාලයකි. තම භාර්යාවට හෝ ස්වාමියාට ද අසනීප ආදිය ගෙන දේ.

    ශුභ දවස් :-බදාද, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා

    ශුභ අංක :- 2, 3, 5, 7

    ශුභ වර්ණ :- කොළ

    ශුභ මැණික් :- පච්ච, ගෝමේද