2013 Niwadu Awl wei wage

5tech

Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    රජයේ දින දර්ශනයෙන් පොහොය
    දිනට දුන් වෙළෙඳ නිවාඩුව ඉවතට

    බොදුබල සේනා සංවිධානය විරෝධය පළ කරයි

    රජයේ දින දර්ශනයෙන් පොහොය නිවාඩු දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස මෙතෙක්‌ නම් කළත් 2013 වර්ෂයේ රජයේ දින දර්ශනයෙන් පොහොය දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස නම් නොකිරීම බරපතළ වරදක්‌ යෑයි බොදුබල සේනා සංවිධානය පවසයි.

    මේ සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

    ශ්‍රී ලංකාව ලෝකයේ බෞද්ධයන් විශාල ප්‍රමාණයක්‌ ජීවත් වන එකම රට ලෙස මුළු මහත් ලෝකයා විසින් පිළිගත් මතයකි. සෑම වසරකම අප රට තුළ පුර පොහෝ දින 12 ක්‌ හෝ 13 ක්‌ යෙදෙන අතර එම සෑම පොහෝ දිනයක්‌ම රජයේ නිවාඩු, බැංකු නිවාඩු සහ වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස සැලකේ. මෙම පිළිවෙත වසර ගණනාවක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ අතර එම නිවාඩු රජය විසින් අනුමත කරන ලද නිවාඩු විය.

    එහෙත් මෙවර රජය විසින් මුද්‍රණය කරනු ලබන දින දර්ශනයේ සියලු පොහෝ දිනවල පැවැති වෙළෙඳ නිවාඩු අවලංගු කොට ඇත. මෙය රජය විසින් ගත් පියවරක්‌ද? නැත්නම් මෙම දින දර්ශනය මුද්‍රණය කරනු ලබන පුද්ගලයන් විසින් ගත් පියවරක්‌ද?

    මෙම දින දර්ශනයේ විශේෂත්වය වනුයේ බෞද්ධයන් සඳහා වෙන් වූ මෙම පුර පොහෝ දිනවල නොමැති වෙළෙඳ නිවාඩුව අනෙකුත් ආගම් සඳහා වෙන් වූ ආගමික දිනයන් වූ හඡ්ජි දිනය, නබිනායකතුමාගේ උපන්දිනය, රාමසාන් දිනය, තෛපොංගල් දිනය, නත්තල් දිනය වැනි දිනවල පැවතීමයි.

    අතිමහත් බහුතර බෞද්ධයන් වෙසෙන මෙම රටේ බෞද්ධයන් වෙනුවෙන් නොමැති වෙළෙඳ නිවාඩු අනෙකුත් ආගම් සඳහා ලබා දෙන්නේ කෙසේද? මෙම බෞද්ධයන් සඳහා කරන්නා වූ අසාධාරණයක්‌ නොවන්නේද? මෙය කාගේ බලපෑමක්‌ මත සිදුවන්නක්‌ද?

    අපි බොදු බලසේනා සංවිධානය වශයෙන් මේ රජයෙන් ඉල්ලා සිටින්නේ වහා මෙම අකටයුත්ත සම්බන්ධයෙන් සොයා බලා මෙම වරද නිවැරැදි කරනා ලෙසයි.

    http://www.divaina.com/2012/12/31/news16.html
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හැබැයි මෙහෙමයිලංකාවේ නිවාඩු නම් වැඩියි. එකෙන් අදහස් වෙන්නෑ පෝය දවසේදි වෙළඳ නිවාඩු අවලංගු කරපු එක හරි කියල හොඳේ? :)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බන්ටු;14173679 said:
    හැබැයි මෙහෙමයිලංකාවේ නිවාඩු නම් වැඩියි. එකෙන් අදහස් වෙන්නෑ පෝය දවසේදි වෙළඳ නිවාඩු අවලංගු කරපු එක හරි කියල හොඳේ? :)

    ඒක ඇත්ත.

    නිවාඩු නමි වැඩියි තමා..ඒත් බං මෙහෙම කරපු එක හරි නෑ බං
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    poya dawasata kawadawath welanda niwadu thibbe ne.bodu bala ewunta amu kewila.. ellenna ekak nethuwa mokaka hari ellenna balanne..lankawe kawadawath poya dawasa welanda niwadu karala ne, hebey minissu eeka welanda niwaduwak widihata salakala niwadu gannawa..pvt companies walata ayithiya thiyanawa poya dawase niwadu nodee inna.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඒක ඇත්ත.

    නිවාඩු නමි වැඩියි තමා..ඒත් බං මෙහෙම කරපු එක හරි නෑ බං

    ඔව් ඔව් එක හරි නෑ , නිවාඩු අඩු කරන එක වෙන ක්‍රමයකින් ක්‍රමයකින් කරන්න ඕන :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සාමන්යයෙන් පෝය නිවාඩු ප්‍රසිද්ධ නිවාඩු ගනයට තමයි ඇතුලත් වෙන්නෙ. මේ පහල තියෙන්නෙ 2013 වර්ශයට නිවාඩු ප්‍රකාශ කරපු ගැසට් එක.
    2013holidaygazettep1pag.jpg

    2013holidaygazettep1pag.jpg

    මේ තියෙනේ රජයෙන් නිකුත් කරන නිල කැලැන්ඩරේ. මේකෙ පොහොය නිවාඩු ප්‍රසිද්ධ නිවාඩු හැටියට වෙනමම දක්වල තියනව
    Full Moon Poya Holidays approved by the Poya Committee. These days are common holidays for all employees කියල

    මන් ගාව 2000 ඉදන් රජයෙන් නිකුත් කරන කලැන්ඩර් තිනනව. ඒ එකකවත් පොහොය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනු කරල නැහැ.

    අනික මමත් අවුරුදු 10-12ක් තිස්සෙ printing කරන්නෙ. අපිත් ප්‍රින්ට් කරල කැලැන්ඩර් වල පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනු කරන්නෙ නැහැ. ගොඩක් කස්ටමර්ල ඔය ගැන ප්‍රශ්න කරනව. එතකොට ඒක අපි පහදල ඩෙනව. (උදා: 2013 මහජන බැන්කුවෙ කැලැන්ඩරේ, Sri Lanka Telecom කැලැන්ඩර් බලන්න)
    cala.jpg

    මේ නිවාඩු වලින් සමහර තෝරාගත් දින කිහිපයකට ලන්කා වානිජ මණ්ඩළය මගින් වෙළද නිවාඩු කියල ලකුනු කරනව.

    ගොඩක් කලැන්ඩර් වල (පාට 2කෙන් ගහන කොල 12හේ) පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනක් දාල තියනව. ඇත්තටම ඒව ප්‍රසිද්ධ නිවාඩු හැටියට තමයි ගනන් ගන්නෙ.

    …මෙතන තියෙන්නෙ කන්න ඕනෙ උනාම කබරගොයත් නලගොය කරන එක

    අසා තිබුන ප්‍රශ්නෙට පැහැදිලි කිරීමක් පමනයි
     
    • Like
    Reactions: 5tech

    මමත් දන්නේ නැති නිසයි මේක දැමිමේ මචන්..

    තෑන්ස් මචෝ :eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඉතිං ඕක ඔචිචිර සැරෙන් කියන්න ඔන නෑ නේ :oo:

    සැර වැඩිද එහෙනම් සමාවෙන්න.

    ඇත්තටම මේ ගැන නූල 2-3ක්ම තිබුන එළකිරි එකේ. ඒ හැම එකකටම මම හරි දේ කිව්ව. මොකද මේ දවස් වල කතවට ලක්වන මාතෘකාවක් හින්ද හැම දේම පේන්නෙ වපර ඇහින් ඒකයි
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සැර වැඩිද එහෙනම් සමාවෙන්න.

    ඇත්තටම මේ ගැන නූල 2-3ක්ම තිබුන එළකිරි එකේ. ඒ හැම එකකටම මම හරි දේ කිව්ව. මොකද මේ දවස් වල කතවට ලක්වන මාතෘකාවක් හින්ද හැම දේම පේන්නෙ වපර ඇහින් ඒකයි

    එල එල....ස්තූතියි මචෝ ;)
     
    • Like
    Reactions: mudrana