Salli (Money) - 25.3 billion in December

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    නත්තල් උත්සව සමය පැවතුණු දෙසැම්බර් මාසයේදී කොමර්ෂල් බැංකුවේ ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය තුළින් වාර්තාගත මුදලක් ගනුදෙනු කරුවන් ලබාගෙන තිබෙන බව අනාවරණය වේ.

    මේ අනුව, කොමර්ෂල් බැංකුව පවසන්නේ 2012 දෙසැම්බරයේ සිය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් රුපියල් බිලියන 25.3(රු.කොටි 2,530/ රු.ලක්ෂ 253,000) ක අති දැවැන්ත මුදලක් ගනුදෙනු කරුවන් ලබාගෙන තිබෙන බවත් එක් මසකදී සිය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ලබාගත් වැඩිම මුදල මෙය බවයි.

    බැංකුව සතුව දිවයින පුරා ටෙලර් යන්ත්‍ර 555 කට අධික ජාලයක් තිබෙන අතර මේවා තුළින් දෙසැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා වාර්තාගත අයුරින් ගනුදෙනු මිලියන 5.57 ක් සිදුවී ඇත.

    දෙසැම්බර් 10 වනදා, 21 වනදා, 24 වනදා, 28 වනදා සහ 31 වනදා යන දින වලදී මෙම ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ගනුදෙනු කරුවන් දිනකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ලබාගෙන තිබෙන බව හෙළිවේ.


    Source - http://www.combank.net/newweb/media...s-dispense-record-rs-25-3-billion-in-december
     
    Last edited:
    • Like
    Reactions: superunique

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    සල්ලි නැ කියන්නේ බොරුවටද මන්ද ලංකාවේ එවුන්ට නැත්තන් ආදායම් බෙදීයාමේ විෂමතාවය ද?
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සල්ලි නැ කියන්නේ බොරුවටද මන්ද ලංකාවේ එවුන්ට නැත්තන් ආදායම් බෙදීයාමේ විෂමතාවය ද?

    අන්න ඒක තමා බන්, තියෙන එකාට පොරි හැලෙන්න​, වැක්කෙරෙන්න සල්ලි, නැති එකාට හුලන් :(