මෛත්‍රී බුදු රජුන්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,701
    113
    Gampaha
    මචන් ගෞතම බුදුන්ගෙන් විවරණ ගත්ත කෙනෙක් ගැන සඳහන් කරල නැද්ද?
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0

    ඔව් ඔව් ගෞතම බුදුන්ගෙන් විවරණ ගත්ත කෙනෙක් ඉන්නවා. සිරිවර්ධන කියලා සිටු පුත්‍රරත්නයක්. පසුව ගෞතම බුදුන්ගාව මහන වෙලත් ඉදලා තියෙනවා. කථාව හොදට දන්න කෙනෙකු කියමුකො බලන්න සිද්ධිය...​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,701
    113
    Gampaha
    ඔව් ඔව් ගෞතම බුදුන්ගෙන් විවරණ ගත්ත කෙනෙක් ඉන්නවා. සිරිවර්ධන කියලා සිටු පුත්‍රරත්නයක්. පසුව ගෞතම බුදුන්ගාව මහන වෙලත් ඉදලා තියෙනවා. කථාව හොදට දන්න කෙනෙකු කියමුකො බලන්න සිද්ධිය...​
    දන්න කෙනෙක් නෑ වගේ නෙ. :confused:
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    fb එකේ තිබිලා හම්බුනා.........

    “අනාගතයේ ලොව පහලවන්නේ මෛත්රිය බුදුරජාණන් වහන්සේ ය. මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් පළමු විවරණය ලැබ බුද්ධත්වය පතා පාරමී පුරමින් පැමිණි ඒ මෛත්රි බෝසතාණෝ අවසන් වරට නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතිනි.

    බුදුරජාණන් වහන්සේ සත්වැනි වස් කාලය ගත කරන්නේ තව්තිසා දෙව්ලොව ය. වස් තුන් මස අවසානයේ සංකස්ස පුරයට වැඩම කරන්නා හ. දේවාවරෝහණ උත්සවය ලෙස නම් කැරෙන ඒ උත්සව දිනයේ සංකස්ස පුරයට රැස්වූ ජනයා අතර මෙත් බෝසතාණෝ ද වූහ. සංකස්ස පුරයේ සිරිවඩ්ඪ නම් මහ කෙළඹි පුත්රයකු ව ඉපිද සිටි මෙත් බෝසතාණන් වහන්සේ බුදු හිමියන් හා සැරියුත් මහ රහතන්වහන්සේ අතර වූ විචිත්ර දහම් කතිකාව ශ්රවණය කිරීමෙන් පසු දහසක් පිරිවර සමඟින් පැවිදි උපසම්පදාව ලැබූහ. විචිත්ර ධර්මදේශනාවන් හි යෙදෙමින් පැවැදි දිවිය ගත කරන උන්වහන්සේ ආර්ය මෛත්රී බෝසත් භික්ෂු තෙම තමාට පුදනු ලැබූ වටිනා සිවුරු දෙකකින් බුදු හිමියන් වැඩ සිටි ගන්ධ කුටියේ වියන සකස් කර පූජා කරති. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව දක්වමින් මෙසේ දේශනා කළහ.

    “මහණෙනි. උතුම් වස්තු යුගලයකින් වියනක් කර බුදුන් පිදු මේ භික්ෂුව දෙස බලව. මේ තෙමේ මතු මේ මහා භද්ර කල්පයෙහි ම මෛත්රිය නම් සම්මා සම්බුදු වන්නේ ය. එකල මෙම බරණැස කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. එහි සංඛ නම් සක්විති රජු කෙනෙක් වන්නේ ය. ඔහු පුරෝහිත සුබ්රහ් ම නම් බමුණා මෛත්රිය බුදුන් ගේ පියා වන්නේ ය. ඔහු ගේ භාර්යාව වූ බ්රහ්මවතී බැමිණිය මව වන්නී ය. නා රුක ඒ බුදුහු ගේ බෝරුක වන්නේ’යැයි නියත විවරණ දුන්හ. බුදුරජාණන් වහන්සේ මෛත්රී බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහලවීම පිළිබඳ දේශනා කරන්නේ කිඹුල්වත්පුර ගමනේ දී ය. සැරියුත් මහ රහතන් වහන්සේ ගේ ආරාධනයෙන් මේ අනාගත වංශය හෙවත් මෙත් බුදු සිරිත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.“

    මේවට Rep නැද්ද :)
     
    • Like
    Reactions: AselaAsanka

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Tb5Zt.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ලෝකයේ උතුම්ම දානය ධර්ම දානයි සහෝදරයා. මේ පොස්ට් එක කියවල යම් කෙනෙක් හිත පහදවා ගත්තනම් එකෙන් ඔයාට ලොකු පිනක් සිදවෙනවා. එත් මේක පොස්ට් කරලා ඔයා බලාපොරොත්තු වෙන්නේ රෙප් නම් ඔයාට ලැබෙන පින හුඟක් අඩුවෙනවා. ඒ හින්ද කරනදේ නුවනින් විමසා බලල කරන්න. චේතනාව අනුවයි කර්මයේ ගුණ අගුණ වැඩි අඩු වෙන්නේ.