හා_දූපතේ_කතන්දරේ..
මම හිතන්නේ මේ ත්‍රෙඩ් එකත් එක්ක මගේ කොටු 11 සම්පුර්න වෙයි බොහෝවිට
. ඒ හින්ද ලෝබ නැතුව රෙප් දෙන්ට ඕනේ හොඳේ..
ටිකයි ඕනේ..

මෙන්න හා දූපතේ කතන්දරේ... Ōkunoshima Island
ඔකුනොශිමා කියන්නේ ජපානයේ හිරෝෂිමා සහ ශිකොකු(Shikoku) නගර දෙක අතර තිබෙන පුංචි දුපතක්.
රට මධ්‍යයේ තිබෙන සාගරයක් මැද තමයි මේ දුපත තියෙන්නේ. අපි බලමු මේක කොහොමද හාවෝ පිරුණු දුපතක් උනේ කියල.
දෙවැනි ලෝක යුධ සමයේ මේ දූපත භාවිතා කරලා තියෙන්නේ බොහොම භයානක දෙයක් වෙනුවෙන්.
ඒ කාලේ මේ දූපත අධිආරක්‍ෂිත කලාපයක්. මේ දූපතේ බොහොම රහසිගතව විෂ සහිත ගෑස් වර්ගයක් නිපදවූවා යුද්ධයේදී රසායනික අවි වශයෙන් භාවිතා කිරීමට.
1929-1945 කාල වකවානුව තුල ජපාන හමුදා මගින් කිලෝ ටොන් 6කටත් වඩා වැඩි ප්‍රමාණයකින් මේ විෂ සහිත ගෑස් වර්ගය නිපදවා තිබෙනවා.
මේ කටයුත්ත සඳහා මේ දූපතම තෝරාගෙන තිබෙන්නේ බැරිවෙලාවත් වැරදීමකින් මේ ගෑස් නිෂ්පාදනාගාරය පුපුරා ගියොත් සිදුවිය හැකි විනාශයෙන් ගැලවීම සඳහායි.
මොකද මේ දුපත ටෝකියෝව සහ අනෙකුත් ජනගහනය බහුල ප්‍රදේශ වලින් බොහෝ ඈත්ව තිබෙන නිසා.
මේ කටයුත්ත අවුරුදු 16ක් මුළුල්ලේ ඉතාමත් රහසිගතව තමයි පවත්වාගෙන ගිහින් තිබෙන්නේ. කොටින්ම කියනවා නම් මේ දුපතේ වැඩ කරපු අයගෙන් බොහෝ දෙනෙක් පවා මෙයාල නිෂ්පාදනය කරන්නේ මොනවද කියන එක දැනගෙන ඉඳලා නැහැ.
සිතියම් වලින් පවා මේ දූපත මකා දමලයි තිබුනේ. ඒ කාලේ ඉතින් ගූගල් මැප් තිබුනෙත් නැහැනේ.
ලෝක යුද්ධය අවසාන වීමත් සමග මේ කටයුත්තට සම්බන්ධ සියලු ලිපි ලේඛන විනාශකර දැමුවා.ඉතිරි වී තිබු ගෑස් වැළලීම, දහනය කිරීම හෝ වායුගෝලයට නිදහස් කිරීම මගින් විනාශකර දමන්නට ඇති බවයි සැලකෙන්නේ.
සහ මේ පිලිබඳ දන්නා අයට මේ ගැන කටෙන් කෙලබින්දුවක් හෝ පිට නොකරන ලෙස ඉහලින් නියෝග කෙරුණා.
දැන් කොහොමද මේකට හාවෝ සම්බන්ද වෙන්නේ? මේ හාවන් ගෙනල්ලා තිබෙන්නේ ගෑස් වල විෂ පරික්ෂා කරලා බලන්නයි..

ඉතින් ලෝක යුද්ධය ඉවර වෙලා ඉතුරු වෙලා හිටපු හාවෝ ටික නිදහස් කලාලු. තවත් කට්ටියක් කියනවා 1971දී මේ දුපතට අධ්‍යාපන චාරිකාවක් සඳහා ආපු ළමුන් කණ්ඩායමක් හාවෝ 8 දෙනෙක් නිදහස් කළා කියලා.
අද වන විට වර්ග කිලෝමීටර 700ක් පුරා විහිදී ඇති මේ දූපතේ හාවන් 300කට වඩා නිදහසේ වාසය කරනවා.
කලෑ හාවෝ උනාට දැන් මෙයාල මිනිස්සුන්ට ගොඩාක් හුරු පුරුදුයි. දූපතට එන අමුත්තෝ ලඟට ඇවිත් කෑම හොයනවා.
කොච්චර මිනිස්සුත් එක්ක එකතුයිද කියනවා නම් එයාල මිනිස්සුන්ගේ ඔඩොක්කුවට පනිනවා..

මිනිස්සුන්ට මේ හාවන්ව හුරතල් කරන්න, කෑම දෙන්න අවසර තිබ්බත් බල්ලෝ පුසෝ මෙහෙට ගේන්න අවසර නැහැ. ඒ මෙහෙ ඉන්න හාවන්ගේ ආරක්ෂාව පිණිසයි.
දුපතේ තියන Kyukamura Okunoshima resort හෝටලයේ යෙන් 100කට හා කෑම තියනවා. කව්රු හරි එහෙ යනවනම් එකෙන් අරන් හාවන්ට කෑම දෙන්නත් පුළුවන්.
අන්තර්ජාලය හරහා මේ දුපත ගැන තොරතුරු ප්‍රචාරය වීමත් සමගම මේ දුපතට එන කට්ටිය දැන් වැඩිවෙලාලු.
මේ දූපතේ ඉන්න හාවෝ නිසාම දූපතට Usagi Shima කියන අන්වර්ථ නාමය පට බැදිලා තිබෙනවා. එහි තේරුම "හා දූපත"යි.
මේ ෆොටෝ ටික දැක්කම මටත් හිතුන අනේ මේ දුපතේ හාවෙක් වෙලා ඉපදුනානම් කොච්චර දෙයක්ද කියලා. එහෙනම් අක්ක කෙනෙක්ගේ ඔඩොක්කුවට වෙලා හොඳ සැපට නිදාගන්න තිබ්බ..

අද මෙහි තිබෙන කෞතුකාගාරය..
එදා ගෑස් නිපදවූ පරීක්ෂණාගාර...

Last edited: