හැමෝම කතා වෙන Epstein files❗❗

DevilX

Active member
  • Apr 12, 2025
    74
    133
    33
    ලකේ_පංකාව
    මේ දවස් වල සමාජ මාධ්‍ය වල සැරිසරන ඔයා අනිවාරෙන් ම මේ 'එප්ස්ටයින් ෆයිල්ස්' කියන දේ ගැන අහලා ඇති. හැබැයි ගොඩක් අය ඒ මොකද්ද කියලා හරියටම ම දන්නෙ නැතුව ඇති. දන්න නොදන්න හැමෝටම වර්තමානය වන විට ගෝලීය වශයෙන් ලොකු කතා බහක් ඇති කරලා තියෙන මේ එප්ස්ටයින් ෆයිල්ස් ගැන කෙටි පැහැදිලි කිරීමක් කලොත් හොදයි කියලා මට හිතුනා. එහෙම නම් තවත් වැඩි කතා නැතුව අපි කෙලින්ම යමු අපේ මාතෘකාව පැත්තට.

    1953 ජනවාරි 20 වන දින උපත ලබා 2019 අගෝස්තු 10 වන දින මිය ගිය ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටයින් කියන්නේ ඇමරිකානු ව්‍යාපාරිකයෙක්. පසුව ඔහු මිනිස් ජාවාරම්කරුවෙකු, අනුක්‍රමික දූෂකයෙකු සහ ළමා ලිංගික අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට වෙනවා. ඔහුගේ නම එක්සත් ජනපද ඉතිහාසයේ අතිශය කුප්‍රකෆ ලිංගික අපරාධකරුවන්ගෙන් කෙනෙකු විදිහට ලැයිස්තුගත කර තිබෙනවා.

    එප්ස්ටයින් කියන්නේ යුදෙව් පවුලක උපත ලබා නිව්යෝර්ක් නගරයේ හැදී වැඩුණු කෙනෙක්. ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භයේ සිටම මතභේදයන්ට තුඩු දෙන කාරණාවක් වුනා. සම්පූර්ණ විශ්ව විද්‍යාල උපාධියක් නොමැතිව, ඔහු නිව්යෝර්ක්හි ප්‍රභූ ඩෝල්ටන් පාසලේ ගුරුවරයෙකු ලෙස ඔහු සේවය කලා. එහිදී ඔහු ඉගැන්වු විෂයන් වුනේ ගණිතය සහ භෞතික විද්‍යාව. හැබැයි නුසුදුසු හැසිරීම් හේතුවෙන් 1976 දී ඔහු පාසලෙන් නෙරපා හරිනවා.

    අන්න එතනින් පස්සෙ තමයි එප්ස්ටයින් බැංකු හා මූල්‍ය ලෝකයට පිවිසෙන්නෙ.

    ඒ විදිහට මූල්‍ය අංශයට පිවිසෙන එප්ස්ටයින් ක්‍රම ක්‍රමයෙන් අතිවිශාල ධනස්කන්ධයක හිමිකරුවෙක් මෙන්ම සමාජයට බලපෑම් කල හැකි පුද්ගලයෙකු බව පත්වෙනවා.ඔහු තමාගේම ආයෝජන කළමනාකරණ සමාගමක් ආරම්භ කරනවා වගේම ඒකත් එක්ක ප්‍රභූ සමාජ ජාලයක් ඔහු නිර්මාණය කරනවා.දේශපාලනඥයන්, ධනවත් ව්‍යාපාරිකයන්, රාජකීය පවුල්වල සාමාජිකයන්, විද්‍යාඥයින් සහ තවත් විවිධ කීර්තිමත් පුද්ගලයින් සමඟ ඔහු සම්බන්ධතා ගොඩනගා ගන්නවා.

    ඔහුට පෞද්ගලික ජෙට් යානයක්, නිව්යෝර්ක් සහ ෆ්ලොරිඩාවේ සුඛෝපභෝගී නිවාස සහ කැරිබියන් දූපතේ 'ලිට්ල් ශාන්ත ජේම්ස්' නමින් හැඳින්වෙන පෞද්ගලික දූපතක් පවා හිමිව තිබුනා. එප්ස්ටයින් ගෙ මේ දූපත තමයි ඔහුගේ අපරාධවල ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් වෙන්නෙ.

    චෝදනාවලට අනුව, එප්ස්ටයින් වසර ගණනාවක් තිස්සේ තරුණ ගැහැණු ළමයින්, බොහෝ අවස්ථාවලදී බාලවයස්කරුවන්, ලිංගික අරමුණු සඳහා ජාවාරම් කර තිබෙනවා. ඔහු විසින් ඔවුන්ට ලිංගික අඩම්තේට්ටම් සිදුකර අපයෝජනයට ලක් කලා වගේම සමහර අවස්ථා වලදි ඔවුන්ව බලගතු පුද්ගලයින්ට හඳුන්වා දීමද සිදුකර තිබෙනවා.

    2008 දී ලිංගික අපරාධ සම්බන්ධයෙන් ඔහු ප්‍රථම වරට වරදකරු කරනු ලැබුවද, මතභේදාත්මක අභියාචනා ගනුදෙනුවක් හරහා ඔහුට සාපේක්ෂව සැහැල්ලු දඬුවමක් ලැබුනා. මේ නිසා ඒ කාලයේ දි එක්සත් ජනපද අධිකරණ පද්ධතිය පිළිබඳ පුළුල් විවේචනයන්ට ද ලක්වුනා.

    ඊටපස්සෙ 2019 දී, එප්ස්ටයින්ට විරුද්ධව නව ෆෙඩරල් පරීක්ෂණයක් ආරම්භ වූ වුනා වගේම එහිදී ඔහු අත්අඩංගුවට පත්වෙනවා. කෙසේ වෙතත්, නඩු විභාගය ආරම්භ වීමට පෙර ඔහු සිරගෙදරදී මිය යනවා. එය සියදිවි නසා ගැනීමක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කලත්, ඔහුගේ මරණය වටා ඇති ප්‍රශ්න සහ සැකයන් අද දක්වාම පවතිනවා.

    එප්ස්ටයින්ගේ මරණයෙන් පස්සෙ, ඔහුගේ අපරාධ සහ ජාලය වඩාත් ගැඹුරින් හෙළිදරව් වීමට පටන් ගන්නවා. අධිකරණ ලේඛන, වින්දිත සාක්ෂි, ඊමේල්, දුරකථන වාර්තා, ගුවන් ගමන් ලොග් සහ සංචාරක තොරතුරු ක්‍රම ක්‍රමයෙන් නිකුත් වීමට පටන් ගන්නවා. මෙම ලේඛන තමයි දැන් “එප්ස්ටයින් ලිපිගොනු” විදිහට හදුන්වන්නෙ.
    ඉතින් ඇයි මේ එප්ස්ටයින් ලිපිගොනු මේ වෙද්දි මෙච්චර ම ලොකු කතා බහක් ඇති කරලා තියෙන්නේ? ඒකට හේතුව මේකයි. මේ ලිපිගොනු වල ලොව ධනවත් හා බලවත් පුද්ගලයින්ගේ නම් නිරන්තරයෙන් සදහන් වෙනවා. ඉතින් ඇයි ඒ වගේ අයගෙ නම් සදහන් වෙන්නෙ?

    හේතුව, එප්ස්ටයින් කියන්නේ අපරාධකරුවෙක් විතරක් නෙවෙයි. ඔහු දක්ෂ ජාලකරුවෙක්. බොහෝ බලගතු පුද්ගලයින් පුරුද්දක් විදිහට ඔහු හා සම්බන්ධ වී, ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කර, ඔහුගේ දූපතට ගොස් හෝ ඔහු සමඟ සමාජීය හා ව්‍යාපාරික සබඳතා පැවැත්වූවා. ඉතින් ඒ සම්බන්ධතා නිසා නඩු ලේඛනවල ඔවුන්ගේ නම් සදහන් වෙනවා.

    ඒ නම් එන්නෙ විවිධ මූලාශ්‍රවලින්. වින්දිතයින්ගේ විස්තර, විද්‍යුත් තැපැල් හෝ කෙටි පණිවිඩ, ගුවන් ගමන් ලොග්, වගේ දේවල් වලින් කවුරුන් කා එක්ක කොහෙට ගියාද වගේ තොරතුරු ලබාගන්න පුලුවන්. ඒ වගේම තවත් බොහෝ නම් දුරකථන වාර්තා සහ රැස්වීම් සටහන් වල ද දක්නට ලැබෙනවා.

    මේ නඩු වලදී, සමහරක් සාක්ෂිකරුවන් විදිහට නම් කරලා තියෙනවා වගේම තවත් සමහර අය අදාළ පුද්ගලයින් පමණයි. ඊට අමතරව චෝදනා ලැබූ අයත් ඒ අතර ඉන්නවා. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු වන ඇන්ඩෘ කුමරුත් එවැනි කෙනෙක්. නමුත් ඔහු මූල්‍ය ගිවිසුමක් හරහා අධිකරණයෙන් පිටත නඩුව විසඳාගෙන තිබෙනවා.

    හැබැයි මේ ගැන දැන් වන විට වැඩි කතා බහකට ලක් වෙලා තියෙන්නේ ඒ එක හේතුවක් නිසාවත් නෙවෙයි. මේ වසරේ නිකුත් වුන නවතම ප්‍රධාන ලේඛනවල එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සැලකිය යුතු වාර ගණනක් සදහන් වෙලා තියෙනවා.

    ට්‍රම්ප්ට අමතරව හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, ප්‍රින්ස් ඇන්ඩෲ, මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස්, එලොන් මස්ක්, ස්ටීව් බැනන්, හොවාර්ඩ් ලුට්නික් සහ ස්ටීව් ටිෂ් වැනි ලෝක ධනවතුන් සහ බලවතුන්ගේ නම්ද එප්ස්ටයින්ගේ සමාජික හා වෘත්තීය සම්බන්ධතා ලෙස විවිධ මූලාශ්‍රවල සදහන්ව තිබෙනවා

    හැබැයි මේ විදිහට නම් නිකුත් වුනාට ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඒ අය වරදකරුවක් කියලා. නවතම නිකුතුවේ ඔවුන්ට එරෙහි අපරාධයක් පිළිබඳ සාක්ෂි ලෙස සෘජුවම පවතින කිසිදු තොරතුරක් අඩංගු නැහැ. ගොඩක් ඒවා දැනටමත් දන්නා සිදුවීම්වල වඩාත් සවිස්තරාත්මක අනුවාදයන්.

    ඉතින් මේ දේවල් එක්ක අපට තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි.

    ධනවත් හා බලගතු අයගේ සමාජ සම්බන්ධතා ක්‍රියාත්මක වන ආකාරය සහ එම සම්බන්ධතා ඔස්සේ දිගු කාලයක් අපරාධ සැඟවිය හැකි ආකාරය පිළිබඳ යථාර්ථවාදී චිත්‍රයක් අපට මේ හරහා මවාගන්න පුලුවන්. කෙටියෙන්ම ම කිව්වොත් ජෙෆ්රි එප්ස්ටයින්ගේ කතාව ප්‍රභූ අපරාධකරුවෙකුගේ කතාවක් විතරක්ම නෙවෙයි.

    එය බටහිර ලෝකයේ බලය, මුදල්, බලපෑම සහ වගවීමේ සීමාවන් පිළිබඳ භයානක උදාහරණයක්.
    💛

    Jeffrey Epstein ගේ එලියට දාලා තියෙන සියලුම Documents, emails, photos සියල්ල පහල සයිට් එකට ගිහින් බලන්න පුලුවන්👇
    https://www.jmail.world/
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,668
    16,400
    113
    ඇයි google එක email encrypt නොකරන්නේ?
    කාට කියවන්න ඕන නිසා ද?
    🤌
     
    • Like
    Reactions: DevilX