ඒහෙනම් ඔයාලත් පැන්සලක් වෙන්න යාලුවනේ

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඒහෙනම් ඔයාලත් පැන්සලක් වෙන්න යාලුවනේ

    pencil.png

    පොඩි දරුවෙක් තමන්ගේ අත්තම්මා මොනවදෝ ලියනවා බලාගෙන ඉදලා මෙහෙම ඇහුවා..

    අත්තාම්මේ ඔයා ඔය මොකක්ද ලියන්නේ, කතන්දරයක්ද?

    ඔව් මගේ පුතේ මම කතන්දරයක් ලියනවා....කතන්දරය ඔයා ගැන..! ඔයාට පේනවා නේද මේ පැන්සල....මට ඕනා ඔයත් ලොකු වෙනකොට මේ පැන්සල වගේ වෙනවා දකින්න...

    පොඩි අත්තම්මාගේ අතෙ තියෙන පැන්සල දිහා ටික වෙලාවක් බලන් ඉදලා මෙහෙම අහනවා..

    අත්තම්මේ ඔය පැන්සලේ කිසි විශේෂ දෙයක් නැහැනේ..ඕකත් මම කලින් දැකලා තියෙන පැන්සල් වගේම නේ...


    නැහැ පුතේ පැන්සලකට තීයෙනවා ඊටම අවේනික කරුණු පහක්,,ඒ පහම සම්පූර්ණ නැති පැන්සලකින් වැඩක් නැහැ...ඒ කරුණු අපේ ජිවිතේ අලෝකමත් කරනවා...පැන්සලක් කඩේට විකුණන්න දෙන්න කලින් පැන්සල් හදන කර්මාන්ත ශාලාවෙන් පැන්සලට මේ කරුණු පහ කියලා දෙනවා...ඒ කරුණු පිළිපදින පැන්සල් විතරයි කඩේට විකුණන්න දෙන්නේ....

    පැන්සලට දෙන උපදෙස් ටික මම මගේ පුතාට කියලා දෙන්නම් කෝ.....මගේ පුතත් මේ දෙවල් ජිවිතෙට අරගෙන පැන්සලක් වගේ වෙන්න ඕනා...


    පළවෙනි උපදෙස තමයි -

    පැන්සල ඔයා මතක තියාගන්න ඔයාට ගොඩක් දෙවල් කරන්න පුලුවන් ඔයාව කලා කරුවෙක් ගත්තොත් ඔයා ලස්සන චිත්‍ර අදි...වඩු බාසුන්නේහේ කෙනෙක් ගත්තොත් ලස්සන ගෘහ භාණ්ඩ හදයි...ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලගට ඔයා ගියොත් ලස්සන ගෙවල් හදයි...විද්‍යා ගවේෂකයෙක් ලගට ගියොත් ඔයා අලුත් සොයා ගැනීම් කරයි...නමුත් ආඩම්බර වෙන්න එපා...මතක තියා ගන්න ඒ හැම වෙලාවෙම ඔයාට හරි මග කියලා දුන්න අය හිටියා කියලා එයාල හිටියෙ නැත්තම් ඔයාට මොනවත් කරන්න වෙන්නේ නැහැ කියලා මතක තියා ගන්න...

    දෙවන උපදෙස තමයි-

    පැන්සල කාලයක් යනකොට ඔයාගේ තුඩ ගෙවෙනවා..එතකොට ඔයාට සිද්ධ වෙනවා කටර් එක්කින් අයෙත් ඔයාගේ තුඩ මතු කරගන්න...පැන්සල ඔයාට ඔයාගේ ජිවිත කාලයේදි විටින් විටින් මහත් වේදනා කාරි අත්දැකීම් වලට මුහුණ පාන්න සිදුවේ වී....නමුත් මතක් තියා ගන්න ඔයා ඒවගේ වේදනා වලට මුහුණ දුන්නේ නැත්තම් ඔයාගෙන් කිසි වැඩක නැහැ...ඔයාගේන් අලුත් නිර්මාන බිහි වෙන එකක් නැහැ..මොකද ඔයාගේ තුඩ කලින් වගේ නැහැ ඒක මොට වෙලා...ඒ නිසා කොහොම හරි ඒ වේදනා වලට මුහුණ දීලා කොහොම හරි ජිවත් වෙන්න...අලුත් අද්දකිම් වලින් පොහොසත් වෙන්න...වේදනා කාරි අත්දැකීම් වලට මුහුණ දීලා තවත් සාර්ථක නිර්මාණ කරන්න ඔයාට පුලුවන් වේවී

    තුන්වන උපදෙස-

    පැන්සල ඔයගේ අතින් වැරදි සිදුවේ වි. ඒ නිසා වැරදි සිදුවුන ගමන් ඒවා නිවැරදි කරගන්න ඔයාට අපි මකනයක් දීලා තියෙනවා..මතක තියාගන්න හොද අවදානයෙන් වැඩ කරන්න වරදක් සිදුවෙනවද කියලා හොදට බලන් ඉන්න වරදක් සිදුවුනොත් ඒ වෙලාවෙම ඒ වරද නිවැරදි කරගන්න වග බලා ගන්න...

    හතර වෙනි උපදෙස-

    පැන්සල ඔයාට නොයෙකුත් පරිසර වල වැඩ කරන්න සිදුවේ වී..සමහර විට ගල් වගේ දැඩි මතුපිට වල් වල, වගේම කඩදාසි වගේ සුමුදු මතු පිටවල් වලත් ඔයාට වැඩ කරන්න සිද්ද වේවී. ඔයා දැන ගන්න ඕනා ඒ පරිසරයෙට හැඩ ගහිලා ඔයාට පැවරිලා තියෙන රජකාරිය හරියට ඉ‍ටු කරන්න ... මතක තියා ගන්න ඒක හොදින්

    පස්වන උපදෙස-

    හොදට මතක තියගන්න ඔයාගෙ වටිනාම දෙය තියෙන්නේ ඔයාගේ අභ්‍යන්තරයේ.. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න සමහර විට ඔයාගේ අභ්‍යන්තරයර හානි වෙන විදියේ දෙවල් සිද්ධ වේවී..ඒ වගේ දේ වලින් ඔයාගේ අභ්‍යන්තරය ආරක්ෂා කරගන්න ඔයා වගබලා ගන්න ඒ අභ්‍යන්තරයට හානී වුනොත් ඔයාගෙන් වැඩක් නැතී වේවී..ඒ නිසා ඒ ගැන සෑල කිලි මත් වෙන්න. අභ්‍යන්තරය ආරක්ශා කර ගත්තොත් ඔයා මැරෙනකම් හොදින් ඔයාගේ සේවය ඉ‍ටුකරන්න පුලුවන් වේ...


    ඒහෙනම් ඔයාලත් පැන්සලක් වෙන්න යාලුවනේ ඔබට ජය​

    moving_pencil.gif
     
    Last edited: