හස්තරේඛා_ශාස්ත්‍රය_1
සාස්තර බලන හැටි ගැන කතා කරන්න හිතාගෙනයි මම මේ ත්‍රෙඩ් එක පටන්ගත්තේ
. "සාස්තර" කියන වචනය අහපු ගමන්ම 99.9% ක් දෙනාගේ හිතට එන සිතිවිල්ල තමයි "ඕවා බොරු" කියන සිතිවිල්ල
.
ඔය පාරවල් ගානේ ඉන්න අහිගුන්ටක කාන්තාවෝ අත බලල කියන සාස්තර නම් ඉතින් 100%ක්ම වගේ බොරු තමයි
. කොහොම හරි ලංකාවේ කේන්ද්‍රයට තියන තැන හස්තරේඛා විද්‍යාවට නැහැ
.
මම හස්තරේඛා ගැන දන්නේ මුලික දේවල් විතරයි. ඒ නිසා මෙතැනදී මම කරන්නේ පත්තර,පොත්,අන්තර්ජාලයේ හස්තරේඛා ගැන තියන දේවල් එක තැනකට එකතු කරලා මේ සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් තියන අයට බලන්න සලස්වන එකයි
.
ඒ නිසා මේ සබ්ජෙක්ට් එක ගැන හොඳට දන්නා උදවිය, මේ ගැන ලියවිච්ච පොත් එහෙම ගෙදර තියන උදවිය ඉන්නවා නම් අලුත් දේවල් බෙදාහදා ගන්නත්, මගේ අතින් වෙන්න පුළුවන් වැරදි නිවැරදි කරන්නත් ඉදිරිපත් වෙන්න ඕනේ
.
හස්තරේඛා විද්‍යාව බොරුවක් කියන අය දැනගන්න ඕනේ පුද්ගලයෙක් ඉන්නවා. ඉතින් එයා ගැන සඳහන් කලේ නැතිනම් මේ ත්‍රෙඩ් එකෙන් වැඩක් නැහැ.
මෙයාව එක එක තැන් වල නම් කිහිපයකින් හඳුන්වලා තිබෙනවා William John Warner, Count Louis Hamon ,Count Leigh de Hamong නොහොත් Cheiro කියන පුද්ගලයා.
කයිරෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අත් බලා කියූ විශ්මිත අනාවැකි නිසා තමයි යුරෝපයේ හස්තරේඛා විද්‍යාව ප්‍රචලිත උනේ. කයිරෝ අයිරිෂ් ජාතිකයෙක්. කයිරෝ අවුරුදු දෙකක් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ තිබෙන ගමක ඉන්දියානු බ්රාහ්මනයෙක්ගෙන් මේ ශාස්ත්‍රය ඉගෙන ගත් බව සඳහන් වෙනවා.
කයිරෝ අනාවැකි කියපු ඒ කාලේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කිහිපයක් සඳහන් කරනවා නම් Mark Twain, W. T. Stead, Sarah Bernhardt, Mata Hari, Oscar Wilde, Grover Cleveland, Thomas Edison, the Prince of Wales, General Kitchener, William Ewart Gladstone, Joseph Chamberlain
King Edward VII, William Gladstone, Charles Stewart Parnell, Henry Morton Stanley, Sarah Bernhardt, Oscar Wilde, Professor Max Muller, Blanche Roosevelt, the Comte de Paris, Joseph Chamberlain, Lord Russell of Killowen, Robert Ingersoll,
Ella Wheeler Wilcox, Lillie Langtry, W. T. Stead, Richard Croker, Natalia Janotha
කොහොමද ලිස්ට් එක.. හරි හරි උඹල ඔය ලිස්ට් එකේ එක්කෙනෙක්වත් අඳුනන්නේ නැති උනාට ඔය ලිස්ට් එකේ ඉන්න ඔක්කොම කයිරෝ ජිවත් උන අවධියේ හිටපු ප්‍රසිද්ධ උදවිය. මෙන්න විකිපීඩියා ලින්ක් එක.
කයිරෝගේ හපන්කම් ගැන ලිපි පෙළක් ඉරිදා ලක්බිම පත්තරේ පළවුණා "ඓතිහාසික චරිතයක ඉරණමේ හෝරාව" නමින්. ලිපි 50-60ක් වගේ පල උනා. මට එක ලිපියක ලින්ක් එකක් හම්බුනා.
මේ තියෙන්නේ ඒ ලිපිය. පුලුවන්නම් අනිත් ඒවා ටිකත් හොයාගෙන කියවන්න.
හස්තරේඛා විද්‍යාවේ ඉතිහාසය පට්ට කෙටියෙන් කියල දාන්නම්.
හස්තරේඛා විද්‍යාව ඉන්දියාවේ ආරම්භ වී ඉන්පසු චීනයටත්, චීනයෙන් ඊජිප්තුවටත්, ඊජිප්තුවෙන් ග්‍රීසියටත්, ග්‍රීසියෙන් යුරෝපයටත් ව්‍යාප්ත උනා.
හරි අපි අද බලමු හස්තරේඛා විද්‍යාවේ මුලිකම දේවල් මොනවද කියල.
ඔක්කොටම කලින් කියන්න ඕනේ අපි හස්තරේඛා බලන එක්ස්පර්ට් කට්ටිය නෙමෙයි. ඒ නිසා ගෙදර කට්ටිය, නෑදෑයෝ, යාළුවො එකතු වෙලා විනෝදෙන් ඉන්න වේලාවකදී ජොලියට වගේ කෙනෙක්ගේ අත බලල අනාවැකියක් කියනවනම් ඔයාල සැලකිලිමත් වෙන්න ඕනේ කරුණක් තියනවා.
ඒ තමයි තමන් බලන අතේ තිබෙන රිනාත්මක දේවල් ඒ කෙනාට කියන්න යන්න එපා. උදාහරණයක් විදියට ජිවන රේඛාව ගොඩක්ම කෙටියි කියමුකෝ. ගොඩක්ම සීරියස් කෙනෙක්ට ඕක කිව්වොත් එයා ඒකට අප්සට් යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් හොඳ දේවල් විතරක් කියන්න බලන්න.
1.අත තෝරා ගැනීම
ගැහැණු අයගේ නම් දකුණු අතින් තමන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත්, වමතින් අනාගතයේ වෙන දේ පිළිබඳවත් දැක්වෙනවා. පිරිමි අයගේ ඒකේ අනිත් පැත්ත. ඒ කිව්වේ දකුණතින් අනාගතයේ වෙනදේවල් පිළිබඳවත් වමතින් තමුන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත් පෙන්වනවා.
සාස්තරයක් බලන්න ගියොත් සාමාන්‍යයෙන් පිරිමි අයගේ දකුණු අත බලාගෙනත්, ගැහැණු අයගේ වමත බලාගෙනත් තමයි සාස්තර කියන්නේ. නමුත් මේ සබ්ජෙක්ට් එක ගැන සුපිරියටම දන්නා කෙනා අනාවැකි කියන්න අත් දෙකම ප්‍රයෝජනයට ගන්නවා.
2.ප්‍රධාන රේඛා
1)හෘද රේඛාව.
2)ශිර්ෂ රේඛාව.
3)ජිවන රේඛාව.
4)දෛව රේඛාව (මෙම රේඛාව සෑම පුද්ගලයෙකුටම පිහිටන්නේ නැත).
*හෘද රේඛාව මගින් කෙනෙකුගේ චිත්තාවේග, සම්භන්ධතාවයන් හා උදාර බව ත්‍යාගශීලි බව පෙන්වයි.
*ශිර්ෂ රේඛාව ස්මරණ ශක්තිය, බුද්ධිය, අවබෝධ ශක්තිය හා චිත්ත ඒකාග්‍රතාවය පිළිබද ශන්තීන් පෙන්වයි.
*ජිවන රේඛාව එහි නමේ අර්ථයෙන්ම දීර්ගායුෂ, ශක්තිය හා ජීවිතය පිළිබද ගුණාත්මක ලක්‍ෂණ හෙලිකරයි. අලස බව හා සිතෙහි කලබල ස්වභාවය පෙන්වයි.
*දෛව රේඛාව එහි නමේ අර්ථයෙන්ම දෛව පිලිබඳ තොරතුරු හෙළිකරයි.
මූලික අත, හතරැස් අත, කාර්මික අත, දාර්ශනික අත, කලාකාමී අත, චෛතසික අත, මිශ්‍ර අත යනුවෙන් වර්ග හතකි. මේ එක් එක් අතක් හිමි අයකුට පොදු වූ ලක්‍ෂණ මොනවා දැයි බලමු.
මූලික අත -
අග මහත් වූ කෙටි ඇඟිලි වලින් යුක්‌ත හස්‌තය මූලික හස්‌තය වශයෙන් හැඳින්වේ. අත්ල ඉතා ගොරෝසුය. බර වැඩ කිරීමෙහි දක්‍ෂය. තම ජීවිකාව ගෙන යැම සඳහා ශරීරය මහන්සි වී කරන රක්‍ෂාවල යෙදීමට සිදුවේ. බොහෝ කම්කරුවෝ මෙවැනි අත්වලට හිමිකම් දරයි. මෙවැනි අත්වලට හිමිකම් දරන කාන්තාවෝද ශරීරය වෙහෙසවා වැඩ කරති. බුද්ධිමත් නොවේ. නපුරු ගතිගුණ පිහිටයි. තම ආශාවන් මුදුන්පත් කර ගැනීම සඳහා තිරිසන්නු මෙන් ක්‍රියා කරති. අත්ලේ රේඛා අඩුය. සමහර විට, ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හෘද රේඛාව පමණක් ඇත. අනෙක් රේඛා දක්‌නට නොමැත.
හතරැස් අත -
මැණික් කටුව අසල සහ ඇඟිලි මුල එක සමානව පිහිටා ඇති චතුරශ්‍ර හස්‌තය මේ නමින් හැඳින්වේ. මෙබඳු අයට ඕනෑම දෙයක් වහා අවබෝධ වීමේ ශක්‌තිය ඇත. කෙනෙකු යමක් කරනු දුටු විට, ඒ දෙස බලා සිට එය කිරීමට ඉගෙන ගනියි. නීති ගරුක බව, පොරොන්දු ඉටු කිරීමට කැපවීම මොවුන් තුළ ඇති යහපත් ලක්‍ෂණ වේ. නීතිවේදීන්ට වෛද්‍යවරුන්ට දක්‍ෂ ව්‍යාපාරිකයන්ට මෙම අත්ල බොහෝවිට හිමි වේ. පමණට වඩා සිතන්නට යැමෙන් සමහර වැඩ අතපසු කර ගැනීම පවතින දුර්වල කමකි.
කාර්මික අත -
පිළිවෙළකට නැති විවිධ හැඩයෙන් යුක්‌ත වකුටු වූ හස්‌තය, කාර්මික අත නමින් ප්‍රකටය. මැණික් කටුව ළඟ සිහින්ව ඇඟිලි මුල මහත්ව පිහිටීම විශේෂ ලක්‍ෂණයකි. පළල් වූ නිය පිහිටා ඇත. ගොඩනැඟිලි කාර්මිකයන්, වාහන හා යන්ත්‍ර කාර්මිකයන්, ඉංජිනේරු ශිල්පීන් මෙම අත් හිමි අය වේ. නව නිපැයුම් කිරීමට ඉතා දක්‍ෂයෝය. නව නිර්මාණ කරුවෝය. වැඩෙහි යෙදීමට කැමතිය. කම්මැලි කමක් නැත.
දාර්ශනික අත -
මේ අත් ඉතා ප්‍රිය මනාප හැඩයෙන් යුක්‌තය. ඇඟිලි තුඩු සිහින්ය. නිය ඉතා පිරිසිදුය. අත්ල මනාව පිහිටා ඇත. අතේ රේඛාවන් ඉතා පැහැදිලිය. මොවුන්ගේ අදහස් හා සිතුවිලි ඉතා පිරිසිදුව පවතී. ඉගෙනීමේ දක්‍ෂය, හැම දෙයක් ගැනම දාර්ශනිකව කල්පනා කර බලයි. ධනය ගොඩගැසීමට කල්පනාවක් නැත. තම ධනය අනුන් උදෙසා වැය කිරීමට කැමතිය. ප්‍රවේශම් සහිතව බුද්ධිමත්ව ක්‍රියා කරයි. වැඩි කලබල ගතියක් දක්‌නට නැත. සමූහයක් අතර කැපී පෙනෙයි.
කලා කාමී අත -
ඉතා සිනිඳු සිහින් ඇඟිලි වලින් යුක්‌තය. ඇඟිලි අග සිහින්ව මුල තරමක් පළල්ව පිහිටා ඇත. බර වැඩ කිරීමට කැමති නැත. නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට, චිත්‍ර ශිල්පීන්ට මෙම අත් පිහිටා ඇත.
බොහෝ සංවේදී අය වෙති. ගතිගුණද යහපත්ය. පහසුවෙන් ජීවත්වීමට, විනෝදවීමට කවටකම් කරමින් සතුටු වීමට බොහෝ කැමැත්තෝය.
තමාගේ සැප පහසුකම් ගැන නිතරම පරීක්‍ෂාකාරී වන හෙයින්, තරමක ආත්මාර්ථකාමී බවක් ද ඇත. සමාජ ඇසුර බොහෝ සෙයින්ම ප්‍රිය කරති.
චෛතසික අත -
චෛතසික අතෙහි යම්කිසි ක්‍රමානුකූල බවක් ඇත. ඇඟිලි ක්‍රමයෙන් සිහින්ව පිහිටා තිබේ. ඇඟිලි අග උල්ය. නියපොතු සිහින්ය. ප්‍රමාණයට වඩා සිතීම නිසා එය තමාගේ දියුණුවට බාධාවක් කර ගනී. සිත සිතා සිටින නිසා තීරණයක් ගැනීම ප්‍රමාද කරයි. ප්‍රමාදය නිසාම සමහර වැඩ අතපසු වී යයි.
ලෞකික ජීවිතයට වැඩි කැමැත්තක් නැත. ආගමික පැත්තට ජීවිතය කැප කරයි. ගැමි පරිසරයට වඩාත් ප්‍රිය කරයි.
මිශ්‍ර අත -
කලින් සඳහන් කරන ලද සියලුම අත්වල මිශ්‍රණයක් මෙම අතේ දක්‌නට ලැබේ. මෙම අත් හිමි අය සියල්ලම දත් අය වශයෙන් සමාජයේ හැඳින්වේ. එහෙත් කිසිවක පරතෙරට දන්නේ නැත. හැම දෙයම ටික ටික දනී.
ව්‍යාපාර කටයුතු වලට ශූරය. රජයේ සේවයේ නියුක්‌ත වුවහොත් ඉතා දක්‍ෂ ලෙස රාජකාරි ඉටු කරයි. ආත්ම වර්ණනාවට බොහෝ කැමතිය.
අත බලා පලාපල කීමේදී රේඛාවන් ගැන පරීක්‍ෂා කිරීමට පෙර අත කුමන වර්ගයකට අයත් දැයි විමසා බැලීම වැදගත්ය.
තව තොරතුරු තියනවා. ඒත් ත්‍රෙඩ් එක දිග වැඩි වෙනවෝ.....
විවිධ හැඩයේ රේඛා වලින් කියන්න පුළුවන් අනාවැකි ගැන මේ ත්‍රෙඩ් එකේ දෙවැනි කොටසින් දාන්නම්..

සාස්තර බලන හැටි ගැන කතා කරන්න හිතාගෙනයි මම මේ ත්‍රෙඩ් එක පටන්ගත්තේ
. "සාස්තර" කියන වචනය අහපු ගමන්ම 99.9% ක් දෙනාගේ හිතට එන සිතිවිල්ල තමයි "ඕවා බොරු" කියන සිතිවිල්ල
.ඔය පාරවල් ගානේ ඉන්න අහිගුන්ටක කාන්තාවෝ අත බලල කියන සාස්තර නම් ඉතින් 100%ක්ම වගේ බොරු තමයි
. කොහොම හරි ලංකාවේ කේන්ද්‍රයට තියන තැන හස්තරේඛා විද්‍යාවට නැහැ
.මම හස්තරේඛා ගැන දන්නේ මුලික දේවල් විතරයි. ඒ නිසා මෙතැනදී මම කරන්නේ පත්තර,පොත්,අන්තර්ජාලයේ හස්තරේඛා ගැන තියන දේවල් එක තැනකට එකතු කරලා මේ සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් තියන අයට බලන්න සලස්වන එකයි
.ඒ නිසා මේ සබ්ජෙක්ට් එක ගැන හොඳට දන්නා උදවිය, මේ ගැන ලියවිච්ච පොත් එහෙම ගෙදර තියන උදවිය ඉන්නවා නම් අලුත් දේවල් බෙදාහදා ගන්නත්, මගේ අතින් වෙන්න පුළුවන් වැරදි නිවැරදි කරන්නත් ඉදිරිපත් වෙන්න ඕනේ
.හස්තරේඛා විද්‍යාව බොරුවක් කියන අය දැනගන්න ඕනේ පුද්ගලයෙක් ඉන්නවා. ඉතින් එයා ගැන සඳහන් කලේ නැතිනම් මේ ත්‍රෙඩ් එකෙන් වැඩක් නැහැ.

Last edited: