❀❀❀ තරගය පැරදී මිනිස්කමෙන් දිනූ අනායා ❀❀❀
Mirror - ජයග්‍රහණය යනු කී‍්‍රඩාවේදී අවසාන ඉලක්කයයි. එනමුත්, සත්‍ය ජයග්‍රහණය යනු තරගයක් ජයගැනීම පමණක්ම නොවන බව තේරුම්ගෙන තිබෙන්නේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කීයෙන් කීදෙනෙක්ද?
මනුෂ්‍යත්වය, මහත්මා ගති, කී‍්‍රඩාවේ සැබෑ ජීවගුණය හා කී‍්‍රඩාශීලිත්වය යනු ජයග්‍රහණයට වඩා වටිනා බව ඔප්පු කළ මළල කී‍්‍රඩකයෙකු පිළිබඳ පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තා වේ.
ඔහු, ස්පාඤ්ඤ ජාතික අයිවන් ෆර්නැන්ඩස් අනායා ය.
පසුගිය දෙසැම්බර් මස ස්පාඤ්ඤයේ පැවති මැරතන් තරගයක අවසානය ආසන්නයේදී දෙවැනි ස්ථානයට පැමිණියේය.
ඔහු දෙවැනි වූයේ පසුගිය ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම් දිනූ කෙන්යානු ජාතික ඒබල් මුටායි ට පමණි.
කෙසේ වෙතත්, තරගයේ අවසානයට මීටර 10ක් පමණ තිබියදී ඒබල් දිවීම නතර කර ඇත්තේ එය තරගයේ අවසානය යැයි සිතාය.
නොනවත්වා ඉදිරියට දිවයන මෙන් මෙම අවස්ථාවේදී පේ්රක්ෂකයන් විසින් ඔහුට කියාසිටියද, ස්පාඤ්ඤ බස නොදත් ඒබල් හට ඒ පිළිබඳව වැටහී නැත.
මේ බව දුටු අනායා, සිය ගමන් වේගය බාල කර, ඉදිරියටම දිවයන මෙන් ඒබල්ට සංඥා කරමින් තරගය ජයගැනීමට ඒබල් ට ඉඩදී ඇත.
පසුව මාධ්‍ය වලට අදහස් දක්වමින් අනායා පවසා ඇත්තේ මෙසේය.
’තරගයේ ජයග්‍රහණයට සුදුස්සා ඔහුයි. මා කළේ එම අවස්ථාවේදී කළ යුතු වූ දේ. ඔහු අතින් සිදුවුනු වරද නොවෙන්න අප අතර තිබූ දුර පරතරය බිඳින්න මට හැකියාවක් තිබුනේ නෑ. ඒබල් නැවතුනු මොහොතෙම මං හිතාගත්තා ඔහුව අභිබවා යන්නෑ කියලා’
තරගයේ ජය අහිමි වුවද, අනායා විසින් තරගයේ ජයග්රහණයෙන් ඔබ්බට ගිය ජයග්‍රහණයක් ලැබුවේ ජයග්‍රහණයේ පිපාසයෙන් මිනිස්කම ද අමතක කරන දෙනෝදාහක් හට සිතීමට අළුත් යමක් එක්කරමිනි.