මිරිදියේ මාරයා....

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මිරිදියේ මාරයා....

    සත්තු ගැන මම ගොඩක් තොරතුරු ගෙනාවනේ. මොකද මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න එක.

    අද මම ගේන්නේ මිරිදියේ මිනිසාට මරණය ලගා කර දිය හැකි සත්වයින් ගැන .මේක Jeremy Wade කියන සත්ව වේදියා කල River Monster කියන සඟරාමය වැඩසටහන ඇසුරෙන් තමයි මේ තොරතුරු ගේන්නේ. සමහර කට්ටිය මේක බලලත් ඇති .නොබලපු අයට දැනගන්ඩ ත් එක්ක බලන්ඩකෝ එහෙනම්..මෙයා ලෝකේ වටේ යනවා මේ හැකියාව තියෙන මිරිදියී ඉන්න සත්තුන්ව හොයා බලන්ඩ.අපි හිතුවට මුදේ තමයි මේ වගේ මාරක සත්තු ඉන්නේ කියලා බලන්ඩකෝ ගංගා වලත් ඒ වගේම මාරයෝ ඉන්නවා

    1.අලිගෙටර් ගාර් (Alligator gar)

    .
    90637enhanced-buzz-6822-1333485406-8.jpg

    ඇමරිකානු මහාද්වීපයේ ජීවත් වෙන මෙයා අඩි 7 ක් බර රාත්තල් 111 ක් බර වෙලා තියෙනවා.නමුත් වාර්තා වෙච්චි ලොකුම ගාර් මත්සයින් මීට වඩා හුඟක් ලොකුයි.මෙයාගෙන් එක්කෙනෙක් තමයි අර හඳපානාගොඩ වැවේ ඉඳලා හම්බ වුනේ.තද පිට පොත්තක් තියෙන දරුණු විලෝපිකයෙක්.

    2.අරපයිමා ( Arapaima)

    958992.jpg

    දකුණු ඇමරිකානු ඇමේසන් වනාන්තරයේ ජිවත් වෙන මෙය සමහරුන් සලකන විදිහට ලොව ලොකුම මිරිදිය මත්සය කියලත් කියනවා.Water world එකේ මේගොල්ලෝ ඉන්නව මම දැක්කා.

    3.Bull Shark

    279703.jpg

    මෙයා නම් කරදියේ ඉන්න එක්කෙනේක්නේ .ඔව් මෙය මුහුදේ ඉන්න දරුණු මිනී මෝරෙක්. සමහරුන් කියන විදිහර සුදු මෝරා(Great White Shark) ටත් වඩා මිනිසාට භයානක වෙන්නේ මෙන්න මේ bull sharkකියන මේයාලු. මෙයාගේ විශේෂත්වය තමයි ගංගාවල් දිගේ කිලෝමීටර් 30-40 ඉහලට එන්ඩ මෙයාට පුළුවන් .

    4.විදුලි අදා (Electric Eel)

    161504.jpg


    අදි වෝල්ටීයතා විදුලි සැර මගින් ගොදුරු දහගන්නා මෙයාගේ විදුලිය හින්ද මිනිස් ජීවිතත් නැති වෙලා තියෙනවා.ඔය රූපේ පේනවා නේද උව අල්ලන්නේ පරිවාරක ඇත ආවරණ පැළද ගෙන තමයි.මෙය ඉන්නෙ දකුණු අමෙරිකාවේ.

    5.Freshwater Saw-fish(කියත් මාලුවා )
    73035.jpg


    අඩි 20 ක් පමණ දිගින් වැඩේන මෙය රාත්තල් 400ක් විතර ලොකු වෙනවා. මඩුවන්ගේ ලගම නෑයෝ ජාතියක් තමයි මෙයාල.

    6.Giant Siamese carp

    123276.jpg


    මොරෝක්කොවෙන් අල්ල ගත්ත මේ Carp වර්ගයට් රාත්තල 600 ක් විතර ලොකු වෙනඩ පුළුවන්.

    7.Giant Freshwater Stingray
    20907.jpg


    වලිගය පිටිපස තියෙන විෂ කටුව මගින් මාරාන්තික විෂක් සතුරන් වෙත නිකුත් කරන්ඩ මෙයාලට පුළුවන්.
    84756Steve-Irwin-1.jpg

    Steve Irwin කියන මේ Discovery මාධ්‍යවේදියා මිය යන්නෙත් මෙවැනි විෂ
    ඩු
    වෙකුගේ ප්‍රහාරයක් නිසා.

    8.Goliath Tigerish

    782458.jpg


    අප්‍රිකාවේ කොංගෝ ගගේ ඉන්න මෙයාල සතුව බිහිසුණු දත් පෙළක් තියෙනවා .පේනවා නේද size එක.

    9.Goonch catfish

    161709.jpg


    කොහොමද size එක මෙය හම්බෙලා තියෙන්නේ ඉන්දියාවෙන්.

    10.African Lungfish

    5498710.jpg


    මෙයා මීටර් 2 ක් විතර දිගට වැඩෙන මෙයාලට පුළුවන් වැහි නැති කාලේ මඩ යටට වෙලා වුනත් ඉන්ඩ මොකද මෙයාට පෙනහළු වැනි අවයවයක් පිහිටලා තියෙනවා.

    දැනට මෙච්චරයි .තව මාළු ගොඩක් ඉන්නවා පෙන්නඩ. පස්සේ වෙලාවක ඉතුරු ටික පෙන්නම්. මොකද සත්තුත් එක්ක කතා කරන රහස හොයන්ඩත් තියෙනවනේ.

    මෙන්න මගේ කලින් ත්රෙඩ්


    subscribed.gif
    දඩයක්කාර චිම්පන්සියෝ... http://www.elakiri.com/forum/showthread.php?t=1530382
    subscribed.gif
    වෙච්චි දෙයක් .... http://www.elakiri.com/forum/showthread.php?t=1530171
    tag.png
    subscribed.gif
    ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි ........ http://www.elakiri.com/forum/showthread.php?t=1529661
    subscribed.gif
    සයිබීරියානු රුදුරු මිනීකන්නා ....... http://www.elakiri.com/forum/showthread.php?t=1529238
    රගර් දන්නවද ? http://www.elakiri.com/forum/showthread.php?t=1529872
     
    Last edited:

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මොකද මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න එක.

    me scene eka mokakda.. mama danna widihata sattu ekka kata karana eka lesi na i mean diyunu sattunta witara ehema adahas huwamaru karanna puluwan.. dolphin la ekka nam minissu adahas huwamaru karagannawa.. wiwida krama magin.. me sadaha high frequency sound waves bawitha karanawalu dolphin laget hise idiri kotasin me wage waves nikut karanawalu..navigate karagannath.. ane manda uba godak de dannawa athi, obe adahasuth idiripath karanna..
    images
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න එක.

    :angry:දොස්තර හොඳ හිත බලලා නැද්ද ?:angry: