හිරු මඩළ වි ඇවිත් සදවතට එළිය දි විශ්වයම හැඩ කෙරුව ඔබයි මගේ අම්මා
ළය හොවා උනුහුමට දුන් ඔවාදන් මෙමට රන් මුවා තිළිණයක් සේ රෑදේ මා ලගම..
අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැගවුනිද අම්මා...
විහගුන්ට ඉඩ නොදි ඔබ කියු ගී පැදි මද සුළග සමගවිත් සියොලගම වෙලි වෙලි
මතක අමුනා ලියු කලක කලතා සෙවු සදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැගවුනිද අම්මා....
අදුරු කඩතිර ලිහින හිනා වෙන තරු සේම ඔබේ රුව හිනාවේ මගේ පපුව යට නිදන
ආදරය හිත පිරුන කියා ගන්නට පෙරම ගියත් දුර මා අතැර ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැගවුනිද අම්මා...