ඔබ කොහොමද ?

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    සමහරු හරි උසයි නමුත් කෙට්ටුයි, සමහරු හරි මිටියි නමුත් මහතයි. ඒත් සමහරු උසට හරියන මහතක් තියෙන අය..
    ඊට හේතුව මිනිස් ශරීරයේ හැඩයන් බව ඔබ පිළිගන්නවාද. ?

    මේ තියෙන්නෙ මම අර කලින් කියපු ශරීර හැඩයන් ප්‍රභේද
    Mesomorph, Ectomorph & Endomorph
    bodytypes.jpg


    ගොඩාක් කනව බොනව ඒත් බොහොම කෙට්ටුයි , සමහරු එහෙමකට කන්නෙත් නෑ සාමාන්‍ය විදියට කනව ඔවුන් මහතයි, සමහරු ප්‍රෝටීන් සහිත ආහාර ගන්නව ව්‍යායාම කරනව ඔවුන් බොහොම කඩවසම්.. ඇයි එහෙම වෙන්නෙ.. ?

    තවත් විදියකට බැලුවොත් මෙන්න මෙහෙම ..
    අපි මේ විදියට වර්ග කලොත් ඔබ අයත් වන්නෙ මොන විදියටද..?
    මොකද මේ ශරීර හැඩයන් නිසාවෙන් අපි අඳින ඇදුම් වල ගැලපීම නොගැලපීමත් තීරනය වනවා..
    1
    male-rectangle-body-shape.gif


    2
    male-inverted-triangle-body-shape.gif


    3
    male-trapezoid-body-shape.gif


    4
    male-triangle-body-shape.gif


    5
    male-oval-body-shape.gif



    ඔබ ඔබේ සිරුරේ හැඩය ගැන හිතනවානම් එය හදුනගන්න එයින් ඔබ අයත්වන්නෙ
    Mesomorph, Ectomorph & Endomorph යන්න හදුනගන්න ඉන්පසු Mesomorph වර්ගයට තම සිරුර හැඩය වෙනස් කර ගැනීමට මහන්සි ගන්න එයට හේතුව එය පිරිමින්ට ඉතා ගැලපෙන හැඩ සිරුරක් නිසාවෙනි..



    Ectomorph ශරීර වර්ගය

    ecto.jpg


    මොවුන් බොහොම සිහින් සිරුරක් ඇති (උස නමුත් කෙට්ටු) අයයි. ඔවුන්ගේ සිරුරේ සම ඉතා තුනී වන අතර අත පය තරමක් දිගුය.
    ඔවුන්ගේ ශරීරය ඉතා ඉක්මනින් කැලරි දහනය කරනව (ගන්නා ආහාරවල පෝශ පධාර්ථ). ඔවුන්ට ඉතා විශාල වශයෙන් ආහාර අපේක්ෂා කරනව සිරුර වර්ධනය කරගැනීමටනම්. එහේම ඔවුන් ශරීර හැඩය ලබාගැනීමටනම් සිරුරේ මාංශ පේශී සමුහයන් ඉලක්ක කර ව්‍යායාම කලයුතුවනවා. Supplements (පෝශක) ලබා ගැනීම අනිවාර්ය වනවා. ඊට හේතුව ආහාර වලින් ඔවුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නොලැබෙන නිසාවෙනි. රාත්‍රී කාලයේ ආහාර ගැනීමෙදී නින්දට යෑමට පැය 3කට කලින්හෝ ආහාර සව්ල්පයක් ගතයුතුවනවා. ඊට හේතුව නින්දේදී මාංශ පේශීන් වර්ධනය වීමත් ආහාර බොහොමයක් නින්දට සුලු වෙලාවකදී ගැනීමෙන් සිරිර එම ආහාර ජීර්ණය කිරීමට වෙහෙසවීමට සිදූමත්ය. නමුත් මෙම ශරීර ඇත්තන් තම ශරීරයේ මේද දහනය ඉතා ඉක්මනින් සිදුකරගන්නවා එහෙයින් ඔවුන් ඉතා සිහින් (කෙට්ටු) සිරුරක් හිමි අය බවට පත්වනවා.



    Mesomorph ශරීර වර්ගය

    meso.jpg


    මොවුන් බොහොම හැඩ සිරුරක් ඇති උසට ගැලපෙන මහත ඇති අය මෙනමින් හදුන්වනවා. මොවුන්ගේ අස්ථි තරමක් විශාල වන අතර මාංශ පේශීන්ද විශාලය මොවුන් ස්වාභාවිකවම ක්‍රීඩාශීලී අයයි. මෙම සිරුරු වර්ගය කායවර්ධනයට ඉතා ගැලැපෙන ශ්‍රීර වර්ගය වනවා. ඔවුන්ට සිරුරේ බර සහ අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීම පහසු කටයුත්තකි. ඔවුන් ඉතා ශ්ක්තිමත් වන අතර ශරීරයට අනවශ්‍ය ලෙස ආහාර ලබා ගතහොත් තරබාරුවීම සාමාන්‍ය ස්වභාවයයි.

    Endomorph ශරීර වර්ගය

    endo.jpg


    මොවුන් බොහොම තරබාරු අය වන අතර උසින්ද අඩුය. ඔවුන් බොහොම පහසුවෙන් තරබාරු වීම සිදුවෙයි. ඔවුන්ගේ සම ඉතා ගන වන අතර මේදය ගබඩා කිරීම ඉතා ඉහලය. ඔවුන් ගන්නා ආහාර නිසා සිරුරට අවශ්‍ය ප්‍රමාණය පමනක් ලබාගෙන ඉතිරිය මේදය වශයෙන් විශාල වශයෙන් සිරුරේ තැම්පත් කෙරේ. එහෙයින් ආහාර ලබා ගැනීමෙදී ආහාර පාලනයක් අවශ්‍ය වේ. මොවුන්ගේ කකුල් ඉතා ශක්තිමත්ය. ශරීර හැඩය තරමක් රවුම්ය . උදරය නෙරා ඒම ඉතා වැඩිය. මේද දහනය කරන්නෙ නම් ඉතා මහන්සි විය යුතුය. ව්‍යායාම වැඩි වශයෙන් කල යුතුය. මාංශ පේශීන් හැඩයකින් යුතු නොවේ. ඔවුන්ට Supplements (පෝශක) ලබා ගැනීම අනිවාර්ය නොවේ ඊට හේතුව ඔවුන්ගේ සිරුර ස්වභාවයෙන්ම ශරීරය අවශ්‍ය පෝශක උරා ගැනීම වැඩි නිසා.

    ඉහත සිරුරු අතරින් ඔබේ සිරුර හදුනාගෙන ඊට අනුකූලව ඔබ කවුරුන් වනවාද යන්න තීරනය කරන්න . තීරණය ඔබට බාරයි.

    දැනුවත් කිරීමකි.
    වරදක් ඇත්නම් නිවරැදි කරන්න