නිල් නෙතු !!!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,105
    4,888
    113
    -In Darkness-
    උඹලා කෑගහන නිසා මං දැන් ලියලා තියෙන ටික දානවා :angry::angry:
    හැබැයි කතාව කොටස් 3කට දිග් ගැහෙනවා :frown::frown: කරන්න දෙයක් නෑ. උඹලා කෑ ගහන නිසා නොදිත් බෑ. අඩේ වෙලාව තියෙන විදියටනේ බං ලියන්නේ. 3 වෙනි කොටස හෙට හෝ අනිද්දා දිනය ඇතුලත දමා කතාව නිම කරන වග කරුණාවෙන් සලකන්න
    :yes::yes:



    ටික වෙලාවකින් ගුරුවරුන් කිහිප දෙනෙක් සිසුන් සමඟ එතනට පැමිණියහ. මුලින්ම කරේ මෙත්මව එම ස්ථානයෙන් එළියට ගැනිමයි. ඔවුන් මෙත්මව උස්සා මඳක් එහායින් තැබීය. උදේශනිගේ ගවුම නිල්පාටින් සහ රතුපාටින් නෑවී තිබුණි. ඇයට ඒ ගැන වගක්වත් නොවිනි. ඇය බිය වී වුන්නේ මෙත්මගේ තත්වය ගැනයි.
    “පුතේ ඔයාට නැගිටින්න පුළුවන්ද?”
    ඔහු තවත් දෙදෙනෙකුට වාරු වී අමාරුවෙන් නැගී සිටියේය. ඔවුන් ඉක්මනටම ඔහුව පාසලේ තිබූ ගිලන් කාමරයට ගෙන ගියහ. පසුව ඇඳේ නිදිකරවා ඔහුගේ නළල පැලී තිබූ තැනට බෙහෙත් දමනු ලැබීය. මැහුම් දෙකක් දැමීමටද සිදුවිය. ගිලන් කාමරය භාර හෙදිය සිටි නිසා සියල්ල පහසු විය.
    “පුතේ අපි ටික එළියට යමු මෙයාට ටිකක් රෙස්ට් කරන්න”
    “මං ටිකක් ඉන්නම් මිසී” උදේශනී ඇයගෙන් මෙත්ම ලඟ සිටීමට අවසර පැතුවාය.
    “ඒත් පුතේ. මෙයාට රෙස්ට් කරන්න ඕනේ”
    “මං කරදර කරන්නේ නෑ මිසී”
    “එහෙනම් කරදර නොකර ඉන්න ඕනේ හරිද?”
    “හා මිස්”
    ඇය හෙදිය ගිය පසු මෙත්මගේ ඇඳ ලඟට ගියාය. ඔහු ඇය දෙස වරක් බලා බිත්තිය අත බලා ගත්තේය. ඇගේ සිතේ ඒවන විට තිබූ දෑ මේ මේ යන්න විස්තර කළ නොහැක. ඇය ටික වේලාවක් ඔහු සමඟ සිට පසුව කාමරයෙන් පිටතට ගියාය.

    සිදුවූ දේ පිළිබඳ සත්‍යය තොරතුරක් ගුරුවරුන්ට හෝ දෙමාපියන්ට දැන ගැනීමට නොහැකි විය. මෙත්ම, නාරද හා උදේශනී පවා ඒ ගැන වචනයක් පැවසූවේ නැත. සිදුවූයේ බුරුලට බැඳ තිබූ රාමුවක් කඩා වැටීම යන්න අවසාන නිගමනය විය. සිද්ධිය එතනින් නිම වීම ගැන නාරද සතුටු වුනේ අන් අයටත් වැඩියෙනි.
    “උඹ මොකටද ඇත්ත සිද්දිය වැහුවේ?”
    “නිකං බොරුවට ප්‍රශ්න ඇතිකරගන්න ඕනේ නෑනේ බං. ඊට පස්සේ ගෙවල් වලිනුත් බර බරේ දානවා”
    “පලයන් යන්න. උඹ උදේශනීව බේරගන්න ඕනේ නිසයි ඔය මඟුල ඇතෑරියේ. මොකද උඹ කවුද කියලා අපි දන්නවානේ බං. වෙන වෙලාවක නම් උඹ මේ වෙද්දිත් වැඩේ ඉවරයක් කරලනේ. ඒ නිසා අපිට බොරු කරන්න හදන්න එපා මචං”
    “බොරු නෙමෙයි බං. සිරාවටම කේස් වැටෙන් නිසයි මොකුත් කිව්වේ වත් නැත්තේ”
    “ගිහින් කියපන් ඕවා කොන්ඩේ බැඳපු චීන්නුන්ට. අපි විශ්වාස කරන් නෑ”
    මෙත්ම තවත් ජනින්දව අස්වසන්නට ගියේ නැත.

    ක්‍රීඩා උළෙල අවසන් වූ පසු සුපුරුදු පරිදි පන්ති ආරම්භ විය. මාසයක් දෙකක් පමණ ගත වුනද මෙත්ම උදේශනී සමඟ වචනයක් වත් කතා කලේ නැත. ඒ ප්‍රශ්නයට අත දමන්න එපා යැයි කීයූ නිසා ඔහුගේ යාළුවන් ඔහුගෙන් ඒ ගැන විමසුවේද නැත. යොමාලි ඒ ගැන විමසන විටදීත් ඔහු පැවසුවේ ඒ ගැන කතා නොකරන ලෙසයි.
    “ප්ලීස් යොමාලී, මං කැමති නෑ ඔය ගැන කතා කරන්න”
    “ප්‍රශ්නයක් තියෙනවා නම් මුහුණ දෙන්න. බයගුල්ලෙක් වගේ ඉන් නැතිව”
    යොමාලි කී කතාවට මෙත්මට සිනා පහළ විය.
    “යොමාලි, ප්‍රශ්නෙට මුහුණ දෙන්න හොඳම විදිය මං දන්නවා. ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා”
    “ඒත් මෙත්ම”
    “මේ අහන්න. ඔයා මගේ එක්ක කැමති දෙයක් කතා කරන්න එන්න. ඔය මාතෘකාව නැතිව. ආයේ ඕක ගැන කතා කරන්න එනවා නම් නෑවිදින් ඉන්න එක හොඳයි” මෙත්ම තරයේ කියා එතනින් පිටවිය.
    උදේශනි සෑමවිටම සිටියේ කරකියා ගැනීමට නොහැකිවය. එක් අතකින් පරණ සිද්ධිය තවම සිතට වදයකි. මෙත්ම ඇයට ඒ ගැන දොස් පැවරුවා නම් ඇයට මේ තරම් සිතට වදයක් නොවන බව ඇය දැන සිටියාය. මෙත්මගේ මුරණ්ඩුකම හමුවේ ඇයට තවත් බැගෑපත්වීමටත් නොහැක. එයට ඇය කැමතිද නැත.
    “ආහා… කට්ටිය මොකද සිහියක් පතක් නැතිව එක්කෙනෙක් දිහාම බලන් ඉන්නේ” යොමාලි පසු පසින් සිටි බව ඇයට දැණුනේ නැත.
    “නෑ නෑ… මොකුත් නෑ. ඇය ලැජ්ජාව සඟවා ගැනීමට පොත් බෑගය ඇද්දාය”
    “ඕක හරියන වැඩක්ද බං. මංම කී පාරක් දැන් උගෙන් බැනුම් ඇහුවද උඹේ ප්‍රශ්නෙ නිසා”
    “මට එක පාරක් බැන්නා නම් කමක් නෑ යොමාලි. අඩු ගානේ හිතට නිදහසක් ඒකත්”
    “අනේ මංදා. උඹලටම හරි යන ප්‍රශ්න. විසඳුම තියෙන්නෙත් උඹලා දෙන්නා ගාවමයි”
    “යමු යමු. අනික් අය ලයිබ්රි ගිහින්. අපි ටික විතරයි පරක්කු”
    ඔවුන් දෙදෙනා යන විට මාතෘකාව කරගත්තේද මෙම ප්රශ්නයයි.
    “ඉතින් මට තියෙන ප්‍රශ්නේ මෙත්ම කතා නොකරන එකනේ. වෙලාවකට බලාගෙන ඉන්නවා. ඒ වුනාට කතා කරන්නේ නෑ වචනයක්වත්”
    “අනේ මන්දා. මිනිහා එක විදියක කෙනෙක්. උගේ හිතේ තියෙන ඒවා දෙයියෝ තමා දන්නේ”
    “දෙයියෝ කියද්දි මතක් වුනේ මම ලයිබ්රි එකෙන් ගෙදර ගෙනිච්ච පොත් ටික බෑග් එකේ. අද දෙන්න ගෙනාවේ. මේ අවුල හින්දා ඒකා ගන්න බැරි වුනා. යොමාලි යන්න. මං අරන් එන්නම් ඉක්මනින්.”

    ඇය නැවත් පන්ති කාමරය දෙසට දුව ගියාය. වටෙන් ගියොත් සෑහෙන්න දුරක් දිව යාමට සිදුවන නිසා ඇය කෙටි පාරෙන් යාමට සිතා කැන්ටිම පිටිපස්සෙන් ඇති පාර දිගේ දිව ගියාය. එහි අළුතෙන් කාණු කපා පස් ගොඩ කර තිබූ නිසා අඩිය තිබිය යුත්තේ පරිස්සමිනි. ඇය සමබර කර ගැනීමට දෑතද මදක් දෙපසට කොට ඉක්මනින් කණ්ඩිය උඩින් දිව ගියාය. හදිසියේම ඇය ඉදිරියෙන් මතුවූ රුවක් නිසා ඇය කණ්ඩිය මත නැවතීමට සිදු විය. අනපේක්ෂිත නැවතීම නිසා සමබරතාවය ගිලිහී ඇය කෑ ගසාගෙනම කණ්ඩියෙන් පහළ වළට වැටිනි.

    වේදනාවක් ගෙන දුනද ඇය නැගිටීමට තැත්කලාය. වළලුකර අසලින් සෑහෙන්න වේදනාවක් දැනෙන්නට විය. ඇය වට පිට බැලුවේ එකපාරටම පැමිණි කෙනා කවුද යන්නයි. කණ්ඩිය උඩ සිට ඇය දෙස බලා සිටියේ මෙත්මයි. ටික වෙලාවක් එහෙමම සිට ඔහු යන්නට අඩියක් තබා මඳක් නැවතී කල්පනා කරේය. පසුව කණ්ඩියෙන් පහළට බැසගත් ඉලංදාරියා කෙලින්ම පැමිණියේ ඇය වෙතටයි. කිසි කතාවක් නොකල ඔහු ඇගේ උරහිසින් අල්ලා නැගිට්ටවන්නට තැත් කලේය.
    “මගේ වළලු කර උලුක්කු වෙලා වගේ” ඇය වේදනාවෙන් කීවාය.
    කිසිවක් නොදෙඩූ ඔහු එක්වරම පහතට නැමී දෑතින්ම ඇයව හරහට ඔසවා ගත්තේය.
    “ඒයි පිස්සුද? කට්ටිය දකියි” ඇය ලැජ්ජාවෙන් කීවාය. කිසිවක් ගණන් නොගත් ඉලංදාරියා ඇයව ඔසවාගෙන කණ්ඩිය වටෙන් නැවත පාරට ගොඩවිය.
    “ඔයාට නම් ඇත්තටම පිස්සු” ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වී තිබිණි.
    ඔහු ඉක්මනින් පන්තිකාමරයට ගොඩ වී පුටුවකින් ඇයව වාඩි කෙරෙව්වේය.
    “මගේ වතුර බෝතලේ අරන් දෙනවාද?”
    වතුර බෝතලය ඇගේ බෑගයෙන් ගෙන ඇය අතට දී එහෙමම පහත් වී ඇගේ උළුක්කු වී ඇති කකුළ සෙමින් අතට ගත්තේය.
    “ඒයි ඔය මොකද කරන්නේ?” ඇය බිය වන්නට ඇත.
    ඉලංදාරියා සද්දයක් වත් නැත.
    ඔහු කලේ ඇගේ කකුලේ සපත්තුව සහ මේස් ගලවා පසෙකින් තැබීමයි. මේ ඔහු හා හා පුරා කියා යුවතියකගේ කකුලක් ස්පර්ශ කල ප්රථම අවස්ථාවයි. ඇගේ යටි පතුල් පවා බොහෝ සිනිදු යැයි ඔහුට සිතිනි. ඔහු ඇගේ වළලුකරින් අල්ලා කකුල කැරකැවූයේ උළුක්කු වී ඇත්නම් එවිට රිදුම් දෙන නිසයි.
    “ඌයි”
    ඇයට රිදෙන්නට ඇත. ප්‍රවේසමෙන් ඇගේ කකුල බිම තැබූ ඔහු නැගිට ගියේ ඇයට ප්‍රශ්නාර්ථයක් ලබා දෙමිනි.
    ඇය වේදනාව නිසා එතනටම වී සිටියාය. ටික වේලාවකින් ඔහු පැමිණියේ බැන්ඩේජ් රෝලක් සහ වින්ටජිනෝ ක්රීම් එකක්ද රැගෙනයි. ලඟ තිබූ පත්තර කැබැල්ලක් බිමට දමා වාඩී වූ ඔහු කලේ ඇගේ කකුල ඔහුගේ කකුලක් මත තබා වින්ටජිනෝ ගෑමයි.
    සෙමින් සෙමින් ඇගේ වළලුකර පිරිමදිමින් සිටින ඔහු ගැන ඇයට මහා දුකක් දැනිනි. ඇගේ ඇස් වලින් කඳුලු වැටෙන්නට ඇත්තේ ඒ හෙතුව නිසා වන්නට ඇත.
    “ඇයි මෙහෙම කරන්නේ” ඇය කැඩුනු හඬින් ඇසුවද ඉලංදාරියා එම කාර්යයේම නියැලී සිටියේය.
    “ප්ලීස් ඔහොම කරන්න එපා. එක්කො බනින්න. ගහන්න ඕනේ නම් ගහන්න. ඒත් ඔය විදියට නම් ඉන්න එපා”
    ඇගේ හැඬුම් තුලින් අමාරුවෙන් පැවසුවාය. නමුත් ඉලංදාරියා වචනයක් වත් පැවසුවේ නැත.
    “මගේ එක්ක තරහා නම් මාව රකින්න එපා.මට වෙන දෙයක් වෙන්න දෙන්න. කොහොමද දෙයියනේ මං ඉවසන් ඉන්නේ මේවා” ඇය මෙතරම් හැඟුම් බර තැනත්තියක් යැයි මෙත්ම සිතාගෙන වුන්නේ නැත. ඔහු ඇය දෙස මදක් බැලුවේය. ඇය අත්දෙකෙන් මූණ වසාගෙන් හඬනු දක්නට ලැබිණි.

    “උදේශනී!!! මේ මොකද මේ”
    ඇසුනු හඬින් තිගැස්සුනු මෙත්ම හැරී බැලුවේ පැමිණ ඇත්තේ කවුරුන්ද කියායි. පැමිණ සිටියේ යොමාලියි.
    ඔහුගේ හදවතට මද සහනයක් ලැබුණේ එහෙයිනි. මන්ද යත් වෙන කවුරුන් හරි ආවා නම් සිතන්නේ වෙනමම දෙයකි. උදේශනී ඉක්මනින් ඇගේ දෑස් වල කඳුලු පිස දමා ගත්තාය. යොමාලිට මෙතන සිදුවන්නේ කුමක්ද යැයි අංශු මාත්‍රයක වැටහීමක් තිබුනේ නැත.
    “මෙත්ම. කොහොමද ඔයා මේ….??”
    “මගේ කකුල ටිකක් උළුක්කු වුනා” මෙත්ම වෙනුවට පිළිතුරු දුන්නේ උදේශනියි.
    “ඔයා ආවේ නැති නිසයි බැලුවේ මම මොකද කියලා”
    මෙත්ම තව ටික වෙලාවක් වළලුකර පිරිමැද සීරුවට බැන්ඩේජ් එක වළලුකර වටේ එතුවේය. පසුව සීරුවෙන් කකුල බිම තබා නැගිට එළියට ගියේය.
    “මොකද බං වුනේ?”
    “ අතන කැන්ටින් එක ගාව කණ්ඩිය දිගේ දුවන් ගියා. මෙත්ම ඉස්සරහට ආව. නවතින්න ගිහින් වැටුනා පහලට”
    “තුවාලද?”
    “තුවාල වුනේ නෑ. කකුල අප්සට් ගියා. නැගිටින්න බැරුව ඉද්දි මෙත්ම වඩාගෙන ගෙනාව මෙහාට” ඇය යොමාලිගෙන් දෑස් වසන් කර පැවසුවාය.
    “මොකක්?”
    “ඔව්. මට ලැජ්ජත් හිතුනා. එපා කියද්දි උස්සන් ආවේ. පස්සේ වින්ටජිනෝ එකක් ගෙනත් ගාද්දි තමා උඹ ආවේ”
    “මරු දේවල්නේ දැන් වෙන්නේ” යොමාලි කට කොනකට ගත් සිනාවකින්ම පැවසුවාය.
    “මට තේරෙන් නෑ. මගෙ එක්ක වචනයක්වත් කතා කරන් නෑ. ඒත් මාව රකිනවා හැම තිස්සෙම. ඇහුවට කියන්නෙත් නෑ”
    “ඒක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් කවුද දන්නේ හිතේ තියෙන දේවල් මොනවද කියලා?”
    “හ්ම්” උදේශනී හුස්මක් පාකර හැරියාය.

    කාලප්ඡේදය ඉවර වුන පසු මෙත්ම පන්තියට පිවිසියේය. ඇය යොමාලිගේ කනට මොන මොනවද මුමුණා ඔහුගේ පුටුවෙන් හිඳගත්තේය. උදේශනීට මේ ගැන මහත් ප්රශ්නයක් විය.
    “මොනවද රහසින් කිව්වේ?”
    “උඹට හවස් වෙද්දි ඇවිදින්න පුලුවන් වුනොත් බැන්ඩේජ් එක ඔෆිස් එකට ගෙනිහින් දෙන්න කිව්වා. නැත්තම් ගෙදර ගිහින් හෙටම ගෙනත් දෙන්න කියලා”
    “හවසම දෙන්න පුළුවන් වෙයි වගේ. දැන් රිදෙන එක ටිකක් අඩුයි වගේ”
    “අත තිබ්බත් හරි රිදිල්ල කොහෙ ගියාද නේ. අනේ උඹටත් ඉතින් මං කියන් නෑ” යොමාලි ඇයට විහිළු කලාය.
    දිනෙන් දින ගේවි ගිහින් නැවත සැවොම ප්‍රබෝධමත් වුනේ ක්ෂේත්‍ර චාරිකාව යාමට සූදානම් වන විටයි.
    පංති පංති තනි තනිවම යාමට තිබූ අතර මෙත්මලාගේ පංතියෙන් තීරණය කරනු ලැබුවේ අම්බුළුවාව කන්ද නැඟීම සහ අඹේවෙල කිරි නිෂ්පාදනාගාරය බැලීමටයි. ගුරුවරයෙක් හා ගුරුවරියක් නඩය මෙහයවීමට තීරණය කල අතර උදැසන 7ට පිටත් වීමට යොදා තිබු අතර සියල්ලෝම වාගේ එයට සහභාගී වන බවක් පෙනෙන්නට තිබුණි.

    පිටත් වුන වෙලාවේ සිටම පසු පස සිටි මෙත්ම ඇතුළු පිරිස සිංදු කියන්නට පටන් ගත්හ. විවිධ විවිධ සිංදු කියා ඇති වූ පසු ඔවුන් ගෑණු ළමයින්ට තරඟකට ආරාධනා කලේ ගීතයෙන් ගීතය රස විඳිමටයි. එතරම් දුරක් නුවර සිට නොතිබුනද ඔවුන් සියල්ල ඉතා සතුටින් වට පිට නරඹමින් ගමන් කල අතර පසුව උදෑසන ආහාරය සැවොම වාගේ ලබාගෙන තිබුණු හෙයින් සියල්ලම කන්ද නැගීමට ආරම්භ කලහ. ගැහැණු ළමුන් ඉස්සර වී ගමන් කල අතර පිරිමි ළමුන් කෑකෝ ගසමින් විහිලු කරමින් පසු පසින් එන්නට විය. මදක් දුරට කන්ද නගින විට ඔවුනොවුන් මිශ්‍ර වූ අතර දෙපිරිසම සහයෝගයෙන් කන්ද නැග්ගහ. කන්ද මුදුනට පැමිණි පසු තීරණය කලේ ටිකක් විවේක ගෙනම කුළුණ නැගීමටයි.
    හිඳ ගැනීමට තබා තිබූ සිමෙන්ති බංකු වල හිඳගත් අතර මෙත්ම සහ කෙමිල් කලේ පරිසරය රස විඳිමයි. ඒ අතරතුර සමහරු තමන් ගෙනා රස කැවිලි අනික් අය සමඟ බෙදාගනු ලැබීය. උදේශනීද කිරි ටොපි ගෙනවිත් තිබූ අතර ඇය මෙත්ම ලඟට ගොස් එය පිළිගන්වනු ලබීය.ඔහු සහ කෙමිල් කැබැල්ල බැගින් ගත් අතර කෙමිල් ‘තැන්ක් යූ’ කීවද මෙත්ම සුපුරුදු ලෙස නිහඬතාවය රැක්කේය.
    “මොකද බං උඹ. බලපන් අඩූ ගානේ ඒකිගෙන් ගත්තු එකේ තැන්ක් යූ කියලා වත් කියන්න එපයි බං. මැනර්ස් නෑ කියලා හිතයි ඒකි”
    “කොහොම හිතුවත් මට මොකෝ බං”
    ඔහු කීවේ එපමණකි.
    ඔවුන් ටික වේලාවකින් කුළුණ මුදුනට නැගීමට පටන් ගත් අතර උදේශනි යොමාලි මෙත්ම සහ කෙමිල් අවසාන වශයෙන් පඩි පෙල නගින්නට විය. මුලදි නගින පිරිස උඩට ගොස් බසින අතරතුර ඔවුනට මුදුනට කරදරයක් නැතිව නැගීමට පුළුවන් වන නිසා ඔවුන් හිතා මතා පරක්කු විය.
    “මචං දිග කොන්ඩේ උඹේ ඉස්සරහින් යන්නේ. ඔන්න වැටුනොත් අල්ලගනින්” කෙමිල් ඔහුට විහිලුවක් කලේය. ජනින්ද කලින් අය සමඟ ගිය නිසා කෙමිල්ට තනිවම මෙත්මට විහිළු කිරීමට නොහැකි විය. මැද හරියට නගින විට සීතල සුලඟ වේගයෙන් ඔවුන් ස්පර්ෂ කරනු ලැබීය. මෙත්මගේ ගතේ හිරිගඩුද පිපුණි. නගින්න නගින්න පඩිපෙල් පටු වූ අතර මුලින් නැග්ග පිරිස බැස එනු දක්නට ලැබිනි.
    “අපෝ මොනවද බං උඹලා නාකි එවුන් වගේ තාම ගාටනවද?” ජනියා සැවොම හිනස්සුවේය.
    මදක් දුර යන විට යොමාලි පය ලෙස්ස වැටෙන්න ගිය අතර ඇය වාරු ගත්තේ උදේශනීව අල්ලාගෙනය. එවිට උදේශනීගේ සමබරතාව නැතිව ඇයවද වැටෙන්නට ගියේය. යොමාලිව කෙමිල් අල්ලා ගත් අතර මෙත්මට අසු වුනේ උදේශනීගේ ඉඟටියයි.
    “සොරි” ඇය හීනියට කියනු ඇසිනි. මුදුනටම ගිය පසු යාමට හැක්කෙ එක්කෙනා පසු පස එක්කෙනා බැවින් ඔවුන් එකා පසු පස එකා බැගින් මුදුනටම නැග්ගහ. මෙත්ම හාත්පස ආසාවෙන් නැරඹුවේය. එකිනෙකාට මාරු වන ස්ථානයේදී වැටෙයි යැයි වූ බිය නිසා උදේශනී මෙත්මගේ අත තදින් අල්ලා ගත්තාය. මෙත්ම එයට කිසි හැඟීමක් පෙන් වුයේ නැත.
    මඳ වේලාවක් ගියද ඇය අත ඇතෑරියේ නැත.
    “යොමාලි යංකෝ ඉස්සර වෙලා” ඇය යොමාලිට පැසුව අතර යොමාලි පුදුම වුනේ ඇය එසේ පැවසුවේ ඇයිද කියායි. නමුත් පසුපස හැරී විපරම් කරන විට ඇය දුරුවේ මෙත්මගේ අතින් අල්ලාගෙන පඩි පෙල බසින බවයි. ඇය සිනාවක් යොමා කෙමිල් සමඟ කතා කරමින් පඩිපෙල් බසින්නට ගත්තාය


    ***** මතු සම්බන්ධයි *****
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    ***** මතු සම්බන්ධයි *****

    මෙත්මයව පො@නයෙක් කලේ මොකද යකෝ.. සෙට් එකක් බස්සල නෙලන්න එපෑ අර ගස් බල්ලො ටිකට.. :angry::angry:

    අන්තිම ටික ඉන්ටරස්ටින්ග් වෙයි නේද.. උන් දෙන්න බැදලා ගෙදර ගියා කියපන් පුළුවන් නම් :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලා කෑගහන නිසා මං දැන් ලියලා තියෙන ටික දානවා :angry::angry:
    හැබැයි කතාව කොටස් 3කට දිග් ගැහෙනවා :frown::frown: කරන්න දෙයක් නෑ. උඹලා කෑ ගහන නිසා නොදිත් බෑ. අඩේ වෙලාව තියෙන විදියටනේ බං ලියන්නේ. 3 වෙනි කොටස හෙට හෝ අනිද්දා දිනය ඇතුලත දමා කතාව නිම කරන වග කරුණාවෙන් සලකන්න
    :yes::yes:
    එළකිරි මචෝ ඊලග කොටසත් දාපන්
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,105
    4,888
    113
    -In Darkness-
    මෙත්මයව පො@නයෙක් කලේ මොකද යකෝ.. සෙට් එකක් බස්සල නෙලන්න එපෑ අර ගස් බල්ලො ටිකට.. :angry::angry:

    අන්තිම ටික ඉන්ටරස්ටින්ග් වෙයි නේද.. උන් දෙන්න බැදලා ගෙදර ගියා කියපන් පුළුවන් නම් :angry:

    ඉවසීම යනු පොන්නකම නෙමෙයි සහෝ :frown::frown:

    හිටු හිටු ඉවර කරාම බලපන්
    :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ යකෝ. පුලුවන් නම් අරූව සිගරට් බොන එකෙක් කරපිය :angry::angry:
    පුළුවන් නම් ඕක ඕකට නෝ හලාල් එකකුත් ගාවාවී

    ෆිල්ම් සිරිස් එකේ අධ්‍යක්ෂක මාරු උනා වගේ හේ හේ:P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ යකෝ. පුලුවන් නම් අරූව සිගරට් බොන එකෙක් කරපිය :angry::angry:

    සිකරට් වලට ඇබ්බැහි වෙලා ඉන්න උන්ව ඒකෙන් මුදෝ ගන්න බං මම කතා කරන්නෙ හැම දාම.. කව්ද කිව්වෙ මම සිකරට් බොනව කියල ? :confused:
    2.gif


    මෙත්ම බීල ඇලක් අයිනෙ වැටිල ඉන්නව කිව්ව නම් පිළිගන්න තිබුන..:rofl: අනික මම ලිව්ව නම් ඕක මෙහෙමයි වෙන්නෙ.. මෙත්මය ඔලුවට කෙලෝ ගන්නේ ඉස්ලාම් අන්ත්වායදට විරුද්දව උද්ගොෂණයකට ගිහින් :rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පුළුවන් නම් ඕක ඕකට නෝ හලාල් එකකුත් ගාවාවී

    ෆිල්ම් සිරිස් එකේ අධ්‍යක්ෂක මාරු උනා වගේ හේ හේ:P:P

    ආ හලාල් අමතක උනා.. මෙත්ම ගෙනත් දුන්න බත් එකේ තිබුන පපඩම් හලාල් ඒක දැකල තමා සත්තුයි මිනිස්සුයි කෑම එකට කන්නෙ නෑ කියල නැගිටලා යන්නෙ :P:P:rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,105
    4,888
    113
    -In Darkness-
    සිකරට් වලට ඇබ්බැහි වෙලා ඉන්න උන්ව ඒකෙන් මුදෝ ගන්න බං මම කතා කරන්නෙ හැම දාම.. කව්ද කිව්වෙ මම සිකරට් බොනව කියල ? :confused:
    2.gif

    සහෝමයි නේද කිව්වේ අන්තිම සිල්පදේ කැඩෙනවා කියලා :( :(

    මෙත්ම බීල ඇලක් අයිනෙ වැටිල ඉන්නව කිව්ව නම් පිළිගන්න තිබුන..:rofl: අනික මම ලිව්ව නම් ඕක මෙහෙමයි වෙන්නෙ.. මෙත්මය ඔලුවට කෙලෝ ගන්නේ ඉස්ලාම් අන්ත්වායදට විරුද්දව උද්ගොෂණයකට ගිහින් :rofl::rofl::rofl:

    :oo::oo:


    ආ හලාල් අමතක උනා.. මෙත්ම ගෙනත් දුන්න බත් එකේ තිබුන පපඩම් හලාල් ඒක දැකල තමා සත්තුයි මිනිස්සුයි කෑම එකට කන්නෙ නෑ කියල නැගිටලා යන්නෙ :P:P:rofl::rofl:
    යකෝ බැදපු පපඩමේ හලාල් හොයන්න ඒකිට දිවැස් තියෙනවද ??? :rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ බැදපු පපඩමේ හලාල් හොයන්න ඒකිට දිවැස් තියෙනවද ??? :rofl::rofl:

    කැන්ටිම පිලිපස්සෙ කුණු වලේ පපඩම් පැකට් කොළ හෝ ගාල කෑල්ලගෙ ඔය ලගින් ඉන්න යාළුවා තමා නිව්ස් එක දෙන්නෙ.. කෝමද මගෙ ටිකිරි මොලේ :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ආ හලාල් අමතක උනා.. මෙත්ම ගෙනත් දුන්න බත් එකේ තිබුන පපඩම් හලාල් ඒක දැකල තමා සත්තුයි මිනිස්සුයි කෑම එකට කන්නෙ නෑ කියල නැගිටලා යන්නෙ :P:P:rofl::rofl:
    අපොයි ඔය මම කිව්වේ :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ බැදපු පපඩමේ හලාල් හොයන්න ඒකිට දිවැස් තියෙනවද ??? :rofl::rofl:

    කැන්ටිම පිලිපස්සෙ කුණු වලේ පපඩම් පැකට් කොළ හෝ ගාල කෑල්ලගෙ ඔය ලගින් ඉන්න යාළුවා තමා නිව්ස් එක දෙන්නෙ.. කෝමද මගෙ ටිකිරි මොලේ :cool:
    :P:P:P