නික්ම ගිය ඈ..........!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිලඹරේ සුදු වලාවක් සේ පාවෙලා ගිය ජීවිතේ.........
    හදිසියේ ගුගුරුවා හෙනහඩ පැමිනියා සැඩ මාරුතේ......
    විඩාවයි කැළඹුමයි පමණයි ධෛරයක් නම් නෑ නෙතේ....
    මංමුලා වී දසත සැරුවෙමි හිස් බවින් දිවි මාවතේ.....

    ආදරේ දෙදරවා ගිය සිත.. තවම ඉද හිට රිදෙනවා....
    ඒ අහිංසක ආදරේ තව... ඔයා කොහෙදැයි සොයනවා....
    මල් මිටක් අත්සනක් විලසට ඔබේ දෙන ලග තබනවා...
    සත්තමයි නෑ වෙන්වෙලා මම ..සිතින් ඔබෙ ලග රැදෙනවා....

    එක්ව අත්වැල් ඇවිද ගිය මාවතක් ගානේ හිතනවා.................
    ආයෙ යන්නට ඔයත් එක්කලා ඒ දිහා හිත පතනවා...........
    නින්ද නොයෙනා නෙතු අගිස්සට හෙමින් කදුලක් නැගෙනවා...
    අන්න ඔබ සුරපුරක ඉදිමින් ආදරෙන් අත වනනවා........

    රන් රුවක් ඇත හිතේ රැදිලා... මතකයෙන් නැත ගිලිහුනේ.........
    හිස් බවින් පෙර තිබූ දිවියට.. ඔයාමයි එළියක් උනේ........
    මල් මිටක් දෑතෙහි හොවා මනමාලි කැන්දන විලසිනේ.....
    හතර රියනින් නික්ම යන්නේ සිහින දවලා ඇයි අනේ......

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    niyamay machooooooooooooo


    dinusha.jpg



     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa