හැමදාමත් වගේ ම අපූරුවට ගීත විචාරයේ යෙදෙමින් හා සංවේදීව ගීත හදවතට දැනෙන්නට කතාකරමින් පරිපූර්ණ වූ වැඩසටහනක් කිඹුල අයිය ගෙනාව. ඒ වැඩසටහනට කිඹුල අයියාට බොහොමත් ම ස්තූතිවන්ත වෙනව.
එතනින් පසුව විවිධ මාතෘකා ඔස්සේ ජීවිතය ගැන හා අදකාලීන සමාජය ගැන අපූරු සංවාදයක් ගොඩනගමින්, එළකිරි සාමාජිකයන්ගේ හැකියාවනුත් පෙන්නා දෙමින් තවත් අපූරු වැඩසටහනක් සස්ලිට් සහෝදරය එළකිරි සාමාජිකයන් වෙනුවෙන් රැගෙන ආව. ඒ වැඩසටහන වෙනුවෙන් සස්ලිට් සහෝදරයාට ස්තූතිවන්ත වෙනව.
මේ වැඩසටහන් දෙක වෙනුවෙන් ම හැමදාම වගේ දායක වෙන එළකිරි රේඩියෝ කාණ්ඩය හා මේ වෙබ් අඩවිය මේ විදයට පවත්වාගෙන යන ජීටී අයියා ඇතුළු පාලනාධිකාරියටත් ස්තූතිය. ඒ වගේ ම එළකිරි රේඩියෝ අසන්නන් හා ත්රේඩ් එකේ සහයෝගය දෙන අපේ සෙට් එකවත් ආදරයෙන් මතක් කරනව.