මෙකත් බලන්න... ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහන

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙකත් බලන්න... ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහන

    ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ

    djm7uro.jpg

    ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම මේවනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ

    එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය. මෙයට පෙර ඉරානය තුල සිම්සන් කාටුන් චරිතවල හා බාබි බෝනික්කන් අලෙවියතහනම් විය.

    ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි.

    මෙම තහනම් කිරීම පිලිබඳ එරට බලධාරීන් පවසන්නේ අන්‍යාගමිකයන්ට සිය ආගම ඇදහීමට ඉරානය තුල ඉඩ ඇති බවත් දැනට ඉරානයේ බොහෝ විට බුදු පිලිම භාවිතා වන්නේ නිවාස අලංකාරණයට හා මෝටර් රථවල තැබීමට නිසාවෙන් මෙම තහනමෙන් අන්‍යාගමිකයන්ට ගැටළුවක් නොවන බවය.

    තවද ඔවුන් මේ ඔස්සේ දක්වන අනෙක් මතය වන්නේ බුද්ධ ප්‍රතිමා ඔස්සේ ඉරානයේ සංස්කෘතිය ආක්‍රමණයට ලක්විය හැකි බවය.

    ඒ අනුව සියලුම බුද්ධ ප්‍රතිමා රාජසන්තක කොට ඇති අතර දිගටම මෙම තහනම හා බුදු පිළිම ඉවත්කිරීම සිදුකරගෙන යෑම සිදුවනු ඇත.

    ඉරානයේ ව්‍යවස්ථාවට අනුව ඉස්ලාම් ආගම ප්‍රධාන වන අතර අනෙකුත් සියලුම ආගම් ඉස්ලාම් නොවන කාණ්ඩයට අයත් වේ.ඉරාන ව්‍යවස්ථාවෙන් ඒ හා සමානව ක්‍රිස්තියානි, යුදෙවු විශ්වාසයන් සොරෝස්ට්‍රෙනිස්ම් ද පිළිගනු ලැබේ.

    නමුත් ඉරාන නීතියට අනුව මුස්ලිම් නොවන පිරිස් වල අයිතීන් පිළිගත යුතුව තිබේ.

    3437858319.jpg
    මෙයට පෙර තහනම් වූ කාටූන් චරිත

    ඉරානය යනු කලකට ඉහතදී බුදහු දහමේ ඉතිහාසයට සම්බන්ධ වූ බෞද්ධ රාජ්‍යයක් වේ.පකිස්ථානය, බංගල්දේශය, ඇෆ්ගනිස්ථානය,පිලිපීනය, මැලේසියාව හා ඉරානය ඇතුළු ගල්ෆ් රටවල් කලකට පෙර ප්‍රධාන බෞද්ධ රටවල් ලෙස පැවතුන අතර, තුන්වන ධර්ම සංඝායනාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කලේද ඉරානයෙන්ය.

    gossip

    Last edited:

    ලංකාවට අත්වෙන්න යන්නේ මේ ඉරණමම තමා
    ජාතිවාදී අන්තවාදී කියා කියා නිදාගෙන හිටපල්ලා තව

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද මේ එකපාර තහනම් උනේ
    කලින් ඉදලම කරන්න තිබ්බ නෙ
    ඉරානය උඩ දාගෙන හිටිය වගේ මතකයි මහින්ද ලොක්කා
    දැන් මෙහෙ මුස්ලම් හොර වැඩ වලට එරහිව වැඩ කරනකොට රිදිලද දන්නෙ නෑ එයාලට
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වැල්ලෙ සිරා;14499448 said:

    :yes::yes: