ආගම් හෙවත් මෝඩයාගේ පාලන ක්‍රමය..

TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
ආගම් හෙවත් මෝඩයාගේ පාලන ක්‍රමය..

religion-is-like-a-penis.jpg

ආගම් යනු මිනිසා අධ්‍යාත්මික ලෝකයෙන් ඈත් කරවන නුතන මෙවලමයි. ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, බෞද්ධ, යුදෙව්, විද්‍යා (Scientology) ආදී බොහෝ ආගම් මිනිසා අධ්‍යාත්මික ලෝකයෙන් ඇතට ගෙන යන අතර හින්දු සහ බෞද්ධ දහම් වල පමණක් සැබෑ අධ්‍යාත්මික කරුණු අඩංගු වේ. නමුත් එයද පාලනය වී ඇත්තේ එය (අධ්‍යාත්මික ගුණ නැති) මිනිසුන් විසින් උගන්වන බැවිනි.

මෙය කියවන ඔබට "මල පනීනම්" කරුණාකර වෙනත් ත්‍රෙඩ් එකකට යොමු වී සැබෑව නොදැන ගැනීමේ අයිතිය ඔබට සම්පුර්ණයෙන්ම හිමිය.

බොහෝ ආගම් සහ දර්ශන හඳුන්වා දී ඇත්තේ මිනිසුන් පාලනය කිරීමේ සහ සැබෑ අධ්‍යාත්මික ලෝකයෙන් මිනිසා ඉවත් කරවනු පිණිසමය. ආගම් විශාල සංඛ්‍යාවක් තිබීමෙන් පමණක්ම මිනිසා පැටලිලි සහගත වන අතර ඔවුන්ගේ ගැටලුව වන්නේ "සත්‍ය" කුමක්ද යන්න සැබෑවටම කිසිවෙකුට දැනගන්නීමට බැරි වීමයි. ආගම් නිතරම එකිනෙකා අතර සටන් කරන්නේ තමා තුල "සත්‍ය" ඇති බව පෙන්වීමටයි. ලෝකය දෙස බැලුවද , ලංකාව දෙස බැලුවද, එළකිරි වෙබ් අඩවිය තුල බැලුවද පැහැදිලිව පෙනෙන සත්‍ය මෙය මිස අනෙකක් නොවේ.
මුස්ලිම් සහ බටහිර ක්‍රිස්තියානි අතර පවතින යුද්ධය සියවස් ගණනාවක් තිස්සේ පැවතෙන මුසල යුද්ධයකි.
මෙම ආගම් තුල එක් පොදු කාරණයක් ඇත. එනම් මේ හැම දහමක් තුලම එක් "පුජනිය ග්‍රන්ථයක්" ඇත. එය පරම සත්‍ය බවටත් එය "දෙවියන්ගේ" වචන බවටත් ඔවුන් පවසයි. නමුත් ගැටලුව නම් මෙම ග්‍රන්ථය ලිව්වේ දෙවියන් නොව මිනිසාය. එයටත් වඩා ලොකු ගැටලුව නම් කලින් කලට මිනිසා විසින්ම එය වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස ගතහොත් ඔබගේ කාර්යාලයේ අයෙකුට කතාවක් කීමක් වැනිය. එය ඔබගේ කාර්යාලයෙන් පිටතට යන විට තරමක් වෙනස්ය. එය කියන පුද්ගලයා අනුව කතාවට කොටස් එකතු කිරීම හෝ ඉවත් කිරීම සිදු වන්නේ ඉබේමය. එසේනම් වසර 2000 ගණනකට පෙර කියන ලද කතාව අද වෙන විට කෙතරම් වෙනස් විය යුතුද?
බයිබලය මෙසේ වැඩිම වාර ගණනක් වෙනස් උන "පුජනිය" ග්‍රන්ථයයි. එය හාස්‍යට කරුණක් නොව හඬා වැටිය යුතු කරුණකි. බයිබලයේ අද දිනයේ පවා සංස්කරණ ගණනාවක් ඇත. ධ්‍යාන භාවනා සහ නැවත ඉපදීම වැනි කරුණු බයිබලයෙන් අද සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත. මනුෂ්‍ය ප්‍රජාව වෙත කරන ලද දරුණුම ප්‍රහාරය නම් පල්ලිය විසින් බයිබලය "එක සර්වබලධාරී දෙවියෙකුට" "One God System" සීමා කිරීමයි. (ආගමික ගොතයෝ බයිබලයේ අතීතය සොයා බලත්වා!) ඉපැරණි සැබෑ බයිබලයේ දෙවිවරු බොහෝ විය. ජේසුස් ගේ කතාවද වෙනස්ය. ඔහු ලොවට පැමිණි කාරණයද වෙනස්ය. ඔහු පැමිණ ඇත්තේ මිනිසාට විශ්වයේ සැබෑ තතු හෙළිකර පුනර්ජීවය අවසන් කරන ආකාරය ඉගැන්වීමටය.
මිනිසා විසින් ලියන ලද ඔහුට අවශ්‍ය පරිදි වෙනස් කල දහමක් දෙවියන්ගේ වචන යයි ඇදහීම භයානක විහිළුවක් මිස අන් කුමක්ද?

ඉස්ලාමයද මෙයට දෙවෙනි නැත. ඔව්, ඔබවම පුපුරුවාගෙන තවත් මිනිසුන් සිය ගණනක් පුපුරුවා ඔබ මිය ගිය පසු ඔබට වයින් ගංගාවක් සහ සතුටු වීමට කන්‍යාවියන් එලොවදී ලැබෙනු ඇත. (ලොල්).. මෙවැනි දෙයක් විස්වාස කරන්නට ඔබ සැබෑවටම නුගත් ගොඩක්ම විය යුතුය. නැතිනම් ඔබ ගැඹුරු මෝහනයකට ලක් උවෙකු විය යුතුය. මෙය සරලව ගතහොත් මොළ ශෝධනය නම් වෙයි (brain wash) මෙහි දරුණු සහ භයානකම කාරණය නම් මෙම කරුණු අරාබි රටවලදී රෙටේ නීතිය බවට පත්වීමයි. සැබවින්ම එය හාස්‍යට නොව හඬා වැටිය යුතු කරුණකි. ගැහැනුන්ට මුළු සිරුරම වැසීමටත්, ආගන වෙනස් කරන මිනිසුන් මරා දැමීමටත් ඔයුන් ක්‍රියා කරන්නේ මිනිසුන් විසින් සහ පාලකයන් විසින් වෙනස් කරන ලද "පුජනිය ග්‍රන්ථය" දෙවියන්ගේ වචන යයි ඔබ විස්වාස කිරීම නිසාමය. (මුස්ලිමුන් කුරානයේ අතීතය සොයත්වා)
බහුතරයක් මෙම ආගම් සකස් කොට ඇත්තේ මිනිසා රජයට වහලෙක් කර ගැනීමටය. පහසුවෙන් කුඩා කලම ඕනෑම දෙයක් මොලයට දැමිය හැකිය. කුඩා දරුවෙකුට කාටුන් චරිතයක් දෙවියෙකු යයි හඳුන්වා දී එයම නිතර නිතර කිවොත් ඔහු ලොකු උනාද එය විස්වාස කරයි.
මේ හේතුව නිසාම ගුප්ත විද්‍යාවන්ද දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත.
ලංකාවේ ජනයා කතරගම දෙවියන් වෙනුවට කතරගම යක්ෂයාට පුජා පවත්වයි. (දෙවියන්ට මුණු ගොඩක් සහ අතපය ගොඩක් නැත. ඔවුන් විකාර රූප සහිත සත්ව කොට්ටාශයක් නොවේ) කිරි වෙහෙර මළුවේ ඇති කතරගම දෙවි හෙවත් මහසෙන් පිළිමය සමහරු තවම දැක නැත.
මේ ලොව හැර වෙනත් දෙයක් ඇති බව විස්වාස කිරීමට පවා සමහරු මැලි වෙති. නුගත් සමහර පුද්ගලයන් වෙනත් ලෝක ඇති බව හෝ, ගුප්ත විද්‍යා ඇති බව ඔප්පු කරන ලෙස ඔට්ටු ඇල්ලීමට තරම් නිවට වෙති. ඒ ඔවුන්ගේ නොදන්නා කම මිස අනෙකක් නොවේ.
අවසන් වශයෙන් මෙය සඳහන් කිරීම වටී. වර්තමානයේ ආගම් භාවිත කරන්නේ "යුද්ධ" සහ "භය" ජනතාව අතර පැතිරවීමට පමණි. එබැවින් මෝඩයෙකු නොවන්න. ඔබ ආගම වෙනුවෙන් යුද්ධයක පටලවුණු විට ඔබ අධ්‍යාත්මික ලෝකයෙන් විසිවී අවසන්ය. ඔබගේ ආගම කුමක් උවද එය නැවත විමසා බලන්න. පිළිගත හැකි තාර්කික කරුණු වලට එය ඔබට පිළිතුරු සපයයි නම්. එය අනිඋව හැසිරෙන්න. අන්‍ය ආගම් ගැන කියවන්න. එවිට ඔබගේ මොලයේ සයිල වර්ධනය වෙයි. භාවනා, පුජාවිදී, යාතිකා කර බලන්න. එහි සැබැව අත්විඳින්න,. බොරුව අත්හැර දමන්න. ඔබ සාමාන්‍ය අයෙකු උවද, ආගමික නායකයෙකු උවද , පුජකයෙකු, භික්ෂුවක, නිඝන්ටයෙකු මෙකී නොකී කවරෙකු හෝ වේවා , අන් අයගේ බසට හැසිරෙන , අන් අයගේ බස පිළිගෙන රෙදි උස්සාගෙන අවි අතට ගන්නෙක් නම්, ඔබත් කුඹුරු වල සී සාන මී ගවයාත් අතර වැඩි වෙනසක් නැත.

Last edited:
  • Like
Reactions: lasithah

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ආගම සහ මිනිස්සු විශ්වාස කරන එක මොකක් වුනත් (සර්වබලධාරී දෙවිකෙනෙක් ඉන්නවා හෝ නෑ)කමක් නෑ ..ප්‍රශ්නේ තියෙන්නේ සමහර ආගම් වලින් ආගම අදහන මිනිසාටත් වෙන කාටවත් හොඳක් වෙන්නේ නැති එක... ක්‍රිස්තියානි ආගමේ මොනවා කිවුවත් කමක් නෑ එකෙන් මිනිස්සු මරන්න , සත්තු මරන්න අනුබල දෙන්නේ නෑ...එක නිසා ප්‍රශ්නයක් නෑ..
    නමුත් ඉස්ලාම් ආගමේ දෙවියන් විශ්වාස නොකරන අය මරා දාන්න, බල්ලා යනු යක්ෂයාය දුටු තැන මරන්න, වැඩිවියට නොඑළඹී ළමයි වුනත් විවාහ කරගන්න, ගැහැනුන් පවුකාරයන්ය, පිරිමින් උතුම්ය, ඒ වගේම විනිශ්චය දිනයක් තියෙනවා, ස්වර්ගයට ගියොත් කන්‍යාවන් 72ක් ලැබෙනවා වගේ මෝඩ කතා අදහන්නේ ඉතින් ....
    මොලේ කියන එක කඩෙන් ගන්න බෑනේ, ගන්න පුළුවන් නම් මම අරගෙන ඉස්ලාම් කාරයන්ට පොවනවා. ...
    w6pg5e.jpg

    අද තියෙන්නේ සැබෑ ඉස්ලාම් දහම නෙමෙයි. ඔය කියන මෝඩ කතා කුරානය ලියපු, සංකරණය කරපු මිනිස්සු කුරානයට දාපු ගොන් කතා. ඕව ඔප්පු කරන්න තමයි අද මුස්ලිම් ය ලෝකෙම එක්ක හැප්පෙන්නේ. thanks for the comment
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ආගම් යනු මිනිසා අධ්‍යාත්මික ලෝකයෙන් ඈත් කරවන නුතන මෙවලමයි. ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, බෞද්ධ, යුදෙව්, විද්‍යා (Scientology) ආදී බොහෝ ආගම් මිනිසා අධ්‍යාත්මික ලෝකයෙන් ඇතට ගෙන යන අතර හින්දු සහ බෞද්ධ දහම් වල පමණක් සැබෑ අධ්‍යාත්මික කරුණු අඩංගු වේ. නමුත් එයද පාලනය වී ඇත්තේ එය (අධ්‍යාත්මික ගුණ නැති) මිනිසුන් විසින් උගන්වන බැවිනි.

    11.gif

    මේක දාන්න හිතුනේ ඔය උබ කියල තියන කැල්ල දැකල ...මට කාටවත් අපහස කරන්ඩ උවමනාවක් නැහැ ...එත් මේ ටික නොකියා ඉන්ඩ හිතකුත් නැහැ

    "බුදු ගුණ බුදු බණ ඇහුවත් නිරන්තරේ , ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ "

    වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්ඩද මේ ගැන .....අහෝ බුදුදහම !

    එකෙකුට ඇගිල්ල දික් කරනකොට ඇගිලි තුනක් තමන්ගේ පැත්තට දික් වෙලාලු තියෙන්නේ

    35523_416142825147061_1587985302_n.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බුදු හාමුදුරුවො කියන බෞද්ධ සාහිත්‍යය ඇසුරින් අපි හඳුනාගත්ත මහා පුරුෂයා, මේ කාලෙ පහල වෙලා ෆේස් බුක් එකේ ජාතියේ පිනට පහලවූ අපේ සසුන රැකගැනීමෙ ව්‍යාපාරයට සම්බන්ද වෙබ් අඩවියක බැරිවෙලාවත් කමෙන්ට් කලානං එතුමාට ලැබෙන ප්‍රතිචාර මොනවගේ වෙයිද? නොවැරදීම ලැබෙන එක ප්‍රතිචාරයක් තමයි මේක; "අනේ පල පොන්නයෝ යන්න"

    නබි ඇවිත් ඔය කියන " කුරානය" ලිව්වත් මේ අම්බරුවෝ ටික ඒකෙ ලයින් ඒකෙන එකට අදහාගෙන ආපහු මිනි මරා ගන්නවා. නබිට කොමාවක් මිස් උනොත් අඩුම ගානේ ගමක දෙකක් ඉවරයි [ඉස්සෙල්ලම "මිස්" කියා වචනය කියපු එවුන්ව මරලා දාන්නේ - මොකද එයාට මිස් වෙන්නෙත් නැහැ] ඊට පස්සේ ආයිත් 3013 වෙනකනුත් ඕකම අල්ල ගෙන ම්ලේච්ච විදිහට ඉන්න එක තමා කරන්නේ.

    අනික් සෙට් එක . බුදු හාමුදුරුවෝ ඒ ගොල්ලන් ඉල්ලන වර්ගයේ ධර්මයක් දෙන්නේ නැතිනම් පන්සල වට කරනවා. බලෙන් සිවුරු හරිනවා.

    මේ ආගමික අන්තවාදී අම්බරුවන්ගේ අවුල ගොඩ දාන්න ආගමික නායකයින්ට [වර්තමානයේ පහල වුනත්] බැහැ.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    අද තියෙන්නේ සැබෑ ඉස්ලාම් දහම නෙමෙයි. ඔය කියන මෝඩ කතා කුරානය ලියපු, සංකරණය කරපු මිනිස්සු කුරානයට දාපු ගොන් කතා. ඕව ඔප්පු කරන්න තමයි අද මුස්ලිම් ය ලෝකෙම එක්ක හැප්පෙන්නේ. thanks for the comment
    නෑ මම කියන්නේ එක නෙමෙයි ...හිතපන් original කුරානේ තියෙනවා කියල. සර්වබලධාරී දෙවි කෙනෙකුත් ඉන්නවා කියමු..එත් කුරානේ ලියල තියෙන්නේ කවුද ?? prophet muhammad (peace be upon him):P නූගත් කෙනෙක් නිසා , අල්ලාහ් muhammad (peace be upon him) ට කියපු ඒවා ටික muhammad ලියන්න දන්නා කෙනෙක්ට කියල තමයි ලියල තියෙන්නේ..කිසිම සාක්ෂියක් නැතුව නූගත් කෙනෙක්(තවත් ඕනෑතරම් විශේෂණ පද තියෙනවා.) කියපු දේවල් දේව වාක්‍යක් කියල කියන්න පුලුවන්ද...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    11.gif

    මේක දාන්න හිතුනේ ඔය උබ කියල තියන කැල්ල දැකල ...මට කාටවත් අපහස කරන්ඩ උවමනාවක් නැහැ ...එත් මේ ටික නොකියා ඉන්ඩ හිතකුත් නැහැ
    "බුදු ගුණ බුදු බණ ඇහුවත් නිරන්තරේ , ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ "
    වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්ඩද මේ ගැන .....අහෝ බුදුදහම !
    එකෙකුට ඇගිල්ල දික් කරනකොට ඇගිලි තුනක් තමන්ගේ පැත්තට දික් වෙලාලු තියෙන්නේ
    mekai..rate issara idalama onama ekakata hamuduruwaru tmai issarahin hitye..ratakata adre minissu rata wenuwen ona deyak kari...meka "ane mata inna denna, api paw" kiyala prashne wisadanna puluwan welawak nemei neda??:oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ලංකාවේ ජනයා කතරගම දෙවියන් වෙනුවට කතරගම යක්ෂයාට පුජා පවත්වයි. (දෙවියන්ට මුණු ගොඩක් සහ අතපය ගොඩක් නැත. ඔවුන් විකාර රූප සහිත සත්ව කොට්ටාශයක් නොවේ) කිරි වෙහෙර මළුවේ ඇති කතරගම දෙවි හෙවත් මහසෙන් පිළිමය සමහරු තවම දැක නැත.
    එළකිරියෙ ගොඩක් වෙලාවට දෙවියන්ට බනින සීන් සෑහෙන්න තියෙනව. මචන් ඔය හා බැදුනු කතා ගොඩක් තියෙනව. ඒව නොදැන ඔහොම බනින් එකත් එක්තරා අන්දමක් පවක්. අනික මචන් ආගමක් අනිවා ඕනෙ. මොකද අපිව ආගම හා නීතිය කියන රාමුවෙන් කොටු කරලයි තියෙන්නෙ. ඒ නිසා තමා මේවිදියට හරි හොදින් ලෝකය තියෙන්නෙ. නීතියෙන් නවත්තන්න බැරි ගොඩක් දේ ආගමෙන් නවත්තනව. ආගමෙන් නවත්තන්න බැරි දේවල් නීතියෙන් නවත්තනව. Ancient Aliens Documentary එක හරියට බැලුව නම් මේක ගොඩක් පැහැදිලි වෙනව. :)
     
    කතරගම දෙවියෝ ඉන්නවා, ඒ ගැන සැකයක් නැහැ. නමුත් හැමෝම වන්දනා කරන්නේ කතරගම යක්ෂයාට. සුනියන් දෙවියන්ගේ පුර පක්ෂයේ දේව ස්වරුපයත් අව පක්ෂයේ යක්ෂ ස්වරුපත් තියනවා. මම හිතලුවකට කියනවා නෙමෙයි. ගොඩක් කල් හොයල බලල තමයි කිව්වේ. හිතන්නකෝ පලතුරු වට්ටියක් අරගෙන යන බැතිමතෙකුට සැබෑ දෙවියෝ බලයිද?
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    mekai..rate issara idalama onama ekakata hamuduruwaru tmai issarahin hitye..ratakata adre minissu rata wenuwen ona deyak kari...meka "ane mata inna denna, api paw" kiyala prashne wisadanna puluwan welawak nemei neda??:oo:

    හාමුදුරුවෝ කියනවට වඩා චීවරධාරීන් කියල කිව්වනම් හරි. මොකද හමුදුරුවොන්ගේ ඒකායන පැතුම විය යුත්තේ නිවන් අවබෝධය. වැරදි නම් නිවැරදි කරන්න.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    11.gif

    මේක දාන්න හිතුනේ ඔය උබ කියල තියන කැල්ල දැකල ...මට කාටවත් අපහස කරන්ඩ උවමනාවක් නැහැ ...එත් මේ ටික නොකියා ඉන්ඩ හිතකුත් නැහැ

    "බුදු ගුණ බුදු බණ ඇහුවත් නිරන්තරේ , ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ "

    වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්ඩද මේ ගැන .....අහෝ බුදුදහම !

    එකෙකුට ඇගිල්ල දික් කරනකොට ඇගිලි තුනක් තමන්ගේ පැත්තට දික් වෙලාලු තියෙන්නේ
    බුද්ධ ශාසනය කියන්නේ එක්කෙනෙක් නෙවෙයි කියන එක ඔබතුම හොඳින් මතක තියාගත්තොත් හොඳයි ඒවගේම අපේ ඥානේස්වර ස්වාමින් වහන්සේ ටිකක් සරට කතා කරනවා බව ඇත්ත. බන කියන්න ඕනෑතරම් ස්වාමින් වහන්සේලා මේ රටේ ඉන්නවා ඒ සවමින් වහන්සේලාටත් මේ රටේ ඉඳන් බන කියන්න නම් ඔක්කොටම කලින් මේ රට ජාතිය අගම අපි රැකගෙන ඉන්න ඕනේ. එහෙව් නැතිව මෙක තවත් බංගලා දේශයක් මියන්මාරයක් උනොත් එහෙම නිවුන හැඳින් බන කියන්න බෞද්ධ ආගමක් මෙහෙ ඉතුරු වෙන්නේ න. දැන් පෙන්වා නේ ඉරානේ වෙලා තියෙන දේ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mekai..rate issara idalama onama ekakata hamuduruwaru tmai issarahin hitye..ratakata adre minissu rata wenuwen ona deyak kari...meka "ane mata inna denna, api paw" kiyala prashne wisadanna puluwan welawak nemei neda??:oo:

    සිරාවට සිරාවට ධර්මය නොදැක්කත් බුදු පිළිම පන්සල් දැකල තියනවා මිනිස්සු ...අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්ඩ කියල දෙන්නේ දේශපාලනිකව ඉතිහාසය විසින් ගොඩනගපු වීර කතන්දර වලින් .. හැබැයි අයිතිවාසිකම් කියල ඇලෙන්න ඕනි නම් ඔය දේශපාලනේ කරන්න ඕනි විදිහ ගැන දස රාජ දර්මයක් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරා ,ඒවාට කතා කරන එක පැත්තක දාල අද යන්නේ කුණුහරප කතා ,අද අලෙන්න්න ගැලෙන්න එපා කියල දෙන්න ඕනි හාමුදුරුවෝ දේශපාලනේ කරනවා , බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මෙටත් වැඩ දේවල් දන්නා බෞද්ධයෝනේ ඉන්නේ දැන් බුදුහාමුදුරුවෝ කිව්වත් එහෙම කරලා කොහොමද කියල අහයි ..බුදුහාමුදුරුවොන්ටත් වැඩිය දන්නවා අද ඉන්න උන් . දැන් මේවා කතා කරනකොට හම්බය කියයි කුණුහරප කියයි ,ඔන්න බෞද්ධ අපේ අද්යාත්මික දියුණුව,ප්‍රසන වලට විසදුම් හොයා ගන්න එක වෙනම දෙයක් මිනිසුන් විදිහට ජතින්ව හෙළ දකින්නත් ගරහන්න පුරුදුවෙලා , ,එහෙම නැත්තම් උ බෞද්ධ නෙවෙයි , බෞද්ධය නාමිකයි බන් මේ කාලේ, උ ඉතිහාස වීර කතා වලටයි ඇත්ත බුදු දහමටයි කවලම් වෙච්ච මොඩල් එකක් ..මේවා කතා කරලා වැඩක් නැහැ ඉතින් නේද මචන් ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    කතරගම දෙවියෝ ඉන්නවා, ඒ ගැන සැකයක් නැහැ. නමුත් හැමෝම වන්දනා කරන්නේ කතරගම යක්ෂයාට. සුනියන් දෙවියන්ගේ පුර පක්ෂයේ දේව ස්වරුපයත් අව පක්ෂයේ යක්ෂ ස්වරුපත් තියනවා. මම හිතලුවකට කියනවා නෙමෙයි. ගොඩක් කල් හොයල බලල තමයි කිව්වේ. හිතන්නකෝ පලතුරු වට්ටියක් අරගෙන යන බැතිමතෙකුට සැබෑ දෙවියෝ බලයිද?
    අනේ මන්ද මචන් දෙවියන් යැදීම අපි නම් කරනව. කතරගම පූජා, කිරිබාර ,ඊට අමතරව ගම්භාර දෙවියන් ඇතුලු පුද පූජා ගොඩක් තියෙනව. තව ඕවටම හදපු විවිධ පූජා භාන්ඩ තියෙනව. තව කිතුනු දහම හා බැදුනු ගොඩක් සත්‍ය දේවල් තියෙනව. ඒනිසා කෙලින්ම තව ආගමක් පට්ටපල් බොරු කියල ඇගිල්ල දික් කරනව කියන්නෙ ඒ ආගම ගැන හරියට දන්නෙ නැති අයයි. තව ඔය ටිබෙට් හාමුදුරුවරු ගැන, ටිබෙට් ශිෂ්ටාචාර ගැන දන්නෙ නැති අය තමයි හාමුදුරුවන්ට කැප අකැප කතා කියකිය දගල්ලනෙ. ටිබෙට් හාමුදුරුවරු සතු කුන්ඩ්ලීනී ශක්තිය පාවිච්චි කරපු ආකාරය, කලේ කාවෙනුවෙන්ද, කියන නොදන්න අය තමා අද කරුණාව දයාව අල්ලගෙන පෝස්ට් දාන්නෙ.
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    සිරාවට සිරාවට ධර්මය නොදැක්කත් බුදු පිළිම පන්සල් දැකල තියනවා මිනිස්සු ...අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්ඩ කියල දෙන්නේ දේශපාලනිකව ඉතිහාසය විසින් ගොඩනගපු වීර කතන්දර වලින් .. හැබැයි අයිතිවාසිකම් කියල ඇලෙන්න ඕනි නම් ඔය දේශපාලනේ කරන්න ඕනි විදිහ ගැන දස රාජ දර්මයක් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරා ,ඒවාට කතා කරන එක පැත්තක දාල අද යන්නේ කුණුහරප කතා ,අද අලෙන්න්න ගැලෙන්න එපා කියල දෙන්න ඕනි හාමුදුරුවෝ දේශපාලනේ කරනවා , බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මෙටත් වැඩ දේවල් දන්නා බෞද්ධයෝනේ ඉන්නේ දැන් බුදුහාමුදුරුවෝ කිව්වත් එහෙම කරලා කොහොමද කියල අහයි ..බුදුහාමුදුරුවොන්ටත් වැඩිය දන්නවා අද ඉන්න උන් . දැන් මේවා කතා කරනකොට හම්බය කියයි කුණුහරප කියයි ,ඔන්න බෞද්ධ අපේ අද්යාත්මික දියුණුව,ප්‍රසන වලට විසදුම් හොයා ගන්න එක වෙනම දෙයක් මිනිසුන් විදිහට ජතින්ව හෙළ දකින්නත් ගරහන්න පුරුදුවෙලා , ,එහෙම නැත්තම් උ බෞද්ධ නෙවෙයි , බෞද්ධය නාමිකයි බන් මේ කාලේ, උ ඉතිහාස වීර කතා වලටයි ඇත්ත බුදු දහමටයි කවලම් වෙච්ච මොඩල් එකක් ..මේවා කතා කරලා වැඩක් නැහැ ඉතින් නේද මචන් ?

    පැහැදිලි ඇත්ත, ඔය මොන හාමුදුරුවොත් ශාසනයේ අභිවුර්ධිය පිණිස ක්‍රියා කරන ය නෙමෙයි. ආරණ්‍ය ගත රුක්ඛ මුළ ගත වෙලා ජනයාගෙන් මිදිලා ගත කරන්න ඕන මහන කම ඉඩකඩම් බදාගෙන, යාන වාහන බදාගෙන, වටේ පිටේ ගැනු බදාගෙන (හැමෝම නෙමෙයි, එත් එහෙම ය ඉන්නවා/) කරන්න බැහැනේ. ලෝකෝත්තර ධ්‍යාන කොහොම උනත් අඩු ගානේ ලෞකික ධ්‍යාන වත් ලබල ඔයිට වඩා මෙහෙයක් ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් කම තියෙද්දී ඇයි උන්වසන්සේලා එහෙම නොකරන්නේ..????
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    අනේ මන්ද මචන් දෙවියන් යැදීම අපි නම් කරනව. කතරගම පූජා, කිරිබාර ,ඊට අමතරව ගම්භාර දෙවියන් ඇතුලු පුද පූජා ගොඩක් තියෙනව. තව ඕවටම හදපු විවිධ පූජා භාන්ඩ තියෙනව. තව කිතුනු දහම හා බැදුනු ගොඩක් සත්‍ය දේවල් තියෙනව. ඒනිසා කෙලින්ම තව ආගමක් පට්ටපල් බොරු කියල ඇගිල්ල දික් කරනව කියන්නෙ ඒ ආගම ගැන හරියට දන්නෙ නැති අයයි. තව ඔය ටිබෙට් හාමුදුරුවරු ගැන, ටිබෙට් ශිෂ්ටාචාර ගැන දන්නෙ නැති අය තමයි හාමුදුරුවන්ට කැප අකැප කතා කියකිය දගල්ලනෙ. ටිබෙට් හාමුදුරුවරු සතු කුන්ඩ්ලීනී ශක්තිය පාවිච්චි කරපු ආකාරය, කලේ කාවෙනුවෙන්ද, කියන නොදන්න අය තමා අද කරුණාව දයාව අල්ලගෙන පෝස්ට් දාන්නෙ.

    ඇත්ත. අපි කරන්නේ මහා බොරුවක්. කව්ද හරි කව්ද වැරදි කියන එක නිගමානය කරන්න කලින් අපි ඒ ආගම් දැනගෙන ඉන්න ඕන නේද?
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හාමුදුරුවෝ කියනවට වඩා චීවරධාරීන් කියල කිව්වනම් හරි. මොකද හමුදුරුවොන්ගේ ඒකායන පැතුම විය යුත්තේ නිවන් අවබෝධය. වැරදි නම් නිවැරදි කරන්න.
    හාමුදුරුවරුන්ගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම අරමුණ නිවන් අවබෝධය..
    හමුදුරුවොන්ගේ ඒකායන පැතුම නිවන විතරක් නෙමෙයි..ධර්මය බෙදා හැරීම...ඉතින් ධර්මය බෙදා හරින්න රටක් හෝ ධර්මය අහන්න මිනිස්සු නැතිවෙන එක ප්‍රශ්නයක් නෙවෙයිද..
    අනිත් එක අපේ රටේ අපිට කෙලවන්න හදන එක නවත්තන්න හදන එකටවත් ගරු කරන එක ethical නේද??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඇත්ත. අපි කරන්නේ මහා බොරුවක්. කව්ද හරි කව්ද වැරදි කියන එක නිගමානය කරන්න කලින් අපි ඒ ආගම් දැනගෙන ඉන්න ඕන නේද?
    ආගම් විතරක් මදි මිනිස්සුත් ආශය කරල ඉන්න ඕනෙ. :yes: