මොකක්ද මේ සාඩින් රන් (Sardine Run)...?
මොකක් ද මේ සාඩින් රන් (Sardine Run)කියන්නේ . කියවලාම බලන්ඩ කෝ .
මේක වාර්ෂිකව දකුණු අප්රිකානු මුහුදු තීරයේ සිදුවන අමුතු සිදුවීම් ජාලාවක්. මේක තමයි ලොව විශාලතම සත්ව සංක්රමණ(Animal Migration ) එක . මේක සිද්ද වෙන්නේ සාමාන්යෙන් වසරේ මැයි සහ ජුනි මාස වල . මේ සාඩින් කුලයේ මසුන් බිලියන ගණනක් උතුරේ සිට පැමිනෙන් ශීත දියවැල් වලින් බේරී උණුසුම් ජලය සොයා වාර්ෂිකව දකුණු අප්රිකානු නැගෙනහිර මුහුදු වෙරළේ දිගේ උතුරට පිහිනා එනවා.
කවුද මේ සාඩින් කුලයේ මසුන් කියන්නේ? අපි දන්න හුරුල්ලා, සාලයා , කීරමින් වගේ මාලුනුත් අයත් වන්නේ මේ ගොඩටම තමයි . හැබැයි මේ සංක්රමණයට සහබාගි වෙන්නේ ප්රධානවශයෙන් Southern African Pilchard (Sardinops sagax) කියන සාඩින් කුලයේ මේ මාළුන් වර්ගය .
මේ ඉන්නේ එයා
පරීක්ෂකයෝ හොයාගෙන තියෙනවා මෙම සංක්රමණය සිද්ද වීම සඳහා ජලයේ උෂ්ණත්වය 21 C න පහලට පැමිණිය යුතුයි කියලා.වසර 23 කට පසුව 2003 වසරේදී මෙම සංක්රමණය සිදු වන්නේ නෑ මේ කියන උෂ්ණත්ව වෙනස ප්රමාණවත් නොවීම නිසා. නැවතත් 2006 දීත් සංක්රමණය වාර්තා වෙන්නේ නෑ. එමනිසා මෙය ගෝලීය උෂ්ණත්වය ඉහල යාම මත ඍජු ලෙසම බලපාන සංසිද්ධියක්.
දැන් වැඩේ කියන්නේ මේගොල්ලෝ පාඩුවේ වෙරල අය්නෙන් යන එක නෙමෙයි . මේක ලෝකයේ විශාලතම විලොපිකයන්ගේ එකතුව නිර්මාණය කරන සිදුවීම බවට පත් වෙන එකයි මෙහි ඇති අපුර්වත්වය (The Largest Gathering of Predators on Earth ).මොකද එන කාට වුනත් ඇති පාදම් සප්පායම් විය හැකි අහාර සැණකෙළියක්(Feeding Frenzy ) බවට මෙය පත් වන නිසා.
අපි දැන් බලමු කවුද මෙච්චර කෑමට එන කට්ටිය කියලා. පරදාන වශයෙන් ඩොල්ෆින් සහ මෝරුන් වර්ග රැසක් එනවා. මිට අමතරව සීල් මසුන් ,පෙන්ගුයින් විතරක් නෙමෙයි තල්මසුන් රැසකුත් ඒ කාලෙට එතැනට එනවා. කුරුල්ලන් බොහෝමයකුත් වෙනත් විලෝපික මාළුන් දහස ගණනකුත් එන මේක සැබවින්ම අහාර සැණකෙළියක් කිව්වොත් හරියටම හරි.
ඩොල්ෆින් විශේෂ ගත්තොත් ප්රධාන වශයෙන් එන්නේ Common Dolphin සහ Bottle-nose Dolphin වර්ගදෙක.
මේ ඉන්නේ Common Dolphin
මේ ඉන්නේ Bottle-nose Dolphin
මතකනේ අපේ මිනීමරු ඔර්කා තුමාලා(Orca or Killer whale) ඒගොල්ලොත් එනවා මෙතෙන්ට
එන තල්මස්සු කවුද කියලා . මෙයාට තමයි කියන්නේ Bryde Whale කියලා
මෙන්න Humpback Whale කියන දවන්තයා. කොහොමද නිකම් සවල ගැහුවා වගේ නේද මාලු කිලෝ ගණන් කටේ.
මොරුත් එන්නේ එකසිය ගානට. ප්රධාන වශයෙන් Copper sharks, Spotted ragged tooth shark,Black tip shark,Dusky sharks කියන මෝරු ටික අනිවාර්යෙන්ම මෙතනට සෙට් වෙනවා. මිට අමතරව Great White shark, Tiger Shark සහ Bull shark වගේ දැවැන්ත බිහිසුණු කට්ටියත් වරින් වර ආපු බවට වාර්තා වෙනවා
ඊ ලඟට එනවා සිල් සෙට් එක.හුඟක් එන්නේ Cape fur seal කියන කට්ටිය තමයි.
මෙන්න අපි කලින් දවසක කතා කරපු තලපතා ඇවිත් .තලපත් කියන්නේ කවුද? Sail Fish. මේගොල්ලන්ගේ හොටෙන් කරන්නේ මාළු රැලට හොට දාල වේගයෙන් එක පැත්තකට පද්දනවා එතකොට ඒ පහර වදින මාලුවෙක් දෙකෙක් රංචුවෙන් විසි වෙනවා එතකොට ටික් ගාලා අල්ලගන්නවා.
පෙන්ගුයින්ලත් එනවා සමහට කාලවලට මෙගොල්ලොට කියන්නේ African penguin කියලා
තව ඉන්නවා Cape Granetts කියල ජාතියක් .මුන් ඉහලට පියඹලා වේගයෙන් පහලට් එනවා හරියට රෝච්කෙට් එකක් වගේ වතුරට enter වෙනවා .බලන්ඩකෝ ඒගොල්ලන්ගේ ෆොටෝස් ටිකක්.
පේනවා නේද එන වේගෙට කොච්චර වතුර යටට යනවද කියලා රොකට් වගේ. අසරණ සාඩින් ට ගුවන් ප්රහාර .
මේ වගේ තව ගොඩාක් විලොපිකයෝ එකතුවෙන ලොව විශාලතම දඩයක්කාරයන්ගේ එකතුව මෙතන සිද්ද වෙනවා.ඔක්කොම හොයල දාන්ඩ ගියොත් මගේ පන යනවා. සිද්දිය ගැන දල idea එකක් ගත්තනේ.
තනියෙන්ම මහන්සිවෙලා හැදුවේ. ස්භාවධර්මයාට ආදරය කරන අනික් යටත් බලා ගන්ඩ BUMP එකක් දාගෙනම යන්ඩ .

Last edited: