ඔබ confuse වෙන එක පුදුමයක් නෙමෙයි. මම මේ ත්‍රෙඩ් එකේ හැමෝම දුන් පිළිතුරු කියෙව්වා. එක එක්කෙනා කියන්නේ තමන්ට හිතෙන විදිහට. කොස්තාපල් කිව්වා චේතනාව හින්ද පව් නෑ කියා. (මෙය වැරදි උනත් ගොඩක් අය මෙයට කැමතියි.). elaTHEbra කිව්වා පව් සහ පින් දෙකම එනවා කියා. (එකම ක්‍රියාවෙන් එහෙම වෙන්නේ කොහොමදැයි ඇහුවම silent.). ඔබ හමුදාව ගැන කෙලින්ම කතා කරන්නේ නැතුව පව් සහ පව් පලදෙන එක ගැන කිව්වා. මට එය apply කරගන්න කියා බොලේ pass කළා. තව කෙනෙක් කියනවා චේතනාව නිසා වෙනස් වෙන්නේ පවේ ආනිසංස බව. අන්තිමට කියපු කෙනා "කර්මය බලපාන ආකාරය" ගැන කියන්නෙත් එයම වෙන්න ඇති. කලින් කිව්ව සිද්ධාන්තයක් තමයි ප්‍රාණ ඝාතය යන චේතනාව වෙනස් නොවන නිසා එය පවක්ම බව. පස්සේ ආයේ කියනවා හොඳ චේතනාවක් ගැන. මම ඇහුවේ එහෙම හොඳ චේතනාව නිසා එහෙනම් කලින් කි සිද්ධාන්තයට අනුව පවක් එන්නේ කොහොමදැයි කියා. ඔබ "ගල් පැලෙන තර්ක" කියා චේතනාව ගැන මම අහපු දේවල් ඔබ මග හැරියේ මේ සම්බන්ධවයි. එනිසා, ඔබේ දහමේ "පව්" ගැන අර්ථ දැක්වීම පැහැදිලි මදි.
හැමෝම හමුදාවට පව් එන බව "ඔප්පු කළා". එහෙත් බෞද්ධයින් බහුතරය ඉන්න මේ රට බේරගන්න ගිහින් දිවි පිදුවට ඔවුන්ට හොඳක් වෙන්නේ කොහොමදැයි කවුරුත් හරියට දන්නේ නෑ. මෙම අවුල, මෙවැනි තත්ව වලදී ඔබේ දහමේ පිළිතුරු නැති නිසා සාමාන්‍ය තත්ව වලට අදාල සිද්ධාන්ත මෙතනට ගෙන ඒම නිසා යයි කිව්වම එයට කැමතිත් නෑ. අන්තිමට උත්තර දීපු කෙනා එම සිද්ධාන්ත වලට පදනම් වූ ඔබලාගේ විශ්වාසයන් ගැන කිව්වා. ඔබලාගේ ලොකු උදම් ඇනීමක් තමයි විද්‍යාව ගැන. ඔබේ දහම විද්‍යාවට අනුකූල බව කීම ඔබලා හැමෝගේම පුරුද්දක්. එනිසා ඔබලාගේ ඒ විශ්වාස වලට විද්‍යාත්මක පදනම් තිබේද යයි ඇහුවා. මම හිතුවේ මෙච්චර විද්‍යාව ගැන උදම් අනන නිසා ඒවාට පිළිතුරු ඔබේ ඇඟිලි තුඩු වල ඇති බවයි. ඒත් එහෙම දෙයක් නම් පේන්න නෑ. ඔබලත් ඕව විශ්වාස කරන්නේ දහම් භක්තිය නිසාද?
හරි, දැන් ඔබට මම පැහැදිලි කළා පව පින බලපාන ආකාරය. ඔබත් මමත් ඉන්න මේ රටේ ඔබ හමුදාව ගැන දන්නෙත් මම දන්නා ටිකම තමයි. දැන් ඔබ දන්නවා බුදු දහමේ එන කරුණු (මම පැහැදිලි කරලා කිව්වා නේ?) දැන් ඔබට බැරිද තීරණයකට එළඹෙන්න? එහෙනම් මම කොහොමද තීරණයකට එළඹෙන්නේ? පැහැදිලිවම යුද්ධයට යන සියල්ලන්ටම එක හා සමානව පව පින බලපාන්නේ නැහැ. ඒ බව දැන් පැහැදිලි ඇති. ඒ නිසා ඔබ කියන විදියට සමස්ත හමුදාව ගැනම නිගමනයකට එළඹෙන්න බැහැ. අනික බුද්ධ ධර්මයේ නාමයෙන් මිනී මරන්න කියල කොහෙවත් නැහැ. ඒ නිසා ධර්මය මෙතනට ගාව ගෙන නිකම් මෝඩ තර්ක ගේන්න එපා. බුදු දහමින් මිනී මරණ එක සාධාරණය කරන්න බැහැ. යුද්ධයකදී උනත් එහෙමයි. සෙබලෙක් පවක් කරගත්තා නම් එම සෙබලා එම කර්ම වලට වන්දි ගෙවිය යුතුයි. එය බුදු දහමද නැද්ද කියල නැහැ.
බුදු දහමින් කරන්නේ මාර්ගය පෙන්වීම පමණයි. එම මාර්ගයේ ගමන් කිරීම හෝ නොකිරීම පෞද්ගලික කැමැත්තක්. ඔබලාට එසේ නිදහසක් නැහැ. පල්ලි යාම අනිවාර්යයි. නමුත් බෞද්ධ දර්ශනය ඊට වඩා වෙනස්. කර්මය කියන දෙය විද්‍යාවෙන් තවමත් පැහැදිලි කරලා නැහැ. මට තේරුම් ගන්න බැහැ ඔබතුමා විද්‍යාව ගැන කතා කරන්නේ කර්මයේ මොන කොටස පදනම් කරගෙනද කියල. මම දන්නා විදිහය ඔබලාගේ දහමේත් කර්මය කියන දේ සුළුවෙන් හෝ තියනවා. ඒකනේ හලාල් ඕනෑම කියන්නේ. නැත නම් ඔබලාට ඔබලාගේ ආගමේ හැටියට පවක් සිද්ද වෙනවා.
). elaTHEbra කිව්වා පව් සහ පින් දෙකම එනවා කියා. (එකම ක්‍රියාවෙන් එහෙම වෙන්නේ කොහොමදැයි ඇහුවම silent.). ඔබ හමුදාව ගැන කෙලින්ම කතා කරන්නේ නැතුව පව් සහ පව් පලදෙන එක ගැන කිව්වා. මට එය apply කරගන්න කියා බොලේ pass කළා. තව කෙනෙක් කියනවා චේතනාව නිසා වෙනස් වෙන්නේ පවේ ආනිසංස බව. අන්තිමට කියපු කෙනා "කර්මය බලපාන ආකාරය" ගැන කියන්නෙත් එයම වෙන්න ඇති. කලින් කිව්ව සිද්ධාන්තයක් තමයි ප්‍රාණ ඝාතය යන චේතනාව වෙනස් නොවන නිසා එය පවක්ම බව. පස්සේ ආයේ කියනවා හොඳ චේතනාවක් ගැන. මම ඇහුවේ එහෙම හොඳ චේතනාව නිසා එහෙනම් කලින් කි සිද්ධාන්තයට අනුව පවක් එන්නේ කොහොමදැයි කියා. ඔබ "ගල් පැලෙන තර්ක" කියා චේතනාව ගැන මම අහපු දේවල් ඔබ මග හැරියේ මේ සම්බන්ධවයි. එනිසා, ඔබේ දහමේ "පව්" ගැන අර්ථ දැක්වීම පැහැදිලි මදි.

