කොන්දක් නැති චැනල් - 4
ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මා චැනල් - 4 අධ්‍යක්‍ෂ කැල්ලම්
මැක්‌රේට අභියෝග කළා. එහෙත් කොන්දක් නැති චැනල් - 4
කණ්‌ඩායම අද වනතෙක් ඊට ප්‍රතිචාරයක් දක්‌වා නැහැ.
- මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරයේදී බෙදුම්වාදී ජාත්‍යන්තරය ලවා ශ්‍රී ලංකාව දංගෙඩිය කරා ගෙන යන්නට, මෙරටට ඒ හරහා ආර්ථික සම්බාධක පනවන්නට කැසකවන ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී දෙස් විදෙස් බත් බැලයෝ ජිනීවා දෙසට හැරී කෙළහලමින් බලා සිටිද්දී 2012 ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාවට එරෙහිව ව්‍යාජ චිත්‍රපට තනා ලෝකයට පෙන්වූ බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවේ කැල්ලම් මැකරේ තවත් තුරුම්පුවක් අතැතිව නැවතත් කරළියට පැමිණ සිටී. ඒ ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් අත්අඩංගුවට ගෙන මරා දැමූ බවට ආරක්ෂක හමුදාවන්ට චෝදනා කරන ආකාරයේ ඡායාරූප සාක්ෂියක් ඉදිරිපත් කරමිනි. බාලචන්ද්‍රන් බංකරයක තුළ සිටින ඡායාරූප දෙකක් හා ඔහුගේ මළ සිරුර දැක්වෙන මෙම ඡායාරූප 2009 මැයි 19 වැනිදා ලබාගත් ඒවා බව මැකරේ සදහන් කරයි. එහෙත් එදින පටන් මේ දක්වා වසර හතරක කාලයක් ගත වී ඇත. මෙතරම් කාලයක් එළියට නොආ අද ඊයේ එළියට ආවේ කොහේ සිටද? මෙම ඡායාරූප පෙළ පැහැදිළිවම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සදහා ගොතන ලද කතාවකට අනුව සකස් කරන ලද ව්‍යාජයක් බව මතුපිටින් පරීක්ෂා කර බැළීමෙන් පමණක්ම තහවුරු කළ හැකිය.
* බාලචන්ද්‍රන්ට වෙඩි තබා මැරූ බවට සනාථ කිරීම සඳහා මැක්‌රේ බ්‍රිතාන්‍යයේ වෝහාරික වෛද්‍යවරයකු වන ඩෙරික් පවුන්ඩර්ගේ සාක්‍ෂියක් ද ප්‍රකාශයට පත් කළේය. එහෙත් මේ අපූරු වෝහාරික විශේෂඥයා සිය සාක්‍ෂිය ඉදිරිපත් කළේ බාලචන්ද්‍රන්ගේ මළසිරුර නැතිවය. එමෙන්ම කැල්ලම් මැක්‌රේට සහය වූ ඩෙරික් පවුන්ඩර්ට එරෙහිව තවත් වෛද්‍ය විශේෂඥයකු ද ප්‍රකාශයක් කර තිබූ බව හෙළි වී තිබේ.
* 2012 දී මැක්‌රේ විසින් බාලචන්ද්‍රන්ගේ ඡායාරූපය ජිනීවා වෙත ගෙන ආවේ මියගිය කොටි රැකවළුන් පස්‌දෙනකු සමගය. එහෙත් 2013 දී ලෝක ප්‍රජාවට ඉදිරිපත් කර ඇත්තේ බාලචන්ද්‍රන් පමණි. ඒ ඇයි?
* හමුදා බංකරයක රදවා සිටි බව කියන බාලචන්ද්‍රන්ගේ මුහුණේ බියක සේයාවක්වත් දක්නට නොලැබිණි. කොටින් විසින් ශ්‍රී ලංකා හමුදාව ගැන ද්‍රවිඩ ප්‍රජාවගේ මනසේ නිර්මාණය කර තිබුනේ ද්‍රවිඩයන් මරන කෲර හමුදාවක චිත්‍රයයි. ප්‍රභාකරන් පුත්‍රයාගේ මනසේද මවා තිබෙන්නට ඇත්තේ එවැනි චිත්‍රයකි. එවැනි දැක්මක් ඇති ළමයෙක් තම සතුරු හමුදාවක් අතට පත් වුණු පසුව මෙළෙස බිස්කට් කමින් සතුරාගේම සරමක් පොරවාගෙන හුරුපුරුදු බවකින් හැසිරෙන්නේ නැත.
* බාලචන්ද්‍රන්ගේ පපුවට වෙඩි තබා ඇති බව කීවත් ඒ එකම වෙඩි පහරකවත් ලේ ගලා යෑමක් සිදු වී නැත. ඔබට ඇවසිනම් පපුවට වෙඩි වැදී මිය පුද්ගලයින්ගේ ඡායාරූප අන්තර්ජාලයෙන් සොයා බලන්න. ඒ සෑම ඡායාරූපයකම පුද්ගලයින්ගෙන් ලේ ගලා ගොස් තිබේ. මේ හැර ප්‍රභාකරන්ගේ බාලපුත්‍ර බාලචන්ද්‍රන්ගේ ඡායාරූපයේ වෙඩි වැදුණු බව නියත සලකුණු සම යටට ඇති බව පිළිබිඹු වේ යෑයි ඔවුන් කියයි. මෙලෙස පපුවේ ස්‌ථාන මැන මැන වෙඩි තබන පිරිස් සිටින්නේ කුමන රටේද?
* බාලචන්ද්‍රන්ගේ යෑයි කියන මළසිරුර දැක්වෙන ඡායාරූපය පරීක්ෂා කිරීමේදී සිව් දෙනෙකුගේ පාද පෙනෙන්නට තිබේ. එයින් දෙදෙනෙකු පැළද සිටින්නේ රබර් සෙරෙප්පුය. අනෙක් අය සපත්තු පැළද සිටිති. 2009 මැයි මස 19 වැනිදා සාමාන්‍ය වැසියෙකුට එම ප්‍රදේශයට ඇතුළු වීමට කිසිදු අවස්ථාවක් නොතිබිණි. දැඩි විනය පාලනයක් සහිත වෘත්තීය යුධ හමුදාවක් වන ශ්‍රී ලංකා හමුදාව රබර් සෙරෙප්පු සහිතව යුධ බිමට යන්නේ නැත. ඒ හැරත් අනෙත් පුද්ගලයන් දෙදෙනා පැළද සිටින්නේ ආරක්ෂක හමුදාව භාවිතා කරන වර්ගයේ සපත්තු ද නොවේ.
* පැත්තකින් හමුදා සෙබළෙක් ලෙස පෙන්වීමට උත්සහා දරන පුද්ගලයා කොටි නිල ඇදුමක් ඇදගත් අයෙකි. එය ශ්‍රී ලංකා හමුදාවේ නිළ ඇදුමට වඩා වඩාත් සමීප වන්නේ කොටින්ගේ නිළ ඇදුමටය. ඒ නිල ඇදුම මනාව ප්‍රදර්ශනය වේ. එසේනම් බාලචන්ද්‍රන් හිද ඇත්තේ කොටි ආරක්ෂාව මධ්‍යයේ හො කොටි අත්අඩංගුවේය. අනිත් අතට මෙහි පසෙකින් සිටින පුද්ගලයා ඇද සිටින්නේ ශ්‍රී ලංකා හමුදාවේම නිළ ඇදුමක්ම වුවත්, හමුදාව විසින් බාලචන්ද්‍රන් මරා දැමූ බව ඔප්පු කරන්නට එය ප්‍රබල සාක්ෂියක් නොවන්නේ ඒ දිනවල හමුදාවේ නිල ඇදුම් කොටින්ද භාවිතා කළ නිසායි.
* ඡායාරූපයේ පහළ කොටස විමසිලිමත්ව බැලුවොත් කොන්ඩය වාවගෙන සිටින පුද්ගලයෙකුගේ හෙවනැල්ලක් වැටී තිබෙන ආකාරය දැකගත හැකිවේ. ඉතාමත් තදබල යුධමය අවස්ථාවක වුවත් දැඩි විනයක් යටතේ ක්‍රියාකරන ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබලෙකුට කොන්ඩය වවාගෙන යුධ බිමට යෑමේ හැකියාවක් නැත.
* මේ අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාද මේ සිදුවීම ව්‍යාජ එකක් බව තහවුරු කරයි. ඔහු දැන් ආණ්ඩුවට විපක්ෂ දේශපාලන මතයක් දරන්නකු බැවිනුත්. කලකට පෙර සුදු කොඩි නඩුව හේතුවෙන් ආන්දෝලනට ලක් වූවෙකු නිසාත් එතුමාගේ ප්‍රකාශය වඩාත් වැදගත් වේ. තමන්ගේ ආරක්ෂක හමුදාව කිසි විටෙක ප්‍රභාකරන් පුත් බාලචන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට හෝ මරා දැමීමට කටයුතු නොකළ බවත්, 2009 මැයි 19 වන දා කොටි නායක ප්‍රභාකරන් සහ ඔහුගේ පුත් චාල්ස් ඇන්තනීගේ මළ සිරුරු හදුනාගනු ලැබුවද ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබුණ බවට හිටපු යුධ හමුදාපතිවරයා බී බී සී සේවයට කියා සිටියේය.
වැඩිදුර තොරතුරු http://www.divaina.com/2013/02/24/defence.html
දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ බෙදුම්වාද දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම දකුණු ඉන්දීය කොටි හිතවාදී දෙමළ දේශපාලන පක්ෂ වලට කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ වත්මන් රජය පලවාහැරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබේ. මුන්ගේ දේශපාලන භූමිකාව ඉදිරියට පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකාවේ අර්බුදය විකුණාගෙන කමිනි. මේ සියළු පාර්ශවයන්වලට වේලුපිල්ලේ මිනීමරුවාගේ පුත්‍රයාගේ යෑයි කියන ඡායාරූප තුළින් ද්‍රවිඩ ප්‍රජාව අතර නව කථිකාවත් ගොඩ නගාගෙන සිටී. ඒ හරහා තම ඉදිරි දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටී. මොවුන් අද ඔප්පු කළ නොහැකි පදනම් විරහිත ඡායාරූපයක් පෙන්වමින් හඩා වැළපෙන්නේ මිය ගිය කොටි ත්‍රස්තවාදියාගේ පුත්‍රයා වෙනුවෙන්වත් උතුරේ අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන්වත් නොවේ.
ප්‍රභාකරන්ගේ පුත්‍රයාගේ යෑයි කියනා ඡායාරූප පෙළ කොටි ඩයස්පොරාවේ කොන්ත්‍රාත්තුව ඉටු කරන බැලයන් විසින් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කිරීම සදහා නිර්මාණය කරන නාටකයේ එක් කොටසක් බව තහවුරු කිරීමට එම ඡායාරූප මතුපිටින් නිරීක්ෂණය කීරීමම ප්‍රමාණවත්ය. එයින් ඔබ්බට ගොස් එම ව්‍යාජ පින්තූර තියුණු ලෙස නිරීක්ෂණය කිරීමෙන් ඒවා ව්‍යාජ ඒවා බව ලෙහෙසියෙන් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට අසීරු නොවනු ඇත. දැන් අවශ්‍යව ඇත්තේ කොටි බැලයන්ගේ ව්‍යාජ රගපෑම් තුළින් ශ්‍රී ලංකාව තව තවත් අපකීර්තියට පත් කිරීමට ඉඩ නොදී සත්‍ය යතාර්ථය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හෙළිදරව් කිරීමයි
sorry.com