බලා ඉමි නැවතිලා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලා ඉමි නැවතිලා....


    විසිර ගිය ජීවිතේ...
    යලිත් එක් කරලන්න...
    හසරැලි ගගක් අරන්
    ඔබ ඇවිත් සිත ලගට...
    සුසුම් ලග දැවටෙන්න...
    නලල් තල සිපගන්න...
    ආදරේ නාමයෙන්....
    තව ලන්ව උනුහුමට....
    සිතිජයේ විහිදෙනා...
    මුදු කෝළ රූ රටා....
    තවම අපෙ ආදරේ....
    සැරි සරයි ඒ වටා......
    ලොවක රුදු නෙතු වසා..
    පෙමට පැතුමන් මවා...
    කාලයේ ඉම සොයා...
    බලා ඉමි නැවතිලා....
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආදරෙන් මුසපත්ව

    ඇති බවකි හැඟෙන්නේ


    ජීවිතේ කවියක්ව
    ආදරෙන් ගලන්නේ

    දිනෙන් දින ජය කනුව
    කරා ඔබ ඇදෙන්නේ

    සුබ පැතුම් දෝතින්ම
    හදවතින් පුදන්නේ

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරෙන් මුසපත්ව

    ඇති බවකි හැඟෙන්නේ


    ජීවිතේ කවියක්ව
    ආදරෙන් ගලන්නේ

    දිනෙන් දින ජය කනුව
    කරා ඔබ ඇදෙන්නේ

    සුබ පැතුම් දෝතින්ම
    හදවතින් පුදන්නේ

    ජීවිතේ කවියකී...
    එය ඔහේ ගලනවා...


    ජය කනුව කෝ කොහෙද ..
    තවම එය සොයනවා...


    හදවතින් පිදු පැතුම්...
    සිත් තුටින් රකිනවා....


    නොවින්දත් ආදරේ..
    මං තවත් ලියනවා..

     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජීවිතේ කවියකී...
    එය ඔහේ ගලනවා...


    ජය කනුව කෝ කොහෙද ..
    තවම එය සොයනවා...


    හදවතින් පිදු පැතුම්...
    සිත් තුටින් රකිනවා....


    නොවින්දත් ආදරේ..
    මං තවත් ලියනවා..

    ගලයි නම් ජල කදක්
    කෙලවර එහි සමුදුරයි ......

    සොයයි නම් ජය කනුව
    දුවනු හරි මග කෙටියි ......

    දරයි නම් සගවන්න
    නොමැත ඉන් කිසි පලක් ....

    ලයත් සේ කැස්ස
    අසා ඇත කියමනක් ........

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගලයි නම් ජල කදක්
    කෙලවර එහි සමුදුරයි ......

    සොයයි නම් ජය කනුව
    දුවනු හරි මග කෙටියි ......

    දරයි නම් සගවන්න
    නොමැත ඉන් කිසි පලක් ....

    ලයත් සේ කැස්ස
    අසා ඇත කියමනක් ........

    ගගේ කෙලවරක ඇති මහ සමුදුරය...
    සයුරේ ගැඹුර ගග දැනගෙන අහවරය...
    කෙටි මාවතේ ජය ඇති දැයි මට සැකය..
    ආලය අවැසි නම් අද මං වෙනතකය :cool:

     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගගේ කෙලවරක ඇති මහ සමුදුරය...
    සයුරේ ගැඹුර ගග දැනගෙන අහවරය...
    කෙටි මාවතේ ජය ඇති දැයි මට සැකය..
    ආලය අවැසි නම් අද මං වෙනතකය :cool:



    දිය බින්දු බිම හලා
    කටුක බිම හරිත කර
    බිදෙන් බිද ඇලෙන් දොල
    මහ නදිය අග සයුර

    අවසනද මේ ගමන
    කටුක ලුනු රැලි නගන
    ඇරබුමකි අවසනත්
    නැවත හිස් අහස මත
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිය බින්දු බිම හලා
    කටුක බිම හරිත කර
    බිදෙන් බිද ඇලෙන් දොල
    මහ නදිය අග සයුර

    අවසනද මේ ගමන
    කටුක ලුනු රැලි නගන
    ඇරබුමකි අවසනත්
    නැවත හිස් අහස මත
    1.gif
    11.gif

    lassanai.. :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගගේ කෙලවරක ඇති මහ සමුදුරය...
    සයුරේ ගැඹුර ගග දැනගෙන අහවරය...
    කෙටි මාවතේ ජය ඇති දැයි මට සැකය..
    ආලය අවැසි නම් අද මං වෙනතකය :cool:

    ගඟ ගලනවා මිස සයුරක් ........ නොදන්නකි
    ගැඹුර තියා ලුණු රසයක් වත් ......... නොදනී
    මාවත කෙලෙස තිබුනත් රළු පරළු ...... වෙති
    ආලය නොමැති මිනිසත් බව ......... මුසාවකි

    ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගඟ ගලනවා මිස සයුරක් ........ නොදන්නකි
    ගැඹුර තියා ලුණු රසයක් වත් .........නොදනී
    මාවත කෙලෙස තිබුනත් රළු පරළු ......වෙති
    ආලය නොමැති මිනිසත් බව ......... මුසාවකි

    ;)
    ගංගා සයුරු පිටදා සැර වැඩි ....කරලා.....
    මාවත රළු නිසා යන්නට බෑ .....කියලා...
    හිටපං අක්කෙ හිටපං මම විහිලු ....කලා...
    එන්නද ගිහිං හිත ගිය කෙල්ලක් ....බැදලා... :P:rofl::rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගංගා සයුරු පිටදා සැර වැඩි ....කරලා.....
    මාවත රළු නිසා යන්නට බෑ .....කියලා...
    හිටපං අක්කෙ හිටපං මම විහිලු ....කලා...
    එන්නද ගිහිං හිත ගිය කෙල්ලක් ....බැදලා... :P:rofl::rofl::rofl:
    මා හට නොහැක ඔබ මෙන් පද ........ අමුණන්න
    කී දෙය පැහැදුනේ නෑ සත්තයි ............. ඔන්න
    ඇයි බොල මල්ලියේ ඔබේ හිත ගිය ...... කෙල්ල
    ගැනමයි නොවෙද කිවේ මුල සිට ........... අගට
    :angry::angry::angry::D:frown::frown::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා හට නොහැක ඔබ මෙන් පද ........ අමුණන්න
    කී දෙය පැහැදුනේ නෑ සත්තයි .............ඔන්න
    ඇයි බොල මල්ලියේ ඔබේ හිත ගිය ...... කෙල්ල
    ගැනමයි නොවෙද කිවේ මුල සිට ........... අගට
    :angry::angry::angry::D:frown::frown::frown:
    හිත ගිය ලදක් තවමත් නැත කියා මට....
    මුල සිට කීවා මතකත් ඇති එය ඔබට....
    එන්න එන්න ඔබ කියනා දේ වලට....:oo:
    එකෙක් හොයාගෙන බදිනට සිතුනි මට... :baffled::dull::rofl::rofl:

    අක්කා උනත් ලොකු ලොකු දේ පවසන්නේ...
    මල්ලී ගැන හොයා ඇයි මේ ලතැවෙන්නේ...
    හිත ගිය එකෙක් ඔබවත් බලමින් ඇති නේ.... :rolleyes::yes::rofl:
    කාලෙ හොදයි මගුලක් ජයටම ගමු නේ..... :rolleyes::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හිත ගිය ලදක් තවමත් නැත කියා මට....
    මුල සිට කීවා මතකත් ඇති එය ඔබට....
    එන්න එන්න ඔබ කියනා දේ වලට....:oo:
    එකෙක් හොයාගෙන බදිනට සිතුනි මට... :baffled::dull::rofl::rofl:

    අක්කා උනත් ලොකු ලොකු දේ පවසන්නේ...
    මල්ලී ගැන හොයා ඇයි මේ ලතැවෙන්නේ...
    හිත ගිය එකෙක් ඔබවත් බලමින් ඇති නේ.... :rolleyes::yes::rofl:
    කාලෙ හොදයි මගුලක් ජයටම ගමු නේ..... :rolleyes::love:



    මුසාවක් නොවෙයි මේ පත බෑ .... විල්ල
    සත්තයි දැනෙයි දුටු විට ඔබේ .... සිරියාව
    කිවේ කුමන හෝ එකියක් නොවෙයි . මල
    සිත් ගත කුමාරි සහේට ගෙන බදිනු .. කර

    අක්කා නොවේද මලයා ගැන ...... සොයන්නේ
    මලයා කෙලෙස අක්කගේ තතු .... නොදන්නේ
    යන්නට සමග ඔහු හා කල් ඇත ....... බෝ සේ
    ඉගෙනුම පළමු කොට සලකයි මවු ....... මගේ

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුසාවක් නොවෙයි මේ පත බෑ .... විල්ල
    සත්තයි දැනෙයි දුටු විට ඔබේ .... සිරියාව
    කිවේ කුමන හෝ එකියක් නොවෙයි . මල
    සිත් ගත කුමාරි සහේට ගෙන බදිනු ..කර

    අක්කා නොවේද මලයා ගැන ...... සොයන්නේ
    මලයා කෙලෙස අක්කගේ තතු ....නොදන්නේ
    යන්නට සමග ඔහු හා කල් ඇත ....... බෝ සේ
    ඉගෙනුම පළමු කොට සලකයි මවු ....... මගේ

    [/CENTER]

    බොරුවක් නොවේ මා කීවේ ඇත්තටමයි...
    අක්කට අපේ එය නොම දැනුනා පුදුමයි.....
    දෛවය ලියා ඇති කුමරිය තව නොම එයි...
    ඉරනම මගේ ඇය ආ දිනකදි විසදෙයි..........:rolleyes::dull:

    අක්කා මලෝ දෙන්නා එක පණ වාගේ....
    එළකිරියේ හිටියත් මුතු කැට වාගේ....
    ඉගෙනුම නිමා කොට දොස්තර වෙලා අගේ...
    මාල හතක් බැදලා යන්නකො දීගේ..... :cool::yes:

    ඉගෙනුම් ලබනනේ දුර රටකට වීලා...
    අක්කා ඇතත් පාලුව තනිකම දැනිලා....
    තිස් තුන් කෝටියක් දෙවියන් රැක දීලා...
    ආයේ එන්න දොස්තර නෝනෙක් වීලා... :love: