listening and share your thoughts...............


http://www.youtube.com/watch?feature=endscreen&v=hTZBTB80P2Q&NR=1
Last edited:


e gana math dekak thiyenawa machan. mama wadiya danne na eth anoth mathe thamai suduhath kumaraya awasara aragena yanawa kiyana eka.යසෝදරා දේවි නම් මාර ලස්සනයි බන් කියල නිමකරන්න බැහැ
ඒත් ඇයි බන් සිදුහත් කුමාරය ඔක්කොටම කියල අවසර අරගෙන යන සින් එකක් තියෙන්නේ ?? ඒක මාර විකාරයක් නේ
ඔය චිත්‍රපටය තහනම් කලයුතුයි.. බුද්ධ චරිතයට අගෞරව කරලා සම්පූර්ණම..




ඔව් මල්ලියා,,,මමත් එහෙම හිතනවා .......
100% true.මං තාම ඔය චිත්‍රපටය බැලුවෙ නෑ.. වෙලාවක් නැති නිසා.. වෙලාවක් තිබුණත් බලන්න හිතෙන්නෑ.. කොටින්ම කිව්වොත් අපේ රටේ හැතිකරේට චිත්‍රපට හදන්න බෑ නුවන් අයියෙ.. මුන් දන්නෙ සලුපට අහසට ජංගිය පහලට වගේ මෝඩ ආතල් ෆිල්ම් හදන්න විතරයි.. මේක ආර්ථික ලාභ උදෙසා බුද්ධ චරිතය විකුණගෙන කෑමක්.. ලංකාවෙ නළුවො කවුරුවත් කැමති වුණේ නෑ බුද්ධ චරිතයට පණ දෙන්න.. ඕකෙ අවසානය මොකක්ද කියලා උන් දන්න නිසා.. ඉතිං අපේ ගෙරි හැත්ත කලේ ඉන්දියාවෙ දෙකයි පනහෙ ගූ කෑලි මෙහෙ ගෙනත් පබ්ලිසිටිය දීලා උඩින් තියපු එක.. උන් රඟපානව කියන්නෙ මොකක්ද කියලවත් දන්න එවුන් නෙමෙයි.. ඉන්දියාවෙ එවුන් පැත්තකට දාපන්.. ලංකාවෙ ඉන්න නව පරපුරේ නළු නිළියන්ට රඟපාන්න පුළුවන්ද..? අංජානි පෙරේරා (ඔය ඇහුවමයි), රංජන් රාමනායක, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, දිල්හානි පෙරේරා.. මුන් නළුවොද..? රංජන් නවපරපුරේ එකෙක් නෙමෙයි.. ඒත් ඌත් නළුවෙක්ද.. ඌ නළුවෙක් නළුවො දැකපු නැති එවුන්ට.. ඌ පාලිමන්ට් ජෝක් එකෙන් තමා ටිකක් හරි ප්‍රසිද්ධ වුනේ.. ඒ පාර වන්ෂොට් ගැහුවා.. ලීඩර් ගැහුවා.. ඌ තමයි කැ#යා කියලා පෙන්නන්න.. මූ මිනිහෙක්ද.. ඉතිං මූ වගේ එකෙක් සුද්ධෝදන රජතුමාගේ චරිතයට පණ පොවනවා කියන්නෙ තව මොන කතාද..
මේ දේවල් නිසා මිනිස්සුන්ගෙ හිතේ උතුම් දේවල් වලට තියෙන ගරුත්වය නැති වෙලා යන එකයි වෙන්නේ.. ඒ වගේම එන්න එන්නම බුදුදහම හැල්ලුවට ලක් වෙනවා.. බුදු හාමුදුරුවොත් චිත්‍රපටයක හරි ටෙලිනාට්‍යක හරි තවත් චරිතයක් වෙන එක තමයි ඕකෙ අවසාන ප්‍රථිපලය..
ඔයිට කලින් ඉංශ්‍රීසි චිත්‍රපට හැදුනා The Buddha, Little Buddha නමින්.. ඒ චිත්‍රපටය බලපු අය දන්නවා Keanu Reeves ඒ චරිතයට මොන තරම් සාධාරණයක් කලාද කියලා.. එයා අවුරුදු ගාණක් පුහුණුවීම් කලා චරිතයට පණ දෙන්න කලින්.. බුද්ධ චරිතය ගැන පොත්පත් කියෙව්වා.. ඔය හැමදෙයක්ම කරලා තමයි එයා චරිතයට පණ දුන්නෙ..
ඒකට අපේ එවුන්.. මේ චිත්‍රපටයෙ මුල ඉඳන්ම බුද්ධ චරිතය හෑල්ලුවට ලක්කරලා.. හේතුව ඉතිං මුන්ගෙ නොහැකියාව.. ඕකෙ රඟපාපු එවුන් බුද්ධ චරිතය කියන්නෙ මොකක්දවත් දන්නෙ නැතුව ඇති..
මේ ගැන කවුරුවත් වචනයක් කතා කලේ නෑ.. ඕවා බුදුදහම වනසන්න කරන කුමන්ත්‍රණ..
100% true.
මමත් ගිහින් බැලුව අපු දවස්වලම. මේකත් අර කුස පබා වගේ විකුණගෙන කන ජාතියේ ෆිල්ම් එකක් .
නේරංජනා ගඟ දැක්කද ?
හැමදාම සිංහල ෆිල්ම් වල තියෙන මොකක්ද එක ඇඳගෙන ගැනු ටිකක් නටනවා. ෆිල්ම් එකෙන් හතරෙන් තුනක්ම night scenes. මොකද එතකොට වියදම අඩු නේ.
මම බලන්න ගියේ නැහැ කොල්ලො.. මං දන්නවා චිත්‍රපටය අජූතයි කියලා..
ලංකාවෙ චිත්‍රපටකාරයොන්ට අගම දහම විකුණලා හරි කමක් නෑ මල්ල පුරවගන්න ඇත්නම්..
ඕවා බුදු දහම විනාශ කරන්න කරන වැඩ බං.. ෆිල්ම් එක බලපු උඹට ඒ ගැන හොඳටම තේරෙනවා ඇතිනේ.. මේ චිත්‍රපටය නවත්තන්න ඕනි.. පුංචි එවුන් පවා බුද්ධ චරිතය ගැන වැරදි ආකල්ප හිතේ මවාගන්න ඉඩ තියෙනවා..
ඔය මචං ආරම්භයක් විතරයි.. බලපං ඉස්සරහට.. තවත් ඔය වගේ දේවල් වෙනවා.. මට දුක බුද්ධදාස විතානාරච්චි මහත්තයා ඔය චිත්‍රපටයෙ රඟපාන එක..
ඔය දේවල් වලින් එන්න එන්නම බුදුදහම හැල්ලුවට ලක් වෙනවා.
බුදුපියාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්ට නම් මේ වගේ පහත් වැඩක් කරන්න කොහෙත්ම පුළුවන්කමක් නෑ..
අනික මචං අපේ එවුන් චිත්‍රපට හදන්න දන්නෑ.. ඒක "අ" ඉඳන් ඉගෙනගන්න වෙනවා.. එතකන් අපේ චිත්‍රපට කර්මාන්තය එකතැන පල් වෙනවා.. ලංකාවෙ එවුන්ට හදන්න පුළුවන් කොමඩි චිත්‍රපට විතරයි.. ඒකත් කුණුහරුප නැතුව බෑ..
බුද්ධදාස විතානාරච්චි මහත්තයා ඇරෙන්න මෙතන එක නළුවෙක්, නිළියෙක් ඉන්නවද කියපං..
![]()


